සසුන් විරුවන් දෙදෙනකු ගැන මතක සටහන්
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ශූරයෝ – වීරයෝ – ධීරයෝ යනුවෙන් මිනිසුන් තුන් කොටසකට බෙදන වගක් අපි ඉගෙන ගත්තෙමු.
ශූරයෝ නම් යම් යම් කටයුතුවල දක්ෂයෝය. හුරු වූවෝය. වීරයෝ නම් බාධා නොබලා පටන්ගත්
කාර්යය මුදුන් පත්වනතුරුම කරන්නෝය. බුහුටියෝය. ධීරයෝ නම් සැපත් විපත් ආදි ලෝ දහම්හි
නොසැලෙන නොකැල-ඹෙන නොපෙරළෙන දිරි ඇත්තෝය. මේ ගුණ තුනම ඇති අය උතුම් වෙති. ඉනුත් ධීර
ගුණය ඇත්තාම උතුම්ය.
1823 පෙබරවාරි මස 09 වැනි ඉපදී 1890 සැප්තැම්බර් මස 21 දා අපවත් වූ මොහොට්ටිවත්තේ
ශී‍්‍ර ගුණානන්ද හිමියෝ ඉහත කී ගුණෙන් සපිරි දක්ෂයකු වූහ. උන්වහන්සේ අපවත් වී මේ
සැප්තැම්බර් 21 දාට වසර 125 ක් සපිරෙයි.
1864 සැප්තැම්බර් 17 ඉපදී 1933 අපේ‍්‍රල් 29 දා අභාවප්‍රාප්ත වූ අනගාරික
ධර්මපාලතුමන් (පැවිදිවීමෙන් පසු සිරිදේවමිත්ත හිමි) ගේ 150 වැනි ජන්ම සංවත්සර වර්ෂය
ගෙවෙමින් පවතින අතර එතුමාද යට කී පරිදි ශූර, වීර, ධීර ගුණෙන් සමුපේත නිපුණයකු වූ බව
සිහිපත් කළ යුතුයි.
තමා බෞද්ධයෙකැයි ප්‍රසිද්ධියේ කීමට පවා උසස් යැයි සම්මත තැන්වල සිටි අය බියෙන් හා
ලජ්ජාවෙන් සිටි, මිෂනාරින්ගේ විවිධ කූට ව්‍යාපාරයෙන් බුදු සසුනට සහ සඟ සසුනටද
නොයෙක් අතවරයන්ට මුහුණදීමට සිදුවූ අවස්ථාවක උන්වහන්සේගේ පහළවීම බුද්ධ ශාසනයේ
චිරස්තිථියටද ජාතියේ පුනරුදයට ද, බෞද්ධ ධර්මය ලෝ පුරා ප්‍රචලිත වීමටද හේතුවූ බව
ඉතිහාසඥයන්ගේ වාර්තාවලින් පෙනේ. ත්‍රිපිටක ධර්මය පිළිබඳවත්, ශාසන ඉතිහාසය
පිළිබඳවත්, සමයාන්තර පිළිබඳවත් හසළ බුද්ධියක් තිබුණ උන්වහන්සේ ප්‍රසිද්ධ ආගමික
විවාද කීපයකදී පෙන්වූ එඩිතර අභීත දේශන සහ තර්ක විතර්ක ගැන ලංකාවේ පමණක් නොව,
විදේශයන්හිද පැතිරුණු කීර්තිය
නිසා අපරදිග ලොවෙහි බොදු පුබුදුවක් ඇතිවිය. ලෝපතළ
පානදුරාවාදය කියවූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ආදී විද්වතුන් ශ්‍රී ලංකාවට
පැමිණීම මෙරට බොදු විදුහල් විවෘත වීමට මඟ සැලසීමෙන් බෞද්ධ අධ්‍යාපනයද එමඟින් අඩපණව
තිබුණු ජාත්‍යානුරාගය, බෞද්ධ සිරිත් විරිත් ආදියටද නවජීවයක් ලැබුණු බව කවුරුත්
දනිති. ගුණානන්ද හිමියෝ ප්‍රධාන වාද හතරක් පැවැත්වූහ. 1.වරාගොඩ වාදය (1865 අගෝස්තු)
2. උදම්මිට වාදය (1866 පෙබරවාරි) 3. ගම්පළ වාදය (1871 ජනවාරි) 4.පානදුරා වාදය (1873
අගෝස්තු) මින් පානදුරා වාදය ප්‍රසිද්ධ විය. ඩේවිඩ් හේවාවිතාරණ දරුවා වයස අවුරුදු
දහයේදී තම පියාවූ දොන් කරෝලිස් මුදලිතුමා සමඟ පානදුර වාදබිමට පැමිණ එම වාදය අසා
සිටි ඉමහත් උද්‍යෝගයෙනි.
