දිවිගමනට
නිසි රැකවරණය
වේවැල්දෙණියේ පහළගම
සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
පොල්ගහවෙල මිතභාණි හිමි
උපන් සත්ත්වයෝ සැමදා ජීවත්වීමට උත්සාහවත් වෙයි. ඒ සඳහා විවිධ ක්‍රම
උපායන් යොදා ගනියි. ලෞකික ජීවිතයේ ස්වභාවය එසේ වන්නේය, ආරක්ෂාව සඳහා
නිවසක් තනා ගනියි. මෙම පරිවර්තනය සිදු වූයේ රස තෘෂ්ණාව නිසාවෙනි.
ආභස්සර බ්‍රහ්මනිකායයෙන් සැව මිනිස් බවට පැමිණියේ වෙයි. එම සත්ත්වයෝ
පී‍්‍රතියම ආහාර කොට වෙසෙත්. පසුව රස පොළොවට ගිජුව, කෑදරව කාමාදී ගිනි
වැඩිවීමෙන් කුසලයෙන් පිරිහුනාය. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ඇති කරගත්තාහ.
වෙන්ව වාසය කිරීමටත්, ඔවුනොවුන්ගේ ආරක්ෂාව සඳහා නිවෙස් තනාගත්තාහ.
වත්මන් සමාජය තුළ වැටකම්බි තනා තාප්පවලින් වට කර රැකවරණයත් සලසා ගෙන
ඇත. සතුරන්ගෙන් බේරීමට සුනඛයන්ද නිවෙස්වල ඇති කරනු ලැබේ.
ජීවිත රක්ෂණය, ගිනිරක්ෂණය, දේපළ රක්ෂණය, ආදි විවිධ රක්ෂණ ක්‍රම
භාවිතාකොට ස්ථිර සාරවූ ජීවිතයක් ගත කිරීමට උත්සාහවත් වෙයි. තමා සතු
රථවාහනද රක්ෂණය කර ගනියි. ශරීරයේ විවිධ අංග පවා රක්ෂණය කරත්.
කර්මාන්තයන් සඳහාද නොයෙක් නයින් රක්ෂණ ක්‍රම යොදා ගනී. ගොඩබිම සාගරය,
ගුවන්ගමන් සඳහාද ආරක්ෂාව සලසා ගනු ලැබේ. එහෙත් මෙම සර්ව රැකවරණයන්
තාවකාලික වනු ඇත. යම් හෝ යාන්ත්‍රික දෝෂයක් මුල්කොට සියල්ලම විනාශ වී
මරණය ද පැමිණෙන්නේය. කොතෙක් භෞතික දියුණුවක් ලැබුවත් සිදුවෙන හානි
ප්‍රමාණය දිනෙන්දින වැඩිවන්නේය. දේශ සීමා අරගල බහුලවීමෙන් පාරිසරික
අර්බුද තත්ත්වයන්ද පැන නැගී ඇත. තෟෂ්ණා , දෘෂ්ටි මාන ආදි කෙලෙස්
(ප්‍රපංච) වර්ධනය වීමෙන්, මිනිසා නසන ක්‍රමවේද තාක්ෂණය හරහා නිෂ්පාදනය
කොට ඇත. ඒ සැම දෙයක්ම සමස්ත ලෝකයාගේ රක්ෂණයට වඩා ආකර්ෂණයට හේතු සාධක වී
ඇත.
සාර ධර්ම මිනිසාගෛන් දුරස්ථ වී තරගකාරි ලෝකය හරහා අගුණ , දුෂ්චරිත ,
වැඩි වී ශීඝ්‍ර පිරිහීමට ලෝකයා ගමන් කරනු ඇත. එහි අවසාන ප්‍රතිඵලය
වන්යේ සුගතිගාමී රැකවරණයක් අහිමි වී සතර අපාය වූ අනාරක්ෂිත දුක්ඛිත
ප්‍රපාතයට වැටීමයි. එහි උපන් සත්ත්වයන්ට නැවත සුගතිලෝකය වෙත පැමිණීම
කවදා සිදුවන්නේද? රාග,ද්වේෂ, මෝහ විෂ වැඩිවීමෙන් සිදුවෙන විනාශය කොතරම්
බියකරුද? සමස්ත රැකවරණය සිඳ දමා අනාරක්ෂිත වූ තීව්‍ර වූ දුක් විඳින සතර
අපායටම වැටී අනන්ත දුක් විඳීමට සිදු වන්නේය.
