ශ්‍රී‍්‍ර පාදස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව
දිනෙන් දින ඉහළ යනවා
-
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමි
සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙන මැදින් පුර
පසළොස්වක පොහොය දිනය සකල ලෝවැසි බෞද්ධ ජනතාවට අති උතුම් දිනයකි.
ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව ඇතුළු සකල ලෝකවාසී බෞද්ධ ජනයාට මැදින් පුර
පොහෝ දිනය කරුණු රාශියකින් වැදගත් වේ.
අති පූජනීය ශ්‍රී පාදස්ථානයේ වාර්ෂික පිරිත් පින්කම ඇතුළු ආගමික
වැඩසටහන් රාශියක් මෙදින සිදු කෙරේ.
මෙදින අලුයම සිල් සමාදන් කරවීම. අති උතුම් සිරිපා පද්මය වෙත බුද්ධ
පූජාව ඇතුළු පූජාවන් පැවැත්වීම සහ පිරිත් දේශනාව පැවැත්වේ.
තිස්වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී
පාදස්ථානය සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන
සැදැහැවතුන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව ශ්‍රී
පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති හා රත්නපුර දිසාවේ
ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ පවසති.
එසේ පැමිණෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පහසුව සඳහා විශාල වැඩකොටසක්
කිරීමට සිදුවූ බවද නාහිමියෝ සඳහන් කරති.
ඒ පිළිබඳව ‘බුදුසරණට’ අදහස් දක්වන ශ්‍රී පාදස්ථානාධිපති නාහිමිපාණන්
වහන්සේ මෙසේ පවසති.
උතුම් ශ්‍රී පාදස්ථානය
සම්මා සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ බුදු පදවියට පත්වීමෙන් නමවන මාසයේදී
තුන්බෑ ජටිලයන් යහමඟට ගෙන එතැන් සිට අපේ රටට වැඩම වූ සේක.
මේ සිදුවීමට දැනට වසර 2600 ක් වේ. සබරගමුවැසි වූ ප්‍රාදේශිය නායක රජෙක්
වන සුමන සමන් දෙවිතුමාගේ ගෞරවනීය ආරාධනාවෙන් රහතන් වහන්සේ පන්සියයක්
සමඟ වැඩමවා සමනල ගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ සේක. එදා
සිට මේ ලක් දෙරණ පාරිශුද්ධත්වයට පත්වුණි. පන්සියයක් රහතන් වහන්සේ සමඟ
පද්මය පාමුල පිහිටි (භගවා ලෙන නම් වූ) ලෙනෙහි දිවා කාලයේ දී විවේක
සුවයෙන් වැඩ සිට නැෙගනහිර දෙස පිහිටි දිග වැව ප්‍රදේශයට වැඩමවා සමාධි
සුවයෙන් වැඩ සිටියහ. ශ්‍රී‍්‍ර ලංකාවේ සතර දිග හා මැද දෙස පූජනීයත්වයට
පත් කොට දඹදිවට වැඩම කළහ. සත්‍ය වූ සිදුවීමකි. එසේ නොවේ නම් මේතාක්
වන්දනා කරමින් ගෞරව දැක්වේ ද? නිර්මාණ දහමක් ද නොවේ. විශ්මිත සිදුවීමක්
වූ හෙයින් සම්‍යක් දෘෂ්ටික සැදැහැවතුන් පමණක් නොව මිථ්‍යා දෘෂ්ටික අය ද
තම තමන්ගේ දෙවියන් ලෙස ගෞරව දැක්වීමට පෙළඹුණි. එදා සිට අද වනතෙක්ම ලොව
සිටින මිනිසුන්ගේ ගෞරවයට පත්ව ඇති මේ උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක
උරුමයන්ගේ පූජනීය උරුමයක් වූ ස්ථානයකි. බෞද්ධ වූ අප හැම සත්‍ය දහමක් හා
සත්‍ය වූ ස්ථාන වන්දනා කරන අයයි. මනඞකල්පිත දහමක් හෝ මනඞකල්පිත
සිද්ධස්ථාන වන්දනා කරන අය නොවේ. අතිදුෂ්කර වූ ගමනක යෙදී වන්දනාවට
පැමිණීම ආශ්චර්යජනකයි. පෙර විසූ රජුන්ගේ අනුග්‍රහයෙන් යකඩ දම්වැල්
සවිකොට එහි එල්ලී ගමන් කළේ ජීවිතය පරදුවට තබා ය. අනුහසින් යුක්තයි.
