යමුණාවේ මහා පුරුෂයා එච්.ශ්‍රී. නිශ්ශංක
වංශනාථ විජේසිංහ
(ශ්‍රී නිශ්ශංක පදනමේ අනුශාසක)
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්
මෙරට බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට යටත්ව තිබූ සමයේ අප රටේ ප්‍රභූ පවුල්වල
ඇතැම් පිරිස් සවස් යාමයේ විනෝදය හා ශාරීරික ව්‍යායාම පිණිස කොළඹ
ගාලුමුවදොරපිටිය හරහා අසුපිටින් ගමන් කිරීම දෛනික සිරිතක් කරගෙන
තිබුණි. ඩී.එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, සොලමන් ඩයස් බණ්ඩාරනායක
(දිවංගත අගමැති බණ්ඩාරනායක මහතාගේ පියා) මේ අතර එච්.ශ්‍රී. නිශ්ශංක
මහතාද දිනක් සුපුරුදු පරිදි තමා සතු දුඹුරු පැහැති ජව සම්පන්න අශ්වයා
වේගයෙන් ගාලුමුවදොර හරහා පැන්නවිය. මෙකී දර්ශනයෙන් කෝපයටපත් මේජර්
විල්ටන් නමැති බ්‍රිතාන්‍ය ජාතික බන්ධනාගාර අධිකාරිවරයා නිශ්ශංකයන්ගේ
මඟ හරස්කර නවතා කව්ද තමාට මෙතරම් වේගයෙන් අශ්වයා පැන්නවීමට අවසර දුන්නේ
යැයි තර්ජනාත්මක ස්වරූපයෙන් විමසීය. මෙයින් වඩාත් කෝපයටපත්
ශ්‍රී.නිශ්ශංකයන් ක්‍ෂණයකින් තම දබර ඇඟිල්ල විල්ටන් මහතා වෙත දිගු
කරමින් වේගවත් ලෙස ප්‍රකාශ කළේ මගේ මව්බිමේ ඕනෑම වේගයෙන් අසුපිටයාමට
කාගෙන්වත් අවසර ඕනෑ නෑ. ඔබ වැනි කෙනෙකුට මෙය නොරුස්සන්නේ නම් අසල තිබෙන
මුහුදට පැන ලා යා හැකි බවයි.
ළමා වියේදීම අධිරාජ්‍ය විරෝධි අරගලයේ සැබෑ කොටස්කාරයකු වී තමාට පෙර රට
යන්න ආදර්ශ පාඨය පෙරට තබා කටයුතු කළ දේශප්‍රේමියෙකි.
මෙරට කීර්තිමත් වීරවරයින්ගේ පුණ්‍යවන්ත නිජබිමක් වූ දකුණුලක
බලපිටිපුරවරයේ ගරු මුණි වලව්වේ දී 1898 ජනවාරි 17 දී උපත ලද හර්බට්
ශ්‍රී. නිශ්ශංක මෙන්ඩිස් මූලික අධ්‍යාපනය කොළඹ ආනන්දයෙන්ද උසස්
අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමැති අති දැවැන්ත මහා වෘක්‍ෂය ගොඩනැඟීමේ
සැබෑ පුරෝගාමියා රාජ නීතිඥ එච්.ශ්‍රී නිශ්ශංක මහතා ය. බුදු දහමින්
පෝෂණය කරගත් මනසින් යුක්තව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තේමා කරගෙන රටට
අවැසි ගම්බද ජනයාට සමීප විය හැකි ලෙස පක්‍ෂ ව්‍යවස්ථාව සකසා තමාගේ නමට
යෙදෙන ශ්‍රී.නි. යන්න යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙසද වර්ණය,
නිල්පාට ද,,ලාංඡනය අත ලෙස ද යෝජනා කරමින් තමා සමඟ එකට එංගලන්තයේ
ඔක්ස්ෆඩ් සරසවියේ ඉගෙනගත් කළණමිතුරු බණ්ඩාරනායක මහතාට සඟ වෙද ගුරු ගොවි
කම්කරු පංචමහා බලවේගය ඉදිරියට ගෙනයාමට බාර කළේ ය. බලතන්හාවෙන් තනතුරු
වරප්‍රසාද ගැන නොසිතා බෝධිසත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් කළ මේ කැප
කිරීම වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම ඇතැමෙක් නොදැනීම කණගාටුවට
කරුණකි. පක්‍ෂය ගොඩනැඟීමේ ආරම්භය පිළිබඳ ලිපිගොනු සේයා සටහන්
නිශ්ශංකයන්ගේ දිනපොත් පිරික්සීමේ දී පැහැදිලි ලෙස දැකගත හැකි විය. එසේම
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමට සාකච්ඡා කළ මේසය, පුටු හා අත්සන්
කළ පෑන පවා තවමත් නිශ්ශංක මහතාගේ යමුණා මන්දිරයේ (වර්තමානයේ යමුණා
සදහම් ආශ්‍රමයේ දක්නට තිබෙන්නේ ය. මේවා සංරක්‍ෂණය කර අනාගත ජනතාවට
දැකබලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම වගකිවයුතු සැමගේ යුතුකමක් වන්නේ ය.)
