බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015
බෞද්ධ සමාජ දර්ශනය - ආදර්ශ ප්‍රශ්නෝත්තර
කුරුණෑගල දඹුල්ල පාර ශ්‍රී සාරානාත් මහාවිහාරාධිපති ශාස්ත්‍රපති
උප්පලවත්තේ
විමලානන්ද හිමි
අභ්‍යාසය - 05
1. සබ්බේ තසන්ති දණ්ඩස්ස යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.
2. සමස්ත විශ්වයේම උපන් නූපන්, දිසි අදිසි, ළඟ දුර, හැම ආකාරයේ සත්ත්වයන්ට මෙත්
සිත් වඩන සේද, උඩ යට හා හරස් සිව් දෙසින් වෛරයක් සතුරු බවක් නැති සේ සිත පිහිටවන
ලෙස උපදෙස් දෙන සූත්‍රය නම් කරන්න.
3. බුද්ධ දේශනය ජීවන දර්ශනය කරගත් සමාජයක ගිහි පැවිදි පිරිස් මූලික පිරිස් හතරක්
ලෙස ව්‍යුහගතවී ඇත. එම සිවු පිරිස නම් කරන්න.
4. මේ සිවු පිරිස තුළම එක සමාන කුසලතා වර්ධනය විය යුතු යැයි තමන් වහන්සේ අපේක්ෂා
කරන බව බුදුරජාණෝ මහා පරිනිර්වාණ සූත්‍රයේ දැක්වූහ. එම කුසලතා නම් කරන්න.
5. කරුණු තුනක් පිළිබඳ ව මහා සම්මතයෙන් රජුට බලය පැවරූ බව අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන්
වේ. ඒ කරුණු තුන නම් කරන්න.
6. දස සක්විති වත් නම් කරන්න.
7. යෝනිසෝ මනසිකාරයෙන් තොරව අධිපරිභෝජනයට හුරු වූ පුද්ගලයන් පස් දෙනෙකු ගැන බෞද්ධ
සාහිත්‍යයේ සඳහන් වේ. ඔවුන්ගෙන් සිවු දෙනෙකු නම් කරන්න.
8. පරිභෝජනය පිළිබඳ අනර්ථකාරී අන්ත දෙකකට ගිය පුද්ගලයන් දෙදෙනෙකු උදුම්බරබාදික,
අජද්ධුමාරණයන වචනවලින් හැඳින්වේ. ඔවුන්ගේ ලක්ෂණ මොනවාද?
9. සම්මුඛා විනය හා අමුළ්හ විනය යනු කුමක්දැයි කෙටියෙන් හඳුන්වන්න.
10. විනය නීති පැනවීමේ දී බුදුරදුන් මුල් කරගත් අරමුණු දෙකක් නම් කරන්න.
11. බෝසතාණන් වහන්සේ අඛණ්ඩව ආරක්ෂා කළ සීලය කුමක්ද?
12. යුද්ධයට පොළඹවන මානසික ලක්ෂණ හතරක් නම් කරන්න.
13. ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය නිසා පැන නගින සමාජ ගැටලු හතරක් නම් කරන්න.
14. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය කවර ආයතනයක් මඟින් කවර වර්ෂයක කවර
මාසයක කවර දිනයක ප්‍රකාශයට පත් කරන ලදද?
15. පන්සිල්වල මුල් පද හතර පිළිවෙළින් දක්වා ඒවායින් සුරැකෙන මානව හිමිකම් නම්
කරන්න.
පිළිතුරු
1. සබ්බේතසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ
2. කරණීයමෙත්ත සූත්‍රය
3. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා
4. වියත්බව, විනීතබව, විශාරද බව, ධර්මධර බව, ධර්මානුධර්මප්‍රතිපන්නබව, පරවාදමථනයෙහි
සමත් බව.
5. ගර්හා කළ යුත්තන්ට ගර්හා කිරීම. අවවාද කළ යුත්තන්ට අවවාද කිරීම, නෙරපිය යුත්තන්
නෙරපීම.
6. 1. රජ පවුලේ සාමාජිකයන් බලසෙන් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති පිරිස් ගම්වැසියන්
පැවිදි සිවුපාවුන් හා කුරුල්ලන් ද ඇතුළු සියලු දෙනාට දැහැමි රැකවරණය සැපයීම.
2. රටෙහි අධර්මය මර්දනය කිරීම.
3. නිර්ධනයන්ට ධනය ලබා දී ආර්ථික සමෘද්ධිය ඇති කිරීම.
4. ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් වෙතින් අනුසාසනා ලබා ගනිමින් ධාර්මික ප්‍රතිපත්ති
ක්‍රියාත්මක කිරීම.
5. ප්‍රාණඝාතය වැළැක්වීම.
6. සොරකම වැළැක්වීම.
7. කාම මිථ්‍යාචාරය වැළැක්වීම.
8. මුසාවාදය වැළැක්වීම.
9. මද්‍ය භාවිතය වැළැක්වීම.
10. ඒ ඒ රටෙහි පාලනය පරිදි ගෙනයෑමට ඉඩ සැලසීම.
7. ආහර හත්ථක, අලං සාටක, තත්‍රවට්ටක, කාකමාසක, භුත්තවමිතක
8.. සම්පත් විනාශ කරමින් පරිභෝජනය කරන්නා උදුම්බරඛාදිකයාය. රැස්කර තබාගෙන නොකා නොබී
මියයන්නා අජද්ධුමාරණ යන්නේ හැඳින්වේ.
9. චූදිතයා අධිකරණය ඉදිරියට කැඳවා නඩු විභාග කිරීම සම්මුඛා විනයයි. සිහි මුළාව සිටි
අයට සමාව දීම අමුළ්හ විනයයි.
10. සංඝයාගේ සතුට, සංඝයාගේ පහසුව
11. මුසාවාදයෙන් වැළකීමයි.
12. අසීමිත තණ්හාව, වෛරය, පළිගැනීමේ චේතනාව, මානය
13. වැඩිවෙන ජනගහණයට අධ්‍යාපනය සැපයීම, සෞඛ්‍ය පහසුකම් සැපයීම, නිවාස සැපයීම,
රැකියා සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම වැනි සුදුසු පිළිතුරක් අපේක්ෂිතයි.
14. එක්සත් ජාතීන්ගේ සංවිධානය. 1948 දෙසැම්බර් 10 වැනි දාය.
15. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි – ජීවත්වීමේ අයිතිය.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි - දේපළ පරිහරණය කිරීමේ අයිතිය.
කාමෙසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි – පවුල් ජීවිතයක් ගත කිරීමේ අයිතිය
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි – අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. |