දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය
ආදර්ශ ප්‍රශ්නෝත්තර -
බෞද්ධ සංස්කෘතිය
අභ්‍යාස අංක – 05
දහම් පාසල් ගුරු උපදේශක ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
1. චේතියඝර නම් කුමක්දැයි හඳුන්වා ලක්දිව දක්නට ඇති චේතියඝරයක් පිළිබඳව පැහැදිලි
කරන්න.
චේතිය නම් චෛත්‍යයයි. ඝර නම් ගෘහයයි. ඒ අනුව චේතිය ඝරයන් චෛත්‍ය වෙනුවෙන් ඉදි කරන
ලද ගෙයයි. ථූපඝර, වට්ඨධාතුඝර යන නම්වලින්ද මෙය හඳුන්වා ඇත. වටදාගය යැයි හඳුන්වනු
ලබන්නේ චේතියඝරයයි. චෛත්‍යයේ ආරක්ෂාව පිණිසත් චෛත්‍ය වන්දනාවේ නිරතවන සැදැහැතියන්ට
කරදරයක් නොමැතිව එම කටයුතු කර ගැනීම සඳහාත් මෙය නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි
ය. කලාකරුවන්ගේ කුසලතාවයන් විදහා දක්වන වාස්තු විද්‍යාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස
චේතියඝරය හෙවත් වටදාගෙය හඳුන්වා දිය හැක.
ලක්දිව දක්නට ඇති චේතියඝර හෙවත් වටදාගෙය අතුරෙන් ඉතා කලාත්මක වටදාගෙය ලෙස
මැදිරිගිරියේ වටදාගෙය හඳුන්වා දිය හැකිය. හතරවන අග්බෝ රජු විසින් කරවන ලද මෙම
වටදාගෙය සුන්දර පරිසරයක ගල් තලාවක් මත දක්නට ලැබේ. අනුරාධපුර, ථූපාරාමය, ලංකාරාමය,
අත්තනගලු වෙහෙර, ලංකාතිලකය ආදී පැරැණි ස්ථානවල වටදාගෙවල් තිබුණ බවට සාධක තිබේ.
2. ‘පඨිමාඝර’ තැනීමේ අරමුණ හා පොළොන්නරුවේ ඇති පඨිමාඝර පිළිබඳ හැඳින්වීමක් කරන්න.
පඨිමාඝර තැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ බුදුපිළිම ආරක්ෂිතව තැම්පත් කිරීමය. පිළිම
වහන්සේ අව්, වැසි, සුළං ආදී උවදුරුවලින් ආරක්ෂා කොට තබා ගැනීම මෙහිදී අපේක්ෂා කළා
විය හැකි ය. මුල් කාලයේ කුඩා මණ්ඩපයක් ලෙස මෙය ඉදි වූ අතර ක්‍රමයෙන් බුදුරදුන්
වැඳීමට රැස්වූ වන්දනාකරුවන් පිරිස වැඩිවීමත් සමඟ විශාල පඨිමාඝර කරවන්නට ඇතැයි සිතිය
හැකි ය. පොළොන්නරුවේ ඇති පඨිමාඝරය, අතර ලංකාතිලක, ථූපාරාම පඨිමාඝරය, අටදාගේ හැටදාගේ
දැකිය හැකිය. ලංකාතිලක පිළිමගෙය මෙය පිටතින් දිග අඩි 124කි. පළල අඩි 66 කි. දැනට
ඉතිරිව ඇති බිත්තිවල උස අඩි 55ක් පමණය. මෙම පිළිම ගෙහි ඇත්තේ වැඩ සිටින පිළිමයකි.
මෙහි හිස කොටස නොමැත. පිළිමයේ උස අඩි 40ක් පමණ වේ.
3. සඳකඩපහණ හා එහි විකාශය ගෙනහැර දක්වන්න.
බෞද්ධ කළා නිර්මාණ අතර අග්‍රගන්‍ය කලා නිර්මාණයක් වශයෙන් සඳකඩපහණ දැක්විය හැකිය.