කොටහේනට පැමිණි මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ තමන් පිළිගත් ආගම ධර්මය දියුණු කරනු
පිණිස බෝධිරාජ සමිතිය පටන් ගත්හ. එබැවින් බුදුසසුනට සංවිධානාත්මක ස්වරූපයක් ලබාදී
එය මතුකර ලීමට ගිහි පැවිදි සංවිධානයක් මෙරට මුල්වරට ගොඩනැඟුවාහු ගුණානන්ද හිමියෝය.
සර්වඥ ශාසනාභිවෘද්ධි දායක සමාගම පිහිටුවා පුවත්පත් සඟරා, අච්චුගසා ප්‍රචාරය කරන්ට
ගුණානන්ද හිමියෝ ක්‍රියා කළහ. උන්වහන්සේගේ සම්පාදකත්වයෙන් බොහෝ ශාස්ත්‍රීය සාසන
කටයුතු සිදුවිය. පන්සිය පනස් ජාතක පොත, මිලින්ද ප්‍රශ්නය වැනි පොත් සේම ශ්‍රද්ධා
බුද්ධි සම්පන්න ප්‍රතිපත්තිකාමි බෞද්ධයකු සිහිකටයුතු ධර්ම කොටස් අතර වන්දනා මාන්න
ක්‍රම, පූජා විධි, දාන, සීල, භාවනා ක්‍රම සහ පිරිත් (ආරක්ෂා) ක්‍රමාදිය ඇතුළත් සෑම
වේලේ පාවිච්චියට වුවමනා අත්පොතක් ලෙස සංග්‍රහ කළ බුද්ධ ඇදහිල්ල නම් කුඩා පොත වටිනා
මඟ පෙන්වීමකි.
ස්ටීවන් කෙම්පර් නම් මානව විද්‍යාඥයා විසින් ලියන ලද චිකාගෝ විශ්වවිද්‍යාලීය
ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු (අඥඵජභඥඤ ටපධථ ඊඩඥ ව්චබඪධද) ධර්මපාලතුමා ජාතියෙන් ගලවා
ගැනීම නම් පොත නව මානයකින් ලොවට ධර්මපාල තුමාගේ කාර්යභාරය දෙස බලන්ට ආලෝචනා
සපයන්නකි.
ධර්මපාල තුමා කුඩා කාලයේ තම ජීවන මතකය ගැන කළ සටහන් එතුමා දෙස බලා විමසන්නට කරුණු
මතු කරයි. ඒවා කියවා බැලීම රසවත් මෙන්ම අපට වැදගත් හරවත් අත්දැකීමකි. “මගේ පවුලේ
සියලුම දෙනා සැදැහැවත්තූ වූහ. මගේ මවට අසාගෙන සිටීමට සූත්‍රවලින් කොටස්ද, ගාථාද
කීමට මට සිදුවී තිබිණි”.
“මගේ පියා සෑම බුද්ධිමත් බෞද්ධයකු මෙන් තම තමාගේ විමුක්තිය සලසා ගැනීම ගැන සිතිය
යුතු යැයි සිතීය. ඔහු සෑම විටම මට මෙසේ කීය.” “උඹට ඕනෑ දෙයක් කාපන්, ඕනෑවට වඩා
නිදාගන්න එපා. අන්ධයකු වගේ ඉල්ලන්න එපා. තමාගේම උත්සාහයෙන් ඉගෙන ගනින්”.
එඩ්මන්ඩ් රණසිංහ විසින් ලියන ලද අනගාරික ධර්මපාල අභියෝගය සහ අපි කෘතිය පසුගිය වසරේ
පළවූ අප නෙත් විවර කරන ලද පොතකි.
”මම මගේ පවුලේ සාමාජිකයන් සමඟ මසකට වරක් පසළොස්වක පෝය දිනවල උපවාසයෙහි යෙදුණෙමි.
