UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කර ගනී. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන් ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන්කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කතාවලින් බුදුදහමේ ගමන් මඟ හුදු කල්පිතයක් නොවන බව පැහැදිලියි. සමාජය දුරාචාරය ද ආරම්භ වන්නේ මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්තු අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින් ම ය. එය දුශ්චරිත සමාජයකි. එවිට තිරිසනා මුල්කොට ගෙන බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම, හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.

පිළිතුර – අංගුත්තර නිකාය පෙළ දහමට අනුව මෙම පාඨය ශබ්ද නගා කියවන්න. “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං රත්තඤ්ඤනං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤ” මහණෙනි, යම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේද? චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතුරෙහි මේ අග්‍රවෙයි. බෞද්ධ සාසනික සම්ප්‍රදාය කෙතරම් විනිවිද දක්නා සුළු දැක්මක්ද? මෙ තනතුර සඳහා ප්‍රශ්නාර්ථයක් හෝ අභියෝගයක් වන්න වෙතින් වත් ප්‍රකාශ කළේ නැත. ඊළඟ අවස්ථා දෙක මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තො ඉද්ධි මන්තානං යදිදං මහා මොග්ගලානො මහා ප්‍රඥා වූ (නුවණින් යුතු) ශ්‍රාවකයන් වහන්සේ අතුරෙන් සාරිපුත්ත හිමියන් ද සෘද්ධිමතුන් අතුරෙන් මහා මොග්ගලාන හිමි නම් කෙරෙන් මුහුණ බලා තනතුරු ප්‍රදානය කළ බවට පසුකාලීන ශ්‍රාවකයන් වහන්සේ අතුරෙන් මතවාද ගොඩනැගුණ ද ඒවාට පැවැත්මක් නොලැබුණේ සුදුස්සාට සුදුසු තැන ඔහු විසින් ලබා ගැනීමයි. ප්‍රදානයක් නොව ශක්‍යතාවය මත ලබාගත්තකි.

එහෙත් අගතනතුරු හා උපස්ථායක තනතුරුවලට පිළිවෙළින් සැරියුත්, මුගලන් මහතෙරුන් වහන්සේ හා ආනන්ද හිමියන් ගේ පත්වීම බුදුන් වහන්සේ විසින් ප්‍රදානය කෙරුණකි. චන්න මුල් තනතුරු කෙරෙහි බලවත් විරෝධතාවය ප්‍රකාශ කළේ ය. අභිනිෂ්ක්‍රමණ ගමනෙහි මූලික අනුග්‍රාහකයා මෙන්ම බැරැරුම් වගකීම් ද ඔහු සතුවිය. පිය මහරජාණන් ආදරණීය බිරිඳ හා මාලිගාවෙහි රැකවලුන් සියල්ලන්ගෙන් මේ ගමන පිළිබඳ රහස්‍යභාවය ඔහු විසින් අකුරට ම පිළිපදින ලදී. ඔහු මේ සියල්ල බුදුරජාණන් වහන්සේ වෙත ඉතා යටහත් ව සැල කළේ ය. එපමණක් නොව සමීපත ම හිතවත් සගයාට බුදුහිමියන් හමුවීම පවා චන්නට දුෂ්කර වන බව පැහැදිලි කළේ ය.

සියල්ලටම ඉතා කරුණාවෙන් සවන් දුන් බුදුරජාණන් වහන්සේ චන්න ඉක්මන් නොවන්න. ඔබ මට කළ උපකාර අනන්තය. එහෙත් මම පෙන්වා දුන් මාර්ගයේ මාර්ගඵලයක් වත් ඔබ තවම ලබා නොගත්තෙහි ය. එසේ උත්සාහ නොකොට මෙසේ ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පැවරීම සුදුසු නැති බව දෙතුන් වර පැහැදිලි කළත් බුද්ධ පරිනිර්වාණය තෙක් ම ඔහු මෙල්ල නොවී අවසානය හි දී සංඝ සම්මුතියෙන් “බ්‍රහ්ම දණ්ඩනය (මූලික අයිතිවාසිකම්) තහනම් විය.

මේ කරුණුවලින් පැහැදිලි වන එක් කරුණක් නම් සුදුසුකම හැර හිතවත්කම් හා වෙනත් සමීපතම කරුණු පුද්ගල පැවැත්ම සඳහා බෞද්ධ මාර්ගයෙහි වැදගත් නොවන බවයි. ඒ නිසාම කෙතෙක් ගැටලු ඇති වුවත් බුද්ධකාලය තුළ සංඝ සාමගි‍්‍රය පැවැතීමට එක් සද්ගුණයක් නම් සුදුස්සාට සුදුසු තැන නිරායාසයෙන් ලැබීමයි.

