අස්ගිරි මහා සංඝ සභාවේ
මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව සම්බුදු සසුන චිර කාලීන පැවැත්ම
උදෙසා ඉතා දූරදර්ශීව අවශ්‍ය පදනම සැකසු සේක. ධර්මාශෝක මහ රජතුමන්ගේ
අනුග්‍රහයෙන් පාඨලීපුත්‍ර නගරයේ පවත්වන ලද සංගායනාව බෞද්ධ ඉතිහාසයේ
විශිෂ්ටතම සිද්ධිය ලෙස ඉතිහාස ගත වූයේ ය.
ලෝක ඉතිහාසය ශිෂ්ඨාචාර වශයෙන් රන් අකුරෙන් ලියවී ඇති මෙම සංගායනාව සමඟම
ඇරැඹූ ධර්මවිජය දේශ දේශාන්තරව ව්‍යාප්ත කළ අයුරු භාරත ලංකා ඉතිහාස
ග්‍රන්ථවලින් මෙන්ම අශෝක ශිලා ලේඛනවලින් ද දක්නට පුළුවන. භාරතය වැනි
අතිවිශාල රාජ්‍ය පාලන ව්‍යුහයකට සරිලන පරිදි ශ්‍රේෂ්ඨ මානව ධර්මයන්ට
අනුගුණ වශයෙන් නිර්මාණය කළ “ධර්ම යාත්‍රාව” කේන්ද්‍ර කරගෙන ඉතා පුළුල්
එතෙක් ලෝකයේ කිසිම රාජ්‍ය පාලකයෙකු නොකළ විරූ අන්තර් ජාතික
ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරවීය.
විශේෂයෙන් අශෝක රජතුමා ලංකාදීපය පිළිබඳව අනුගමනය කළ උදාර ප්‍රතිපත්තිය
නිසාම අනාගත රාජ්‍ය තන්ත්‍රය ගෙනයාමට සිටි මහින්ද කුමරු හා සංඝමිත්තා
කුමරිය සසුන් ගත කොට ලක්දිව සම්බුදු සසුන පිහිටුවීමට මහෝපකාරී විය.
අශෝක රජතුමන් බුද්ධාගම පිළිගැනීමෙන් පසුව රජතුමාට බලවත් පී‍්‍රතියක්
ඇතිවූයේ බොහෝ සංඝයා වහන්සේ දැකීමෙනි.
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය නිසා ඇතිවූ ප්‍රධාන ප්‍රයෝජන වන්න්,
1. බුදු දහම ලැබීම
2. ආචාර ධර්ම ඇතිවීම
3. භාෂා සාහිත්‍ය පෝණයවීම යි.
මහා වංශය, දීපවංශය, නිකාය සංග්‍රහය අට්ඨ කතා ආදී ඓතිහාසික ග්‍රන්ථවලින්
ද ශිලා ලේඛන ආදී පුරාවිද්‍යා සාධකවලින් ද මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම
කරවීම, අනුරාධපුර නගර ප්‍රවේශය මහා විහාරය පිහිටුවීම, ශ්‍රී මහාබෝධිය
වැඩම වීම, භික්‍ෂු ශාසනය හා භික්‍ෂුණී ශාසනය පිහිටුවීම ආදිය විශාල
කාර්ය භාරයක් ඉෂ්ටසිද්ධ කිරීමෙහිලා පැවැති ශ්‍රද්ධාව, අවබෝධය එකමුතුව
ක්‍රියා කිරීම මොනවට ප්‍රකාශ වන්නේ ය.
මිහිඳු මහ රහතන් වහන්සේගේ දේශනාවලින් එදවස ලාංකිකයන් තුළ පැවැති
සංකීර්ණ හැඟීම් බැහැර කොට පංච ශීල ප්‍රතිපත්තිය පදනම් කරගත් ආචාර
සමාචාර ගතිපැවතුම්වලින් සම්භාවිත උදාර ජන ජීවිතවලින් පෝෂණය වන්නට විය.
සිය දහස් ගණනින් සම්බුදු සසුනෙහි පැවිදි වූ භික්‍ෂුන් වහන්සේලාගෙන්
වෙහෙර විහාර, පිරිවෙන් බබළන්නට විය.
මානව පරපුරේ උදාරතම සිරිත් විරිත් උගන්වන බුදුදහමේ විද්‍යාමානවන
ප්‍රභාමත් ගතියෙන් උද්දාම වූ රටවැසියන් රජුන්, මැති ඇමැතිවරුන්
පිරිවරාගෙන අර්ථාන්විත ජීවන රටාවන්ට පුරුදු වූයෙන් නිර්මාණ කුසලතාවයෙන්
ලොව කිසිම ජාතියකට දෙවෙනි නොවීය.
