ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන්. සියලු
සත්ත්වයන්ට ආහාරය අවශ්‍ය බවයි එයින් පැවසෙන්නේ. සාමණේර ප්‍රශ්නය යන
මාතෘකාව යටතේ ඉගැන්වෙන ප්‍රශ්න රැසකට පිළිතුරු ඉදිරිපත් කෙරෙන
ඉගැන්වීමෙහිදී අංක 01 යන්න කුමක්දැයි විමසූ විට ‘ඒකනාමකි යනුවෙන් විමසන
විටම සියලුම සත්ත්වයන්ට ආහාරය අවශ්‍යයි යන්න මෙහිදී දක්වා තිබෙනවා
මිනිසාගේ ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය ආහාරය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ
විසින් කරනු ලැබූ දේශනාව කුමක්ද? යන්න සමාජයට පැන නැඟෙන ප්‍රශ්නයක්
වන්නට පුළුවන්. බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’
යනුවෙන්. සියලු සත්ත්වයන්ට ආහාරය අවශ්‍ය බවයි එයින් පැවසෙන්නේ. සාමණේර
ප්‍රශ්නය යන මාතෘකාව යටතේ ඉගැන්වෙන ප්‍රශ්න රැසකට පිළිතුරු ඉදිරිපත්
කෙරෙන ඉගැන්වීමෙහිදී අංක 01 යන්න කුමක්දැයි විමසූ විට ‘ඒකනාමකි යනුවෙන්
විමසන විටම සියලුම සත්ත්වයන්ට ආහාරය අවශ්‍යයි යන්න මෙහිදී දක්වා
තිබෙනවා.
යම් පුද්ගලයෙකුට කොයිතරම් පිනක් කුසලයක් තිබුණත් අකුසලයක් තිබුණත්,
පිරිසුදු වාතය තිබුණත්, කොපමණ වත් පොහොසත්කම් තිබුණත් අවුරුදු 120 ක
දීර්ඝායුෂ තිබුණද ආහාරය නැත්නම් උපරිම වශයෙන් සතියක් අපට ජීවත්වීමට
හැකියි. වර්තමාන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා කෘත්‍රිම ක්‍රම මඟින්
තව ටික කාලයක් ජීවිතය රඳා පවත්වා ගැනීමට පුළුවන් වේවි. ඉන් එහාට
දිවියක් ගැන අපට සිතන්නට බැහැ. අප මෙහිදී ආහාර ලෙස සලකන්නේ මනෝ
සංචේතනික ආහාර නොව කබලිංකාර ආහාර ලෙසින් සලකනු ලබන බත්, මාලු පිණි,
ව්‍යාංජන ආදියයි.
බුද්ධ දේශනාවේ පැහැදිලිව සඳහන් වන්නේ සියල්ලටම පෙර අප ජීවත් විය යුතු
බවයි. බුදුදහමේ පදනම වන්නේ මිනිසා සිල් රැකීමට ජීවත් විය යුතු බවයි.
භාවනා කිරීමට ජීවත් විය යුතු බවයි. දන් පින් කිරීමටත් අප ජීවත් විය
යුතු වනවා. පවුල් පන්සල් රකින්නත් අප ජීවත් විය යුතු බවයි. නිවන්
දකින්නත් අප ජීවත් විය යුතු බවයි, බුදු දහමේ පැහැදිලිව දැක්වෙන්නේ.
සැම විටම බුදු දහම ජීවත්වීමේ සිටයි සියල්ල දෙස බලා ඇත්තේ. ආදිතම සමයේ
සිට කුරු ධර්ම ලෙස හැඳින්වුණු පංච ශීලය බුදුරජාණන් වහන්සේ නිත්‍ය
ශීලයක් ලෙසින් අපට ගෙන හැර දැක්වූවා. බුදුන් , දහම් හා සඟුන් සරණ යමින්
තිසරණ සරණ යාමත්, ඒ සමඟම පංචශීලය සමාදන් වීමත් බුදුදහමේ දැක්වෙනවා.පංච
ශීලය යන්න අලුත් දෙයක් නොව සමාජයේ තිබුණු ධර්මතාවයක්, එය බුදුරජාණන්
වහන්සේ විසින් ජනතාවට අර්ථානුකූලව පෙන්වා දීමයි සිදු කරනු ලැබුවේ.
