UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – අනුරාධපුර ශාසනික ඉතිහාසයේ චේතියගිරිය, මිස්සක පබ්බත සෑගිරිය යන නම්වලින් හැඳින්වෙන ස්ථාන කුමක්ද?

පිළිතුර – මිහින්තලය

ප්‍රශ්නය – පස්වන සියවසේ ශ්‍රී ලංකාවට පැමිණ අනුරාධපුර මහා විහාරයේ වැඩ වෙසෙමින් විශුද්ධි මාර්ගය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?

පිළිතුර – බුද්ධඝෝෂ හිමිපාණන් විසිනි.

ප්‍රශ්නය – ඔහු මේ ඉල්ලීම ඉදිරිපත් කළේ බුදුහිමියන් ඊට එකඟ නොවන බව හොඳින්ම දනිමිනි. බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළ විට එය ආයුධයක් කර ගනිමින් නූගත් සාමාන්‍ය ජනයා රවටා බුදුහිමියන්ට විරුද්ධව අදහස් වපුරාලන්නට හේ අපේක්ෂා කළේ ය. මෙම වැකියේ එන ඔහු සහ හේ යන්නෙන් කියවෙන තැනැත්තා කවුද? ඔහු විසින් කළ ඉල්ලීම් මොනවාද?

පිළිතුර – දෙව්දත්තෙර, ඉල්ලීම් 05 කි.

1. භික්ෂූන් දිවි හිමියෙන් වනවාසී විය යුතු ය. 2. භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයෙන් ම ජීවත් විය යුතු ය. 3. පාංශුකූල චීවරයම දැරිය යුතු ය. 4. ගස් මුලම වාසය කළ යුතුය. 5. මස් මාංශ අනුභවයෙන් මුළුමනින්ම තොරව විය යුතු ය.

ප්‍රශ්නය – බුදු දහමට අනුව යහපත් ස්වාමියෙකු ගේ ගති ලක්ෂණ පැහැදිලි කරන්න.

පිළිතුර – යාචන ගුණමානව හිතවාදිත්වය. සන්තාප වරදින් මුදා ගැනීම සඳහා ස්වාමියා විසින් මෙහෙකරුවාට අකැමැත්තෙන් දඬුවම් කරයි. ඉස්ඝෙර - තමා කෙරෙහි භක්තිමත් භාවය ගරුකරයි. අවංකභාවය අගය කරයි. ආශංසා - සේවක තැනගේ අභිවෘද්ධිය සෑමවිටම බලාපොරොත්තු වෙයි. කරුණා - මෙහෙකරුවාගේ විපත තමාට සිදු වූ විපතක් සේ සලකයි.

ප්‍රශ්නය - හොඳ මෙහෙකරුවා ගේ ගති ලක්ෂණ බුදු දහමට අනුව කෙසේ හඳුන්වා දී තිබේද?

පිළිතුර - ප්‍රේමය, ස්වාමියා දෙමව්පියන් සේ සලකයි. අවංකභාවය, විශ්වාසය, සුවච බව, ස්වාමියාට කීකරු බව,

ප්‍රශ්නය- ශ්‍රී ලාංකික භික්ෂුණීන් උදෙසා කරවනු ලැබූ මුල් ම මෙහෙණවර කීපයක් සඳහන් කරන්න.

පිළිතුර – උපාසක මෙහෙණවර, මහාබෙගන, සිරිවස්සි.

ප්‍රශ්නය – ධම්මචක්ක පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනාවනාසයෙහි කොණ්ඩඤ්ඤ තවුසාණන්ට පිවිතුරු නිර්මල දහම් ඇස පහළ (ධම්මචක්ඛු) විය. මේ දහම් ඇස ධම්මචක්ඛු පිළිබඳ ව ධර්මානුකූල විවරණයක් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා මාගේ “චෙතො විමුක්තිය අචලය මේ මගේ අවසන් ජන්මයයි. මින්මතු පුනර්ජන්මයක් මට නැත යන ඥාන දර්ශනය ද මට ඇති විය.” වදාළහ. මෙය බෙහෙවින් ප්‍රශ්න වූ කොණ්ඩඤ්ඤ තවුසාණන් හට ගැනීම ස්වභාව කොට ගත් යමක් වේ ද එය වැනසීම ද ස්වාභාව කොට ඇත යන්න අවබෝධවීමෙන් පිවිතුරු නිර්මල දහම් ඇස (ධම්මචක්ඛු) එනම් සොතාපත්ති ඵලයට පත්විය.

ප්‍රශ්නය – චතුරාර්ය සත්‍ය ගැන ධර්ම විවරණයෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් දුක්ඛ නිරෝධාර්්‍ය සත්‍ය සච්ඡිකාතබ්බං සච්චිකතං යන විශේෂණ පද දෙකකින් හඳුන්වා ඇත. මෙය පැහැදිලි කරන්න.

පිළිතුර – දුක්ඛ නිරෝධාර්්‍ය සත්‍යය සාක්ෂාත් කළ යුත්තකි. දෙවනුව තමා විසින් සාක්ෂාත් කළේ මැයි යනුවෙන් තමාට ම ප්‍රත්‍යක්ෂ විය යුතු ය.

ප්‍රශ්නය – දම්සක් පැවැතුම් සූත්‍රයෙහි එන පරිදි පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙකක් වෙයි. ඒ අන්ත දෙක මොනවාද? එම අන්ත දෙකට ම විශේෂිත වූ ගති ලක්ෂණ පැහැදිලි කරන්න.

පිළිතුර – කාමසුඛල්ලිකානු යෝගය, මෙය හීනය, ග්‍රාම්‍යය, පෘථග්ජනකය, අනාර්ය, අනර්ථ සංහිතය, අත්තකිලමථානු යෝගය. මෙය දුක් සහිතය. අනාර්යය අනර්ථදායකය.

ප්‍රශ්නය – පටිසන්ධි චිත්තය පහළවීමත් සමඟ ම නාමරූප හටගනී. පැහැදිලි කරන්න.

පිළිතුර - මෙහි නාම යන්නෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමඟ එකට පහළවන වේදනා සඤ්ඤා සංඛාර ස්කන්ධ 3 සඳහන් වෙයි. රූප යන්නෙන් කාය, භාව, වත්ථු ( ශරීරය, ලිංගය සිතෙහි පදනම) යන අංග 03 අදහස් වන අතර ඒවා ද ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමඟ ප්‍රතිකර්මානුරූපව ජනිත වේ.

ප්‍රශ්නය – මුසාවාදයෙහි අනිවාර්ය විපාකය මොනවාද?

පිළිතුර – පිරිස් ඉදිරියෙහි නින්දා අපහාසවලට භාජනවන්නට සිදුවීම, අවිශ්වාසයට පත්වීම, මුඛ දුර්ගන්ධය.

ප්‍රශ්නය – පිසුණාවාචා අකුසල කර්මය සිදුවීමට කරුණු සතරකින් සම්පූර්ණ වෙයි. මොනවාද මේ කරුණු සතර?

පිළිතුර – 1. භේද කරනු ලැබීමට පුද්ගලයන් සිටීම, 2. ඔවුන් භේද කිරීමේ හෝ තමා එයින් කෙනෙකුට පි‍්‍රය බවට පත්කර ගැනීමේ චේතනාව, 3. ඒ සඳහා උත්සාහ කිරීම, 4. කේළාම් කීම මෙම කර්මයෙහි අනිවාර්ය විපාකය නම් හේතු විරහිතව මිත්‍රත්වය බිඳීයාමයි.

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]