රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය
මාකොළ මංගල හිමි
බුදුන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙකු වූවාසේම උත්තරීතර මානව
දයාවකින්ද යුක්ත වූහ. මිනිස් චර්යාවන් මිනිස් ප්‍රාර්ථනාවන්,
මිනිස් චින්තාවන් පිළිබඳ උන්වහන්සේ මනා අවධියකින් යුක්තව
විසූහයි දැක්වීම අතිශයෝක්තියක් නොවේ. තෘණ වර්ග හා වෘක්‍ෂලතා අතර
පැහැදිලිවම දැක ගත හැකි විශේෂ වෙනස්කම් පවතී. කෘමීන් හා පළඟැටියන් ආදි
සතුන් අතරද මෙබඳු වෙනස්කම් ඇත. මත්ස්‍ය හා පක්‍ෂීන් අතරද එබඳු
වෙනස්කම් ඇත. සිව්පාවුන් අතරද එබඳු වෙනස්කම් පවතී. නමුත් හිස් ,
කන්, නාසා ,මුව, බැම ,ගී‍්‍රවා ,උදර, යෝනි, අත්පා ආදී කුමන අවයව දෙස
බැලුවත් මිනිසුන් අතර මෙබඳු ජාති වශයෙන් පැහැදිලිවම තේරුම් ගත
හැකි මෙබඳු වෙනස්කම් නැති බව පහදා දීමෙන් සමස්ත මානව වර්ගයාගේම
සාමූහික සහූජීවනය, සාමානාත්මතාවය මෙන්ම ඔවුනොවුන් අතර
එකූමුතුභාවය අගය කළහ.
බොහෝ ආගම්වල කර්තෘවරයෝ, ගැලවුම්කරුවෝ, මැවුම්කරුවෝ, දේවදූතයෝ වෙති.
ඓතිහාසික මානුෂීය පුද්ගලයෝ නොවෙති. එහෙත් ශාක්‍යමුනි ගෞතම බුදුන්
වහන්සේ දඹදිව උතුරු පෙදෙසෙහි හිමාලය පර්වතය අසල කෝසල රාජ්‍යයට අයත්
ජනපදයෙක්හි උපත ලදහ. පියා ශුද්ධෝදන නම් වූ අතර මව
මායා දේවියයි. ජාතියෙන් ශාක්‍ය වූ ගෝත්‍රයෙන් ගෝතම නම් විය. ඉතා
සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ මෙතුමා සොළොස් වන වියේදී යසෝදරා දේවිය
සමඟ ආවාහ විය.
එහෙත් ඉතා විශිෂ්ට වූ චින්තන ශක්තියකින් යුතු වූ මුන්වහන්සේ අන්
අය ජරාවට, රෝගී තත්ත්වයට, මරණයට පත්වුණු දැක තමන්ටද මේ තත්ත්වය
ඉක්මවා ලිය නොහැකි බව අවූබෝධ කොට ගත්හ. එනිසාම යෞවන මදය, ආරෝග්‍ය
මදය,ජීවිත මදය දුරුවිණි. කාමයන්ගේ ආදීනවයන්, ඒවායේ තාවකාලික
තත්වයන් අවබෝධ කොට ගන්නේ ගිහිජීවිතය බාධක සහිත වූවක් බවත් ,
පැවිදි ජීවිතය අභ්‍යවකාශය සේ නිදහස් බවත් මනාලෙස අවබෝධ කොට
ගත්තේය. එනිසාම ඉතා කළු කෙස් ඇති යොවුන් වියේ තරුණයෙක්ව සිටියදීම
මව්පියන් කඳුළුසලමින් අකමැත්ත පවසද්දීම ගිහිගෙයින් නික්ම
පැවිදි ජීවිතයට ඇතුළත් වූ බව අරිය පරියෝෂණ සූත්‍රයෙහි තමන්
වහන්සේම ප්‍රකාශ කරති.
කුඩා කල පටන් ගත කළ කුමාර ජීවිතයෙන් කාම සුඛල්ලිකානු යෝගය
පිළිබඳවත් දුෂ්කර ක්‍රියාවෙන් අත්තකිලමථානුයෝගය පිළිබඳවත්
මනා ලෙස වටහා ගන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනයෙන් සත්‍ය
ගවේෂණයෙහි යෙදුන ගෞතම බෝසතාණෝ සිත විදර්ශනා මාර්ගය කෙරෙහි
යොමුකළේ උතුම් වූ බුද්ධත්වය අවබෝධ කොට ගත්හ. ආර්ය ප්‍රතිපදාවේ
අවසානික ප්‍රතිඵලය දක්වාම ගමන් කළ බුදුන් වහන්සේ උතුම් වූ මානුෂිය
ගුණාංගයන්ගෙන් පරිපූර්ණවූ මනුෂ්‍යයෙක්ම වූහ.
