අවබෝධය වෙත
ළඟා විය හැක්කේ
කෙසේ ද?
මාවරලේ
භද්දිය හිමි
තණ්හාව කියන චෛතසිකය අපට යම්කිසි අඳුරක් හෙවත් මෝහයක් නිර්මාණය කරනු
ලබනවා.
ඒ අඳුර හෙවත් මෝහය නිර්මාණය කරන තෘෂ්ණාව කියන චෛතසිකය යෙදෙන නිසා තමයි
බාලයාට තමන්ගේ වැරැද්ද වැරැද්ද ලෙස නොපෙනෙන්නෙ. මේ කරන ක්‍රියාව වැරැදි
හෙවත් මෙම මාර්ගයේ ගමන්
නොකළ යුතු බවට යම්
මාර්ගෝපදේශකයකු උපදෙස්
දුන්විට ඔහුට එය ග්‍රහණය
කරගැනීමට නොහැකි වන්නේ
යම්කිසි ආකාරයක තෘෂ්ණාවකට ඔහු මුසපත් වී
සිටින නිසයි.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ, බාලවග්ගයේ දී අවධානයට
ලක්කරපු ඉතාම වැදගත් සංකල්ප දෙකක් පිළිබඳව අවධානය යොමු කිරීමේදී,
බාලයකුගේ ලක්ෂණ දෙකක් පවතින බව පැහැදිලි කරනු ලැබුවා. “වරද”, “වරද” ලෙස
දැකීමේ කිසිදු හැකියාවක් බාලයාට නොමැතිවීම එහි පළමු ලක්ෂණයයි. යම්කිසි
පුද්ගලයෙක් “වරද” “වරද” ලෙස තේරුම් අරගෙන එය පෙන්වා දුන්නත්, එය තේරුම්
ගැනීමට හෝ පිළිගැනීමට බාලයාට පවතින නොහැකියාව දෙවන ලක්ෂණයයි. යම්
පුද්ගලයකු මෙම කාරණා දෙකින් යුක්ත නම්, ඔහු හෝ ඇය බාලයකු බව බුදුරජාණන්
වහන්සේ දේශනා කරනු ලබනවා. සාමාන්‍යයෙන් ලෝක ව්‍යාවහාරයේදී “බාල” කියන
වචනය යම් අඩුවක් සම්බන්ධවම ප්‍රකාශ කිරීමට පාවිච්චි කරනු ලබයි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වෙත අවධානය යොමු කිරීමේදී “අඩුව“ පිළිබඳ
සංකල්පය “බාල” යන වචනය තුළ වෙනත් ආකාරයකට අපට පැහැදිලි කිරීම සඳහා
යොදාගෙන ඇත. බාලයා “වැරැද්ද” “වැරැද්දක්” ලෙස නොදකින්නේ ඇයි? “වැරැද්ද”
“වැරැද්දක්” ලෙස තේරුම් කරදීමේදී එය තේරුම් ගැනීමේ හැකියාවක් බාලයාට
නැත්තේ කුමන හේතුවකින්ද? බාලයා තුළ තිබෙන ප්‍රධාන චෛතසික තුනක් මේ
පිළිබඳව බලපෑම් කිරීම ප්‍රධාන හේතුවයි. එයින් පළමු වන චෛතසිකය ලෙස අධික
තෘෂ්ණාව හෙවත් ඡන්දයෙන් අගතියට යාම නිසා, බාලයා හැම තිස්සෙම චෛතසිකයට
ඇතිවන වහල් භාවයත් සමග ඔහුගේ මනැස තුළ ඇතිවන මුසපත් වීමත් සමග ඔහු එම
චෛතසිකය මත පදනම් වෙලා කරන දේ අයහපත් දේ ලෙස හෝ වැරැදි දේ ලෙස හෝ නීති
විරෝධි දේ ලෙස හෝ සමාජ විරෝධී දේ ලෙස හෝ තේරුම් ගැනීමට කිසිදු ආකාරයට
හැකියාවක් ලැබෙන්නේ නැහැ.
