UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

3 අභ්‍යාසය

01. බුදු සසුනෙහි අගතනතුරු ලැබුණේ පාරමිතාවල ප්‍රතිඵලයක් වශයෙනි. එමෙන්ම ඒ ඒ අයගේ දක්ෂතා හා සුවිශේෂී ගුණ ද සැලකිල්ලට ගැනීමෙනි. විශාඛා උපාසිකාව අග්‍රදායිකාව වූවා ය. ඇය විසින් බුදුරදුන්ට පූජා කරන ලද ආරාමය වනුයේ,

1. සත් මහල් ප්‍රාසාදයයි
2. මිගාර මාතු ප්‍රාසාදයයි
3. රාජාකාරාමයයි
4. ජේතවනාරාමයයි
5. නන්දාරාමයයි

02. සත්‍ය සොයා යන උපතිස්ස පිරිවැජියාට හමුවූයේ අස්සජි තෙරුන් ය.කාගේ ධර්මයකට පි‍්‍රය කරන්නේ ද එයින් ප්‍රකාශ කරන්නේ කුමක්දැයි විමසූ විට “යේ ධම්මා හේතුප්පභවා” යන ගාථාවෙන් කරුණු පැහැදිලි කළ බව සඳහන් වේ. එසේ දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය නම්,

1. චතුරාර්ය සත්‍යයි
2. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි
3. පටිච්ච සමුප්පාද ධර්මයයි
4. හේතුඵලවාදී ධර්මයයි
5. තණ්හාවෙන් දුක ඉපදීමයි.

03. යමෙකු පාපයක් කරන විට එය ඔහුට මිහිරිය. විපාක විඳින විට දුක් දැඩි වී පැමිණෙන බව “කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ” යන ලෝවැඩ සඟරා පද්‍යයෙන් සඳහන් වේ. අතීතය සිහිපත් වන විට කඳුළු වැකුණු මුහුණකින් යුතුව ජීවත්වීමට සිදු නොවන කටයුතුවල යෙදීම බුද්ධිමත් ක්‍රියාවක් බව ධම්ම පදයේ බාල වග්ගයෙහි දක්වයි. එම අදහසට ගැළපෙන ගාථාවේ ආරම්භක පදය වන්නේ,

1. තඤ්ච කම්මං කතං සාධු
2. පාපං වේ පුරිසෝ කයිරා
3. නතං කම්මං කතං සාධු
4. න කහාපන වස්සේන
5. සබ්බ පාපස්ස අකරණං

04. පස්කම් සුවයෙහි හා ගෘහ ජීවිතයෙහි හෙවත් සමස්ත භෞතික සම්පත්වල අසාර බව දැක පැවිදි වූ මානවකයෙකු පිළිබඳ රට්ඨපාල සූත්‍රයෙහි දැක්වෙයි. රට්ඨපාල තෙරුන් සමඟ සාකච්ඡා කරන කෝරව්‍ය රජුගේ ප්‍රකාශය අනුව ඇතැම් අය පැවිදිවීමෙහි අරමුණ වූයේ,

1. සසර භය හා දුක දැක සසර දුක නිවීමයි.
2. බුදුරදුන් දෙසූ නිවන් මඟ සම්මා දිට්ඨියෙන් දැක දුක නිවීමයි.
3. සමාජ ගෞරවයට හා සමාජ ප්‍රසාදය දිනා ගැනීමයි.
4. ආර්ථික දුෂ්කරතාවලට පත් වූ විට ඒවා මඟ හරවා ගැනීමයි.
5. මහතෙරවරුන්ගේ මෙන් තම ජීවිතයද ආලෝකවත් කර ගැනීමයි.

05. සමාජය සාමකාමී වීම සඳහා සියලු දෙනා පිළිපැදිය යුතු සමාජ ධර්මයක් ලෙස පන්සිල් සඳහන් වේ. සක්විති රජෙකු පවා ලොව පාලනය කරන විට රැකිය යුතු ප්‍රතිපදාවක් ලෙස දක්වා ඇත්තේ පන්සිල්ය. සමාජයේ ජීවත්වන පුද්ගලයින් පන්සිල් රැකීමෙන්,

1. සියලු සමාජ විරෝධී ක්‍රියා වළක්වා ගත හැකිය.
2. ගිහියන්ට නිත්‍ය සීලය රැකිය හැකිය.
3. අටසිල් ආදී උසස් සීලයකට යා හැකිය.
4. ඕනෑම කෙනෙකුට රජවීමට පවා උපකාර කරගත හැකිය.
5. පාසල් සිසුන් අධ්‍යාපනයට යොමුකරගත හැකිය.