ක්‍රි.පූ. 6 වන සියවසෙහි බුදුන් වහන්සේ දිවි ගෙවූ බව ඓතිහාසික
මූලාශ්‍රයන්ගෙන් සනාථ කෙරෙයි. පිපාසය කුසගින්න, ලෙඩවීම, මහළුවීම
වැනි මනුෂ්‍ය ප්‍රජාවට පොදු වූ තත්ත්වයන් බුදුන් වහන්සේටද පොදු වූ
බවට මහා පරිනිර්වාණ සූත්‍රය සාක්‍ෂි දරයි. වරෙක දැඩි ලෙස ගිලන් වූ
බුදුන් වහන්සේට චුන්ද හිමියන් බෝක්‍ධංග දේශනාව සිදුකළ විටදී නිරෝගි
වූ බව සංයුත්ත නිකායෙහි දැක්වේ. අසනීප වූ බුදුන් වහන්සේට ප්‍රතිකාර
ලබාදුන්නේ ජීවක වෛද්‍යවරයාය. දේවූදත්ත හිමියන්ගේ ගල් පෙරූලීමට
ලක්වූ බුදුන් වහන්සේගේ පාදයෙහි ඇතිවූ සිරීමට ප්‍රතිකාර කළේ
ජීවකවෙද්‍යවරයාය. ජීවක බුදුන් වහන්සෙගේ වෛද්‍යවරයා විය. බුදුන්
වහන්සේ අවසන් වස බේලුව ගමෙහි වසද්දි ලෝහිත පක්ඛන්දිකා රෝගය
වැළඳීමෙන් දැඩි ලෙස ගිලන් වූහ. එහිදී ආනන්ද හිමියන් අමතන බුදුන්
වහන්සේ “ආනන්දය මට ක්ලාන්තය දැනෙයි. හිඳගන්න අසුනක්
පනූවන්න. ආනන්දය මට පිපාසයි. පානය කිරීමට වතුර ටිකක් ගෙනෙන්න. මගේ
වයස ගත වී ඇත. ඉතිරිව ඇත්තේ තවත් ස්වල්පයෙකි. ආනන්දය මම දැන්
දිරාගිය මහල්ලෙක්මි. මගේ වයස අසූවයි. දිරාගිය කරත්තයක් පිළිසකර
කර පවත්වාගෙන යන්නාක් මෙන් මාගේ ශරීරයද පවූතින්නේ යැයි සිතමි.
යනාදී ප්‍රකාශනයන්ගෙන් බුදුන් වහන්සේ දේවදූතයෙක් නොව
මනුෂ්‍යයෙක් බව පැහැදිලි වේ. එසේම බුදුන් වහන්සේ හා ද්‍රෝණ
බ්‍රහ්මණයා අතර ඇතිවූ සංවාදශීලි සාකච්ඡාවේදි තමන් වහන්සේ
උත්තූරීතර මනුෂ්‍යයෙක් බවද බුද්ධ වන බවද අංගුත්තර නිකායේ ද්‍රෝණ
සූත්‍රයෙහි සඳහන් වේ.’බෞද්ධයන් වශයෙන් අපට ඇති ලොකුම පී‍්‍රතිය,
සතුට, සැනසීම හා ආඩම්බරය නම් අප අදහන අපේ ශාස්තෘවරයා ඉතිහාසයක්
ඇති උත්තරීතර මනුෂ්‍යයෙක් වීමයි “ යනුවෙන් පණ්ඩිත පාතේගම
සරූණංකර නාහිමියෝ අදහස් දක්වති.