මෙරට විසූ නිහඬ විද්වතකු වූ නිශ්ශංක දිවේරිස් මෙන්ඩිස් හා අනෝමා
වික්‍රමරත්න සොයිසා ළමතැනී මෙතුමාගේ මව්පියෝ ය. සොහොයුරියන් වූයේ
ඩොරති, හැරියට් හා චාලට්ය. සෙනෙහෙබර බිරිඳ මියුරියෙල් නිශ්ශංකය. දූ
දරුවෝ, යමුණා, ගීතා හා රංජිත් ය. මුහුණුපුරු මහාචාර්ය රන්දිවි නිශ්ශංක
කරුණාරත්න හා ආචාර්ය අවන්ති නිශ්ශංක කරුණාරත්නය.
එක්තරා වකවානුවක බුරුම සම්ප්‍රදායට අනුව පැවිදිව එරට වැඩම කරවා ඉතා
ගැඹූරින් ත්‍රිපිටකය හා භාවනා ක්‍රම පිළිබඳව හැදෑරුවේ ය. පසුව තම
මව්පියෝ රෝගාතුරව ගත කරන බව සැලවී ලංකාවට වැඩම කරවා මහා සංඝයා රැස්කර
කරුණු වටහා දී උපැවිදි වූහ.
උපන්ගෙයින්ම ධෛර්යවන්ත නායකත්ව ලක්‍ෂණ පෙන්නුම් කළ මෙතුමා වැඩිදුරටත්
නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆඩ් සරසවියට ඇතුළත් විය. ලංකාවෙන්
ගොස් එම සරසවියේ නීතිය හැදෑරූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා
හමුවන්නේ ය. දෙදෙනා නොබෝ දිනකින්ම ලෙන්ගතු මිතුරෝ වූහ. බුදු දහමේ ඇති
යථාර්ථවාදී බව හෙළ සංස්කෘතියේ වටිනාකම ගැන ඉඩලද හැම මොහොතකදීම
බණ්ඩාරනායක මහතාට පහදා දෙමින් ශ්‍රී. නිශ්ශංකයන් දැනුම බෙදා හදා ගත්හ.
නීති ක්‍ෂේත්‍රයේ දැනුම පුළුල් කරගෙන 1924 ලංකාවට පැමිණ තම වෘත්තියේ
කටයුතු කිරීම ඇරඹීය.
වර්ෂ 30 – 40 දශකවල අපරාධ නඩු සම්බන්ධ මෙරට විසු අති දක්‍ෂතම
නීතිවේදියා මෙතුමා ය. තියුණු තාර්කිකත්වය, ව්‍යක්ත කථිකත්වය, ප්‍රසන්න
බව නිසාම යසස රටපුරා පැතිර ගියේ ය. සිංහල, ඉංගී‍්‍රසි, පාලි,
සංස්කෘතික, බුරුම, හින්දි ආදී භාෂා පිළිබඳව නිපුණත්වය තුළින් උපරිම ලෙස
තම දක්‍ෂතා විදහා දැක්වීමට මෙවළමක් කර ගත්තේ ය.
අතිබිහිසුණු ජාතිවාදී අරගල, ආගම්වාදී අරගල මෙතුමාගේ සමාජ මැදිහත්වීම
තුළින් විසඳා ගැනීමට හැකි වූ අවස්ථා බොහෝ ය. අපේ ලංකා, එංගලන්ත
ඉතිහාසය. ලංකා දණ්ඩ නීතිය, සල්ගල පුදබිම වැනි ග්‍රන්ථ වල කතුවරයාද
හෙළදිව, සංඛ නාද නමැති පුවත්පත් වල කතුවරයා ලෙසින් ද, චිත්‍ර
ශිල්පියෙකු ලෙසින් ද විවිධ වූ දැනුම පෙන්වීමට සමත් විය.
නිදහසින් පසු කුරුණෑගල පළාත නියෝජනය කරමින් පළමු පාර්ලිමේන්තුවේ
මන්ත්‍රීවරයකු ලෙසින් ද කොළඹ – වැල්ලවත්ත කොට්ඨාසයේ නිතරඟ
මන්ත්‍රීවරයෙකු ලෙසින් ද තේරීපත් වීම ද සුවිශේෂය.
උතුම් මිනිසුන්ගේ ජීවිත කාලය කෙටිය. සුවඳැතිමල් ඉක්මනින් පරවියන්නාසේම
56 ජනතා අරගලයේ සැබෑ ආශ්වාදය විඳ ගැනීමට දැක ගැනීමට පෙර 1954 පෙබරවාරි
26 තම යමුණා මන්දිරයේ බුදුරුව දෙස බලාගෙනම අවසන් හුස්ම හෙලීය. ඒ වන විට
එතුමාගේ වයස 54 කි. එදා සුප්‍රසිද්ධ යමුණාව අද යමුණා සදහම් ආශ්‍රමය බවට
පත් කරමින් ඥාති පිරිස් මහා සඟරුවන වෙත පූජා කර තිබේ.
පෙබරවාරි 26 යෙදුනු මේ යුග පුරුෂයාගේ 60 වන ගුණ සමරුව වෙනුවෙන් නිශ්ශංක
සමරු සංසඳය මඟින් විශේෂ ආගමික වැඩසටහන් හා අඩු ආදායම් ලාභී පාසල් දරු
දැරියන්ට පාසල් උපකරණ බෙදා දීමක් කොළඹ දෙමටගොඩ නාගදීප ශාඛා මහා
විහාරස්ථ දහම් මන්දිරියේ පැවැත්විණි.
|