දෙලොව ප්‍රගතිය
බිබිල යල්කුඹුර
ශි‍්‍ර විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය
පදියතලාවේ ඤාණවිමල හිමි
බුදු දහම තුළින් ලොවෙහි ප්‍රතීයමාන වන සෑම කරුණක් පිළිබඳව නිවැරදි වූත්
විශ්වාසදායී වූත් කරුණු අන්තර්ගත බව නිසැකවම පිළිගැනීමට බඳුන් වූවකි.
ති‍්‍රපිටකය පරිශීලනය කිරීමෙන් මෙකී කාරණාවන් මනාව අවබෝධ කර ගැනීමට අපට
හැකි වන්නේය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම උගත් බුද්ධිමත් මිනිසුන්
සඳහාම ය. නිවන් අවබෝධ කර ගැනීම පිණිස වෙහෙසෙන සත්පුරුෂයන් උදෙසාම ය.
මෙහිදී නිරන්තරවම පෙන්වා දී ඇත්තේ පුද්ගල ප්‍රගතිය කරා ළඟා වීමේ ඇති
වැදගත්කමයි.
ප්‍රගතිය යන වචනයේ ඇසූ පමණින් අපට හැඟී යන කරුණක් නම්, අපට දැනෙන දෙයක්
නම් තමන් යම් විදියකින් උසස් බවක් හෝ දැන් සිටිනා තත්ත්වයෙන් ඔබ්බට
ගොස් සංවර්ධනයක් ඇති කර ගැනීමයි. මෙකී කරුණේදී අපට තවත් හොඳින් අවබෝධ
කර ගැනීමට හොඳ ම අවස්ථාවක් නම් භෞතික පරිසරයේ ඇති සංවර්ධනයේ ස්වරූපයයි.
කෙසේ නමුත් ප්‍රගතිය යන වදනයේ අර්ථය අවබෝධ කර ගැනීම එතරම් අපහසු වන්නේ
නැත. කෙසේ නමුදු පුද්ගලයා ප්‍රගතිය කරා ළඟා වීමේ දී බුදුසමය අනුව කෙසේ
දායකත්වයක් ලබා දෙන්නේ දැයි විචාරීම මේ ලිපියේ අපේක්ෂාවයි.
බුදුදහමට අනුව පුද්ගල ප්‍රගතිය කරා යාමේදී අංශ දෙකක් පිළිබඳ අවධානය
යොමු කළ යුතුවේ. එනම්, මානසික අංශය හා භෞතික අංශය යනුවෙනි. මේ අංශ දෙකම
සම්පූර්ණ වූ විට සාර්ථක ප්‍රගතියක් ළඟා කරගත හැකිවන්නේ. බුදුසමයේදී
මෙකී කරුණු දෙකින් එක් කරුණක් පමණක් ප්‍රශංසා කරන්නේ නැත. උභයාංශයම
ආවරණය කළ යුතු බවයි. එයින් ප්‍රකට කෙරෙන්නේ. ප්‍රගතිය යනු තමන්
වර්තමානයේ සිටින තත්වයෙන් මිදී යම් දියුණුවක් ළඟා කර ගැනීමේ පිළිවෙතක්
අනුගමනය කිරීම නිසා මෙය ඉතාමත් බැරෑරුම් ක්‍රියාවක් ලෙස මුලින්ම අප
අවබෝධ කරගෙන සිටිය යුතුවේ. මෙකී කරුණේදී බුදුහිමියන් පෙන්වා දෙන
වැදගත්ම කාරණාවක් වන්නේ අලුත් දේ ගැන නිර්මාණශීලිත්වයක් නැති පුද්ගලයාට
ලෙහෙසියෙන් පහසුවෙන් ප්‍රගතිය කරා ළඟා වීමට නොහැකිවන
බවයි.(නාචිත්තයන්තෝ පුරිසෝ විසේසමධිගච්ඡති) එනම් මෙහිදී අප අවබෝධ කරගත
යුතු මූලිකම කාරණාව වන්නේ නිරන්තර ව අලුත් දේ පිළිබඳ සිතීම
නිර්මාණශීලිව යමක් කිරීමටත් නොපසුබට උත්සාහයෙන් යුතුව ක්‍රියා කළ යුතු
බවයි. අප ජීවත් වීමේ දී නොයෙක් දෑ උපයා ගැනීමට වෙහෙස මහන්සි ගන්නා අතර
ඇතැම් විට අපට නොදැනුවත්වම අලසකම, කම්මැලිගතිය ඇතිවීමට පුළුවන. නමුදු
මේ හේතුව නිසාවෙන් ම අප ප්‍රගතිය ළඟා කර ගැනීම වෙනුවට පරිහානිය කරා ළඟා
වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි ය.අප ස්වාධීන පුද්ගලයින් ලෙසත්, මානව
පවුලේදී සාමාජිකයින් ලෙසත්, සමාජයේ දී එයට අනුගත පිරිසක් ලෙසත් ක්‍රියා
කිරීමේදී අපෙන් එකී පිරිසට ඉටු විය යුතු දෑ බොහෝය. මෙහිදී මුලින්ම තමා
පිළිබඳව සිතා තමාගේ අභිවෘද්ධිය පිණිස කැපවන්නාක් මෙන්ම අනෙකුත්
අංශයන්හි දියුණුවට ද එසේ කැපවීමෙන් ක්‍රියා කළ යුතුවේ. මෙකී කාරණාවන්
සඵල කරගැනීමේදී සිතට කාවදින විවිධ සිතුවිලි ධාරාවන් නිසා එකී කර්තව්‍ය
නිසි ලෙස ඵල දැරීමට නොහැකි වීමටද හැකිය. දැන් ශීතලයි.දැන් ඌෂ්ණයි. දැන්
නිදිමතයි. දැන් බැහැ ආදි ලෙස සිතා කළ යුතු දෑ පසුවට කල් දැමීම තමාගේ
මෙන්ම සමාජීය ජීවිත විනාශයට , පරිහානියට ඇද දමන සංකල්පයන් ය.
සංවර්ධනයක් අපේක්ෂා කරන්නන් මෙකී සිතුවිලිවලින් මිදී උත්සාහය, වීර්යය,
අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතුවේ.
එසේ නොකර ඉහත සඳහන් කළ අයුරින් සිතා නිෂ්ක්‍රීයව සිටින්නේ නම් තමන්
සිතුවත් ප්‍රායෝගික ව එහි නොයෙදීම මත ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වන්නේ
නැත. අප නිසඟයෙන් අත්පත් කරගන්නා මෙන්ම අපගේ විභව ශක්තියෙන් පහළ වන්නා
වූ ඇතැම් හැකියාවන් අපට හොරා අපේ හදවතේ ළැගුම් ගෙන සිටී.අපගේ
ක්‍රියාත්මක වීම මත ඒවා නිවැරදිව තෝරා බේරා ගෙන නොපසුබට උත්සාහයෙන්
ක්‍රියා කිරීම මගින් ප්‍රගතිය උදා කර ගැනීමට හැකිවනු නො අනුමානය. මෙකී
කරුණු සාධනයෙහි ලා බුදුහිමියන් විසින් අප ක්‍රියා කළ යුතු අන්දම විවිධ
සූත්‍ර දේශනාවන් ඔස්සේ සඳහන් කර ඇත. එහිදී අතිශයින්ම වැදගත් සූත්‍ර
දේශනාවක් ලෙස කරණීයමෙත්ත සූත්‍රය හැඳින්විය හැකිය. එකී සූත්‍ර දේශනාව
තුළින් ගම්‍ය කෙරෙන්නේ අප ජීවිත සාධනයේදී අනුගමනය කළ යුතු නිවැරදි
පිළිවෙත් සමුදායක් පිළිබඳවය. මෙහි කරණීය යනුවෙන් පෙන්වා දෙන්නේ කළ
යුතු, සිහිකළ යුතු ධර්මතාය. එහිදී අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා වැඩීම
පෙන්වා දිය හැකිය. එවිට අපට නිසැක වශයෙන්ම මතකයට එන කරුණක් නම් අප නොකළ
දෑ මොනවාද යන ප්‍රශ්නයයි. එහි දී අකරණීය ධර්ම ලෙස ශීල විපත්ති, දිට්ඨි
විපත්ති හා ආචාර විපත්තිවලින් බැහැරව කටයුතු කළ යුතුය. එලෙසටම මෙහි
අත්ත වශයෙන් පෙන්වා දී තිබෙන්නේ පුද්ගල ජීවිතය සංවර්ධනය කරන, පුද්ගලයාට
ප්‍රයෝජනවත් හා ඔහුගේ සශ්‍රීකත්වයට තුඩුදෙන කරුණු ය. අත්ත කුසලතාව
වර්ධනය කරගනු පිණිස මෙකී සූත්‍රදේශනාව තුළින් ප්‍රකට කර ඇති කරුණු
කිහිපයකි. ඒවා මෙසේ පෙළගස්වා දැක්විය හැකිය. සක්කෝ – හැකියාවය (යමක්
ඉතා සාර්ථකව කිරීමට ඇති ශක්‍යතාව) උජු – ඍජු බව, අවංක බවසූජූ – ඉතා ඍජු
