ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගේ ගෞරවය හා ශක්තිය සඳහා මෙන් ම ජනතා
අප්‍රසාදයට හේතුවන්නා වූ සුළු හෝ ඉඩක් නොතැබීම සඳහා මනා සුසික්ඛිත බව ම අවධාරණය
කළහ. විශේෂයෙන් භික්ෂු සංඝයාගේ පැවැත්මට මූලික සිද්ධාන්තය වශයෙන් ‘අප්පසන් නානං
පාසාදාය –පසන්නානං භිය්‍යෝ භාවාය’ නොපැහැදුනවුන්ගේ පැහැදීම සඳහාත් පැහැදුනවුත්ගේ
පැහැදීම වැඩිවීම සඳහාත් පිළිපැදිය යුතු බව අවධාරණය කළහ.මෙහිදී දේශපාලකයන් සහ
ස්ත්‍රීන් හමුවෙහි හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් එහිදී සැකය හා අවිශ්වාසයට යොමුගත
අවස්ථාවලින් වැළකී සිටින ලෙසත්, එහි ආදීනවත් පහදා දුන්හ. පෙළ දහමෙහි එන නිදසුන්
පැහැදිලි කරමින් ද විමසීමක් කරන්න.
පිළිතුර – රජතුමා හෝ රාජ මාළිගය මෙන්ම අන්තඞපුරය හා ස්ත්‍රීන් ඇමතිවරුන් හා වෙනත්
රාජ්‍ය බලධාරීන් ඉතා සමීපව ඇසුරු කිරීමත් ඉතා දුරින් සිටීමත් නොකළ යුතු බවට
නිදසුනක් අංනි රාජන්තෙ පුරප්පවෙස්න සූත්‍රයේ දී මෙසේ සඳහන් වෙයි.
දස ඉමෙ භික්ඛවෙ රාජන්තෙ පුරප්ප වෙසනෙ – කතමෙදස? මහණෙනි, රජුගේ අන්තඞපුරයට
ඇතුල්වීමෙහි ආදීනවයෝ දසයකි.
1. රජ හා මහේසිකාව සමඟ ආදර කතාබහක යෙදී සිටින විට මහණ එහි පිවිසෙයි. මහණ මෙහෙසිය
සිනහවෙන් පිළිගනී. රජු මහණ කෙරෙහි වැරැදි වැටහීමක් ඇති කරගනී.
2. රජ අතින් අන්‍ය ස්ත්‍රියක ගැබ්ගනියි. රජු මෙසේ සිතයි. භික්ෂුව හැර වෙනත් අයෙකු
මෙතනට පැමිණීමට අවසර නැත. රජුගේ උදහසට භික්ෂුව නිර්දෝශී ව ලක්වනු ඇත.
3. අන්තඞපුර අගනා වස්තුව නැති වූ විට භික්ෂුව කෙරෙහි සැක පහළ කරයි.
4. රාජ්‍ය රහස් මෙම අන්තඞපුර ස්ත්‍රීන් වෙතින් පිටතට පැමිණි විට භික්ෂුව කෙරෙහි රජු
සැක කරයි.
5. රාජ්‍යත්වය පිළිබඳ කුමන්ත්‍රණ ඇති වූ විට භික්ෂුව සැකයට භාජනය වෙයි.
6. රාජ්‍ය පාලනයෙහි දී තනතුරු වෙනස්කම් රජු විසින් කළ විට රාජ්‍ය නිලධාරීහු
භික්ෂුවගේ උපදෙස් මත කළ බවට සැක පහළ කරති.
7. තවත් අවස්ථාවක සමහර රාජ්‍ය නිලධාරීන් බලයෙන් පහළට දැමීමත් රාජ්‍ය සේවයෙන් ඉවත්
කිරීමත් සිදු වූ විට රාජ්‍ය නිලධාරීන් ගේ උදහසට භික්ෂුව ලක්වනු ඇත.
8. රජු හදිසි අවශ්‍යතාවයකට සේනා රැස්කරයි. මේ සඳහා අකැමැති වූවන් භික්ෂුව කෙරෙහි
සැක කරයි.
9. ඇතැම් අවස්ථාවක දී සේනාව යුද මෙහෙවරක යොදවා පසුව ආපසු කැඳවයි. මේ සඳහා අකැමැති
වූ රාජ්‍ය නිලධාරීන් රජගෙදර නිතර ඇසුරු කරන භික්ෂුව කෙරෙහි අමනාපයෙන් සැක පහළ කරයි.