බුදුන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයෙකු වූවාසේම උත්තරීතර මානව
දයාවකින්ද යුක්ත වූහ. මිනිස් චර්යාවන් මිනිස් ප්‍රාර්ථනාවන්,
මිනිස් චින්තාවන් පිළිබඳ උන්වහන්සේ මනා අවධියකින් යුක්තව
විසූහයි දැක්වීම අතිශයෝක්තියක් නොවේ. තෘණ වර්ග හා වෘක්‍ෂූලතා අතර
පැහැදිලිවම දැක ගත හැකි විශේෂ වෙනස්කම් පවතී. කෘමීන් හා පළඟැටියන්
ආදි සතුන් අතරද මෙබඳු වෙනස්කම් ඇත. මත්ස්‍ය හා පක්‍ෂීන් අතරද එබඳු
වෙනස්කම් ඇත. සිව්පාවන් අතරද එබඳු වෙනස්කම් පවතී. නමුත් හිස් ,
කන්, නාසා ,මුව, බැම ,ගී‍්‍රවා, උදර, යෝනි, අත්පා ආදී කුමන අවයව දෙස
බැලුවත් මිනිසුන් අතර මෙබඳු ජාති වශයෙන් පැහැදිලිවම තේරුම් ගත
හැකි මෙබඳු වෙනස්කම් නැති බව පහදා දීමෙන් සමස්ත මානව වර්ගයාගේම
සාමූහික සහජීවනය, සාමානාත්මතාවය මෙන්ම ඔවුනොවුන් අතර
එකමුතුභාවය අගය කළහ. කැටකිරිල්ලියට පවා ස්වකීය කැදැල්ලෙහි තමන්ට
මනාප දෙයක් කථා කිරීමට නිදහස ඇති බව දැක්වෙන අම්බට්ඨ සූත්‍ර
පාඨයෙන් බුදුන් වහන්සේ මානව නිදහස කෙතරම් අගය කළේද යන්න අපට වටහා ගත
හැකිය. දීර්ඝ කාලයක් තම හිත සුව පිණිස කටයුතු කළ ශිෂ්‍ය පිරිසට
තමන්ගේ අභාවයෙන් දැන් අපට කවුරුවත් නැත යන හැඟීම හුදූකළා බව දැනීම
ස්වූභාවයයි. එයින් කිසිදු පශ්චාත් තාපයක් හෝ හුදකලා බවක් ඇති නොවීම
පිණිස බුදුන් වහන්සේ තමන් දෙසූ ධර්මයත් පනවණ ලද විනයත් තමන්ගේ
අභාවයෙන් පසු ශාස්තෘත්වයට පත්වන බව අවධාරණය කළහ. පන්සාළිස්
වසරක් මුළුල්ලේ තමන් දෙසූ ධර්ම විනය පිළිබඳව සැකයක් පවතින්නේ නම්
විමසන ලෙස පිරිනිවනට ආසන්නයේ වුවත් දැන්වූයේ පිරිනිවන් පාන
මොහොතේ පවා අනුන්ගේ මානසික සැනසීම පිළිබඳව වඩාත්ම අගය කළ නිසාමය. එසේ කළේ ඒ පිළිබඳව පෙරදී අවස්ථාවක් නොලද අයට පසුව පශ්චාත් තාප
වීමට අවූකාශයක් නොතබන අටියෙන් යැයි සිතේ. මෙහිදී මානව දයාව ඉතා
ප්‍රකටව පෙනෙන්නේ ශ්‍රාවකයන් කිසිවක් නොවිමසන විට බුදුන් වහන්සේ
කළ ප්‍රකාශයෙනි. ‘ස්වකීය ශාස්තෘවරයාට ගෞරවයෙන් ඔබ යමක්
නොවිමසන්නේ යැයි සිතමි. එසේ නම් තම යහළුවන් මගින් විමසන්න. එවිට
මම එයට පිළිතුරු දෙන්නෙමි ‘යනුවෙනි. කලක් අවංක චේතනාවෙන්ම තමන්
වහන්සේට උපස්ථාන කළ ආනන්ද හිමියන්ගේ ගුණාත්මක බවත්, ඥානවන්ත බවත්
සෙසු භික්‍ෂූන් ඉදිරියේ ප්‍රකාශ කොට උන්වහන්සේට තම සේවය පිළිබඳ
සන්තුට්ඨියක් ලබාදීමට අමතක නොකිරීමද අගය කළ යුතුවේ. එසේම
බුදුවීමට පෙර සුජාතා දේවිය දුන් දානයත් පිරිනිවීමට පෙර
චුන්දකම්මාර පුත්‍රයා දුන් දානයත් සමඵල විපාක ඇත්තේයැයි
පවසමින් ආනන්ද හිමියන් අමතා මාගේ ඇවෑමෙන් පසු චුන්දගේ සැකය හා
විපළිසර බව දුරුකරන ලෙස ආයාචනයක් කළේ චුන්ද කෙරෙහි අසීමිත
දයාවෙන්ම බව පෙනේ. පිරිනිවන් මඤ්චකයේ සිටියදී තමන් හමුවීමට
පැමිණි සුභද්‍රව ආනන්ද හිමියන් වළක්වන විටදී තමන් වෙතට පමුණුවා
ලොවතුරු සුවයෙන් සැනසීමට මාර්ගය හෙළිකර දුන්නේත් ජීවිතයේ
අවසන් සුසුම වැටෙද්දීත් උතුරා ගිය මානව දයාවේ අපරමිත ස්වභාවය
මූර්තිමත් කරවමිනි. එසේම සුනීත, සෝපාක වැන්නන් කෙරෙහි දැක්වූ
අසීමිත මානව දයාව සදානුස්මරූණීය වේ.