දෙවන පෑතිස් රජු විසින් කොළො ම්හොය ඉවුරෙහි නගරයට දකුණෙන් මහා මේඝවන
උයන සංඝයාගේ පරිභෝජනය සඳහා පූජා කළ පසු ක්‍රමයෙන් මහා විහාරය බිහි විය.
මේ සියලු කාර්යයන් කිරීමේ දී ප්‍රමුඛ වන්නේ දෙපාර්ශ්වයටම අදහස් හුවමාරු
කරගැනීමට ජාත්‍යන්තර භාෂාව යි. ඒ සඳහා පාලි භාෂාව භාවිතා කළ වග මිහිඳු
මාහිමියන් හා දෙවන පෑතිස් රජු අතර ඇතිවූ සංවාදයෙන් හා දේශනයෙන් ප්‍රකට
වන්නේය. අප බුදුරජාණන් වහන්සේ මෙතරම් ගැඹුරු දහමක් පාලි භාෂාවෙන් දේශනා
කරනවිට ශ්‍රාවකයන්ගේ කර්මශක්තිය හා භාෂා ඥානය එකට සංයුක්තව සන්නිවේදනය
පුද්ගලාන්තර වශයෙන් සාධනීයත්වයට පත්වන්නේ ය. රහතන් වහන්සේලාගේ භාෂාන්තර
ඥානය අපරිමිත වන අතර ශ්‍රාවකයන්ගේ වාසනාමය අවබෝධඥානය එක්වන විට ධර්මය
පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේය. මිහිඳු මහ රහතන් වහන්සේ ද තම උපන්
ප්‍රදේශයේ අවන්තියෙ වේදිස නගරයෙහි ලක්දිව තිස්ස කුමරු රජකමට පත්වන තුරු
කල් බලා ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, යන රහතන් වහන්සේලා, සුමණ
සාමණේර, භණ්ඩුක උපාසක යන පිරිස සමඟ මිහින්තලා පව්වට වැඩ මුව දඩයමේ
යමින් සිටි දෙවන පෑතිස් රජතුමා සම්මුඛ වූ සේක. රාජ්‍ය තාන්ත්‍රික
වශයෙන් දෙරටේ සම්බන්ධය නිසා මෙම සම්මුඛ සාකච්ඡාව මෙන්ම බුද්ධධර්මය
හඳුනාගැනීම පිළිගැනිම හා එය ලාංකික ජාතික අයිතිවාසිකමක් වශයෙන් තහවුරු
වීමට ද භාවිත කළ භාෂාව ප්‍රධාන වශයෙන් මහෝපකාරී විය.
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය, සමචිත්තපරියාය, පේතවත්ථු, විමානවත්ථු,
සච්චසංයුත්ත, දේවදූත, ඛාලපණ්ඩිත ආදී සූත්‍රාන්ත දේශනා දේශනය, ශ්‍රවණය,
අවධාරණය, ධාරණය, ප්‍රතිපත්තිය, යන ප්‍රධාන කාරණා සපල කර ගැනීමෙහිලා
භාෂාවේ පිහිටීම හා අන්‍යෝන්‍ය සම්බන්ධය අත්‍යාවශ්‍යම වන්නේය.
මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනීම ඇතිව දේවානම්පියතිස්ස රජතුමා විසින්
භික්‍ෂුන් වහන්සේලාට කැපසරුප් සියල්ලම සම්පාදනය කරවන ලදී. විශේෂයෙන්
පාලි භාෂාව ප්‍රධාන මාධ්‍ය වශයෙන් උපයෝගී කරගෙන සකල ජනතාවගේ අවශ්‍යතා
ඉෂ්ට සිද්ධ කළේ සම්බුද්ධ ශාසනය පිළිබඳ ශ්‍රද්ධාවත් පොදුජනතාව කෙරෙහි
ඇති දයාවත් පෙරදැරි කරගෙන ය.
බුද්ධකාලීන භාරතයේ පැවැති අධ්‍යාපන ක්‍රමවේදයන් පිළිබඳ දැනීමක්
ලබාගැනීමට චතුර්වේදය, පාලි ත්‍රිපිටකය, ජෛන ආගමික සූත්‍ර ආදී ආගමික
සාහිත්‍ය ද ඉසිවරුන් විසින් රචනා කරන ලද තර්ක ශාස්ත්‍ර න්‍යායවාද,
ගද්‍ය පද්‍ය කාව්‍ය ශාස්ත්‍රවලින් ද ලබාගන්නට හැකිවන්නේ ය. ලෝකයේ
පවත්නා පුරාණ අධ්‍යාපන ක්‍රම ත්‍රිවේදයෙන් අපට හමුවන අතර එම අධ්‍යාපන
ක්‍රමයන්හි පැවැති ගැඹුරු හා පුළුල් බව නිසාම ක්‍රමයෙන් දියුණු තියුණු
වී මහා දර්ශනිකයන්, චින්තකයන්, මනෝ විද්‍යාඥයන් පහළ වන්නට විය.
මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූතයන් වහන්සේලා ලාංකිකයන්ට නිර්මල බුදු
දහම මෙන්ම භාරතයේ පැවැති උසස් අධ්‍යාපන ක්‍රමද පුරුදු පුහුණු කොට
ලාංකිකයන් තුළින්ම එහි කුසලතාවන් වර්ධනය වී උසස් ශිෂ්ඨා- චාරයක්
බිහිවන්නට ප්‍රස්තාව ලබා දුන්හ. මේ නිසා මහා විහාරය, ජේතවනාරාමය,
අභයගිරිය, මිහින්තලේ ආදී ස්ථාන සමස්ත ජනතාවගේ ම අධ්‍යාපන පරමාර්ථයන්
ඉෂ්ට සිද්ධ කරන දේශ දේශාන්තර ගිහි පැවිදි ශිෂ්‍යයන් හා මහාචාර්යවරයන්,
උපදේශකයන් ආශ්‍රය නිශ්‍රය කරන නිර්මාණ කුශලතා වර්ධනය කරන මහා
විද්‍යාපීඨ වශයෙන් දස දෙස ප්‍රචලිත විය.
ත්‍රිපිටක ධර්මය ඉගැන්වීම, අටුවා, ටීකා, අර්ථවර්ණනා ගද්‍ය පද්‍ය, මහා
කාව්‍ය, සංදේශ ආදී සිය දහස්, දසදහස් ගණනින් පාලි, සිංහල, සංස්කෘත, යන
භාෂාවලින් ද මිශ්‍ර හා හුදු හෙළ බසින් ද ලියන ලද ග්‍රන්ථවලින් සාහිත්‍ය
ගංඟාව ජනමත සනසමින් ගලා යන්නට විය. තෙවළාදහම් ඉගැන්විම පදනම් වුවද
ලාංකික ලේඛන කලාව ලෞකික ලෝකෝත්තර සෑම මාතෘකාවක් ඔස්සේම දියුණු වීම නිසා
සාහිත්‍ය විචාර කලාවක්ද බිහිවී පැවති වග සියබස්ලකර නම් ග්‍රන්ථයෙන්
ප්‍රකට වන්නේ ය.
ථේරවාදි බෞද්ධ සම්ප්‍රදාය ආරක්‍ෂා වන පරිදි මහා විහාරයේ අධ්‍යාපනය
සම්ප්‍රදායානුකූලවම ගෙන යාමෙන් පුළුල් සාහිත්‍ය කරණයක් නොවුවද
දාර්ශනිකත්වයෙන් උපරිම තලයේ පැවැති ආකාරය “විශුද්ධි- මාර්ග”
ග්‍රන්ථයෙන් පැහැදිලි වන්නේය.
මිහින්තලා ශිලා ලේඛනයෙන් එම සිද්ධස්ථානයේ පැවැති බෞද්ධ අධ්‍යාපනික
තත්ත්වය ප්‍රකට වන්නේ ය.
එකල සෑම ආරාමයකම අවම වශයෙන් හෝ අධ්‍යාපනයක් ලබාදෙන ආචාර්ය, උපාධ්‍යායන්
වහන්සේලා වැඩ සිටියහ.
ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයෙහි පැවැති භාෂා වන්නේ පාලි, හෙළබස, සංස්කෘත,
ප්‍රාකෘත, මාගධී, මිශ්‍ර භාෂා වේ.
අධ්‍යාපන ක්‍රම වන්නේ, වන පොත් කිරීම, අර්ථ කථනය, ලිවීම හා සටහන්,
සාකච්ඡා, වාද විවාද, විමර්ශනය කිරීම ආදිය යි.
ඉගැන් වූ විෂයන් වන්නේ භාෂා, ව්‍යාකරණ, අලංකාර, නක්‍ෂත්‍ර විද්‍යාව,
ගණිතය, නීතිය, අර්ථ ශාස්ත්‍රය, ඉතිහාසය, චිත්‍ර හා මුර්ති කලාව යි.
මෙවන් සර්ව සම්පූර්ණ අධ්‍යාපනයක් අපට දායාද වූයේ මිහිඳු මහ රහතන්
වහන්සේගේ ලංකා ගමනය නිසාම ය. යුගයෙන් යුගයට එම උතුම් නාමය සිහි කළ යුතු
වන්නේ ය. |