පංච ශීලයේ විශේෂිතම දේ වන්නේ කිසිදු අයකුට පංච ශීලය නිසා මරණයට පත්වීමට
අයිතියක් හෝ හිමිකමක් නොමැති වීමයි. පන්සිල් රකින්න ගිහින් කිසියම්
අයකු මිය ගිය බවට දෝෂාරෝපණයක් බුදුදහමට එන්නේ නැහැ. බුදු දහම නිසි
පරිදි අවබෝධ කරගත් අයෙකුට මේ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. එම
නිසා ප්‍රාණඝාතය සිදු නොකළ නිසා යම් අයෙක් මිය ගියා යැයි චෝදනා කිරීමට
බැහැ. සොරකම් නොකළ නිසා අසවල් පුද්ගලයා මිය ගියා යැයි කිසිවකුට චෝදනා
කරන්න බැහැ. මේ ආකාරයට සුරාව පානය නොකළ නිසා යම් අයෙකු මිය ගියා යැයි
කියන්න බැහැ.
ප්‍රාණඝාතය නොකොට එම තැනැත්තා තම ජීවිතය පරිත්‍යාග කෙළේ නම් එතැන ඇත්තේ
දානයයි. තම දිවිය පරිත්‍යාග කරමින් දන් දෙමින් එම තැනැත්තා කටයුතු කළ
බවයි එයින් පැහැදිලි වන්නේ. සොරකම් නොකොට යම් අයකු මිය ගියහොත් එතැන
ඇත්තේ සීලයයි. මෙසේ රකිනු ලබන ප්‍රතිපත්තිය නිවට නියාලූ තත්වයක් නොවන
බවද අප තේරුම් ගත යුතු වනවා. එහිදී සිදු කරන්නේ, සිදු වන්නේ තවත්
අයකුගේ ජීවිතය රැක දීමකටත් වඩා උතුම් වූ ධර්මතාවයක් කරා එළැඹීමක්, බුදු
පදවිය උදෙසා පිළිවෙත් පිරීමක්, පසේ බුදු පදවිය උදෙසා පිළිවෙත් පිරීමක්
නැත්නම් අර්හත් පදවිය උදෙසා පිළිවෙත් පිරීමක්. සස ජාතකයේ හාවා තම
ජීවිතය අත හරින්නේ ප්‍රාණඝාතයට නොවේ. එතැන ඇත්තේ පරිත්‍යාගයයි.
පංච දුෂ්චරිතයෙන් මිදී සිටින්නට පුද්ගලයකුට මහා වීර්යයක් දැරිය යුතු
වනවා. ඉවසීමක් නැතිව ඒ කටයුත්තට එළැඹෙන්නෙ නැහැ. පංච දුෂ්චරිතය නොකර
මිය ගියත් ඒ තැනැත්තා මහා විර්යයක් දරන ලද පුද්ගලයෙක්. දස පාරමිතා
පූර්ණයන් අපට උගන්වනවා. තත්ත්පරයක් හරි ජීවිතය රඳා පවත්වා ගැනීමටයි
බුදු දහම උගන්වන්නේ. එහෙත් ඒ ජීවත් වන ලෙස දක්වා ඇත්තේ අධාර්මිකව නොව
ධාර්මිකවයි.
