|
|
කඩුවෙල මහමෙවුනා
භාවනා අසපුවේ ද්වාර මණ්ඩපය විවෘත වූදා
කඩුවෙල, හේවාගම මහමෙවුනා බෝධිඥාන අසපුවේ
ඉදිකළ ගෞතම ද්වාර මණ්ඩපයත්, සිරි ගෞතම
බෝධි මණ්ඩපයත් විවෘත කිරීම පසුගිය 01
වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
අතින් සිදු කෙරිණ. එම අවස්ථාවට අමරපුර මහා
සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය දොඩම්පහළ
චන්දසිරි මහා නාහිමි, කිරිබත්ගොඩ ඤාණානන්ද
හිමි ප්‍රමුඛ මහ සංඝරත්නයද, අමාත්‍ය
විජේදාස රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය
සුසිල් පේ‍්‍රමජයන්ත මහතාද, අධිනීතිඥ
රෝහිත බෝගොල්ලාගම මහතා ඇතුලු විශාල
පිරිසක් එක් විය. ඡායාරූප – සුදත් මලවීර
|
|
|
උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමි
තෙමස් සමරුවට ශතාධික සංඝගත දක්ෂිණාවක්
අකුරැස්ස, ඌරුමුත්ත, ඌරුමුත්ත වත්තේ රජ්ජුරුබණ්ඩාර දෙව්විමනේ දී(දේව
මාලිගාව) මේ මස 09 වැනි දින අස්ගිරි පාර්ශවයේ අති පූජ්‍ය උඩුගම
බුද්ධරක්ඛිත මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වී තෙමසක් ගතවන දින
උදේ 7.30 ට ප්‍රදේශයේ මහා සංඝරත්නය සියක් නමක් වඩම්මවා අටපිරිකර සහිත
මහා සංඝගත සක්ෂිණාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉතිරිය»
|
|
අධි ඇසළ අව අටවක පෝය
අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට
ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම 08 වැනිදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
|
|
|
|
|
|
|