මේ වසරේදී (2014) සැප්තැම්බර් මස 17වෙනිදාට යෙදෙන ශ්‍රීමත් අනගාරික
ධර්මපාලතුමාගේ 150වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළ වන විශේෂ ලිපි පෙළකි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
"ළමා වයසේ සිට ම අනගාරික ධර්මපාලතුමා ආගමික පසුබිමක දෙමාපියන් ඇසුරේ
හැදුණු වැඩුණු අන්දම ඉතා ප්‍රකටය.
එතුමා ලංකාවේ උපත ලැබුවේ
මේ රටට එවැනි වූ යුග පුරුෂයෙකු
අවශ්‍යව තිබූ යුගයක දී වීම
සැබවින්ම සඳහන් කළ යුත්තේ
එය අප රටේ
සිංහල බෞද්ධ ජනතාව ලද
සෞභාග්‍යයේ දොරටුවක්
විවෘතවීමක් ලෙසිනි."
"සිංහල වූ මගේ කුල පරම්පරාව අවුරුදු දෙදහස් දෙසියයක් අඛණ්ඩව ම බෞද්ධයෝ
වූහ.මගේ කේන්ද්‍රයේ හැටියට මා ඉපදී ඇත්තේ බුද්ධ වර්ෂ 2408 දී හෙවත්
1864 සැප්තැම්බර් මස 17 වැනිදාය. කොළඹ ප්‍රධාන පන්තියේ බෞද්ධ පවුලක මගේ
පරම්පරාගත නිවෙසේදී මම උපත ලදිමි.
මගේ පවුලේ සෑම දෙනාම සැදැහැවත් බෞද්ධයෝ වූහ. එබැවින් මගේ මවට අසා ගෙන
සිටීමට සූත්‍රවලින් කොටස්ද ගාථාද කීමට මට සිදුවිය.මේ නිසා ගාථා සහ
පිරිත් මට කට පාඩමින් මගේ මව ඉදිරියේ දී කිව යුතුවිය.ඇය මා කැමති පැණි
රස ගෙනවුත් තබා ගෙන ගාථා සහ පිරිත් කටපාඩම් දුන්නායින් පසු ඒවා මට කෑමට
දෙන්නීය. ඒ සත් කාර්යයට පරිත්‍යාග වශයෙන් මගේ මව මා කැමති රසකැවිල්ලක්
සෑම විටකදීම සූදානම් කර ගෙන සිටියාය.
මම මගෙ මවට අතිශයින්ම ආදර ගෞරව කළෙමි. ක්‍රීඩා කරන අතරවාරයේදී වුවද මම
බොහෝ විට අනාගත බුදුරජාණන් වහන්සේගේ කාලයේදී “ මගේ මව බුදුන් දැක නිවන්
දකිත්වායි” මට ම කියා ගතිමි. ඈ යහපත් මෙන්ම කාරුණික ද පරිත්‍යාගශීලි ද
වූවාය. මගේ අම්මාගෙන් ආහාරපාන හා ඇඳුම් පැළඳුම් ලබා ගැනීම සඳහා සෑම
දිනකම සිඟාකන ගැහැනු ඇය වෙතට පැමිණියහ. ඇයගෙන් මටද ඇතැම් ගතිගුණ ලැබී
තිබේ. අගහිඟකම්වලින් මිනිසුන් දුක් විඳිනු මට ඉවසිය නොහැකි විය.
දුප්පත් අයට උපකාර කිරීමට මට සැමවිටම වුවමනා විය. මගේ මවගේ සොහොයුරිය ද
බටහිර සාත්තු සේවිකාවක හා සමාජ සේවිකාවක මෙන් අනුන් වෙනුවෙන් කැප
වූවාය.
අසල්වැසි දුප්පත් ගෙදරක ගැහැනියකට දරුවෙකු ලැබෙන්නට යන බව ආරංචි වූ
වහාම එතැනට යන පළමුවැනි තැනැත්තිය මගේ මවයි. ඇය එහි ගොස් ඒ අවස්ථාවට
අවශ්‍ය උදව් කරන්නීය. දරුවට අවශ්‍ය ඇඳුම් පැළදුම් මිලයට ගෙන
දෙන්නීය.අසනීපයක් දුකක් හෝ කරදරයක් වූයේ කොතැනක ද එතැන මගේ පුංචි අම්මා
සුරදූතිකාවක මෙන් පෙනී සිටියාය.