කැටයම් කලාකරුවාගේ අගනාම නිර්මාණය වශයෙන් මෙය දැක්විය හැකිය. පූජනීය ස්ථානවලට
පිවිසෙන පියගැට පෙළ දෙපස කොරවක්ගල් ද කොරවක්ගල් ඉදිරියෙන් මුරගල් 2ක් ද ඇති අතර එම
මුරගල් අතර පියගැටපෙළ පාමුල ඉතා දර්ශනීය ලෙසින් නිමවන ලද කලා කෘති සඳකඩ පහණ වේ. මේ
චන්ද්‍ර + කණ්ඩ + පාෂාණ යන වචන එකට එක් වී සඳකඩ පහණ යන්න සෑදී ඇත. අඩසඳක ආකාරයෙන්
නිර්මාණය කොට ඇති මෙය ක්‍රි.පූ. 1වන සියවසේ දී පමණ ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරනු
ලැබේ. මෙම නිර්මාණය ක්‍රමවත්ව කලාත්මක දර්ශනීයව විකාශනය වූ අයුරු දැකිය හැකිය.
ඉන්දියාවේ සඳකඩ පහණට වඩා ලංකාවේ සඳකඩ පහණ කලාත්මක අගයෙන් යුක්තය.
කලාත්මක බවින් හා දර්ශනීයත්වයෙන් උසස් ම සඳකඩපහණ අනුරපුර යුගයේ කලාකරුවාට හිමි වී
ඇත. ලක්දිව ඉතාම උසස් විශිෂ්ටතම සඳකඩපහණ දක්නට ඇත්තේ අනුරාධපුරයේ බිසෝමාලිගය අසල
ඇති සඳකඩ පහණයැයි පිළිගනු ලැබේ. ලාංකීය කලාකරුවා ඉතා සියුම් කැටයම් කළු ගලක් තුළින්
නිරූපණය කිරීමට තරම් කලාකරුවා සමත් වී ඇත. මෙහි දක්නට ඇති සත්ත්වයන් සජීවී අයුරින්
ම නිරූපණය කර ඇත. එකා පිටුපස එකා ඉතා වේගයෙන් ගමන් කරන ඇත්, අස්, ගව, සිංහ ආදී
සිවුපාවුන් දකුණු දිශාවට දුවන බවක් පෙන්වයි. අලංකාර ලියවැල් ආදිය තුළින් මෙහි
කලාත්මක අගය තවත් වැඩි කොට තිබේ.
අනුරාධපුර සඳකඩපහණ තුළ දක්නට නොලැබෙන ලක්ෂණ පොළොන්නරු සඳකඩ පහනින් දක්නට ලැබේ.
පොළොන්නරුවේ සඳකඩපහණ් තුළින් ගවයා ඉවත් වීමත් කටෝර බවත් කැපී පෙනේ.
පොළොන්නරු යුගය අවසානය හෙවත් දොළොස්වන සියවස තෙක් සඳකඩපහණ අඩ සඳක ස්වරූපයක් විදහා
දැක්වූ අතර 14 වන සියවස එනම් නුවර යුගය වන විට සත්ත්ව පේළිය සම්පූර්ණයෙන්ම ඉවත් වී
රවුමක් බවට පත් වී තිබේ. දළදා මාළිගය අබියස ඇති සඳකඩ පහන රවුම් පඩියක් බඳුය.
සංඝාරාමවලට පිවිසෙන දොරටු අබියස පා දෝවනය කිරීම පිණිස භාවිතා කරන ලද ගල් පුවරුව
පසුව යුගයෙන් යුගය කලාත්මකව විචිත්‍ර නිර්මාණයක් වශයෙන් විකාශනයට පත්ව ඇත.
6 අභ්‍යාසය
2 (අ) බුරුම රටට බුදු දහම ලැබුණ අයුරු දක්වන්න.
