අනුරාධපුර
රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
ආර්ය අෂ්ටාංගික මාර්ගය පැවිද්දන් මෙන්ම ගිහියන් සඳහාද දේශනා කරන ලද්දක්
නම් ගිහියකුව සිට ආර්ය මාර්ගයෙහි ගමන් කළ හැකි නම් අර්හත්වය පවා
ගිහිවසිට ලැබූවාහු සිටිත්නම් කම්සැප විඳිමින් ගිහි ගෙදර නො සිට
පැවිදිවන්නේ කුමකට දැයි ගැටලුවක් මතුවෙයි. කාමභෝගී ජීවිතය අතහැර
පැවිදිවීමේ අදහස සාමඤ්ඤඵල සූත්‍රය මෙන්ම වෙනත් සූත්‍ර රාශියකදීම විස්තර
කියවන්නට ලැබෙයි. මෙම ගැටලුව නිරවුල් කරගැනීම සඳහා සරල පිළිතුරක්
දෙන්න.
පිළිතුර
මේ සඳහා ධර්මානුකූල විවරණයකට වඩා ගැටලුව යොමුකොට ඇති පිරිස් ශ්‍රාවක
පිරිසක් නොව පාඨක පිරිසක් නිසා ඉතාමත් සංක්‍ෂිප්ත සරල පිළිතුරක්දිය
යුතුය. 1989 දිනමිණ වෙසක් කලාපයෙහි බුදුසමයයි. අපරාධ විද්‍යාවයි ‘තේමාව
යටතේ දිවංගත මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පළකරන ලද ලිපියකින්
පිළිතුර සටහන් කරමි.
ලංකාවේ අපරාධ විද්‍යාව දියුණු කිරීමට බුදු දහමින් ලැබෙන ආධාරය ගැන අප
කල්පනා කළ යුතුය.අපරාධ නීති පිළිබඳව සමාජ විද්‍යාත්මක වර්ධනය වටහා
ගැනීමට මෙන්ම අපරාධයට මුල්වූ සංකීර්ණ හේතු හඳුනාගැනීමටද අපරාධ
අඩුකිරීමට ගත යුතු පියවර වටහාගැනීමටද බුදුදහම අපට විශාල ඥානසම්භාරයක්
සපයයි. මෙතනදි පළමුවෙන්ම බුදු දහමේ එන නීතිරීති අප විසින් හැදෑරිය
යුතුය.මේවා විනය නීති නමින් “සංඝ’ සමාජය උදෙසා පනවා ඇත. මීට අමතරව
‘ගිහි’ නීතිය (ගිහි විනය) නමින් හැඳින්වෙන සූත්‍රාගත කොටස්ද දක්නට
ලැබේ. විනය නීති පනවා ඇත්තේ එක්තරා දර්ශනයක පිහිටමිනි. මේ දර්ශනය
මධ්‍යම ප්‍රතිපදාවෙන් නියෝජනය වෙයි. සීල සමාධි ප්‍රඥා යන මූලික අංග මත
පිහිටි මධ්‍යම ප්‍රතිපදාව නිවන කරා අප ගෙන යන ඒකායන මාර්ගයයි. ගිහි
වුවත්, පැවිදි වුවත,් නිවනට යන්නට අප කාහට වත් මධ්‍යම ප්‍රතිපදාව හැර
වෙනත් මගක් නැත. අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි ජීවිතයට ගිය හොත් මේ
මාර්ගයෙහි පිහිට ලබා ඉක්මනින් නිවන කරා ගමන් කළ හැකිය. එයද පැවිදි වත
නිවැරදිව රැක ගතහොත් පමණි. ගිහියනට ද ඒ ගිහිවත පිළිවෙතින් නිවනට ළඟාවිය
හැකිය. නමුත් මහ දුරු කතරක් ගෙවා යායුතුය. එකම පුද්ගලයෙකුගේ පිළිවෙත
අනුව ගිහි හෝ පැවිදි වනු ඇත. අනගාරික බවින් පැවිදි වතට පිළිපන්
තැනැත්තා සීල සමාධි ප්‍රඥා වඩා පරමාර්ථ සාධනය ‘කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භ සෙය්‍යං’ යනුවෙන් කරණීය සූත්‍රයෙන් වදාළ පරිදි
සිදුකරගනියි. ඒමගට කොතනකදී හෝ ඇතුළුවීමට ගිහියාට බාධාවක් නැත.
ප්‍රශ්නය
බුදුන් වහන්සේ සංඝ සමාජය පිහිටුවීමෙහිදී කාලීන වෙනස්කම්වලට එකඟවද මහජන
මතය සලකාගෙනද විනය නීති රීති වරින් වර වෙනස් කිරීම් සකස්කිරීම්
අලුත්කිරීම් ආදිය කිරීමෙන් අත්තනෝමතික ඒකාධිකාරි පාලන තන්ත්‍රයක්
බිහිකිරීම උන්වහන්සේගේ අභිමතය නොවීය.මේ පිළිබඳව පැහැදිලි කිරීමක්
කරන්න.
පිළිතුර
සංඝ පාලන තන්ත්‍රයේ පදනම භික්‍ෂුවිනය නීති සමූහයයි. ඒ අනුව උන්වහන්සේ
භික්‍ෂු විනයනීතිරීති පණවන ලද්දේ කරුණු දහයක් පදනම් කරගෙනයි.
