UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙරට බිහි වූ තුන්වැනි දහම් පාසල ඉඳුරුව – කයිකාවල ශ්‍රී ඤාණ විශෝධනී දහම් පාසල

මෙරට බිහි වූ තුන්වැනි දහම් පාසල ඉඳුරුව – කයිකාවල ශ්‍රී ඤාණ විශෝධනී දහම් පාසල


විහාරාධිපති , ගාලු කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක , බෝපිටියේ විජිත නාහිමියන් හා දහම් පාසලේ ප්‍රධානාචාර්ය පිටිගල කෝලිත හිමියන් ඇතුළු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන් කොටසක්

දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවෝ

ශ්‍රී ලංකාවේ බිහි වූ තුන්වැනි දහම් පාසල වශයෙන් ඉතිහාසයෙහි ලියැවී ඇත්තේ, ඉඳුරුව, කයිකාවල, ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ ශ්‍රී ඤාණ විශෝධනී දහම් පාසලයි. 1905 දී එවකට විහාරාධිපති වශයෙන් කටයුතු කළ පලීපාන ශ්‍රී නිවාස හිමිපාණන් මෙම දහම් පාසල ආරම්භකොට තිබේ.

අනතුරුව විහාරාධිපති පදවියට පත් වූ ත්‍රිපිටකාචාර්ය, බානගල ඤාණරතන නාහිමියෝ බෙන්තර – කළුතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියද හොබවමින් , දහම් පාසලේ දියුණුව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළහ. නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති පදවිය හෙබ වූ කයිකාවල පේසල හිමිපාණන් වහන්සේ කළ මෙහෙවරද අනතුරුව වත්මන් විහාරාධිපති, ගාලු කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, බෝපිටියේ විජිත නාහිමියෝ කරනු ලබන සේවාවද සුළු පටු නොවේ.

1966 සිට 1987 දක්වා ටික කලක් දහම් පාසල අක්‍රියව පැවතුනද, මෙම දහම් පාසලෙන් බිහි වූ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රටේ ඉහළම තැන්වලට ගොස් විවිධ ක්ෂේත්‍රවලින් කරනු ලබන සේවාවන් මෙතෙකැයි කිව නොහැකිය.

මෙම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය හෙබවූ, පී. වික්‍රමාරච්චි ,ජී.ඩී. විජේගුණරත්න මහත්වරුන් ගෙන් මෙන්ම, පියවතී කුමාරසිංහ, එම්.ජී.ඩී. අනුලාවතී , ඩබ්ලිව්, ජී.ඩී. කරුණාවතී මහත්මීන්ගෙන්ද දහම් පාසලට ලැබුණු ආලෝකය නිසාම 2013 වන විට සිසු සිසුවියන් විශාල පිරිසක් මෙම දහම් පාසලෙන් දහම් දැනුම ලබා ගත් බව සඳහන් වේ.

කොළඹ තරුණ බෞද්ධ සමිතියේ කටයුතු කළ සෝමදාස බණ්ඩාරගේ මහතා ඤාණ විශෝධනී දහම් පාසලට මහඟු මෙහෙවරක් කළ දානපතියෙකි. ඒ සමඟම විශ්‍රාමික ග්‍රාම නිලධාරි, ඩී.එස්. කුමාරසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් අපමණ වෙහෙසක් ගෙන ඇත. ශ්‍රී ඤාණ විශෝධනී දහම් පාසලේ වත්මන් ප්‍රධානාචාර්ය ධුරය හොබවනු ලබන්නේ විහාරාධිකාරි පිටිගල කෝලිත හිමිපාණෝය.

උන්වහන්සේ නිරතුරුවම නොමඳ සහයක් ලබාදෙන අතර, ඒ.ජී. පියවතී, ඩබ්ලිව්. ජී.ඩී. කරුණාවතී, ඉරෝෂා ගයානී, වේලාතන්ත්‍රී, මානෙල් නිශාන්ති පෙරේරා, ඩී.එන්, එස්, වික්‍රමනායක, නුවන් චන්දන ඇලෙක්සැන්ඩර්, හංසිකා මධුමාලී ,චාමිනී මධුකා පෙරේරා, හර්ෂණී චන්ද්‍රමාලි , කමනී දමයන්ති, චතුරාණි විජේමාලි, චතුරිකා සංජීවනී, ඉෂානී ශානිකා, ප්‍රසාද් කරුණාරත්න , ප්‍රදීපා හර්ෂනී, නාලිනී අනවරත්න, යන ගුරු මහත්ම මහත්මීහු, ස්වේච්ඡාවෙන් ගමේ හා අවට ගම්වාසී දරු දැරියන්ගේ දහම් දැනුම පෝෂණය කිරීම පිළිබඳව කාගේත් නොමද ප්‍රණාමය හිමිවේ.

ශත වර්ෂයකට අධික කාලයක් දරු දැරියන් රැසකගේ දහම් පිපාසය සංසිඳවූ ශ්‍රී ඤාණ විශෝධනී දහම් පාසලට තවත් ශත වර්ෂ ගණනාවක් මෙම අනභිභවනීය කර්තව්‍යය කිරීමට ශක්තිය, වාසනාව හා ධෛර්යය ලැබේවා!


දහම් පාසලේ සිසුන්ගෙන් කොටසක්

සිසුවියන්ගෙන් කොටසක්

 

 

 

 

 

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 11 වැනිදා බදාදා අපරභාග 08.54 ට ලබයි. 12 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 18 වැනිදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]