සත්ත්වයාගේ සුඛ විහරණය, ආරක්ෂාව නසා ජරා, ව්‍යාධී, මරණය නමැති කිසිදු
පිහිටක් නැති සතර අපායට ඇද වැටෙන්නේ ලෝභ,දේව්ශ,මෝහ නමැති අකුසල මූලයන්
නිසාවෙනි. මිනිස් සිතෙහි මෙම විෂ නමැති හුල් වර්ධනය කරන තාක් සදාතනික
සැපය ආරක්ෂාව ලෝකයාට අහිමි වන්නේය.
අකුසල මූලයන්ගේ ආදීනවය මෙසේ වටහා ගනිමු. සසර බිය උපදවා ගැනීමට ඔබට
එයින් හැකියාව සලසා ගැනීමට සැලසේවා මෙන්ම සංවේගයද උපදවා කුසල් සිත්
දියුණූ කිරීමට මඟ සැලසෙන්නේය. පසේනදී කොසොල් රජතුමා බොහෝ ඉසුරු විඳ,
කම් සැපයේ ගිජුව වෙසේ. දිනක් සැරැසී ඇතැකු පිට පෙරහරින් නුවර පැදකුණුව
ගමන් කරන විට,උඩුමහලේ සිට පෙරහර නරඹමින් සිටි රුවින් පිරි කාන්තාවක්
දැක්කේය. ඇය හා සමඟ කම් සැප විඳුමෙහි රිසි ඇති විය. ඇමැතියකු ලවා
සැමියෙකු ඇත්තියක්ද යන්න රහසේ විමසා බැලුවේය. තොරතුරු පරික්ෂා කිරීමෙන්
සැමියෙකු ඇති බව දැන ගත්තේය. සැමියා වරදක බැඳ ගනු සඳහා උපක්‍රමයක්
යෙදුවාය.
සැමියා කැඳවා මෙසේ අණ කළෝය. සතර ගවුවකින් එහා ගංතෙරට ගොස් සවස මා නහන
(දිය කිස කරන වේලෙහි) ස්ථානයට “කඩුපුල්මල් සහ අරුණුවන් මැට්” ගෙන එවයි
කීවේය. රජ අණ නිසා මේ තැනැත්තා බියට පත් විය. සිය නිවසට ගොස් තම බිරිඳට
මේ බව පවසා බත්මුලක් රැගෙන මඟට බැස්සේය. නොඉඳුල් බත් මුලෙන් දුප්පත්
මඟියෙකුට ආහාර දී, තමාද ස්වල්පයක් අනුභව කොට, ඉතිරි ටික මසුන්ට දී මෙසේ
අයදීය.
මේ ගඟ ඇසුරුකොට වෙසෙන දෙවියනි! මම දුප්පත් මගියෙකුට දන් දුනිමි. දිය
මසුන්ට බත් දුන්නෙමි. ඒ පිනෙන් රජ අණින් මැ රැඳව මැනවි. ජිවිතය දෙනු
මැනවි. ඒ ගඟ ඇසුරු කොට ඇති නා රජු මහත් වූ කුලුණෙන් යුතුව මිනිස්
වෙසෙකින් පැමිණ කඩුපුල් මල සහ අරුණුවන් මැට් දී ඔහු සැනසුවෝය. ඔහුගේ
බිය දුරු කරවුයේය. වහා ඒ සැම රැගෙන නුවරට යන විට වාසල දොර වසා තිබිණ.
වාසල් දොර මත්තෙහි සියල්ල තබා වෙහෙරට ගොස් නිදා ගත්තේය.