විසිහතර පැය භාවනාවෙන්ද,බෞද්ධ සූත්‍රවලින් හා අට්ඨ කතාවලින් කොටස් කියවීමෙන් වූ ගත
කිරීම සඳහා නෑදැයෝද හිත මිතුරෝද එදින එක්රැස් වූහ.අප අවදි වී සුදු වස්ත්‍ර ඇඳගෙන
පියාගේ උයනකින් මල් කඩා ගන්නේ පාන්දර හතරටය.සුවඳ විහිදෙන කහ පැහැති සපුමල් හා
දෑසමන් මල් කඩාගෙන මගේ දෙමව්පියොත්,ආතා මුත්තලාත්, මමත් අපෙ නිවස අසල වූ පන්සලට
ගොස්ම නෙළුම් මල් හා සුදු සෙළුම් මල් හා සුදු නාමල් ගොඩ ගැසී තිබුණු බුද්ධ
ප්‍රතිමාව ඉදිරියේ ඒ මල් පූජා කළෙමු. ඒ විහාර මන්දිරයේ මද ආලෝකයකින් යුත් ඒ
කාමරයෙහිදී භික්ෂුන් වහන්සේලා ගාථා කියද්දී අපි කාමාස්වාදයන් අතහැරදමා සත්‍යයට
කැපවීමු.අනාගත උත්පත්තියකදී වඩාත් ආධ්‍යාත්මික වීම සඳහා අපි මුළු පෑ විසිහතරම සිත
පිරිසුදු කර ගැනීමට උත්සාහ දරමින් ගත කළෙමු. බුද්ධගයාව බේරාගැනීම, මහාබෝධි සමාගම
පිහිටුවීම, මහාබෝධි සඟරාව, සිංහල බෞද්ධයා පුවත්පත හා ගමින්ගම ගොස් ජනයාට දේශන
පවත්වා දැනුම අවබෝධය ලබාදී ධර්ම මාර්ගයට ගැනීම පිළිබඳ එතුමා විසින් ලියන ලද දින
පොත්වල සටහන් වලින් මැනවින් එළිදරව් වේ.
සිංහල, ඉංගී‍්‍රසි මෙන්ම පාලි භාෂාවත් බුද්ධ ධර්මයත් ඉගෙනීමෙන් එතුමා විසින් ලබාගත්
ශක්තිය අප්‍රමාණය. එහි කූට ප්‍රාප්තිය 1893 සැප්තැම්බර් 18 ඇමරිකාවේ චිකාගෝ නුවර
දෘෂ්ටි සම්මේලනයේදි ධර්පාලතුමන් කළ කතාව ලෝක පූජිත කීර්තියක් ගෙන ආවේ එතුමන්ට මතු
නොව ශී‍්‍ර ලංකාවටය. එතුමාගේ එවක වයස අවුරුදු 29 කි. එම මහ සමුළුවේ සිටි ප්‍රබලයන්
අතර තවත් ප්‍රාඥයෙකි ස්වාමි විවේකානන්දතුමා ධර්මපාලතුමා තම නිජබිමේ සහජාතයන්ට ඔවා
ලබා දුන්නේ ආදර්ශයේ පිහිටා සිටිමිනි. මත්පැන්, මත්ද්‍රව්‍ය නමැති විෂවර්ග හා ගව මස්
භාවිතයෙන් දේශීය ජනයා මුදවන්න අපමණ උත්සාහ කළේය.දේශයේ උරුමය නැවත නඟා සිටුවීම සඳහා
වුවද කාලීන වශයෙන් වැදගත්වන තාක්ෂණය, විද්‍යාත්මක කෘෂිකර්මය, කර්මාන්ත වැනි
ක්ෂේත්‍රවල නව දැනුම ලබාගත යුතුබව එතුමා පිළිගත්තේය. ඒ සඳහා මෙරට තරුණයින්,
ඇමරිකාව, ජපානය, ජර්මනිය, ඉන්දියාව, ප්‍රංශය , එංගලන්තය වැනි රටවලට ගොස් එම විෂයයන්
ඉගෙනීමට මඟ සැලසුවේය. එතුමා චාම් සරල සත්පුරුෂයකු වූයේය. දියුණු සිතක් පැවැති ධර්ම
ප්‍රාඥයකුව ගත කළේ අල්පේච්ඡ ජීවිතයකි. තමන්ගේ කටයුතු තමාම කරගත් අයුරු එතුමා මෙසේ
පැවසුවේය.
“මම ඉන්දියාවේ විසූ අවුරුදු 28 ක කාලය තුළ මගේ ඇඳුම් මම පිළියෙල කර ගත්තෙමි. පාසල්
යන කාලයේ ඇඳුම් මැසීමට ඉගෙන ගතිමි. ගත වූ අවුරුදු 27 මැද මගේ රෙදි සේදීම වැනි වැඩ
මම කරගත්තෙමි. මට ඇත්තේ යටඇඳුම් 2 ක් සහ බැනියම් 2 ක් හෝ 3 ක් සිල්ක් ජොතියක්
පමණයි”.
අපට ධර්මපාලතුමා මෙන්ම මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් ගේ චරිතාපදාන
අධ්‍යයනයෙන් ඉගෙන ගත හැකි ආදර්ශ රැසකි. |