මගේ පියා අන් සෑම බුද්ධිමත් බෞද්ධයෙකු මෙන් තමාගේ විමුක්තිය තමා
විසින්ම සලසා ගත යුතු බැව් කීය. පියා නිතරම මට කිව්වේ උඹට ඕනෑ දෙයක්
කාපන්, වැඩිය නිදාගන්න එපා.අන්ධයකු වගේ ඉල්ලන්න එපා. නොසිතා නොබලා කිසිම
දෙයක් එකවරම පිළිගන්න එපා. උඹේම උත්සාහයෙන් ඉගෙන ගනින් කියායි "
(මගේ ජීවිත කතාව – අනගාරික ධර්මපාල ස්වයං ලිඛිත චරිතාපදානය - සංස්කරණය
ලක්‍ෂ්මන් ජයවර්ධන පිටු 15 –17 (2001)
ළමා වයසේ සිට ම අනගාරික ධර්මපාලතුමා ආගමික පසුබිමක දෙමාපියන් ඇසුරේ
හැදුණු වැඩුණු අන්දම ඉතා ප්‍රකටය. එතුමා ලංකාවේ උපත ලැබුවේ මේ රටට
එවැනි වූ යුග පුරුෂයෙකු අවශ්‍යව තිබූ යුගයක දී වීම සැබවින්ම සඳහන් කළ
යුත්තේ එය අප රටේ සිංහල බෞද්ධ ජනතාව ලද සෞභාග්‍යයේ දොරටුවක් විවෘතවීමක්
ලෙසිනි.
දහ නව වැනි සියවස අඩක් ගෙවෙන තුරුත් ලක්දිව පැවතුණේ ඉංගි‍්‍රසි
ජාතිකයින්ගේ අනුගාමිකයන් වෙසෙන රටක් ලෙසිනි. සම්පත් හිමිව පැවතුණේ,
ඉංගී‍්‍රසින්ට සහ හරි හැටි ඉංගී‍්‍රසි පාලකයන් අනුකරණය කරමින් ජීවත් වූ
අතලොස්සක් පමණ සිංහලයන්ටය. විශේෂයෙන් බෞද්ධ ව්‍යාපාරිකයන්ට තිබූ ඉඩකඩ
ඉතා අල්පව පැවතිණී, එම යුගයේ සිංහල ව්‍යාපාරිකයෙකු වශයෙන් ඉදිරියට ගමන්
කළ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමන් අගනුවර ව්‍යාපාරිකයෙකු වශයෙන්
ජාත්‍යන්තර නමක් හිමිකර ගැනීමට සමත් වී ඇත.
එතුමන්ගේ වැඩිමහල් පුත් රුවන ලෙස උපත ලැබූ අනගාරික ධර්මපාලතුමා උපත ලබා
ඇත්තේ එම යුගයේ ලක්දිවට අවශ්‍යව තිබූ සේවයක් ගැන කලින් සිතාගෙන විය
හැකිය. රටක කිසියම් යුගයක ඇතිවන කිසියම් අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා
උපන් තැනැත්තා යුග පුරුෂයෙකු ලෙස හඳුන්වනු ලැබේ.අනගාරික ධර්මපාලතුමා ද
එම ගණයට අයත් ශ්‍රේෂ්ඨයෙකි. 1505 සිට බටහිර ආක්‍රමණිකයන්ගේ පීඩනයට
ගොදුරු වීම නිසා දහනව වන සියවස වන විට බෞද්ධයා සිටිනේ අසරණ තත්ත්වයකයි.
බෞද්ධයන් අතුරෙන් සිය ආගම අතහැර සිටි අයට කිසියම් ප්‍රමාණයක වරප්‍රසාද
හිමි විය. ඔවුන් අතුරින් ද යුරෝපීයයන් ලෙස ඇඳුම් පැළඳුම් හා වෙනත්
සිරිත් පවත්වන්නට පුරුදු වූ අයට වැඩිපුර වරප්‍රසාද හිමි විය. ඉඩකඩම් හා
රජයේ තනතුරු ආදිය මෙලෙසින් ලබාගෙන බැබළෙන පිරිස දැකීම නිසා තවත් ජනයා
එම මඟට යොමු වූහ.