වර්තමානයේ මියන්මාර් යනුවෙන්ද බුදුදහම ලැබුණ අවධියේ ස්වර්ණභූමිය යනුවෙන්ද බුරුම රට
හඳුන්වා ඇත. බුරුම රටට බුදුදහම ලැබීම පිළිබදව විවිධ මත පවතී. ඒ මත අතර,
1.තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව අශෝක රජු දවස සෝණ සහ උත්තර යන දෙනම ස්වර්ණ භූමියට
වැඩම කොට බුදුදහම ලබා දුන් බව
2.බුරුමයේ එන පාරම්පරික ජනප්‍රවාදයන්ට අනුව එරටට බුදුදහම ලැබුණේ බුදුරදුන් ජීවත්ව
සිටිය දීමය. බුදුරදුන්ට ප්‍රථම දානය පූජා කළ තපස්සු භල්ලුක වෙළෙඳුන් බුදුරදුන්ගෙන්
ලැබුණ කේශධාතු රැගෙන යමින් සිංගුත්තර කඳු මුඳුනෙහි දාගැබක තැන්පත් කළ බව මෙම
ජනප්‍රවාදයෙහි එයි. දැනට ‘ස්වේදගොන්’ ස්ථූපය නමින් මෙය දක්නට ඇත.
3.දකුණු ඉන්දියාවේ නාගාර්ජුන කොණ්ඩයේ ඇති ශිලා ලේඛනයක “තම්බපණ්ණි ප්‍රදේශයේ භික්ෂු
පිරිසක් කාශ්මීර, ගාන්ධාර, විලාත යන රටවල ධර්මය ප්‍රචාරය කළ බවත් එහි සඳහන් “විලාත”
යන්න බුරුමය බවත් හඳුනා ගෙන ඇත.
(ආ) බුරුමයේ ශාසන ඉතිහාසය හා බැඳී පවතින කාලපරිච්ඡේද 03 නම් කරන්න.
පිළිතුර :–
බුරුමයේ ශාසන ඉතිහාසය ඉගෙනීමේ පහසුව සලකා කාලපරිච්ඡේද 03 කට බෙදා දක්වා ඇත. එනම්
1.ආරම්භයේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා වු පුරාතන යුගය
2.11 වන සියවසේ සිට 15 වන සියවස දක්වා වූ මධ්‍යතන යුගය
3.16 වන සියවස සිට මේ දක්වා වූ නූතන යුගය නමිනි.
අනවරත රජු, ධම්මචේතිය, රජු මෙත්ඩුන් රජු යන බුරුම රජවරුන්ගෙන් එරට බුදුදහමේ
ව්‍යාප්තියට සිදු වූ සේවාවන් ගෙන හැර දක්වන්න.
පිළිතුර :–
ඉතිහාසගත කරුණු අනුව බුරුම රටේ බුදුදහම ස්ථිරව පිහිටියේ ක්‍රි.ව. 11 වන සියවසේදී
පමණය. අගාන් නුවර කේන්ද්‍රස්ථානය කරගෙන අනවරත රජු හෙවත් අනුරුද්ධ රජතුමා පාලනය ගෙන
ගියහ. ඔහුගේ කාලයේ බුදු සමය පිරිහීමට පත්ව තිබුණි. මේ වන විට ප්‍රාදේශීය පාලකයෙකු
වූ මනෝහරී නම් රජු වෙත සර්වඥ ධාතු හා ත්‍රිපිටක ග්‍රන්ථ රැසක්ම පැවැති අතර එම
පොත්පත් ආදිය ඔහුගෙන් ලබා ගන්නා ලෙස ෂීන් අරහන්ත භික්ෂුව රජුගෙන් ඉල්ලා සිටියහ.රට
පුරා අලංකාර දාගැබ් (පැගෝඩා) ඉදි කළහ. උත්තරජි හා චප්පට යන භික්ෂූන් ලංකාවට එවා
ත්‍රිපිටක ධර්මය පුඵල් ලෙසින් අධ්‍යයනය කරනු ලැබීය.මෙම භික්ෂූන්ගේ මැදිහත්වීමෙන්
සීහල සංඝ නමින් භික්ෂු පරපුරක්ද ආරම්භ කළහ.