6. නූතන සමාජයේ මිනිසුන් අසීමිත අවිවේකී අසහනකාරී ජීවිතයක ගත කරනු පෙනේ. පරිසරයට මෙන්ම මිනිසුන්ටද සතුන්ටද සිදුවන හානිය පීඩාව නොසලකා බොහෝ දෙනෙකු කටයුතු කිරීමෙන් එය පැහැදිලි වේ. මෙයට හේතුව ලෙස ඔබට පෙනෙන්නේ,

1. එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාවයි
2. එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවයයි
3. සක්කාය දිට්ඨිය පිළිබඳ හැඟීමයි
4. සම්පත් කෙරෙහි අධික තෘෂ්ණාවයි
5. තෘෂ්ණාවෙන් තොරව සතුට නැති බව වැටහීමයි

7. නිරෝගීකම පරම ලාභය බවත් සතුට පරම ධනය බවත් බුදු දහම දක්වන සංකල්පයකි. නීරෝගීකම කායික හා මානසික යන දෙඅංශයෙන්ම පවත්වා ගැනීම වැදගත් වේ. ඒ සඳහා අප විසින් කළ යුත්තේ,

1. මහේච්ඡතාව හා බහුකිච්චතාව දියුණු කිරීමයි
2. කායික හා මානසික වෙදදුරන්ගෙන් ප්‍රතිකාර ගැනීමයි
3. අල්පේච්ඡතාව හා යථාලාභ සන්තුට්ඨිය පුරුදු කිරීමයි
4.දෛනිකව තෙරුවන් වැඳ ආමිෂ පූජා පැවැත් වීමයි
5. ශ්‍රද්ධාව හා ප්‍රඥාව දියුණු කිරීමයි

08. බුදුරදුන් දක්ෂතා හා සුවිශේෂී ගුණ ප්‍රදර්ශනය කළ සිව්වණක් පිරිසටම අගතනතුරු ප්‍රදානය කළ බව අංගුත්තර නිකායේ ඒතදග්ග පාලියෙහි සඳහන් වේ. ඒ අනුව මන්තානිපුත්ත පුන්න තෙරුන් ලද අගතනතුර වනුයේ,

1. ධූතංගධාරීන් අතර අග තනතුරයි.
2. සෘධිමතුන් අතර අග තනතුරයි
3. මිහිරි හඬින් දම් දෙසන්නන් අතර අගතනතුරයි
4. ධ්‍යාන උපදවන්නන් අතර අග තනතුරයි
5. ධර්ම කථිකයන් අතර අග තනතුරයි

09. කර්මය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් බුදුදහමෙහි එයි “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් චේතනාව කර්මය බව දක්වයි. එම අදහස පැහැදිලි කරන සූත්‍ර දේශනාව වන්නේ,

1. කම්ම විභංඟ සූත්‍රයයි
2. නිබ්බේදික සූත්‍රයයි
3. වේළුද්වාර සූත්‍රයයි
4. සච්ච විභංග සූත්‍රයයි
5. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයයි

10. “මේ ලොව පවතින සම්පත් පුද්ගල ආශාවන් තෘප්තිමත් කිරීමට ප්‍රමාණවත් නොවුනත් පුද්ගල අවශ්‍යතා පිරිමැසීමට ප්‍රමාණවත් ය” මේ අදහස ප්‍රකාශ කළේ,

1. බුදුරදුන්ය
2. අනගාරික ධර්මපාලතුමාය
3. ඇරිස්ටෝටල්ය
4. කාල්මාක්ස්ය
5. මහත්මා ගාන්ධිය

11. මනා වූ කායික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට ආහාර ඉතා වැදගත් සාධකයකි. අපත්‍ය ආහාර ලැබූ අවස්ථාවක බුදුරදුන් එය ප්‍රතික්ෂේප කළහ. එම අදහස දැක්වෙන සූත්‍ර දේශනාව වනුයේ,

1. කාසී භාරද්වාජ සූත්‍රයයි
2. මහා පරිනිබ්බාණ සූත්‍රයයි
3. රට්ඨපාල සූත්‍රයයි
4. කීටාගිරි සූත්‍රයයයි
5. විමංසක සූත්‍රයයි

12. සක්දෙව් රජු සමඟ බුදුරදුන් වෙත පැමිණි පන්සිළුගේ ගායනය හා වාදනය තුළ පැවැති ගුණාංග උන්වහන්සේ අගය කළහ. එම ගායනය හා වාදනය එකිනෙකට ගැළපෙන බව ප්‍රකාශ කළහ. එයින් හැගෙන්නේ,

1. සෞන්දර්යය රසාස්වාදය බුදුදහම අවතක්සේරු නොකරන බවය.
2. ගායනය හා වාදනය කාටත් අකැප නොවන බවය
3. සෞන්දර්ය නිවනට හේතුවන බවය
4. සක්දෙව් රජු ද ගායනා හා වාදන වලින් සතුට ලැබූ බවය
5. පන්සිළුගේ හැකියාව ඉතා උසස් එකක් බවය

13. සැවැත් නුවර ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් ලබන නගරයකි. එය ප්‍රධාන ජනපද රාජ්‍ය හතරෙන් එකක අගනගරයයි. එම අගනගරය අයත් රාජ්‍යය නම්,

1. අවන්ති රාජ්‍යයයි
2. වත්ස රාජ්‍යයයි
3. අංග රාජ්‍යයයි
4. මගධ රාජ්‍යයයි
5. කෝසල රාජ්‍යයයි