පාරම්පරිකව පවත්වාගෙන ආ ආගම අමතක කිරීමට අකැමැතිි කම නිසා අගනුවර හා
තදාසන්නයේ සමහරු බෞද්ධකම පවත්වාගෙන ගියේ රහසිනි. එළිපිට තමන්ගේ ආගම
නොපෙන්වා හැසුරුණාහ. ගම්බද ජනයා පවා තමන්ගේ හැකියාවට අනුව නගරබද ජනයා
අනුකරණය කිරීමට උත්සාහ කළහ. පිළිගත් පෙළේ පුරවැසියන් බව ප්‍රකට කිරීම
සඳහා ඇදුම් පැළඳුම් හා සිරිත් විරිත් ද වෙනස් කළහ. කලිසමක් හැඳ එයට
උඩින් ටුවිට් රෙද්දක් දවටාගෙන කර පිය වූ කෝට් එකක් ඇන්දහ. හිසේ පනාවක්
පැළ ඳ සිටියහ.කළිසම් නොඅඳින අයද සෙසු අය මෙසේම කරගත්හ.
පෘතුගීසින් පැමිණි කාලයේ සිට ම සිංහල මිනිසුන් තමන්ගේ පුරුදු නම්
වෙනුවට පෘතුගී‍්‍රසි, ඕලන්ද හා ඉංගි‍්‍රසි නම් භාවිත කිරීමට පටන්ගෙන
තිබිණි. ඉංගී‍්‍රසි යුගයේ මෙය වඩාත් පැතිරිණි.
අනගාරික ධර්මපාලතුමන් තරුණයෙකු ලෙසින් සමාජය දෙස බැලුවේ මෙම යුගයේ දීය.
ඉතා සරල චාම් වාහනයක් යොදා ගෙන ලක්දිව පුරා සැරිසරමින් මහජනයා ඇමතීමට
පටන් ගත් එතුමාට මුල සිට ම ජනතාවගේ අවධානය යොමු වෙන්ට විය.කොළඹ ලොකු
ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු ලෙසින් විඳීමට තිබූ සැප සම්පතින් පිරුණු
ජීවිතය හැර දමා ඉතා සරල චාම් ඇඳුමක් ඇඳගෙන සුළු ආහාරයකින් යැපෙමින්
මහජනයා රැස්වන තැන්වල දේශනා කිරීම එම ජනතාවගේ සිත ගන්නා එකක් බවට
පත්විය. බටහිර බලපෑම නිසා සමාජයේ සිදුවී තිබුණු පෙරළිය නොරිස්සූ නමුත්
ඊට එරෙහිවීමට නොහැකි කම නිසා නිහඩව සිටි ජනතාව අනගාරික ධර්මපාලතුමා වටා
එක් රොක් වූහ. එයින් වඩාත් බලය ලැබූ එතුමාගේ කීර්තිය රටපුරා පැතිරිණි.
එදා අනගාරික ධර්මපාලතුමාගේ දේශනයක් ගැන ආරංචිය ලද ජනතාව දහස් ගණනින් ඒ
සඳහා එක් රැස් වූහ. එම රැස්වීම්වලදී අනගාරික ධර්මපාලතුමා එදා ජනතාවගේ
පැවති දුර්වලකම්වලට නිර්දය ලෙස පහර එල්ල කළහ.
ඒ ඒ පළාත්වල ජීවත් වූ බලවතුන්ට වුවද එතුමාගේ විවේචන සුළු නොවීය. හිසේ
නැමිපනා පැළඳගත් අය දුටුවිට, “ගොන්කම් පෙනෙන්න අංතට්ටුවක් පැළඳගෙන එනවා
“ යැයි පවසමින් ඒවා ඔවුන්ගේ හිසවලින් ගලවා කඩා බිම දැමූ බව අසන්නට ලැබී
ඇත. තරුණයන්ගෙන් ඔවුන්ගේ නමක් විමසා බටහිර ජාතින් භාවිතා කරන නමක්
කීවිට අපහාසාත්මකව සරදම් කිරීමට අනගාරික ධර්මපාලතුමා පැකිළුණේ නැත.
