UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතට සුවදෙන සාංචිය

සිතට සුවදෙන සාංචිය

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් අදත් අප දඹදිව සාංචි පුදබිම වන්දනා කරමු. ලෝක උරුමයක් වූ සාංචියේ වටිනාකම දන්නා පිරිස් සාංචිය වැඳපුදා ගැනීමට හා දැකබලා ගැනීමට පැමිණේ. සාංචියට පැමිණෙන පිරිස් අතුරින් වැඩි පිරිසක් වනුයේ ශ්‍රී ලාංකිකයන්ය

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් අදත් අප දඹදිව සාංචි පුදබිම වන්දනා කරමු. ලෝක උරුමයක් වූ සාංචියේ වටිනාකම දන්නා පිරිස් සාංචිය වැඳපුදා ගැනීමට හා දැකබලා ගැනීමට පැමිණේ. සාංචියට පැමිණෙන පිරිස් අතුරින් වැඩි පිරිසක් වනුයේ ශ්‍රී ලාංකිකයන්ය.

සාංචි හා බැඳුනු ඉතිහාසය

මීටර් 91ක් පමණ උසකින් යුක්ත වූ කඳු මුදුනේ බෞද්ධ නටබුන් පිහිටා තිබේ. නටබුන් අතර වැඩි වශයෙන්ම ආරක්ෂා සහිතව ඇති නටබුන් ලෙස සාංචි නටබුන් හැඳින්විය හැකිය. බෞද්ධ වාස්තු විද්‍යාව, කලාව, ඉතිහාසය ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට 12 වෙනි ශත වර්ෂය දක්වා දියුණුව හා පරිහානිය මෙහි දැක ගත හැකිය. අසිරිමත් බුදුසිරිත සාංචියට සෘජුව සම්බන්ධ නොවෙන අතර 7වන ශතවර්ෂයේ චාරිකාවේ යෙදුණු හියුංසෑන් හිමියන් විසින් ද සාංචිය ගැන සඳහන් නොකිරීම පුදුම

ගුප්ත යුගයේ තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ

සහගතය. සාංචිය ගැන පළමුව දැන ගන්නට ලැබෙන්නේ ලංකාවේ මහාවංශයේ සහ දීපවංශයේ බව කියවේ. ඒ අනුව සඳහන් වනුයේ අශෝක රජු විසින් වේදිස නගරයේ සිටුවරයකුගේ දියණියක් වූ දේවි කුමරිය විවාහ කරගත් බව සඳහන් වේ. කාලයකට පසු අශෝක රජුගේ පුතු වන මහේන්ද්‍ර හෙවත් මිහිඳු මහරහතන් වහන්සේ ද වේදිස නුවර සිට මවගේ සැපදුක් බැලීමට පැමිණි අතර දේවිය විසින් වේදිසගිරි කඳු මුදුනේ

තිබූ මනරම් වෙහෙරකට කැටුව ආ බව සඳහන් වේ. සාරමාසයක් මෙහි වැඩ සිට ශ්‍රී ලංකාවට වැඩම කොට ඇත.

මෙම කඳු මුදුනේ ඇති වෙහෙර විහාර අශෝක රජුගේ සමයේ දී ආරම්භ වන්නට ඇතැයි සිතිය හැකිය. මනරම් කඳු ගැටයක් මෙන්ම ධ්‍යාන වැඩීමට සුදුසු ස්ථානයක් වූ නිසාද මේ කඳු ගැටය තෝරා ගන්නට ඇතැයි සිතිය හැකිය. තවද ධන ධාන්‍යයෙන් පරිපූර්ණ නගරයක් වන වේදිස නගරය නිසාද ‘බෙත්වා’ සහ ‘බෙස්’ නම් ඇති ගංඟා දෙක සමීපයෙන් ගලා බසින නිසා ද මෙම කඳුගැටය තෝරාගන්නට ඇතැයි කල්පනා කළ හැකිය. මගධයේ අගනුවර වූ පැළලුප් නුවර සිට අවන්තියේ අගනුවර වූ උජ්ජේන් හෙවත් උදේනි නුවර දක්වා යන පුරාණ වෙළෙඳ මාර්ගයක් තිබී ඇත.

මහා ස්ථූපය

මෞර්ය රජදරුවන්ගේ කාලය අවසන් වුවද, සාංචිය සංවර්ධනය වී ඇත. ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ දී මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා හා උපාසකවරුන් සාංචියේ දියුණුව

සඳහා කටයුතු කළ බව පෙනේ. අශෝක රජු විසින් ගඩොලින් ඉදිකළ චෛත්‍යය නැවත කළුගල් ආවරණයකින් ගොඩනගන්නේ ශුංග රජවරුන් ය.