14. පැරැණි භාරතීය සමාජයේ පැවති ආර්ථික සාධකය මත නගර බිහි විය. ඒවා බොහෝ විට වෙළෙඳ මධ්‍යස්ථාන බවටද පත්ව තිබුණි. එවැනි නගරවල ප්‍රබල තත්ත්වයක සිටියවුන් වන්නේ,

1.රජවරුන්ය
2. සිටුවරුන්ය
3. බ්‍රාහ්මණයන්ය
4. විදේශිකයන්ය
5. සාත්තුනායකයන්ය

15. බුදුරදුන් රාජ්‍ය පාලයෙකු නොවේ. එහෙත් රාජ්‍ය පාලනය දැහැමි වීම සඳහා අවශ්‍ය මූලධර්ම රාශියක් දක්වා ඇත. පාලකයා ජනතාවගේත් පරිසරයේ හා සිවුපාවුන්ගේ පවා ආරක්ෂකයා විය යුතු බව දක්වා ඇත. එම අදහස ඇතුළත් පාලන මූලධර්මය වන්නේ,

1. පන්සිල්ය
2. සතර සංග්‍රහ වස්තූන්ය
3. දස රාජ ධර්මයන්ය
4. දස සක්විතිවත්ය
5. සප්ත අපරිහානිය ධර්මයන්ය.

16. බ්‍රාහ්මණ චතුර් වර්ණයට බුදුරදුන් දැක්වූයේ සිව්වණක් පිරිසකි. එයින් ශ්‍රාවක සංඝයාට අයත් වන්නේ,

1. භික්ෂූන්ය
2. භික්ෂුණීන්ය
3. උපාසකයන්ය
4. උපාසිකාවන්ය
5. සිව් පිරිසෙහිම විමුක්ති මාර්ගයට පිළිපන් අයය

17. කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් නිශ්චිත අරමුණක් සපුරා ගැනීමට භෞතික හා මානව සම්පත් නිසි ලෙස මෙහෙයවීම කළමනාකරණය යනුවෙන් හැඳින්විය හැකිය. කල්ගත වන විට බුද්ධ ශ්‍රාවකයන්ගේ ඇතැම් අය අරමුණින් බැහැරව ක්‍රියාකරන්නටද විය. බුදුරදුන් තම ශ්‍රාවක පිරිස නිසි අරමුණක් කරා මෙහෙයවීමට අනුගමනය කළේ,

1. සම්පත් පරිහරණයෙහි අගය දැක්වීමය
2. සිව්පසෙහි සීමාවන් දැක්වීමය
3. අවස්ථාවට අනුව විනය නීති පැනවීමය
4. කළමනාකරණයෙහි අගය දැක්වීමය
5. පුද්ගල නායකයන් පත්කිරීමය

18. “යථා භූත ඥානය” බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගම්‍යමාන වන ඥාන සම්පත්තියකි. මෙම යථාභූත ඥානය අයත් වන ඥාන කොටස නම්,

1. අෂ්ට විද්‍යාවන්ය
2. දස බල ඥානයන්ය
3. පසළොස් චරණ ධර්මයන්ය
4. චතුර් යෝනි පරිච්ඡේද ඥානයන්ය
5. චතුර් වෛසාරද්‍ය ඥානයන්ය

19. බුදුරදුන් සමඟ විවිධ පිරිස් වාද කිරීමට පැමිණ තම අණුවන බව වටහාගෙන ධර්මාවබෝධ ලබා ගත්හ. එසේ පැමිණි පිරිස් අතර තම දෙමව්පියන්ගෙන් දහසක් වාද ඉගෙන පැමිණි තැනැත්තා වනුයේ,

1 . අභය රාජ කුමරුය
2. උපාලි ගෘහපතිය
3. සච්චකය
4. සීහ සේනාපතිය
5. සේල බ්‍රාහ්මණයාය

20. විවිධ අවස්ථාවල බුදුරදුන් තම අනුගාමික පිරිස් ප්‍රශංසාවට ලක්කර ඇත. සැරියුත් තෙරණුවන් දහම් දේශනා කළ විට බුදුරදුන් තෙවරක් සාධු නාද පැවැත්වූ බව සඳහන් වේ. එම ධර්ම දේශනාව වනුයේ,

1. විමංසක සූත්‍රයයි
2. සංගිති සූත්‍රයයි
3. උපාලි සූත්‍රයයි
4. අභයරාජ සූත්‍රයයි
5. සිඟාලෝවාද සූත්‍රයයි


පිළිතුරු

01. - 2
02. - 4
03. – 1
04. – 1
05. – 1
06. – 4
07. – 4
08. – 5
09. - 2
10. - 5
11. – 1
12. – 1
13. – 5
14. – 2
15. – 4
16. - 5
17. - 3
18. – 2
19. – 3
20. - 2

 

  පොසොන් මස අව අටවක පෝය   

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 10.16 ට ලබයි. 10 වැනිදා බදාදා පූර්ව භාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 09 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 16 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]