මුහුදු ගමන්වල යෙදුණ විදේශිකයන්ට දුර සිට දර්ශනය වුණේ ශ්‍රී
ලංකාංඟනාවන්ගේ මුදුන් මල්කඩවන ශ්‍රී පාද පද්මය පිහිටි සමන්ත කූට
පර්වතයයි. චිත්තාකර්ෂණය ඇති කරන පුදබිමක් වෙනත් ලොව ඇති ද? මිනිසුන්
පමණක් නොව සියලු දෙවියන්ගේ ද ගෞරවය ලබන උතුම් වූ ස්ථානයකි. සම්බුදු
පහසින් පවිත්‍ර වූ මේ පුදබිමින් ලක්දෙරණ සරුසාර කොට පෝෂණය කිරීමට
ජලධාරා හතරක් ආරම්භ වීමත් අසිරිමත් ය. සැනසුම් දෙන පරිසරයක් හා ජල
සම්පත ලබාදෙන වෙනත් ස්ථානයක් තිබේ ද? බුදුරදුන්ගේ වැඩම වීමෙන් දහම් අසා
පැහැදී ප්‍රථමයෙන් මාර්ග ඵල ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වූයේ සමනල
ගිරිවැසි සුමන සමන් දෙවියන් ය. එකල අවබෝධ ඥානය ඇති මිනිසුන් මේ ලක්දිව
විසූ බව සත්‍යයයි. මේ ශ්‍රී ලංකාව සුරකින ලක්දෙරණේ පහළ වූ ප්‍රථම
දෙවියා සුමන සුරිඳුන් වේ. මහාවංශය, දීප වංශය, සමන්ත පාසාදිකාව,
පූජාවලිය ආදී බිහි වූ ලේඛනයන්හි විස්තර සඳහන්ව ඇති බැවින් කරුණු
කිවයුතු ද නැත. මිථ්‍යා දෘෂ්ටිකයින් මොන මත ප්‍රකාශ කළත් වෙනස් කළ
නොහැකි වූයේ සත්‍ය නිසාම ය. රටේ බිහි වූ අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි,
ගම්පොළ, මහනුවර රාජධානි යුගවල රජකළ රජුන්ගේ ගෞරවයට පත් වූ බව
පැහැදිළිය. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල, විමලධර්ම, කීර්ති ශ්‍රී
ආදී රජවරු නොයෙක් පුද පූජා සිදුකර ඇති බව ශිලා ලේඛනවලින් හා සන්නස්
තුඩපත් ආදියෙන් ඔප්පු වේ. මහාමේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පත්ව
අභිෂේක ලබා ප්‍රථමයෙන්ම ශ්‍රී පාද වන්දනාවට පැමිණ සමන් සුරිඳුන් උදෙසා
දෙවොලක් තැන වූ බව පැහැදිලිය. එදා සිට සමන්ත කූට මස්තකයේ පිහිටි ශ්‍රී
පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් සැහැදැවතුන්ගේ ගෞරවයට පත්ව
තිබේ. අසමසම වූ මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන්
වහන්සේගේ ශ්‍රී පාද පද්මය මඟුල් ලකුණු එකසිය අටකින් යුක්තය. සමන්
සුරිඳුගේ ඇරයුමින් ඉන්ද්‍ර නීල මාණික්‍යය මත අදිටනින් පිහිටුවා වදාළ
සේක. මිසදිටුවන්ගෙන් වන හානි වළක්වාලීම පිණිස පසුව ආවරණය විය. වෙහෙරක
කොත් කැරැල්ලක හැඩය ගත් පර්වත මස්තකයක් මුදුනට නැග වන්දනා කරන තැනක්