අනවරත රජු මෙන්ම බුරුමයේ ක්‍රි.ව. 15 වන සියවසේ මැදභාගයේදී පමණ රාජ්‍යත්වයට පත්
ධම්මචේතිය රජු බුදු සමයේ උන්නතියට ක්‍රියා කළ අයෙකි. බුරුම රටෙහි උපසම්පදා භික්ෂූන්
නොවූයෙන් එවකට ලක්දිව පාලකයා වු කෝට්ටේ IV වන බුවනෙකබාහු රජුගේ අනුග්‍රහයෙන්
බුරුමයෙන් පැමිණි භික්ෂු පිරිසක් උපසම්පදාව ලබා එරටට ගොස් කල්‍යාණි සීමා යනුවෙන්
පොහොය ගෙයක් කරවා බුරුම භික්ෂූන් එහිදී උපසම්පදා කරනු ලැබීය.
මෙන්ඩුන් රජුගේ රාජ්‍ය සමයද වැදගත් කාල පරිච්ඡේදයකි. බුරුම බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය
යුගය ලෙසද මෙම කාලය හඳුන්වනු ලැබේ. IV වන සංගායනාව ඔහුගේ කාලයේදී පවත්වන ලදී.
සංශෝධිත ත්‍රිපිටකය කිරිගරුඬ පුවරු 723 ක කොටවා ලෝක මාරජි ස්ථූපය වටා තැන්පත්
කරවීය. මෙම රජවරුන්ගෙන් බුරුම බෞද්ධ ඉතිහාසයට මෙවැනි සේවාවන් ඉටුවී ඇත.
අභ්‍යාසය – 7
(අ) තායිලන්තයට හෙවත් සියම් රටට බුදු දහම ලැබුණු අයුරු දක්වන්න.
පිළිතුර:-
තායිලන්තයට බුදු දහම ලැබුණු ආකාරය පිළිබඳව මත 4 ක් පවතී. එනම්
1.සෝන, උත්තර හිමිවරුන් විසින් නකෝන් පටෝන් නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රි.පූ. 3 වන
සියවසේ ප්‍රථම වරට බුදුසමය හඳුන්වා දුන් යුගය.
2.සුමාත්‍රාවේ පලම්බාන් රජු ක්‍රි.පූ. 700 දී පමණ මහායාන බුදු දහම ප්‍රචලිත කළ
යුගය.
3. ක්‍රි.ව. 1000 දී පමණ බුරුමයේ බෞද්ධ ප්‍රබෝධයක් උදාකළ අනවරත රජුගේ කාලයේ බුදු
දහම ප්‍රචාරය කළ බව.
4.ලාංකික භික්ෂුන්ගේ අනුග්‍රහය ඇතිව බුදු සමය ප්‍රචාරය කළ බව.
(ආ) තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතා ගෙන හැර දක්වන්න.
පිළිතුර:-
තායිලන්තය හා ශ්‍රී ලංකාව ථේරවාදී බෞද්ධ දෙරටක් වන බැවින් බුදු සමය පිරිහීමට පත්ව
ඇති යුගවලදී දෙරටේම සහයෝගය තිබී ඇත. ක්‍රි.ව. 1361 දී පමණ තායිලන්ත භික්ෂු පිරිසක්
ලක්දිවට පැමිණියහ. ලක්දිවට පැමිණී භික්ෂූන් බුදුදහම පිළිබඳව මැනවින් හදාරා
උපසම්පදාව ලබා තායිලන්තයට වැඩම කළහ. ලංකාවේ ක්‍රමයට අනුව විහාර මන්දිර ධර්ම ශාලා,
සංඝාවාස, දාගැබ්, බුද්ධ ප්‍රතිමා ආදිය නිර්මාණය කරනු ලැබේ. “සිංහල භික්ෂු වංශය”
නමින් සංවිධානයක් තායිලන්තයේ ඇත.