සිංහල බෞද්ධයා “ සියවස අනුස්මරණ ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්කාරකවරු
පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි සහ මහාචාර්ය කපිල අභයවංස පිටු
අංක 1 –2 අතිපුජ්‍ය බෙල්ලන ඥානවිමල නා හිමි ලියූ ලිපිය – 2006)
මේ වසරේ (2014) සැප්තැම්බර් මස 17වැනිදාට ශ්‍රීමත් අනගාරික
ධර්මපාලතුමාගේ 150වැනි ජන්ම දිනය යෙදී ඇත.
2011 වසරේදී අප රටේ පමණක් නොව බොහෝ රටවලද ඉන්දියාව, ලාඕස්, භූතානය,
තායිලන්තය,ටිබෙට් , චීනය, සියමය හා මියන්මාර් (බුරුමය) ආදි රටවල රැසකම
සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ සම්මන්ත්‍රණ,දේශන හා ප්‍රදර්ශන ආදි විවිධ
අංගයන් යටතේ සිදු කෙරුණි. මේ එකදු රටකට වඩා එදා භාරත දේශයේ අද
ඉන්දියාව, පාකිස්තානය හා නේපාලය ආදි රටවල බෞද්ධ පුදබිම් සුරැකී
පවතින්නේ කවුරුන් නිසාද ඒ සඳහා දිවිහිමියෙන් ඇප කැප වී කටයුතු කළේ
කවුරුන්ද යන්න, ගැන අප විසින් විමසිය යුතුව ඇත. සම්බුදු තෙමඟුල සහ
සම්බුද්ධත්වයෙන් වසර 2600 සපිරීම සිදු වූ මෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ
ප්‍රබෝධය පමණක් නොව එකල භාරත දේශයේ බුද්ධගයාව මහන්තා නම් හින්දු
පූජකවරයාගෙන් බේරාගැනීමට අභීතව සටන් කළ ඒ බෞද්ධ නායකයා ශ්‍රීමත්
අනගාරික ධර්මපාලතුමාය.
“අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයන්ට
ලබාදීම සඳහා ගත් ප්‍රයත්නයයි. “සිංහලයිනි අවදිවව් බුද්ධගයාව බේරා ගනිව්
‘ යන පාඨයෙන් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ද ඒ ඒ රටවල නායකයන්ගේද සිත්
මෙම ප්‍රශ්නය දෙසට යොමු කළ මහා බෞද්ධ හඬ නැගුණේ ශ්‍රීමත් අනගාරික
ධර්මපාලතුමාගෙන් සහ එතුමාගේ මූලිකත්වයෙන් 1891 දී බිහි කළ මහා බෝධි
සමාගමේ ද පිහිටෙනි. දඹදිව නැවත වරක් බුදුසමය ව්‍යාප්ත කිරීමට මෙතුමාගේ
ජීවිතය අතිශයින්ම සාර්ථක කළ වැදගත් කාර්යයකි. අසෝක රජතුමාගේ කාලයේදී
සිට ලංකාව, ඉන්දියාවට ණය ගැතිව සිටියේ බුදු සමය සමඟ බෞද්ධ සංස්කෘතිය
මෙහි එවන ලද නිසාය.ඒ ණය ගෙවා දැමීමට සිංහල බෞද්ධයින්ට අවස්ථාව ලැබුණු
බව ඉතා ප්‍රකට බෞද්ධ නායකයෙකුගේ ලේඛනයකින් ප්‍රකාශයට පත්වී ඇත.
සාරානාත්හි පිහිටුවන ලද මූලගන්ධකුටි විහාරය අනගාරික ධර්මපාලතුමාගේ තවත්
වික්‍රමයකි. මෙය දඹදව බුදුසසුන පිහිටුවාලීමට ලත් උත්සාහය මූර්තිමත් කොට
දක්වන්නේය.
ඒ කාලයේදි (19 වන සියවසේ මුල් භාගයේදී) ඉන්දියාව, පකිස්ථානය සහ නේපාලය
ද එකම රටක් ලෙස පැවතුණි.
ඒ රටේ උපන් කිසිදු බෞද්ධ නායකයෙකුට කළ නොහැකි වූ සුවිශේෂ ක්‍රියාදාමයක්
මගින් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඉටුකළ මෙහෙය සුවිශාලය.
මතු සම්බන්ධයි |