බුදු ගුණ භාවනාව
අම්බලන්ගොඩ, කහව,
ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ත්‍රිපිටකාචාර්ය ,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
විජ්ජාචරණ සම්පන්න ගුණය - 20
17. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස කල්ප අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( අයබදු
නොගෙවු අය මෙහි උපදී )
18. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකා දස කල්ප අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බණපොත්
විනාශ කළ අය, වෙහෙර විහාර විනාශ කළ අය මෙහි උපදී )
19. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද්වාදස කල්ප අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අසාධාරණ නඩු
තීන්දු දුන් අය මෙහි උපදී)
20. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේ රස කල්ප අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සඟ සතු දේ
අන් අයට දුන් අය උපදී)
21. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චුද්දස කල්ප අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දුප්පත්
ජනතාවගේ ඉඩකඩම් බලහත්කාරයෙන් ගත් අය මෙහි උපදී )
22. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංච දස කල්ප අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අධර්මයෙන්
රට පාලනය කළ අය, අන්සතු දේ උදුරාගත් අය මෙහි උපදී )
23. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝලස කල්ප අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අන්සතු දේපල
උදුරා කා බී ජීවත් වූ අය මෙහි උපදී )
24. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවත්තංතර අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වැඩ කරවාගෙන
වැටුප් නොගෙවූ අය මෙහි උපදී )
25. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහාකුළු අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මව්පියන්ට,
ගුරුවරුන්ට අගෞරව කළ අය මෙහි උපදී )
26. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උච්චාරූල්හ අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
27. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආරාමදූසක අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( බෝමළු,
විහාර මළු, චෛත්‍ය මළු, වලට හිස් වැසුම්, පාවහන් දමාගෙන ගිය අය මෙහි
උපදී )
28. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගීතග්ග අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජා-චරණ සම්පන්න නම් වන සේක. (විහාර
මළුවලට පූජා කළ දේවල් විනාශ කළ අය මෙහි උපදී )
29. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගෝවු තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පූජා භූමිවල
මල මුත්‍ර ගොනුන් ලවා කළ අය මෙහි උපදී )
30. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුක්තකරිසග්ගි අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(පූජා භූමියේ මලමුත්‍ර කළ අය මෙහි උපදී )
31. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුස මලග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විහාර, බෝධි
චෛත්‍ය මළු අපිරිසුදු කළ අය උපදී )
32. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගින්දර අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
33. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුපට්ටි තග්ගි අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට උපස්ථාන නොකළ අය මෙහි උපදී )
34. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුම්බග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සඟසතු දේ
පාවිච්චි කළ ගිහි අය මෙහි උපදී )
35. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අභූ තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බොරු කියන
අය මෙහි උපදී )
36. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපරි තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිගන්ඨයන්
උපදී )
37. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසි තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මත්පැන්
පානය කළ අය උපදී )
38. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෙල තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බුද්ධ
ප්‍රතිමා, චෛත්‍ය ඉදිරියේ පහන් දල්වා අපිරිසුදු කළ අය මෙහි උපදී )
39. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නුට්ටුහි තග්ගි අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(සිල්වතුන් ගුණවතුන් දැක කාරා කෙල ගැසූ අය මෙහි උපදී )
40. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරව් තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බලවත්
ආදරයකින් හඬා වැලපී මළ අය මෙහි උපදී )
41. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සයන තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විහාරාරාම
කිලුටු කළ අය උපදී )
42. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරභණ්ඩ හර අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සොරකම් කළ
අය උපදී )
43. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විතභිරග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ශෝකයෙන්
මැරුණ අය උපදී )
44. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විලසග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (කම් සැපයෙහි
ගිජු වූ අය මෙහි උපදී )
45. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ක්‍රෝධ තග්ගි අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (
තරහ පුද්ගලයෝ උපදී )
46. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ හස්සාදිප්පාය අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(සිල්වතුන්ට ගුරුවරුන්ට සිනාසෙමින් කවටකම් කළ අය මෙහි උපදී )
47. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඝටි තග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන්
ගුණවතුන් වෙහෙසට පත්කළ අය මෙහි උපදී )
48. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උඨටාභි තග්ගි අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(දෙමාපියන් සතු දේ විනාශ කළ අය මෙහි උපදී )
49. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උද්ධන ඡාරිකා අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(ස්වාමියාට නොසැලකූ අය මෙහි උපදී )
50. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පතන දායග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වත්
උතුමන් යන එන පාර වැසූ අය මෙහි උපදී )
51. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිට්ඨානුගතග්ගි අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(සිල්වතුන්ට ගුණවතුන්ට බැණ බැණ ඇවිදින ලද අය උපදී )
52. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුප්ප මුසලග්ගි අපාය
දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
(හාල්, ධාන්‍ය විනාශ කළ අය මෙහි උපදී )
53. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේල හත අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දෙමාපියන්ට
අගෞරව කළ අය මෙහි උපදී )
54. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යක්ඛග්ගි අපාය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සිල්වතුන්
ගුණවතුන් භය කළ අය මෙහි උපදී )
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු ! සාධු ! සාධු ! |