ලොව කිසිතැනක තිබේ ද? මෙවන් අසිරිමත් වූ පුදබිමට පැමිණ වන්දනා කරන්නේ
බුදුරදුන්ගේ වාම ශ්‍රී පාදලාංජනයටයි. උතුම් වූ පූජනීය ශ්‍රී පාද
වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ලොව කිසිම තැනකට නොදෙවෙනි සංකේත දෙකක්
වේ. එකක් මොහඳුර දුරු කරන පහන් ආලෝකය වූ දොළොස්මහේ පහනයි. අනෙක පැමිණ
වන්දනා කළ වාර ගණන සනිටුහන් කරන දොලොවට ඇසෙන ඝන්ඨාරයයි. මෙසේ
සිහිපත්කරමින් නාද කරන ඝන්ඨාරයක් ලොව තිබේ ද? මෙතැන පමණි. දොළොස්මහේ
පහන සුවගෙන දෙන්නකි. එදා සිට සැදැහැවතුන් පහනේ තෙල් ගෙන ගොස් නොයෙක්
ලෙඩ දුක්වලට යොදාගෙන සුව ලබයි. සුවිශේෂය. මේ පිළිබඳ ඈත අතීතයේ සිටම
බැතිමතුන් දැන ඇති බැවින් කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය ද නැත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරයක් තැනීමට ආරම්භ කිරීමට යෙදූ
නමුත් නොයෙක් බාධා පැමිණ ව්‍යර්ථ විය. විමලසුරේන්ද්‍ර මහතා ශ්‍රී පාදයේ
සමන් දෙවිදුට බාරවීමෙන් එය නිරුපද්‍රිතව සිදු කිරීමට හැකිවිය. එම බාරය
ඔප්පු කිරීම පිණිස එදා නොමිලයේම ශ්‍රී පාදස්ථානයට විදුලි ආලෝකය ලබා
දුන්හ. සැමට පිටිවහලක් වුණි. මොරොන්තුඩුවේ ශ්‍රීපා නාහිමියන් වහන්සේ
වැඩි දියුණු කළහ. අපට පාලනය හිමිවීමත් සමඟ රට එක්සේසත් කරමින් සාමය
උදාකළ ශ්‍රී මත් මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමාගේ යුගයේ දී විශාල
සැදැහැවතුන්ගේ පැමිණීමක් සිදුවිය. සැදැහැවතුන්ගේ වන්දනාවට පහසු වන ලෙස
ස්ථානය වැඩි දියුණු කිරීමේ අභිලාෂයෙන් යුතුව සිටින විට ලංකාවේ
සිද්ධස්ථානවලට බොහෝ දායක වූ සැදැහැවතෙක් අපට මුණගැසීමට සැලසුනේ කොළඹ
හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ
ඥානිස්සරාභිධාන පොඩි හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන්ය. එම දායක මහතා මුණ
ගැසීමට පැල්මඩුල්ල රාජ මහා විහාර ආරක්ෂක සභාවේ සභාපති සුනිල් ශාන්ත
වීරසේකර නිලමේතුමාගේ සහාය ද ලැබුණි. රට දැය සමයට හිතැතිව කටයුතු කරන
සැදැහැවතෙක් ලෙස අවබෝධ වූ බැවින් අපේ කැමැත්ත ඇතිව වැඩි දියුණු කිරීම්
ආරම්භ විය. එතුමාගේ මැදිහත්වීමෙන් ශ්‍රීපා උඩමළුව වන්දනාකරුවන්ගේ පහසුව
පිණිස විදුලි පහන් කණු වලින් ආලෝකමත් කිරීම සිදුකළේ නිර්ලෝභීවමයි.
