|
|
හබරාදුව හරුමල්ගොඩ
ඛෙත්තාරාමයේදී පසුගියදා (21) ආගමික
පුණ්‍යෙීත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වුණි. අභිනව නායක පදවියෙන් පිදුම්ලද
හප්පාවන රේවත නා හිමියන්ට උපහාර පුදකිරීමද
එහිදී සිදුකෙරිණි. විහාරස්ථ අභිනව දෙමහල්
සංඝාවාසය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින්
සිදුවූ අවස්ථාව සේයාරුවෙන් දැක්වේ. ඛනිජ
තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම
වීරක්කොඩි, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු
ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක,
මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන
ඇමැති පාඨලී චම්පික රණවක, පළාත් පාලන හා
පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, දකුණු
පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර,
ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා
මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද එම
අවස්ථාවට එක්විය.
|
|
|
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඓතිහාසික බොදු සබඳතා වර්ධනයට පියවර
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින ඓතිහාසික බෞද්ධ සබඳතා තවදුරටත්
ශක්තිමත් කරමින් දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ නව
වැඩපිළිවෙලක් අරඹන බව තෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණි තායිලන්ත
නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Wissanukrea - Ngam මහතා අස්ගිරි මහා විහාර
පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් හා මල්වතු
පාර්ශයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමිවරුන්
බැහැ දැකීමෙන් අනතුරුව පැවසූ බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය
අවධාරණය කරයි.
ඉතිරිය»
|
|
ඉල් අව අටවක පෝය
ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා
සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි
දා බ්‍රහස්පතින්දාය
මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
|
|
|
|
|
|
|