ලෝක ඉතිහාසය දෙස බැලීමේදී පරාර්ථයම ආත්මාර්ථය කරූගැනීම ප්‍රකට
කරුණකි. නමුත් බුදුන් වහන්සේ ස්වකීය ජිවිතය කැප කළේ සත්වයන්ගේ
මෙලොව පරලොව යහපත පිණිස නිශ්ශරණාධ්‍යාශයෙනි. භික්‍ෂුන්ටද එම
තත්වය පැහැදිලි ලෙසම දැන් වූ බුදුන් වහන්සේ ධර්මය නමැති දායාදය
පිණිසම ධර්මයෙහි හැසිරිය යුතු බව අවධාරණය කළහ., සුත්ත නිපාතයේ
දැක්වෙන පරිදි බුදුන් වහන්සේ ඇතැම් විට පුද්ගලයින්ගේ
දෝෂාරෝපණයටද හසුවූහ. පසුව දහම් අසා පැහැදී දන් පිළිගැන්වූ විට
ස්වකීය සේවය අනුන්ගෙන් ලැබෙන ආහාර නමැති වැටුපෙන් ආවරණය නොකරණ
ලෙසත් ගාථා කීමෙන් ලැබෙන භෝජනය තමන්ට අකැප බවත් දැන්වූහ. අම්බපාලි
නම් වූ නගර ශෝභිනිය තමන් වහන්සේ වෙත සිදුකළ ආරාධනයක් තිබියදී
වජ්ජීන් කළ ආරාධනය ප්‍රතික්‍ෂේප කළ බුදුන් වහන්සේ රාජත්වයෙන්
ලැබිය හැකි වාසි පිළිබඳව නොතැකූහ.
ධනයෙන්, කුලයෙන්, බලයෙන් ආරූඪ වූ පුද්ගලයින් තමන් වෙත පැමිණ දහම්
අසා ප්‍රසාදයට පත්ව බුදුන් සරණ යන බව ප්‍රකාශ කළ විට ඔවුන්ගේ කිසිඳු
අයුරින් ගරු සැළකිලි බලාපොරොත්තු නොවූ උන්වහන්සේ නැවත සිතා බලා
එම තීරණය ගන්නා ලෙස දැන්වූහ. බුදුන් වහන්සේගේ නිරපෙක්‍ෂත්වය
කෙතරම්වීද යත් ශ්‍රාවකයින් තමන් පිරිනිවුනු පසුවූ ආදාහන
කටයුතුවල නිරූතවීම හෝ බලාපොරොත්තු නොවූහ. මෙසේ බුදුන් වහන්සේගේ
විශේෂත්වය පැතිකඩ කිහිපයක් ඔස්සේ ඉහතින් දැක්වීමු.
කාලීනව බුදුන් වහන්සේගේ වයෝවෘද්ධ අවධිය වන විට බුදුන් වහන්සේ සතු
අචින්තනීය, මහානුභාවසම්පන්න මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් හෙබි
පුද්ගලයෙකු වශයෙන් ත්‍රිපිටකය තුළම විකාශයට පත්වී ඇති බව පෙනේ.
මේ හේතු සාධක නිසා බුදුන් වහන්සේ ධරමාන සමයේදීම දේවාති දේව,
අචින්තනීය, අතිමානුෂීය, යුග පුරුෂයෙකු වශයෙන් මහජනතාව
අවිවාදයෙන් පිළිගෙන ඇති බව දැකිය හැකිය. එහෙත් බුදුන් වහන්සේ යනු
උත්තරීතර මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි මනුෂ්‍යයෙක්ම යන්න අමතක
කළ නොහේ. |