ප්‍රශ්නය - සිඟාලෝවාද (දී.නි. පාඨිල වග්ග) සූත්‍ර පාඨයට අනුව පුරක්ෂිම දිසා මාතාපිතරො නැඟෙනහිර දිසාව (පූර්ව දිසාව පෙරදිග) දෙමව්පියෝ ය. මුළු ලොව (අචේතනික - සචේතනික) පුබුදුවාලන්නේ සූර්යා ය. ඔහු අවස්ථා හතරක දී එනම් අර්තෝදය විම්බෝදය අරුණෝදය - සූර්යෝදය යනුවෙන් තම මෙහෙවර ආරම්භකොට පශ්ච්ක්‍ධිම දිසාවෙන් බැසයයි. පවුල මිනිසා සතු උතුම් ඒකකයයි. එහි දෙමව්පියන් අඹුදරු දැසිදස් ආදී සාමාජිකයෝ බොහෝය.

වර්තමානික විශ්ව සමාජය (ගෝලීයකරණය වූ) තුළ දෙමව්පිය දූදරු අඹු - සැමි සබඳතා විවිධ හේතුමත බාහිර හා අභ්‍යන්තර වශයෙන් පරිවර්තනය විපරිවර්තන වෙමින් විවාහය මුල්කර ගත් පවුල් ඒකක තුළ දෙමව්පිය දූ දරු සබඳතාව අවුලෙන් වියවුලට පත්ව පවුල් ඒකකය තුළ අනාථ මඩම් වැඩිහිටි නිවාස තව තවත් බිහිවනු දක්නට ලැබෙනු ඇත. ඒ අතර වැඩිහිටි දින සති ආදී වශයෙන් දෙමව්පිය දූ දරු සබඳතාව පුනරුත්ථාපනය කරන රාජ්‍ය නොවන සංවිධාන ද අප අතරට පැමිණ ඇති නිසා බෞද්ධ පෙළ දහමට අනුව දේශනා පාඨයන් ඇසුරෙන් දෙමව්පිය දූ දරු සබඳතාවය පැහැදිලි කරන්න.

පිළිතුර – අංගුත්තර නිකායසමචිත්ත වග්ගයේ එන දේශනා පාඨයකි මේ. ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච, මහණෙනි, දෙමව්පිය පෝෂණය ප්‍රමාණයකින් කෙළවර කොට දැක්විය නොහැකියි. යම් කිසිවකු දෙමව්පිය පෝෂණයෙන් ණයෙන් නිදහස්වීමට කැමැතිව, සියවසක් එක් උරහිසක, එකෙන අංසෙන මාතරං, වපරිහරෙය්‍ය, පිතරං පරිහරෙය්‍ය මව ද අනෙක් උරහිසෙහි පියා ද තබා ගනිමින් කිසිවිටකත් බිම නොතබා මළ මුත්‍ර දෙවුරයෙහිම තබා පිරිසුදු කොට සුවඳ ගල්වා නහවා පිරිසුදු කොට බෙහෙත් ගල්වා උණු පැන් සිහිල් පැන් තබා උපස්ථාන කෙරේද? දෙමව්පිය උපකාරයෙහි ප්‍රත්‍යුපකාරයක් නොවන්නේම ය.

බොහෝ සත් රුවන් ඇති මේ මහා පෘථිවියෙහි දෙමව්පියන් සක්විති රජ බවට පත් කළත්, ඉස්සරායි පච්චේ රජ්ජේ පතිට්ඨාපෙය්‍ය - ඇතිණයෙන් දරුවන්ට නිදහස් විය නොහැකිය. තං කිස්ස හේතු බහුකාරා - භික්ඛවෙ - මාතා පිතරො පුත්තානං - අපාදිකා - පොසකා - ඉමස්ස ලොකස්ස දස්සේතාරො එයට හේතු කවරේද? දෙමව්පියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ.

එසේ නම් දෙමව්පියන් උදෙසා කළ යුත්තේ කුමක්ද? බුදුරදුන් වදාළේ ඵත්තාවතා බෝ භික්ඛවේ මාතා පිතුන්නං කතංච හොති – පතිකතංච හොති – අති කතඤ්චාති මෙතකින් මවුපියනට උපකාර කරන ලද්දේත් ප්‍රත්‍යුපකාර කරන ලද්දේත් අධික උපකාර කරන ලද්දේත් වෙයි. ඒ සඳහා කළ යුතු වන්නේ,

1. ශ්‍රද්ධා නැති දෙමව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවාලීම.
2. දුසිල්වත්හු සීලයෙහි පිහිටුවාලීම.
3. මසුරු වූ දෙමව්පියන් ත්‍යාග සම්පතෙහි පිහිටුවීම.
4. අනුවණයන් ප්‍රඥාවෙහි පිහිටුවීම.