බව, ඉතා අවංක බව සුවචෝ – කීකරුකම මුදු – මෘදු හිතැති කෙනෙක් වීම
අනතිමානි – නිහතමානි ගතිගුණයෙන් යුක්ත වීම සන්තුස්සකෝ – ලද දෙයින්
සතුටු වීමේ හැකියාව සුභරෝ– පහසුවෙන් පෝෂණය කළ හැකි බව අප්පකිච්චෝ –
අල්පකෘත්‍ය බව, ජීවිතය පැවැත්මට අදාළ කරුණු ඉටුකිරීම සල්ලහුකවුත්ති –
සැහැල්ලු ගති පැවතුම් ඇති බව සන්තින්දාියෝ – ශාන්ති දැමුණු ඉඳුරන් ඇති
බව නිපකෝ – තැනට සුදුසු නුවණින් යුක්ත බව අප්පගබ්බෝ – හැඩිදැඩි හෝ
අසංවර ගතිවලින් මිදුණු අයෙක් වීම කුලේසු අනනුගිද්ධෝ – හිතමිතුරු
පවුල්වල නිතර, නිකරුණේ හැසිරීමෙන් වළකින්නෙක් වීම
ඉහත සඳහන් කළ කරුණු අනුගමනය කිරීම මත සැබැවින්ම කුසල පක්ෂයට නැඹුරු
සිතක් ඇති කර ගැනීමට හැකිවනු නො අනුමානය. එය තමාගේ භෞතික අංශය වර්ධනය
කර ගැනීමට පමණක් නොව මානසික අංශය හෙවත් ආධ්‍යාත්මික අංශයද දියුණුවට
හේතු වන්නා වූ කරුණකි. මීට අමතරව ප්‍රගතිය කරා ළඟා වීමේදී පිළිපැදිය
යුතු වැදගත් ක්‍රමවේදයක් ද දහමේ සඳහන්ව ඇත. එය විශේෂයෙන්ම ළඟා වන්නේ
උත්සාහය යන කාරණාව විෂයයෙහිය . එනම්. ආරම්භක ධාතු– යමක් ආරම්භ කිරීමට
නික්ඛම ධාතු – ඉදිරියට කරගෙන යෑමට පරක්කම ධාතු– බාධක මැඬගෙන ඉදිරියට
යෑමට ථාම ධාතු –බලවත් වීර්යයෙන් යුතුව කටයුතු කිරීමට ඨිති ධාතු –
ස්ථාවරව සිටීමේ හැකියාව උපක්කම ධාතු – උපක්‍රමශීලි වීම
යන කරුණු අතිශය වැදගත් වේ. අප සමහර විට යම් ක්‍රියාවක් ආරම්භ කිරීමට
බොහෝ සෙයින් උත්සාහවත් වේ. අපට වැටහෙන අප දන්නා කරුණ නම් යමක් ආරම්භ
කිරීමට ඇති අපහසුතාවයි. එසේ වුවද ඉතා සාර්ථකව ආරම්භ කළ ක්‍රියාවක් වුවද
නිසි ක්‍රමවේද භාවිත නොකිරීම මත විනාශයට හා පරිහානියට ලක් වීමට ඉඩ
ප්‍රස්ථාව වැඩිය. මේ නිසාවෙනි බුදුදහමේ දී ඉහත සඳහන් කළ උත්සාහවත් වීමේ
අවස්ථා රැසක් පෙන්වාදී ඇත්තේ. උත්සාහයකින් තොරව යහපත් ජීවිත ගමනක්
නොමැති බව අප විශේෂයෙන් ම තේරුම් ගත යුතුය. බුදුදහමේ දී යහපත් කටයුතු
සඳහා ද උත්සාහවත් වීමේ අගය නිරන්තර පෙන්වා දී ඇත්තේ මෙකී කරුණ
නිසාවෙනි. මුලින් සඳහන් කළ පරිදි අප වැඩිපුර ම වෙහෙසන්නේ අපගේ භෞතික
පක්ෂය ස්ථාවර කර ගැනීමට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. නමුදු එය
පමණක් නොව මානසික පක්ෂය ද ස්ථාවර කර ගැනීමට වෙහෙසිය යුතුය. මක් නිසාද
?යත් එක් පක්ෂයක් පමණක් දියුණු කර ගැනීම බුදු දහමට අනුව සාර්ථක ජීවිතයක
ලක්ෂණයක් නොවන නිසාවෙනි. මෙකී කාරණාව බුදුහිමියන් ද්විචක්ඛු සූත්‍රයේදී
පෙන්වා දී ඇත. එහිදී අංශ දෙකම සමබරව පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතු
බවයි පෙන්වා දෙන්නේ.
