මහනුවර ඇසළ මහා පෙරහර 29 වැනිදා
මහනුවර ඇසළ මහ පෙරහරේ අවසන් රාත්‍රි මහා පෙරහර හා දියකැපුම් පෙරහර
අගෝස්තු 29 වැනිදා නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වේ. 29 වැනිදා 7.59
ට රාත්‍රී උතුරු දිශාභිමුඛව පෙරහර ශ්‍රී දළදා මාළිගාව අසලින් පිටත්ව
දළදා වීදිය යටිනුවර වීදිය, කන්දේ වීදිය,ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ
ගමන්කර රජවීදිය දිගේ ඉහළටවිත් ගෙවදී.
ඉතිරිය»
අනඳ හිමියන් රහත් වූ නිකිණි පොහොයේ අගය
සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම සඳහා මහත් සේවයක් සැලසුනු
පොහොයක් වශයෙන් නිකිණි පුර පසළොස්වක පොහොය සඳහන් කළ හැකිය. මහාවග්ග
පාලියේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි සඳහන් වන අන්දමට භික්ෂූන් වහන්සේලාට වස්
එළඹීමට දින දෙකක් බුදුරදුන් විසින් පෙන්නා දී ඇත. එය පෙර වස හා පසු වස
යනුවෙන් හැඳින්වේ. ඇසළ පුන් පෝදා භික්ෂූන් පොහොය කොට ඇසළ අව පෑළවිය
දිනයේ වස් එළඹිය යුතුය. එය පෙර වස වශයෙන් දැක්වේ. නිකිණි පුන් පොහොය දා
පෝය කොට නිකිණි අව පෑළවිය දා වස් එළඹීම පසු වස වශයෙන් සැලකේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දෙලොව දියුණුව සලසා ගැනීම
අනුන් විසින් අඩුපාඩුකම් දක්වමින් සිදු කරනු ලබන ඇනුම් බැණුම් ආදියෙන්
වැඩක් නැත. අනුන් විසින් කළනොකළ දෑ සෙවීම අනර්ථකරය. සෑම විටම තමාවිසින්
කළයුතු නොකළ යුතු දෑ සෙවීම වැදගත්ය. ධම්ම පදයේ පුප්ඵවග්ගයේ දී සිව්වනක්
පිරිසම අමතා බුදුරදුන් මෙසේ දේශනා කරනුයේ දෙලොව දියුණුව සලසා ගැනීමේ
වුවමනාව පැහැදිලි කර දීම සඳහාය
ඉතිරිය»
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී දළදා වහන්සේට හා සතර මහා දෙවිවරුන්
උදෙසා කරන්නාවූ පූජාවක්
හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර
මංගල්‍යය ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන්නා වූ ශ්‍රී දළදා මැදුරේ
වාර්ෂිකව පවත්වන්නා වූ සතර මංගල්‍යයන්ගෙන් දෙස් විදෙස් බෞද්ධ මෙන්ම
අබෞද්ධ ජනතාවගේද වැඩිම අවධානයට ලක්වන්නා වූ මංගල්‍යයයි.
ඉතිරිය»
|