දූ දරු දෙමව්පිය සහභාගිත්වය පිළිබඳව සිඟාලෝවාද, මහා මංගල, පරාභව, වසළ ආදී සූත්‍රගත දේශනා නිවස තුළ භාවිතයෙන් ඈත්වීම හේතුවෙන් ඒ හිදැස සඳහා පැමිණෙන්නේ විනාශකාරී දූ පුතුන් පරපුරකි. ගෙදර වැනසී යද්දී, දෙමව්පියන් දූ දරුවන් ද වැනසී යයි.

ප්‍රශ්නය – බුදු දහමට පුද්ගල ජීවිත අවනතියට හෝ උන්නතියට අදාළ වන්නා වූ කරුණු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සමූහයාට බොහෝ ස්ථානවල දී විවිධ චර්යා (හැසිරීම්) ඇති පුද්ගලයනට දේශනා කොට ඇත. අං.නි. තික නිපාතයෙහි බාල වග්ගයේ එන කරුණු සමාලෝචනයක් කරන්න.

පිළිතුර – කරුණු තුනකින් පුද්ගලයාට පිරිහීමට පා තබන්නේ ය.

1. අච්චයං අච්චයතො න පස්සති, තම වරද වරදක් සේ දකින්නට හැකියාවක් නැත.

2. යථා ධම්මං පටිකරොති, වැර දැකීමෙන් පිළියම් කිරීමකින් නිදෙස් වීමට ද උත්සාහයක් නැත.

3. පරස්ස බොපන අච්චයං දොසෙන්තස්ස යථා ධම්මං න පතිගණ්හාති – වරද පෙන්වාදෙන අනෙකකු ගේ උපදෙස් පිළිනොගෙන ඔහු විසින් ම පිරිහීමට පත්වෙයි. උන්නතිකාමී පුද්ගලයා ධර්ම තුනකින් යුක්ත වූයේ නුවණැතිව,

1. වරද වරදක් වශයෙන් දැනගනී. අච්චයං අච්චයතො පස්සති.
2. වරද වරදක් බව දැන දහම් නය අනුව නිවැරැදි කර ගනී.
3. වරද පෙන්වා දෙන අන්‍යයාගේ අදහසට ගරු කරයි.

ප්‍රශ්නය – බුදු දහමට අනුව දුක, සැප, හොඳ, නරක, කුසල්, අකුසල්, දුගති, සුගති මේ දෙකරුණු පොදු ජන දිවිපෙවෙතට බෙහෙවින් සමීපය. අයහපතින් යහපතට යොමුවීම සඳහා පැරැන්නෝ පෙරහර විහාර බිතුසිතුවම් ආදී උපයෝගී කරගනිති. දෑස් හා දෙනෙත් (ශ්‍රව්‍ය හා දෘෂ්‍ය) මාධ්‍ය මඟින් සද්ගුණවත් දිවි පෙවෙතට නැඹුරු විය. බෝසත් සිරිත ජාතක පොත ඇසුරෙන් ඔවුහු අධ්‍යයනය කළහ. පෙළ දහමෙහි ද මෙම සුගති දුගති ක්‍රියා දාමයන් වෙන්කොට හඳුනාගත හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර – (අං.නි. කොඩවග්ග) ඇතැම් පුද්ගලයෙක් දහම් කරුණු යුගලකින් සුගති ගාමී වන අතර තවත් අයෙක් එම කරුණු ම ප්‍රතිවිරෝධී දහමක් වශයෙන් ගෙන අපාය ගාමී වෙයි. දුක හා සැප සඳහා ද මෙම දහම් යුගලයන් උපයුක්ත වී ඇත. ද්වීහි භික්ඛවෙ, සමන්නාගතො ඉධෙ කච්චෙ කායස්ස භේද, පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති, ඉධෙකච්චේ අපායංනිරයං උප්පජ්ජති ද්විහි ධම්මෙහි සමන්නාගතො දුක්ඛං විහරති - සුඛං විහරති. කවර දෙදෙනෙක්ද?

1. අක්කෝධෙන - ක්‍රෝධ නොකිරීමෙන්,
2. උපනාහනෙච – බද්ධ වෛරයෙන් වෙන්වීමෙන්
3. අමක්ඛයෙන මසුරුකමින් තොරව
4. අපලාසෙන – අපලාස්යෙන් තොරව

හිරි – වරදට ලැජ්ජාවෙන් වැළක ඔතප්ප – වරදට බියෙන් වැළක මේ සියලු යුග්මයන් පුද්ගල යහපත සඳහා ය. මෙම යුගලයන්ට

1. ක්‍රෝධය ඉස්සාය
2. උපනාහය මච්චරිය
3. මක්ඛෙන අහිරික
4. පලා සෙන අනොතප්ප

දුර්ගුණයන් වශයෙන් පුද්ගලයා අවනතියට යොමු වේ.

 

 දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 13 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 02.17 ට ලබයි. 14 වැනි දා බදාදා පූර්වභාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 13 වැනි දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය
ජනවාරි 20 වැනි දා අඟහරුවාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]