UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2014 පෙබරවාරි 22 වන දා

ආදි කර්තෘ උදාර මෙහෙවර සමරමු

ජාතික, ආගමික, අධ්‍යාපනික, සාමාජික ආදී කවර අංශයක හෝ මෙහෙවරක නිරත විය හැකි නම් එය උදාර මෙහෙවරකි. අතීතයේ රාජ රාජ මහාමාත්‍යාදීන් එදා සිදු කළ උදාර මෙහෙවර අදත් අපි මහත් උදාරත්වයෙන් සිහි කරනු ලබන්නේ කෘතගුණ දක්වන පිරිසක් වශයෙනි.

ඓතිහාසික මෙහෙවරක නිරත වූ උදාර යුග පුරුෂයන් වෙත කළගුණ සිහිපත් කරමින් මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.

කළගුණ සැලකීමේ උදාර සිරිත ලොවට ආදර්ශයෙන් පෙන්වා වදාළේ ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසිනි.

ගෞතම මහ බෝසත්තුමා අසිරිමත් සම්මා සම්බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ උන්වහන්සේට සෙවණ සලසන ලද අසිරිමත් මහ බෝධීන් වහන්සේ වෙත බුද්ධත්වයෙන් දෙවන සතියේ දී කළගුණ සලකන ලද්දේ පුරා සතියක් මුළුල්ලෙහි අනිමිස ලෝචන පූජාව පවත්වමිනි.

එසේ ශාන්ති නායක තථාගත බුදුපියාණන් වහන්සේ ලොවට ආදර්ශයෙන් පෙන්වා වදාළ කළගුණ සැලකීම බෞද්ධයන් උදාර චාරිත්‍රයක් ලෙස අනුගමනය කරනු ලැබේ.

තමා වෙත සුළුවෙන් හෝ උපකාරයක් සිදු කරන ලද තැනැත්තකු සිහිපත් කර කෘතෝපහාර දැක්වීම මිනිස්කමට පමණක් නොව බෞද්ධකමට ද මහත් ගෞරවයක් ගෙන දෙන්නකි.

දිගු කලක් ලොව යහගුණයෙන් බැබළීම සිදුවනුයේ ද කළ ගුණ සිහි කිරීම නිසාමය.

අසිරිමත් බුදුසිරිතෙහි ලොවට පළමුව දුන් ආදර්ශය අනුගමනය කිරීමට හැකිවීම අප ලද භාග්‍යයක් ලෙස සලකමු.

රට, දැය, සමයට මෙහෙවර කළ වෙසෙස් ගිහි පැවිදි උතුමෝ බොහෝ ය. එබඳු උසස් මෙහෙවර කළ උතුමන් සිහිපත් කිරීම මඟින් සිදුවන පළමු මෙහෙවර නම් කළගුණ සැලකීමය.දෙවැන්න නම් එබඳු මෙහෙවරයන්හි අනාගත පරපුරද යොමු කිරීමට පෙළඹවීමද වේ.

මහ සයුරවන් මහා වැව් ආදිය තනා රට සශ්‍රීක කරවීමටත් මහ දාගැබ් තනවා අධ්‍යාත්මික සුවය ජනතාව වෙත ළඟා කරවීමටත් ක්‍රියා කළ හෙළ මහරජ දරුවන් අද පවා සිහිපත් කරනුයේ එසේ කළ මහ මෙහෙවර නිසාමය.

වත්මන් ජන සමාජය ආදර්ශවත් සමාජ මෙහෙවරෙහි නිරත වන විට අනාගතයේ දී පහළ වන සමාජය එය මහත් ඉහළින් සමරනු ඇත. අගයනු ඇත.

අපේ රටේ පත්තර කලාවේ මහ ගෙදර ලෙස බුහුමන් ලබනුයේ ලේක්හවුස් ආයතනයයි. ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම සමරු දිනය මෙම මස 23 වනදාට යෙදී ඇත. ඒ ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 128 වන ජන්ම සමරු දිනයයි.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරු නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වාර්ෂිකව පින්කම් මාලාවක් පවත්වනු ලැබේ.

මනුෂ්‍යයා හැම විට දැනුමෙන් පෝෂණය විය යුතුමය. එසේ දැනුමෙන් පෝෂණය වන මනුෂ්‍යයා සමාජයට සිදු කරනුයේ උදාර සේවයකි.

දැනුම, අවබෝධය ලැබීම ජීවිතයේ එක්තරා සමයකට පමණක් සීමා කළ නොහැකි ය. ඊට සීමා පැනවියද නොහැකිය.

මෙරට නිදහස්, නිවහල් දේශයක් බවට පත් කර ගැනීමට ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් සිදු කළ මෙහෙවර ආදර්ශවත් ය. ඒ සඳහා ජනතාව යොමු කරවීමට ස්වකීය දායකත්වය සැපයීමට එතුමා ඇප කැප වීය.

පත්තර මහ ගෙදර, මනුෂ්‍යයාගේ නැණැස පාදමින් බුද්ධි ප්‍රබෝධයට දක්වන උදාර දායකත්වය තවත් චිරාත් කාලයක් සිදු කෙරෙනු ඇත. එදා ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් පත්තර මහ ගෙදර මඟින් දැනුම් පිපාසිත ජනතාවගේ දැනුම සංසිඳවීමට කළ මෙහෙවර රට පුරා ව්‍යාප්ත වී ගියේ ය. සිංහල, ද්‍රවිඩ, ඉංගී‍්‍රසි භාෂාත්‍රයෙන් පුවත්පත් මුද්‍රණය වී දැයට දැනුම සපයමින් මහා වනස්පතියක් අතු පතර විහිදී යන්නාක් මෙන් කාලයත් සමඟ පත්තර මහ ගෙදර සේවාව රටපුරා පුළුල් ලෙස ව්‍යාප්ත වී ගියේ ය.

එක් අංශයකින් දැනුම බෙදාදීමට මූලිකත්වය දරමින් තවත් අංශයකින් මෙරට දරු පවුල් ලක්‍ෂ ගණනකට රැකියා අවස්ථා උදාකරදීමට මාර්ගෝපදේශකත්වය සැලසූහ.

රට පුරා අලෙවි නියෝජිත ජාලයක් හරහා දිනපතා හිමිදිරියේ පුවත්පත ගමින් ගමට ගෙනයමින් පුවත් පවස නිවන්නට ගත් උදාර මෙහෙරව කියා ලියා නිම කළ නොහැකි ය. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ නාමය තවත් චිරාත් කාලයක් පුරා අපේ රටේ සිහිපත් කරනු ඇත. ඒ යුග මෙහෙවරට උපකාරයක් ලෙස ය.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා පූර්වභාග 11.15 ට ලබයි.
23 වැනි දා ඉරිදා පූර්වභාග 10.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි මස 22වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]