බුදුදහමේ
‘සුජීවං අහිරි කේරේන
කාක සුරේන ධංසිනා
හංවඩු ගැසූ ගවයාගේ පිටේ වසා එම තුවාලයේ මස් එළියට අදිමින් ආහාරයට ගන්නා
කපුටා සේ ජීවත් නොවිය යුතු බවයි බුදු දහමේ දැක්වෙන්නේ. සොරකම් කර ආහාරය
සපයා ගෙන ආහාර ගන්නවාට වඩා තමන්ගේ අතුණුබහන් ආදිය ඇදගෙන ආහාරයට ගැනීම
වඩා හොඳ බවයි බුදුදහමේ දැක්වෙන්නේ. තත්ත්පරයක් හෝ ජීවත්වීම මෙසේ අගය කර
ඇත්තා සේම මේ ශීලය රැකීමට ගොස් ජීවිතයට හානි වීමද බුදු දහම අනුමත
කරන්නේ නැහැ.
පංචශීලයේ සඳහන් සිල් පද රකිමින් තෙරුවන් සරණ යන පුද්ගලයා එදිනෙදා
තමන්ගේ ජීවිකාවට සිල් පද බාධා කරගත යුතු නැහැ. එයයි බුදු දහමේ නියම හරය
වන්නේ. බුදු දහම අනුදැන වදාළ ජීවිකාවන් ගැනද මෙහිදී අප සිත්හි තබා ගත
යුතු වනවා. අන් සතු දේ නොගැනීමෙන් ඒ සිල්පදයට වටිනාකමක් ලබා දෙන්නා සේ,
පර පණ නොනැසීමෙන් ඒ සිල්පදයට වටිනාකමක් ලබා දෙන්නා සේ, රහ මෙර
භාවිතයෙන් වැළකීමෙන් එම සිල් පදයට වටිනාකමක් ලබා දෙන්නා සේ තමන්ගේ
පැවැත්මට මේ සිල් පද බාධා නොකර දිවි පැවැත්ම සකස් කර ගෙන ජීවත්වීමයි
බුදුදහම අනුමත කර ඇත්තේ. තමන් දන්නා එකම වෘත්තිය කෘෂිකර්මය නම්
ගොවිතැන් බත් කිරීමෙන් ගැඩවිලුන් වැනි සතුන් කැපී මිය යනු ඇතැයි
සිතමින් එයින් වැළකි සිටීම හෝ මීයන් වැනි සතුන් විනාශ වනවා යැයි
සිතමින් හෝ තම කර්මාන්තය අත් හැරීම බුදු දහම අනුමත කරන්නේ නැහැ.
තෙරුවන් සරණ ගියා යැයි කියමින් තම ස්වාමි පුරුෂයා දූ දරුවන් ආහාරයට
ගන්නා මස් මාංශ නොපිස නිවසේ ප්‍රශ්න ඇති කර ගන්නවාද? යන්න ගැන අප
අවබෝධමත්ව කටයුතු කළ යුතු වෙනවා. බුදු දහම මැද මාවතේ ගමන් කළ යුතු
දර්ශනයක් නැත්නම් මධ්‍යස්ථව කටයුතු කරන ලෙස දක්වා ඇති දර්ශනයක්. එය
ධර්මයේ පැහැදිලිව දැක්වෙන්නේ උපේක්ඛා යනුවෙන් . උපේක්ඛා යනුවෙන් භාගයක්
සතුන්ට ආදරේ යැයි වැරැදි මතයක නොසිටිය යුතු වනවා. නිවසේ ඇති දැඩි කරනු
ලබන සුනඛයන්ට, බළලුන්ට ආදරෙයි. නමුත් බාහිරින් මස්, මාංශ ගෙනවිත් අනුභව
කරනවා යන්න හෝ ස්වාමියාට හෝ දරුවන්ට අවශ්‍ය මස් මාංශ හෝ ඉඳ හිට සකස්
කරදීම හෝ නොවෙයි. සෑම දෙයකම ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් බෞද්ධයකු
කෙසේද, මේ උපේක්ඛා සහගතව සෑම කාර්යයකම නිරත වන්නේ. මැද මාවතේ ගමන්
කරන්නේ. මේ සම්බන්ධව ලබන සතියේ සාකච්ඡා කරමු.
සාකච්ඡා කළේ -
තාරක වික්‍රමසේකර |