මිනිසත් බව ලැබුවාවූත් විරාගීව හැසිරෙන උතුමන් හැරුණු විට අන් සියලු
දෙනාම සමාජය සමඟ ජීවත් වන්නන්ය. ඔවුන්ට සමාජයෙන් ඈත්ව හුදෙකලා ජීවිත
ගෙවීම සුදුසු වන්නේවත් එසේ කිරීමට හැකිවන්නේවත් නොවේ. බුදුදහම ද විරාගි
දර්ශනයක් මත පදනම් වුවද පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳ ව දක්වා ඇත්තේ
අඩු තක්සේරුවක් නොවේ. මෙලොව දියුණුව සඳහා නම් ආර්ථිකය සාරවත් කර ගත
යුතුය. හොඳ ආර්ථික සමබරතාවයකින් තොරව යහපත් ජීවිතයක් ගත කිරීම උගහටය. ඒ
නිසාවෙන් විවිධ සූත්‍ර දේශනා ඇසුරින් ආර්ථික දියුණුව ළඟා කරගන්නේ කෙසේද
?යන්න දේශිතය. ධනය උපයාගත යුතු අන්දම,උපයාගත් පමණින් සියල්ල සම්පූර්ණ
නොවන බවය. එය පරිභෝජනයේදී අනුගමනය කළ යුතු පිළිවෙත ආදි දෑ බුදු දහමෙන්
පෙන්වා දෙන්නේ ධනය අත්පත් කරගත් පසු අප බොහෝවිට වැරදි මාවත් ඔස්සේ ගමන්
කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති නිසාවෙනි. මෙම කරුණේදී සිඟාලෝවාද සූත්‍රය
අතිශය වැදගත් වන්නේ මෙකී ක්‍රමවේදයන් පිළිබඳ ඉතා සාරගර්භ වූ තොරතුරු
රාශියක් අන්තර්ගත වන බැවිනි. එහි දී මෙලොව දියුණුව උදෙසා අතිශයින්
වැදගත් වන කරුණු 14 ක් පෙන්වා දී ඇත. එනම්.
විශේෂයෙන්ම මෙකී ගුණ ධර්මයන්ගෙන් හීන වීම මත අප නොදැනුවත්වම අපගේ
ආර්ථිකය පරිහානියට යෑම වැළැක්වීම නොහැකිය. එනිසාවෙන් මනා සිහියෙන්
යුතුව මෙකී කාරණා සාධනය කරගැනීමට වෙහෙසිය යුතුවේ. එය සැබැවින්ම භෞතික
අංශයේ ප්‍රගතිය සඳහා ඉවහල් වනු ඇත. ඊට අමතරව අප උපයාගන්නා ධනය දැහැමි
ක්‍රමවලින් උපයාගත යුතු වන අතර ඒවා පරිභෝජනය කිරීමේදී ද ප්‍රවේශම් විය
යුතුය. එහි දී අප කළ යුතු දෑ පිළිබඳ ව අණන සූත්‍රයෙන් හා පත්තකම්ම
සූත්‍රයෙන් පෙන්වා දී ඇත. අණන සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ද ධනය ඉපැයීම
මෙන්ම පරිභෝජනය කළ යුතු අන්දමයි. මෙහි දී පුද්ගලයාගේ පී‍්‍රතියට
හේතුවන්නා වූ කරුණු 04 ක් ඇත. කරුණු තුන මෙලොව ජීවිතයේදී ප්‍රගතිය
කෙරෙහි බලපාන අතර අවසන් කරුණ මෙලොව වශයෙන් පමණක් නොව පරලොව වශයෙන්ද
වැදගත් වේ. මෙකී කරුණු සියල්ලම භාවිතයට ගත් කළ පුද්ගල ප්‍රගතිය උදා
කරගත හැකි බව බුදුදහමෙන් පෙන්වා දී ඇත්තේය. |