මට අවශ්‍ය වූයේ පොළොන්නරු යුගයේ මහ විජයබා රජතුමා විසින් කරවා තිබූ
සලපතල මළුව හා ප්‍රාකාරය පෙරපරිදිම කලුගලින් නිර්මාණය කිරීමටය. විශාල
වියදමක් දරා අවශ්‍ය ලෙස කලුගල් සකස් කරවා උඩමළුවට ගෙන්නවා ගත්තේ එක්
අයකු ලවා කැලි 4 බැගින්ය. පැරණි ශ්‍රී විභූතියම නැවත ඇති කිරීමට දායක
වුණි.
අක්‍රමවත් ලෙස තිබූ විදුලිය ක්‍රමවත්ව සැලසූ මෙතුමා ස්ථානයේ තව කළයුතු
දෑ විමසීය. ස්ථානයට ගැළපෙන ඝන්ඨාරයක් ද දොළොස්මහේ පහනක් හා ගෙයක්
අවශ්‍ය බව දැන්වීමත් සමඟම ඒක එච්චර දෙයක් නොවේ, අවශ්‍ය කරන පිළිවෙළ
සකස් කර දෙන්න මා එය ඉටු කරන්නම් කීවේ ඉතාම ශ්‍රද්ධාවෙනි. මෙතුමා
මුණගැසීමට හෝ කරදර කිරීමට කිසිවිටෙක යාමට සිදු නොවිණි. තුසිත මහතා හා
එම මහත්මිය ශ්‍රද්ධාවෙන් යුක්ත බව ද දැනුණි. අපගේ කැමැත්ත ප්‍රකාශ
කිරීමෙන් පසු කියා සිටියේ වසර විස්සක විතර සිට මේ ස්ථානයේ දියුණුවට
කුමක් හෝ කිරීමට අදහස් කරගෙන සිටිය බවයි. සාධාරණව උපයා සපයා ගත් ධනය මේ
වෙනුවෙන් වියදම් කිරීමට සූදානම්. හොඳ කීපදෙනෙක් යොදවන්නම්. බණ්ඩාර
නමැති මහතෙක් ද නුවන් කියන මහත්මයෙක් ද තවත් හිතවත් කීපදෙනෙක් ද
සිටිනවා. ඒ අයට භාර දෙන්නම් වැඩකරගෙන යාමට.
ඒ අනුව රජයට හෝ වෙනත් කිසිම ආයතනයකට වියදමක් බරක් නොවන ලෙස සිදු කිරීම
උදාර ගති ලක්ෂණයකි. විශ්වාසවන්තව කිසිම ලාභ ලෝභයක් ගැන නොසිතා ක්‍රියා
කිරීම හේතුවෙන් අතිදුෂ්කරව සිදුකළත් කිසිදු ආපදාවක් හිරිහැරයක් නොමැතිව
මහා භාරධූර වූ කාර්ය නිම කිරීමට හැකිවූයේ තෙරුවන් කෙරෙහි හා දෙවියන්
කෙරෙහි අචල ශ්‍රද්ධාව තිබුණ නිසා බව පැහැදිලිය. මෙතෙක් සිදු නොකළ
විශ්මිත ක්‍රියාදාමයන් උපයෝගී කර ගනිමින් අඩි දහස් ගණනක් උඩ පිහිටි
සිරිපා මළුවට පූජාවන් සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන ගියේ ලොව මවිතයට පත්
කරවමින්ය. ක්‍රියාදාමයට සහයෝගය ත්‍රිවිධ හමුදාවෙන් හා සිවිල් ආරක්ෂක
බළකායෙන් ද පොලිසියෙන් ද නොඅඩුව ලැබුණි. දායක මහතා කෙරෙහි විශ්වාසය
හේතුවිය. සහභාගී වූ සියලු පිරිස නිර්මාංශ ආහාර අනුභව කරමින් බුදුන්
දෙවියන් වඳිමින් පේවී ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි. තරුණ පිරිස තුළ
හැබෑ බෞද්ධ ගති ඉස්මතු කිරීමට දායක වීමත් මහඟු පින්කමකි.