10. චතුරංග සේනාව පුහුණු කිරීම හා රහස්‍ය උපදේශයන් නිරතුරු ව රාජකීයයන් අතරත
සිදුවෙයි. මේවා සතුරන් අතරට භික්ෂුව වෙතින් පත්වීම පිළිබඳ ව සැක පහළ කරයි. මෙබඳු
හේතූන් රැසක් මත දේශපාලනඥයන් රාජ්‍ය පාලකයන් ඇසුර සමීපව නොකළ යුතු බව බුදුරජාණන්
වහන්සේ වදාළහ.
බුද්ධ ධර්මය
ප්‍රශ්නය – පොදුවේ සියලු දෙනාට ම ඉට්ඨාකන්තා මනාපා පිහිට වන්නා වූ දර්ශනීය වූ
ප්‍රසන් වූ ධර්ම දසයක් පෙළ දහමෙහි දක්වා ඇත. ඒ මොනවාද?
පිළිතුර – 1. ධනය (භොගා)
2. පැහැය (වණ්ණො)
3. ආරෝග්‍ය (ආරෝග්‍යං)
4. සීලය (සීලං)
5. බ්‍රහ්ම චරියං (බ්‍රහ්මචරියං)
6. මිත්‍රයෝ (මිත්තා)
7. ප්‍රඥාව (පඤ්ඤා)
8. ධර්මය (ධම්මා)
9. බහුශ්‍රැත බව (බහුසච්චං)
10. ස්වර්ගය (සග්ගා)
ප්‍රශ්නය – පෙළ දහමෙහි පුද්ගල සද්ගුණ විවිධ ආකාරයෙන් සඳහන් වෙතත්
“සප්පුරිසො - විචක්ඛණො දිට්ඨෙව ධම්මෙ උභයෙන වඩ්ඪති” යනුවෙන් සඳහන් වන විචක්ෂණ
(තියුණු නුවණක් ඇති) සද් පුරුෂයා මෙලොව පරලොව දෙකේහි ම අභිවෘද්ධිය ළඟා කරගත්
ඉසුරුමත් මිනිසෙකු වන්නේ ය. මෙම සුවිශේෂී මිනිස් ගුණ පිළිබඳව සටහනක් ලියන්න.
පිළිතුර – අංනි වඩ්ඩී සූත්‍රය
ධනෙන – ධඤ්ඤෙන චා යොධ වඩ්ඪති
ඵුත්තෙහි – දාරෙහි චතුප්පදෙහි ච
ස - භෝගවා හොති යසස්සී
පූජිතො
ඥාතීහී - මිත්තේහි අථොපි රාජුහි
සද්ධාය - සීලෙනච යොධ වඩ්ඪති
පඤ්ඤය චා ගෙන සුතෙන චූ
භයං
ධන ධාන්‍යයෙන් – අඹුදරුවන්ගේ – ගවමහිෂාදීන්ගෙන් නෑසියන්ගෙන් – මිතුරන්ගෙන් රාජානු
ග්‍රහය ඔහුට ලැබ - ශ්‍රද්ධාව - සීලය ප්‍රඥාව ශ්‍රැතවත් බවින් ද යුක්ත වූයේ
කීර්තියත් නුවණැති සත්පුරුෂයෙකු වූ ඔහු දෙලොව ජයග්‍රාහී තැනැත්තෙකු වන්නේ ය.
ප්‍රශ්නය – පෙළ දහම්හි එන ‘අත්තුපනායික ධම්ම පරියාය’ නමින් බුදු දහම
අවධාරිතප්‍රාණඝාතයෙන් වෙන්වීම පිළිබඳ ආකල්පය පැහැදිලි කරන්න.
පිළිතුර - ස.නි වෙළුද්වාර සූත්‍රයෙහි දැක්වෙන පෙළෙහි අනුවාදය ප්‍රථමයෙන් හඳුනා
ගැනීමෙන් අදාළ කරුණු පැහැදිලි කර ගැනීම වඩාත් පහසුය. ‘ගැහැවියෙනි! තමා උපමානය
වශයෙන් දක්වා ඇති දහම් නය ‘අත්තුපනායික ධර්ම පරියාය’ කවරේ ද යත් ගැහැවියෙනි! මෙහි
අරි සර්ව තෙමේ නුවණින් සලකා බලයි. මම වනාහී ජීවත්වනු කැමැත්තෙමි. සුව කැමැත්තෙමි.