තෘෂ්ණාවෙන් මුසපත් වූ පුද්ගලයාගේ අවශ්‍යතාවය වනුයේ තමන්ගේ තෘෂ්ණාව
මුල්කරගත් අරමුණ ජයග්‍රහණය කර ගැනීම මිස ඊට අදාළ සදාචාර සම්පන්න සීමා
හඳුනාගැනීම ඔහුට අවශ්‍ය වන්නේ නැහැ. ඊට අදාළ නීත්‍යානුකූල සීමා ව
හඳුනාගැනීමටත් ඔහුට අවශ්‍ය වන්නේ නැහැ. මේ කරන ක්‍රියාව නිසා පරලෝක
වශයෙන් තමන්ට අත්වෙන්න තිබෙන ඉරණම මොකක් ද කියන එක තේරුම් ගැනීමේ
ක්‍රියාවක් බාලයාට අවශ්‍ය වන්නේ නැහැ. තණ්හාව කියන චෛතසිකය අපට යම්කිසි
අඳුරක් හෙවත් මෝහයක් නිර්මාණය කරනු ලබනවා. ඒ අඳුර හෙවත් මෝහය නිර්මාණය
කරන තෘෂ්ණාව කියන චෛතසිකය යෙදෙන නිසා තමයි බාලයාට තමන්ගේ වැරැද්ද
වැරැද්ද ලෙස නොපෙනෙන්නෙ.
මේ කරන ක්‍රියාව වැරැදි හෙවත් මෙම මාර්ගයේ ගමන් නොකළ යුතු බවට යම්
මාර්ගෝපදේශකයකු උපදෙස් දුන්විට ඔහුට එය ග්‍රහණය කරගැනීමට නොහැකි වන්නේ
යම්කිසි ආකාරයක තෘෂ්ණාවකට ඔහු මුසපත් වී සිටින නිසයි. ධම්ම පදයේ “පව“
පිළිබඳව සඳහන් කරන විට
මධුවා මඤ්ඤති බාලෝ
යාව පාපං නපච්චතී
බාලයාට පව් කරන කාලයේදී තමන් කරන පව් ඉතාම මිහිරි ලෙස දැනෙන බව එහි
සඳහන් කරනු ලබයි. එම පව පිළිබඳව මිහිරි මීපැණි ලෙස දැනෙන සිතිවිලි ඔහුට
නිර්මාණය කරදෙනුයේ තෘෂ්ණාව විසිනුයි. තණ්හාව විසින් තණ්හාව පසුව එන
අමිහිරි බව හෙවත් කටුක බව, දුක්සහගත බව ඔහුගේ ඤාණයට හසුවන්නේ නැහැ.
එනිසා මෙහිදී අවබෝධ කරගත යුතු පළමු කාරණාව ලෙස වැරැද්ද වැරැද්ද ලෙසකි.
පාපය පාපය ලෙසත් අකුසලය, අකුසලය ලෙසත් බාලයා නොදකින්නේ තෘෂ්ණාව නිසා
බවයි.
බාලයාගේ මනැසේ ඊළඟට ගොඩනැගී තිබෙන ප්‍රබල චෛතසිකයක් ලෙස අපට ධර්මයේ
හඳුන්වා දෙනු ලබන්නේ මානයයි. “මානය” කියන චෛතසිකය ස්වරූප කිහිපයකින්
යෙදෙනු ලබයි. “හීනමානය” ලෙස තමන් අනෙක් අයට වඩා අඩුයි කියන චෛතසිකයකි.
එය දිගටම කල්පනා කිරීම තුළින් තමන් අනුන්ට වඩා උසස් කියමින් කල්පනා
කිරීම නිසා ගොඩනැගෙන චෛතසිකය ලෙස “සෙයිය මානය” දැක්විය හැකිය. මමත්
ඔවුන්ටම සමානයි හෙවත් මමත් ඔවුන්ට සමාන විය යුතුයි කියන සදිසි මාන
චෛතසිකයයි. මෙම චෛතසිකවල “හොඳ” සහ නරක දෙකම අන්තර්ගත වනු ඇත. උදාහරණයක්
ලෙස රහතන් වහන්සේ නමක් දෙස බලාගෙන මමත් රහතන් වහන්සේ නමක් වනවාය කියන
සිතිවිල්ල නරක දෙයක් නොවෙයි. එය හොඳ දෙයක්. ඕනම හොඳ දෙයක් තුළ නරකකුත්
ඕනම නරකක් තුළ හොඳකුත් අන්තර්ගත විය හැකියි.