කොසොල් රජතුමාද කම් සැපයෙහි ගිජුව රාත්‍රි නොනිදා කාම විතර්ක සිතමින්
පසුවන විට මැදියම් රැයෙහි දු, ස,න,සෝ යන සිවු අකුරු ශබ්දයක් දෙසවනට
ඇසුනේය. එයින් රජතුමා තැති ගත්තේය.බියට පත් වූයේය. අලුයම වෙහෙරට ගොස්
මෙම ශබ්දය තමාට හෝ රටට විපතක් වන්නේ දැයි විමසුවේය. තථාගතයන් වහන්සේ
එහි සැබෑ තතු මෙසේ දේශනා කළ සේක. මහරජ ඉසුරුමත් සිටු සතර දෙනෙක් කම්
සැපයෙහි වරදවා යෙදී කලුරිය කොට “ලෝකුඹූ නිරයෙහි” වැටී පැසෙමින් නිරය
මුවට පැමිණ කළ කර්මය සිවු පද වැලකින් කීමට උත්සාහ දරා වෑයම් කොට
නොහැකිව“මුලකුරු” සතර පමණක් කීවේය. මේ කාරණය කාහටත් අකුසල් කිරීමෙන්
මතු රක්ෂණයක් වන්නේ දැයි සිතීමට වැදගත් වන්නේය. එහි සරල අර්ථය මෙසේ පහත
දක්වන්නෙමි.
1.අපි දන් දිය යුතු අවස්ථාෙවි නුදුන්නෙමු. දුසිරිතයෙහි බොහෝ කොට දිවි
ගත කළෙමු. සැප ඉසුරු ඇති කල්හි තමහට රැකවරණයන් කර නොගත්තෙමු.
2.සර්ව ආකාරයෙන් සැට දහසක් අවුරුදු පිරුණාහ. නිරයෙහි පැසෙන අප හට මෙහි
කෙළවරක් කවදා වන්නේද?
3.යම් කලකින් මා විසින්ද ඔබ විසින්ද පවු බොහෝ කරන ලද්දේද? එහෙයින්
දුකෙහි කෙළවරක් නැත.මෙම දුක් රැස කවදා ගෙවා නිම කරන්නේදැයි නොපෙනේ.
4.මේ නිරයෙන් සැම මිනිසත්භාවයක් ලද මොහොතේ සුසරිතෙහි අනුසස් කියන්නෙත්
මැ සිල්වත් මැ බොහෝ කුසල් කරන්නෙමි.
කොසොල් රජතුමා මෙය අසා බියට පත්වී කම් සැපයෙහි ගිජුකම හැර දැමුයේය. මෙම
කාරණා නිමිති් කරගෙන තථාගතයන් වහන්සේ, පහත සඳහන් ගාථාවෙන් සසර
දිගුභාවයත්,අනාරක්ෂිත භාවයත් මැනවින් දේශනා කළ සේක.
”දීගා ජාගරතො රත්ති –දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො – සද්ධම්මං අව්ජානතං “
”නිදිවරන්නහුට රැයද, පයින් ගමන් කරන ඇත්තාහට යොදුනද අනුවණයාට (බාලතෙම)
සසර (අනාරක්ෂිත භාවය) ඉතා දීර්ඝබව පැහැදිලි කළ සේක. පව සුළුකොට
නොසිතන්න.පව් කරන විට සැපයක් සේ සලකා කළින් එහි දුක්ඛ විපාක බොහෝ කොට
විඳිය යුතුයි. එක මොහොතක් සිත අපිරිසුදු කොට කළ කීදේ, කල්ප ගණන්
රැකවරණයක් පිහිටත් නොමැතිව කඳුළු පිරි දෙනෙතින් යුතුව අප්‍රමාණ දුක්
ගැහැට විඳීමට සිදුවන්නේය. මිනිසත්භාවය ලද දුර්ලභ අවස්ථාවෙහි ඉඳුරන්
සංවර කොට ගෙන ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස් වීමට කටයුතු කරමින් සදාතනික
ආරක්ෂිත වු නිවනට පැමිණෙන්න අධිෂ්ඨාන කරගන්න. |