දුක පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක් ජීවත් වනු කැමති නොමැරෙනු කැමැති සුව කැමැති දුක
පිළිකුල් කරනු මගේ දිවි තොර කරන්නෙමි නම් එය මට පි‍්‍රය මනාප නොවන්නේ ය. මම ද ජීවත්
වනු කැමැති නොමැරෙනු කැමති. සුව කැමැති, දුක පිළිකුල් කරන මෙරමා (අනුන්) දිවියෙන්
තොර කරන්නේ නම් මෙරමා හට ද ඒ දහම අපි‍්‍රය අමනාපය පිණිස වන්නේම ය. මෙසේ නුවණින්
සලකා තෙමේත් පණි වායෙන් වැළකුණෝ වෙයි. පණිවායෙන් වෙන්වීමේ ගුණය කියයි. මෙසේ ඔහුගේ
මේ කාය සංවරය තුන් කෙළවර පිරිසුදු වූයේ වෙයි.
ප්‍රාණඝාතයෙහි වරද මෙහි දී බුදු හිමියන් විවරණය කොට ඇත්තේ කරුණු දෙකක් කෙරෙහි විශේෂ
සැලකිල්ල දක්වමිනි. එනම් ඇරයුම්ශීලී අංශය හා සිද්ධි වාචක අංශය සදාචාර ප්‍රස්තුත
විෂය මූලික කොටගෙන යයි. තමා උපමානය වශයෙන් ගෙන අනුන්ට හිංසා නොකළ යුතුය යන්න. මෙහි
දී ඇගැයුම්ශීලී අංශය වෙයි. එවන් තීරණයක් ගත යුත්තේ සියලු සතුන් දඬුවමට බිය ය. ජීවත්
වීමට කැමැති ය.මරණයට අකැමැති ය. සැප කැමැතිය. දුකට අකැමැතිය. යන සිද්ධි වාචක අංශය
පදනම් කොට ගෙනය.
බුදු සිරිත හා ශාසනික ඉතිහාසය
ප්‍රශ්නය – බුදු සිරිත සුප්‍රසිද්ධ කවියෙකු දුටු ආකාරයයි. බුදුරජාණන් වහන්සේ අපේ
මානව වෘක්ෂයේ පිපුණු මලයි. මල පිපෙන්නේ අසීමිත ලක්ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුවය.
එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත් ඇද හැළෙන දයාව නමැති මකරන්ධයෙනුත් ලෝකය පිරෙයි.
මේ සුප්‍රසිද්ධ කවියාගේ නම කුමක්ද ඉහත සඳහන් පාඨය ඇතුළත් ග්‍රන්ථය කුමක්ද?
පිළිතුර – එඩ්වින් අර්නෝල්ඩ් නමැති කවියාගේ ආසියාවේ ආලෝකය නම් බුද්ධ චරිත කාව්‍යයේ
ඉහත සඳහන් ව ඇත.
ප්‍රශ්නය – පැරණි ශ්‍රී ලංකා පුරා විද්‍යා ගවේෂණවල දී බෝධිසත්ව ප්‍රතිමා බොහොමයක්
හමු වී තිබේ. විශේෂයෙන් අනුරාධපුර අභයගිරි සම්ප්‍රදායට අයත් විහාර රැසක මෙම
බෝධිසත්ව ප්‍රතිමා හමු වී ඇත. මේ පිළිබඳ ව පැහැදිලි කරන්න.
පිළිතුර – අනුරාධපුර අභයගිරි පෙදෙසේ සන්නිපාත ශාලාව අසල තිබී හමුව බෝධිසත්ව
ප්‍රතිමා දෙකක පා කොටස් දෙකක් පමණක් සොයාගෙන තිබේ.
ඒ හැර දිග්ගලට බටහිරින් ඇති ආරාමයේ ස්තූපයට ඊසාන දෙස විශාල ප්‍රතිමාගෙය බෝධිසත්ව
ප්‍රතිමා සඳහා වෙන්වූවක් සේ අනුමාන කළ හැකිය. තවද අභයගිරි ව්‍යාපෘතියේ කැණීම්වලින්
බෝධිසත්වයන්ගේ යැයි සැලකිය හැකි ගල් පිළිමයක උඩ කොටස හමු විය. හිටි පිළිම සඳහන්
පද්මාසන එහි දක්නට ලැබෙයි. විශාලම බෝධි සත්ව ප්‍රතිමාව මොනරාගල දිස්ත්‍රික්කයේ
දඹේගොඩ දී හමු විය.
ප්‍රශ්නය – ඉපැරැණි කලාත්මක කෘතීන් අතර සඳකඩපහණට හිමි වී ඇත්තේ අති විශේෂ ස්ථානයකි.