මහා ස්ථූපය

සර්වඥ ධාතුන් වහන්සේලා තැම්පත් කොට අශෝක රජු විසින් ගොඩනඟා ඇති සාංචි මහා ස්ථූපය අති විශිෂ්ට නිර්මාණයකි. ස්ථූප කලාවේ ආරම්භක යුගය වශයෙන් සැලකිය හැකි අතර බුබ්බුලාකාර හැඩයක් ගනී. විෂ්කම්භය අඩි 120ක හා උස අඩි 54ක් වේ. ගරාදි වැටක් හා සතර දිශාවට මුහුණලා විශාල තොරණ් සතරක් ද ඉදිකොට තිබේ. තොරණ සතරෙන්ම මළුවට ඇතුල් විය හැකි අතර තොරණ අබියස ප්‍රතිමා සතරක් ද තැන්පත් කොට ඇත. දකුණු තොරණ අබියස ඇති පඩි පෙළෙන් අඩි 14ක් පමණ ඉහළට නැඟ ගිය විට ධාතු ගර්භයට ආසන්නව ප්‍රදක්ෂිණ කළ හැකි ප්‍රදක්ෂිණා පථයකි. ස්ථූපයක් ප්‍රදක්ෂිණ පථයටත් පිටින් ආරක්ෂක ගරාදි වැටකි. එහි අඩි 4 කි.

අද අප දකින ස්ථුපවල මෙන් සාංචි ස්ථූපයෙහි පේසා වළලු නැත. එහි මුදුනත ඇත්තේ සතරැස් කොටුවක් සහ මධ්‍යයෙහි කණුවක් මත ගොඩනැගුණු ඡත්‍ර තුනකි. මෙම ඡත්‍ර තුනෙන් ත්‍රිවිධරත්නය සංකේතවත් කරයි.

යම් කිසි ස්ථූපයක ඡත්‍ර තුනක් යොදා ඇත්නම් එහි තැම්පත් කර ඇත්තේ සර්වඥධාතුන් වහන්සේලා වේ.

කැණීම් හා ආරක්ෂා කිරීම් ක්‍රි.ව. 14වන ශත වර්ෂයෙන් පසුව සාංචිය

ජනයාගෙන් දුරස් වූ අතර ඒ පිළිබඳ ජනතාවගේ දැනීම ද දුලබ විය. ක්‍රි.ව. 1818 දී ජෙනරල් ටෙලර් මහතා විසින් සාංචි කඳු මුදුනේ නටබුන් සොයා ගන්නා අතර මහ ජනයාට ද දැන ගන්නට ලැබිණ. අංක 1, 2, 3 චෛත්‍යය සාමාන්‍ය පරිදි තිබී ඇත. 1822 කැප්ටන් ජොන්සන් නමැති පුග්ගලයෙකු විසින් මහා ස්ථූපයේ බටහිර කැණීම් කර ඇති අතර ස්ථූපයේ බටහිර පෙදෙස ගරා වැටීම හේතුවෙන් බටහිර තොරණ ද බිමට වැටී ඇත. 1851 දී ජෙනරල් කණින් හැම් හා එෆ්.ජී. මේසි චෛත්‍යය කැණීම් කර ධාතු කරඬුවක් ලබාගෙන ඇති අතර ඒ සියල්ලම එංගලන්තයට රැගෙන ගොස් ඇත. 1850 පමණ වන විට අශෝක රජු ඉදිකරන ලද අශෝක කුලුන ජමිදාර් කෙනෙක විසින් කොටස් කිහිපයකට කඩා දමන ලදී. එහි කඩා දමන ලද කොටස් අද වන විට මෙහි තිබෙන අතර රැගෙනයාමට අපහසු කොටස් නිසා එය දමා ගොස් ඇත. අශෝක කුලුනේ කුඩා කොටසක් චෛත්‍ය අසල දැක ගත හැකිය.

1881 මේජර් කෝල් මහතා විසින් සාංචිය අලුත්වැඩියා කිරීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් දකුණ සහ බටහිර තොරණ ද අංක 3 චෛත්‍යයේ තොරණ ද ස්ථාපිත කොට ඇත. 1912 සිට 1919 දක්වා ජෝන් මාර්ෂල් තුමා විසින් අනෙකුත් විහාර හා කැණීම් කටයුතු කොට ආරක්ෂා කරන ලදී. අද දක්නට ලැබෙන ආකාරයට චෛත්‍ය අංක 03 චෛත්‍ය නැවත පිළිවෙළකට ප්‍රතිසංස්කරණය කොට ඇත.

තවත් කොටසක් බිනර පුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් 27 වනදා පත්‍රයේ

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]