තම පුතු බුදු වූවා යැයි සැලවීමෙන් සුද්ධෝදන මහ රජතුමා මහත් සොම්නසට පත්
වූහ. බුදුරදුන් මගධ රාජ්‍යයේ වෙසෙන බව දැනීමෙන් ඒ සතුට දෙගුන තෙගුණ
විය.
තම පුතනුවන් කිඹුල්වත්පුරයට වැඩම කරගෙන ඒම සඳහා රජු වරින්වර පිරිවර දහස
බැගින් ඇමැතියන් නව දෙනෙකු පිටත්කර හැරියහ. රජු ඇතුළු ඥාති පිරිස
විස්මයට පත්කොට ඒ සෑම දෙනාම සසුනෙහි පැවිදි වූ නමුත් සුද්ධෝදන රජුගේ
අරමුණ
ඉටු නොවූහ. එහෙත් රජු තමාගේ අරමුණ අත් නොහැරී ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි
සම්බුද්ධ ශාසනයෙහි විශාල වෙනසක් ඇති වූ දිනයක් ලෙස මැදින් පුර පසළොස්වක
පොහොය හැඳින්විය හැකිය. මංගල කාරණාවන් අතර බුදුරදුන්ගේ ඥාති සංග්‍රහය
සිදුවූ උතුම් පොහොය මැදින් පොහොය යි. මෙය එක් සිද්ධියක් වුවද ඒ තුළ ඇති
වූ ශාසනික වෙනස සුළු පටු නොවේ.
තම පුතු බුදු වූවා යැයි සැලවීමෙන් සුද්ධෝදන මහ රජතුමා මහත් සොම්නසට පත්
වූහ. බුදුරදුන් මගධ රාජ්‍යයේ වෙසෙන බව දැනීමෙන් ඒ සතුට දෙගුන තෙගුණ
විය. තම පුතනුවන් කිඹුල්වත්පුරයට වැඩම කරගෙන ඒම සඳහා රජු වරින්වර
පිරිවර දහස බැගින් ඇමැතියන් නව දෙනෙකු පිටත්කර හැරියහ. රජු ඇතුළු ඥාති
පිරිස විස්මයට පත්කොට ඒ සෑම දෙනාම සසුනෙහි පැවිදි වූ නමුත් සුද්ධෝදන
රජුගේ අරමුණ ඉටු නොවූහ. එහෙත් රජු තමාගේ අරමුණ අත් නොහැරී ය.
සිදුහත් කුමරුගේ සම වයස් ඇමැතියෙකු වූ කළුදායි ඇමැතියා අවසන් වරට මේ
කටයුත්ත සඳහා යොදා ගැනුණි. ඔහුගේ ඉල්ලීම වූයේ තමන් ට පැවිද්ද සඳහා අවසර
දෙන්නේ නම් බුදුරදුන් කිඹුල්වතට වඩම්මාගෙන ඒමට කටයුතු කරන බව යි.
රජුගෙන් එම අවසරය ලැබීමෙන් පසු පෙර සේම දහසක සේනාවක් සමඟ මගධ රාජ්‍යයට
පිටත්ව ගියහ. බුදුරදුන් ගෙන් පැවිද්ද ලැබීමෙන් අනතුරුව රහත් භාවයට
පැමිණෙන කාළුදායි තෙරුන් තම දූත මෙහෙවර මෙසේ ආරම්භ කළේය.
“වෘක්‍ෂලතාවෝ මලින් බරවී ඇත. පළතුරු රසයෙන් අවට සුවඳ දෙති. එහෙයින්
හිමියනි කිඹුල්වතට වැඩීමට සුදුසුම කාලය මෙය යි. වඩිනු මැනවි”
මෙලෙස නොයෙක් ආකාරයෙන් පරිසරය වර්ණනාවට පත් කළහ. ස්වභාව දහම මෙන්ම
මනුස්ස ප්‍රජාව බුදුරදුන්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් කළහ.
අවසාන වශයෙන් කාළුදායි රහතන් වහන්සේ මෙසේ ඉල්ලීම් කරයි. “පිය
මහරජතුමාණන් ඔබ වහන්සේ වඩිනා මග බලා හිඳීනවා සෙනෙහෙබර පුතෙකු ආදරවන්ත
පියෙකුට දිය යුතු උතුම් වූ දායාදය පියරජු ට ලබාදෙනු මැනවි”
තමන් වහන්සේ තම ඥාතීන්ගේ දෙලොව දියුණුවට ධර්මය දේශනා කිරීමට පැවැති
අදහස තවත් මේනිසා ඉක්මන් විය. මේ ගමනේ දී අරමුණු රාශියක් සිදු වූහ. එය
මෙසේ දැක්විය හැකිය.
ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම
න්‍යග්‍රෝධාරාම පූජාව පිළිගැනීම
යසෝදරාවට සදකිඳුරු ජාතකයෙන් ධර්ම දේශනා කිරීම
නන්ද කුමරු පැවිදි කිරීම
රාහුල කුමරු පැවිදි කිරීම
පැවිදි කිරීමේ හැකියාව ශ්‍රාවකයන්ට ලබාදීම
ශාක්‍යයන් මාන්නයෙන් අධික වූවෝ වූහ. එහෙයින් බාල පිරිස් ලවා බුදුරදුන්ට
වැන්ද වූහ. එහිදී යමාමහ පෙළහර පා පළමු වරට මාන්නය දුරු කළහ. එහි දී
සුද්ධෝදන රජතුමා ගේ තුන් වන වැදීමද සිදු විය. දෙවැනි වර බුදුරදුන්
ප්‍රමුඛ විසිදහසක් භික්‍ෂූන් කිඹුල්වත්පුර පිඩුසිඟා වැඩියහ. ඊට හේතු
වූයේ කිසිවෙකු රජගෙදර දනට ආරාධනා නොකිරීමයි. එවේලෙහි සුද්ධෝදන රජු බොහෝ
සෙයින් ලජ්ජාවට පත්ව මෙසේ නො කරන්න යැයි පැවසූහ. රජ තුමනි, මේ අපේ
වංශයේ ක්‍රියාවන් බව රජුට බුදුරදුන් දේශනා කළහ. මෙය අරමුණු කරගනිමින්
ශාක්‍යමානය දුරු කිරීම සඳහා ධර්ම දේශනා කළහ.
උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතංචරේ
ධම්මචාරී සුඛං සේති – අස්මිං ලෝකෝ පරම්හිච
පිණ්ඩපාතයෙන් නැඟී සිටිමින් ප්‍රණීත දෑ නොසොයමින් සසර යහපත සලසා ගන්නවා
යනුවෙන් පිය රජතුමන්ට ආර්යයන් වහන්සේලාගේ හෙවත් බුද්ධවංශයේ ස්වභාවය
පැහැදිළි කර දුන්හ.
ඥාතීන් විසින් න්‍යග්‍රෝධාරාමය බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය වෙත පූජා කිරීම
මෙම ගමනෙහි තවත් සුවිශේෂත්වයකි. එය ශාසනයෙහි දෙවන ආරාම පූජාව යි.
යසෝදරාව කළ කැපකිරීම් තම පිරජුගෙන් ද දැන ගැනීමෙන් අනතුරුව ඇයගේ
මාලිගයට වැඩම කර දම් දෙසූහ. මේ භවයේ දී පමණක් නොව යසෝදරාව සසර බොහෝ
භවයන්හි දී මෙම කැපකිරීම් සිදු කළ බව දේශනා කොට සඳකිඳුරු ජාතකයෙන් ධර්ම
දේශනා කළහ.
නන්ද කුමරුගේ ඔටුනු පැළඳවීම, ගෙවිදීම හා විවාහ මංගල්‍ය එකම දිනක
සිදුවීමට තිබුණි. මේ අවස්ථාවේ ඔහු විහාරස්ථානයට කැඳවාගෙන ගොස් පැවිදි
කළහ. එපමණක් නොව උපායශීලීව ආර්ය විමුක්තිය ලබාදීමට කටයුතු කළහ. තමන්
වහන්සේ ලද ආර්ය තත්ත්වයෙන් තම සහෝදරයාට මෙසේ බුදුරදුන් සංග්‍රහ කළහ.
මෙය සිදු වූයේ කිඹුල්වත් පුරයට වැඩමවා තුන්වන දිනයේ දීය.
කිඹුල්වතට වැඩම වීමෙන් සත්වන දින රාහුල කුමරු පැවිදි කරවී ය. එනම්
දායාද ඉල්ලීමට පැමිණි අවස්ථාවයි. සැරියුත් හිමියන් අමතා රාහුල කුමාරයා
පැවිදි කිරීමට බාර දුන්හ. එතෙක් පැවිදි කිරීමේ බලය ශ්‍රාවකයන්ට
නොතිබුණි. ඊට නිදසුනක් මෙහිදී සොයාගත හැකිය. එනම් රාහුල කුමරු කෙසේ
පැවිදි කරන්නේ දැයි සැරියුත් හිමියන් බුදුරදුන් ගෙන් මෙසේ විමසීය.
“කථං භන්තේ රාහුල කුමාරං පබ්බාජේමි”
ක්‍රමික සාසනික පැවිද්ද ඇරඹීම කිඹුල්වත් පුර ගමනේ තවත් එක් සිදුවීමකි.
සරණා ගමන පැවිද්ද ඇරඹීම ශාසනික වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයකි. එතෙක්
පැවතියේ ඒහිභික්ඛු මහණ උපසම්පදාව ය.
ඥාතීන්ට බොහෝ සෙයින් අනුග්‍රහ පිණිස කිඹුල්වත්නුවර වැඩසිටි බුදුරදුන්
ප්‍රමුඛ විසිදහසක් පමණ භික්‍ෂූන් වහන්සේ ඉන් අනතුරුව මල්ල රට අනුපිය
නම් අඹ වනයට වැඩියහ. එසේ නමුත් සසුන පිළිබඳ මහත් ශ්‍රද්ධාවෙන් කටයුතු
කළ සුද්ධෝදන රජු රාහුල කුමරුගේ පැවිද්ද සමඟ විශේෂ ඉල්ලීමක් ද කළහ. එනම්
දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස ය. එම ඉල්ලීම
බුදුරදුන් විසින් පිළිගෙන ශ්‍රාවකයනට එසේ නොකරන ලෙස පැනවීමක් ද කළහ.
බුදුරදුන් කිඹුල්වතින් වැඩම වීමෙන් අනතුරුවද සුදොවුන් රජුගේ මෙහෙයවීම
මත බොහෝ ශාක්‍ය කුමාරවරුන් සසුන්ගත වූහ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස
භද්දිය, ආනන්ද, අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත සසුන් ගත වූහ.
මේ ආකාරයට මැදින් පුර පසලොස්වක පොහෝදා සිදුවූ කිඹුල්වත් පුර ගමන ශාසනික
වශයෙන් බොහෝ වැදගත්කම් සිදු වූ පුජනීය පොහොය දිනයකි. |