සත්‍ය වශයෙන්ම බුදුරජාණන්ගේ ශ්‍රී පාදය පිහිටා ඇති බවත් ශ්‍රී සුමන
සමන් දෙවියන් වැඩ සිටින බවත් ඒකාන්තයෙන්ම තහවුරු කරමින් සිදුවූ
ක්‍රියාවන් විස්මිතය. මොහොතින් මොහොත වෙනස් වන ගුවන් තලය ඉඩකඩ සැලසුවේ
දෙවියන් ජීවමාන කරවමිනි. ගුවන් යානය සහිතව බර ටොන් දොළහකට අධික වුවත්
වැහි කුණාටුවකට හෝ කෝඩයකට සුළඟකටවත් අසුනොවී දෙවියන් විසින්
පිළිගත්තාක් මෙන් සිද්ධවීමත් ආශ්චර්ය වූ කරුණකි. තෙල් එකතුවන පාත්‍රයක
හැඩය ගත් ගල් බඳුන කිලෝ 1260ක් බරය. ඉහළට ඔසවාගෙන යද්දී මළුව වසා සිටි
කෝඩය සහිත වළාකුළු රොද කවුරුන් විසින් හෝ අයින් කොට එතැනට ආලෝකයක්
ලබාදී නියමිත තැන තැබූ හැටි විස්මිතයි. දෙවියන් වැඩසිටින බව සැමට ඒත්තු
ගැනෙණ කරුණකි. රාජකාරිවල නිරතව සිටි තරුණ පිරිස ජීවිතයේ කිසිදාක නොවිඳි
සතුටක් ලැබූ බව පැවසුවේ අවංක සිතින්මයි. ඔවුන් ද සහභාගි වී සිදුකළේ
අමරණීය පින්කමකි. කාලය, ශ්‍රමය, ධනය කැප කරන දායක මහතා ඉමහත් සතුටින්
ගත කරනවා දැකීම අපෙත් සතුටකි. මළුවේ ඉඩකඩට කිසිම බාධාවක් නොමැතිව පෙර
ඝන්ඨාරය තිබුණ තැනම කැටයම් සහිත ගල් කණු ද ඉහළින් ඇත් රූප ද සවිකොට
උසස් නිර්මාණයක් ඇති ඝන්ඨාරය සවි කිරීම, මීට පෙර තාප්පය උඩ යකඩ බටයක
එල්ලූ කුඩා ප්‍රමාණයේ ඝන්ඨාර දෙකකි. (එයටත් අසුබවාදීන් නොයෙක් කටකතා
පතුරුවයි) කටුගෙයක තබන්නටවත් හොඳ ද මන්දා. පෙර පහන තිබූ ප්‍රදේශයේම
පහන් ගේ සහිත පහන සකස් කිරීම, මේ ගැනත් නරුමවාදීන් නොයෙකුත් අභූ®ත
චෝදනා කරමින් කතා පැතිර වීමට වෙර දරා ඇති බව දැනගන්නට ලැබුණි.
