UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට ගොස් විශේෂ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි මහා විහාරය වෙත ද ගොස් ජනාධිපතිතුමා අස්ගිරි මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් වහන්සේ බැහැදැක සුවදුක් විමසූහ. ඡායාරූප- චන්දන පෙරේරා

දෙමහල් පොදු විශ්‍රාම ශාලාව විවෘත වෙයි

උරුමයක උල්පත් පදනමේ මෙහෙයවීමෙන් තිරියාය, ගිරිහඬු සෑය පුද බිම ඉදිකරන ලද දෙමහල් විශ්‍රාම ශාලාව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය. ත්‍රස්තවාදී ගැටුම් හෙයින් දශක කිහිපයක් ජන අවධානයෙන් ගිළිහුණ එම පින් බිම යළිත් බොදුනුවන්ගේ අවධානයට ලක් වෙමින් තිබේ. නිතිපතා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුව වෙනුවෙන් එම ශාලාව ඉදිකර ඇත.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10 වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]