ලංකා ශාසන ඉතිහාසයේ බුදු දහමේ ‘පරිහානියට පත් වූ අවස්ථාවේදී තායිලන්තයේ සහයෝගය ලබා
ගෙන ඇත. වැලිවිට සංඝරාජ හිමි ලක්දිව ශ්‍රී විජයරාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව පළමු
වරට සියමට දූත පිරිසක් යවා ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ඇතිව තායිලන්තයේ ධාර්මික රජුගේ විශේෂ
අනුග්‍රහය ලබා උපාලි හිමි ප්‍රධාන උපසපන් භික්ෂූන් 21 නමක්ද සාමණේර භික්ෂූන් 08
නමක්ද ඇමැතිවරු 03 දෙනෙක්ද ලංකාවට එවා මල්වතු මහා විහාරස්ථ සීමා මාලකයේදී වැලිවිට
සරණංකර හිමි ප්‍රධාන සිහල භික්ෂූන් උපසම්පදා කොට යළිත් ශාසනය ප්‍රතිෂ්ඨාපනය
කළහ.මේඅනුව ලංකාව හා තායිලන්තය ආගමික වශයෙන් සබඳතා පවතින රටවල් 02 ක් වශයෙන් පෙන්වා
දියහැක.
(ඉ) තායිලන්තයේ සංඝ සංවිධානය හා පැවිදි ජීවිතය කෙසේ සකස් වී ඇත්දැයි විමසන්න.
පිළිතුර:-
ථෙරවාදී බුදු දහම පවතින රටක් ලෙස සලකනු ලබන තායිලන්තයේ බුදු දහමේ ආරක්ෂාව හා
නඩත්තුව රජය සතු වගකීමක් වුවත් එරට භික්ෂූන් වහන්සේලාගේ නිදහස ඉන් සීමා වී නැත.
සංඝරාජයන් වහන්සේ රජයෙන් පත් කරනු ලැබුව උන්වහන්සේ නායකත්වය දරන්නේ විවිධ මට්ටමේ
සංඝ සංවිධානයක් මෙහෙයවීම සදහාය. එරට පවතින සංඝ සංවිධාන නම්.
1.සංඝ රාජයන් වහන්සේ
2.උත්තරීතර සංඝ සභාව
3.සංඝ මන්ත්‍රී මණ්ඩලය
4. ප්‍රාදේශීය පාලක මණ්ඩලය
5.භික්ෂු කොමසාරිස්වරු
6.දිස්ත්‍රික් කාරක සභා
7.ග්‍රාම සංඝ කාරක සභා
යනු එම සංඝ සංවිධානයන්ය.
පැවිදි ජීවිතය ටික දිනක් හෝ ගත කිරීම තායි ජාතිකයන්ගේ සම්ප්‍රදායයි .පැවිදි වී ගත
කරන කාලය තුළ රැස් කරන පින් දෙමව්පියන් සතු වේය යන විශ්වාසය නිසා ඔවුන් දරුවන්
පැවිදි කරති.
සමහර අය පැවිදි වන්නේ මළගිය ඥාතියෙකුට හෝ වෙනත් කෙනෙකුට පින් පැමිණ වීමටය. ටික
කලෙකට හෝ පැවිදි වුවත් ඇතැම් අය ජීවිතාන්තය දක්වාම ගත කරති. පැවිදි කිරීම හා
උපසම්පදා කිරීම උත්සවාකාරයෙන් සිදුවේ. පැවිදි වීමෙන් පසු ගිහි නම වුවද භාවිතා කළ
හැකිය පැවිදි ජීවිතය මෙන්ම සිවුරු හැරීම අවනම්බුවට කරුණක් නොවේ. සිවුරු අත්හැරීමද
උත්සවාකාරයෙන් සිදු කෙරේ.
|