පෙර පහන තිබූ තැන බිම දුටුවෙමි. ආවරණය කර තිබූ දෑ වතුර ටැංකිය ළඟ බිම්
මට්ටමේ පන්සලක ඇති පිත්තල පහන් දෙකක්ම දැනුත් තිබේ. පවතින හොඳ දෙයක්
සිදු කිරීමට යන විට මෙවැනි අයගෙන් හිරිහැර ලැබීම ස්වභාවිකයි. විමසීමෙන්
තොරව පරිසරවේදීන් යැයි කියමින් මනස්ගාත දොඩවන අය එමට ඇත. ඔවුන්ගේ ජීවිත
පරිසරය සාර්ථක වේ ද? මාධ්‍යයට මනස්ගාත දොඩවන්නෝ උඩින් වළක් යටින් වළක්
ගුහාවක් ඒ මේ අය කීවේ මෙසේය. ඕකයි නොකළේ කියමින් උතුම් කාර්ය හෑල්ලුවට
ලක් කිරීමට වෙරදැරූ හැටි පෙනුණි. උතුම් වූ සද් ක්‍රියාවක් දැක සතුටු
විය නොහැක්කේ කැත කුණු හොයන සතුන්ටය. පර්වතයට හෝ පරිසරයට කිසිදු බරක්
අපහසුවක් නොමැතිව පහන් දැල්වීමට ඇති ප්‍රදේශයේම පිළිවෙළට පිරිසුදුවට
කලාත්මකව ගල් කැටයම්, පිත්තල කැටයම්, දැව කැටයම් සහිතව පහන් ගෙය විහාර
උළු සෙවිලි කර කොතක් තබා නිර්මාණය කර ඇත්තේ බැතිමතුන්ගේ ප්‍රයෝජනය
පිණිසයි.
මේ දායක මහතාට නියම ඉංජිනේරුවරුන් හා කලා ශිල්පීන් රාශියකගේ සහයෝගය
ලැබී ඇත. වේතනයට සීමා නොකළ මෙහෙවරක් සිදු කිරීම පින් වැඩීමට හේතුවකි.
මිල කළ නොහැකි මහා පින්කමක් සිදු කළේ හුදුබැතියෙන් බව නිතර නිතර
සිහිපත් කරන්නේ සතුටිනි. සහයෝගය දැක් වූ සියලුදෙනාට පින් සිදු වේවා.
මේ අසිරිමත් අවස්ථාව දැක ගැනීමට අප රටේ නායකතුමා බොහෝ සතුටින් කතා කළා.
කෙසේ හෝ දැක ගැනීමට පැමිණෙන බව ප්‍රකාශ කිරීම ගරු කළ යුතු කරුණකි.
බුදුරජාණන් වහන්සේ වැඩම කළේ රහතුන් වහන්සේ පන්සිය නමක් සමගිනි. බුදුවී
ලක් දෙරණට වැඩ වසර 2600ක් පිරුණු මේ වර්ෂය සුවිශේෂයි. එබැවින් රුහුණු,
මායා, පිහිටි ත්‍රි සිංහලයම නියෝජනය වන පරිදි මහානායක, අනුනායක, නායක
මාහිමිවරු ඇතුළු පන්සිය නමක් මහ සඟරුවන වැඩමවා රටේ නායකතුමාගේ
ප්‍රධානත්වයෙන් විවෘතය සිදු කොට පූජා පැවැත්වීම වැදගත් සිදුවීමක්වේ.
තවත් විශේෂ සිද්ධියකි, ‘කැන්ඩි සිටි සෙන්ටර්’ අධිපති තුසිත විජේසේන
දායක මැතිතුමාගේ, මැතිනිය සන්තක රන් භාණ්ඩවලින් බුදුන් පිදීම සඳහා භාජන
සකස් කොට පූජා කිරීමට සුදානම්ව සිටීම ශ්‍රද්ධා භක්තිය දනවන උතුම්
පින්කමකි. එදිනට කිරිපිඬු පුදන්නේ එම භාජනවලිනි. දෙමව්පිය, ගුරුවර,
නෑසියන්ට හා රට වෙනුවෙන් දිවි පිදූ සියලු දෙනාට නිවන් පතාය.
මේ මහා පින්කම සිදු කළේ 2014 පෙබරවාරි මස 07 වන දාය. බුද්ධ වර්ෂ 2557ක්
වූ නවම් පුර අටවක තිථිය ලත් කිවි දින දී ය. සමන් සුරිඳුට පින් දී රට
රැකීමේ ප්‍රාර්ථනයෙන් ය.
සටහන : වෙල්ලස්සේ බණ්ඩාර |