සංඝයාගේ යහපත් පැවැත්ම
පහසුව
නොදැමුණු පුද්ගල දමනය කිරීම
සංඝයාගේ පහසු විහරණ
කෙලෙස් ආශ්‍රවයන්ගෙන් මිදීම
පාරලෞකික ආශ්‍රවයන්ගෙන් මිදීම
නොපැහැදුනවුන්ගේ පැහැදීම්
පැහැදුනවුන්ගේ පැහැදීම වැඩිවීම
ශ්‍රී සද්ධර්මයෙහි චිර ජීවනය
භික්‍ෂූ සංවරය ඇතිකරලීම
භික්‍ෂු සමාජයෙහි නායකත්වය පිළිබඳ ස්වරූපයද බුදුරජාණන් වහන්සේ විසින්
නම්‍යශීලි වූහ. ආනන්දය මම භික්‍ෂූන් පාලනය කරන්නෙමි ඔවුන් මා උදෙසා විය
යුතුය යන අදහසක්. ‘තථාගතස්ස ඛො ආනන්ද, ඒ න එවං හොති..අහං භික්ඛු සංඝං
පරිහරිස්සාමිත් වා මමුද්දෙසි කො භික්ඛු සං සොති වා (දි.නි.
මහාපරිනිබ්බාන සූත්‍රය 158 පිටුව) උන්වහන්සේ තුළ නොතිබූ බව
පැහැදිලිවෙයි. තමන් වහන්සේගේ ඇවෑමෙන් සංඝ සමාජයේ නායකත්වයට බුදු
හිමියන් කිසිවෙකු පත්කර නැති බව ආනන්දහිමියෝ වස්සකාර බමුණාට ප්‍රකාශ
කළහ. නායකත්වයත් පුද්ගලාභිවාදනයත් සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කළ
බුදුරජාණන් වහන්සේ අන් අයගේ පිළසරණ නොසොයා තමන් පිහිට කොටගෙන ජීවත්වන
ලෙස ‘අත්තදිපා විහරථ අත්ත සරණා අනඤ්ඤසරණා ධම්මදීපා ධම්ම සරණා අනඤ්ඤ
සරණා ශ්‍රාවකයනට අවවාද කළහ.
ප්‍රශ්නය
බුදුදහමට අනුව ගිහිපැවිදි සම්බන්ධතාවය අයිතිවාසිකම් හා යුතුකම් මෙන්ම
වගකීම් තුළද ජනිතවන සම්බන්ධතාවයක් දක්නට ලැබේ. බුද්ධදේශනා ඇසුරුකරමින්
පැහැදිලි කරන්න.
පිළිතුර
සිගාලෝවාද සූත්‍රයෙහි එන දිසා නමස්කාරයෙහිද ගිහි පැවිදි සම්බන්ධය
ගිහියාගේද පැවිද්දාගේද අංශ දෙකක් නිරූපණය කරයි. එයින් එකක් පැවිදි
පක්‍ෂය පෝෂණය කිරීම හා ආරක්‍ෂාකිරීමත් ගිහියාගේ සමාජ ශුභසාධනය මෙන්ම
සද්ගුණවත්භාවයද ඇතිකිරීම දෙවැන්නයි. ගිහියාට භික්‍ෂූන් වහන්සේ නොපෙනෙන
දෙවියෙකු හා තමන් අතර සම්බන්ධය ඇතිකරණ පූජකයෙකු නොවේ. පින් කරගැනීම
සඳහා බිජුවට වැපිරීමට පුණ්‍ය ක්‍ෂේත්‍රයකි. (පුඤ්ඤඛෙත්තං අනුත්තරං)
විමුක්තිය සඳහා යන ගමනේදි ලෞකික වූ ජීවිතයේ අනන්ත දුක්කරදර ලිහිල්කර
සැප පහසු ජීවිත ගත කිරීමේ අවස්ථාව ගත කිරීම සඳහා පින් අවශ්‍ය වේ.
(පුබ්බේච කතපුඤ්ඤාතා) ස්වකීය වූ ආධ්‍යාත්මික දියුණුව උත්තම හැසිරීම
(සදාර බ්‍රහ්මචරිය) හේතු කොටගෙන භික්‍ෂූන් වහන්සේ ගිහියාට පින්
රැස්කරගැනීමට අවස්ථාව සලසා දෙයි. ඒ නිසා භික්‍ෂුව උතුම් පින් කෙතක්
වේ.අනික් අතින් විමුක්ති මාර්ගය පැහැදිලි කර දීමෙන් එමග යාමට දිරි
ගැන්වීමෙන් අවවාද අනුශාසනා මගින් ගිහියාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහාද
මාර්ගෝපදේශකත්වය දරති. මේ නිසා භික්‍ෂුන්ට සැලකීමෙහි ගිහියා
අනිවාර්යයෙන්ම බැඳී සිටී. ගිහි සාමිචි පටිපදා සූත්‍රයෙහි කියවෙන පරිදි
පැවිද්දාට සිවුපසයෙන් පිදීම ගිහියාගේ යුතුකමකි. බෞද්ධ සද්පුරුෂ සංකල්පය
අනුව සද්පුරුෂයාගේ එක් වගකීමකි. භික්‍ෂූන්ට කරන සංග්‍රහයන් නිසා
භික්‍ෂුන්ද නිරතුරුව ගිහියා හා බැඳී සිටී. පළමු රහතන් වහන්සේ සැටනම
අරභයා අනුශාසනා කෙරුනේ බහුජන හිත සුව සඳහා ලෝකනුකම්පාවෙන් ගම්දනව්
සැරිසරන ලෙසය. |