මාන්නයේ ධනයෙහි බලයෙන්, කුලයෙන්, ගෝත්‍රයෙන් උසස් අය සමග සමාන කරගන්න
යාම නිසා අපත් එම තලයට ඇතුළත් විය යුතුයි කියන මානසිකත්වය අප තුළ
ගොඩනැගීමට පටන් ගත් පසු එම මාන්නාධික චෛතසිකය තුළ ජීවත්වීම සඳහා අප කරන
ක්‍රියාකාරකම් වල තිබෙන පාපී සහගත බව හෙවත් වැරැදි සහගත බව හෙවත් ඒවායේ
තිබෙන්නාවූ සාපරාධී බව අපට හඳුනාගත නොහැකිය. තමන්ගේ මාන්නාධික බව නිසාම
ඔහු සිතන්නේ එය අනෙකුත් අයට අදාළ කාරණාවක් නොවන බවයි. එනිසා “මාන්නය”
කියන සිතිවිල්ල හඳුනා නොගතහොත් ඔහුට ඇයට එම බාලතාවයෙන් නිදහස් විය
නොහැකිය. “මාන්නය” කියන චෛතසිකයට ගොදුරු වූවාට පසුව පව්කිරීමට තිබෙන
අවකාශය වැඩි නිසා බොහෝ සේ වැරැදි කරනු ලබයි. බුදුසමයට අනුව දෙවන කාරණාව
වන වරද වරද ලෙස නොදක්නේත්, වැරැද්දක් පෙන්වා දුන් විට එය හඳුනාගැනීමට
නොහැකි වන්නේත්, මාන්නය මත පදනම් වූ බාල බව නිසාමයි.
බාලයෙක් වැරැද්ද වැරැද්ද ලෙස නොදකින්නේ ඔහු එළඹී සිටින යම් යම්
දෘෂ්ටීන් නිසා බව තුන්වන කාරණාව ලෙස දැක්විය හැකියි. ඔහු පිළිගෙන තිබෙන
යම් යම් මතවාද නිසාම ඔහු එළඹී සිටින යම් යම් නිගමන නිසා දැඩි අන්තවාදී
දෘෂ්ටිවල නිසා තවදුරටත් දුරකට දැකීමේ හැකියාවක් ඔහුට නැතිව යයි.
විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටිකයකු පරලොව පිළිනොගැනීම ප්‍රශ්නයකි. ඔහු සතර
අපාය, සදෙව් ලෝක, පිළිනොගනී. පරලොව, සතර අපාය, සදිව්‍ය ලෝක පිළිනොගන්නා
මිත්‍යාදෘෂ්ටිකයන් මත පදනම් වී යන ගමනක් යම්කිසි පුද්ගලයකුට තිබෙනව නම්
ඔහුට පව පව ලෙස හඳුනා ගත නොහැකිය. ඔහු දරාගෙන සිටින දෘෂ්ටිය, ඔහු
වැළඳගෙන සිටින මතවාදය පව්, පරලොව සතර අපාය, සදිව්‍ය ලෝක, හෙවත් කර්මය
කර්මපල පිළිනොගනී නම් අනිවාර්යෙන්ම ඔහු අඛණ්ඩව වැරැදි කරයි. එම වැරැදි
පෙන්වා දෙනු ලැබුවත්, එය වරදක් ලෙස පිළි නොගනී. ඒ ඔහු එළඹ සිටින
දෘෂ්ටිය එයට හේතුවයි. මේ ආකාරයට බාලයෙක් බාලකම තුළ අඛණ්ඩව රැඳී සිටීමට
බලපාන්නාවූ හේතු සාධක වන තෘෂ්ණාව, මාන්නය, හෙවත් දෘෂ්ටීන් බව හඳුනා ගත
හැකි. මෙම චෛතසික තුනෙන් යම් කිසි පුද්ගලයකුට යම් මට්ටමකට හෝ ගැලවිය
හැකි නම්, ඔහුට බාල භාවය ඉක්මවාගෙන පණ්ඩිත භාවය කරා හෙවත් අවබෝධය කරා
ගමන් කරන්නට ඔහුට හෝ ඇයට අවස්ථාව ලැබෙනවා.
හේමමාලා රන්දුනු |