වැදගත්ම සඳකඩපහණ දෙක පිහිටා තිබෙන්නේ කොහිද? ඒවායෙහි අන්තර්ගතය පිළිබඳව හැඳින්වීමක්
කරන්න.
පිළිතුර – කලාත්මක අතින් වැදගත් ම සඳකඩපහණ දෙක පිහිටා තිබෙන්නේ අභයගිරි පෙදෙසේ ය.
එයින් විශාල සඳකඩපහණ පංචාවාස ඒකකයේ මැද ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩිපෙළ අග
වෙයි.
අනික එම ස්ථානයට මදක් වයඹ පැත්තේ කඳු ගැටය මත ඇති බිසෝ මාළිගය නමින් හැඳින්වෙන
ගොඩනැගිල්ලේ දොරටුවෙහි පඩි පෙළ අග වෙයි. සඳකඩපහණ නිර්මාණයේ ගිනිදැල් සිව්පාපන්තිය,
ලොකු ලියවැල, හංසපන්තිය, කුඩා ලියවැල් හා මැද පද්මය ද වෙයි.
ප්‍රශ්නය -
සූත්‍රාගත බුද්ධ දේශනා අනුව භාවනාවෙහි ප්‍රතිඵල හෙවත් ආනිශංස පිළිබඳව සූත්‍රාගත
තොරතුරු ඇසුරු කරමින් පැහැදිලි කරන්න.
පිළිතුර - ම:නි: එන සතිපට්ඨාන සූත්‍රය අනුව භාවනාවෙහි යෙදෙන යෝගාවචරයෙකුට ආනිශංස පහක් ලැබෙන
බව දක්වා තිබේ.
1.ආත්ම පාරිශුද්ධිය (සත්තානං විසුද්ධියා)
2. ශෝකය වැළපීම් ආදී ඛෙදනීය තත්වයන් වළක්වා ගැනීම(සොක පරිද්දවානං සමතික්කමාය)
3.දුක් දොම්නස් දුරලීම (දුක්ඛ දොමනස්ස අත්ථගංමාය)
4. නුවණ ලැබීම
5.නිවන් පසක් කරගැනීම සඳහා (නිබ්බාණස්ස සච්චකිරියාය)
අංනි: එක ධම්ම සූත්‍රවල සමස්තයක් වශයෙන් සියලු භාවනාවන්හි වැඩීමෙන් ලැබෙන ආනිශංස
මෙසේ පිඬුකොට දක්වා ඇත.
1.ඒකාන්ත නිබ්බිදාය – දුකෙහි කළකිරීම පිණිස
2.විරාගය – රාගය දුරුකිරීම පිණිස
3.නිරෝධාය – කෙලෙස් ප්‍රහාණය පිණිස
4.අභිඤ්ඤාය – ප්‍රඥාව දියුණුව පිණිස
5.සම්බෝධාය – අවබෝධය පිණිස
6.නිබ්බානාය – නිර්වාණය සාක්ෂාත් කරගැනීම පිණිස
මෙම අදහස, අපවත් වී වදාළ ආචාර්ය වල්පොල රාහුල හිමියන් තම ග්‍රන්ථයෙහි මෙසේ සඳහන්
කොට ඇත. (බුදුන් වදාළ ධර්මය පිටු 98)
බුදුන් වහන්සේ ගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත් සාමයත්, ශාන්තියත්
ලබාදෙයි. භාවනාව වචන කියනු ලබත්ම අප කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ වැඩවලින් වෙන් වී
සමාජයෙන් වෙන්ව විහාරවල දක්නට ලැබෙන ඉරියව්වකින් ගූඪ ලෙස කරන කටයුත්තක් ලෙසිනි.
සැබෑ බෞද්ධ භාවනා කිසි ලෙසකිනිදු එවැනි පලායාමක් නොවේ. සතිපට්ඨාන සූත්‍ර භාවනා
සම්බන්ධ ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන
පොදු වැඩ වලටත් සතුටුවීම් හා අසහන වලටත් කථාවලටත් සිතිවිලිවලටත් බුද්ධිමය කාර්ය
වලටත් සම්බන්ධය. තවදුරටත් උන්වහන්සේ භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම
නැතිනම් දියුණු කිරීමයි. සිත කිළිටි කරන කෙලෙස් වලින් මුහුණ පිරිසුදු කර
ඒකාග්‍රතාවය , ස්මෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය, විරිය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව,
පී‍්‍රතිය, ශාන්තිය ආදී ගුණ දියුණු කොට ප්‍රඥාව ලබාදී නිර්වාණාවබෝධය එහි අරමුණයි.
යනු වෙන් විස්තර කරයි. |