UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අව අටවක 2014.01.24
 

උතුම් පින්කෙත

බොහෝ දෙනාට හිත සුව පිණිස හැසිරීම භික්‍ෂූන් වහන්සේ සතු පරාර්ථ සේවයෙහි උදාර සුවිශේෂී ලක්‍ෂණයකි.

ලොව පහළ වූ ප්‍රථම රහත් සැට නම අමතා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ‘චරථ භික්ඛවෙ චාරිකං බහුජන නිකාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේවමනුස්සානං’ යන සම්බුදු ඔවදන සිහිපත් කරමින් අද පවා මහ සඟරුවන සමාජය වෙත අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් සිදු කරන මෙහෙවර සදානුස්මරණීය වේ.

සැරියුත් මුගලන් ආදී උත්තම මහ රහත් මහ සඟ පරපුරෙන් ශෝභාමත් වූ, අලංකාරවත් වූ ආර්ය මහා සංඝ පරම්පරාවෙහි සඟ සසුනෙහි ගුණ පරාමර්ෂණය කර ගනිමින් සම්මුති මහ සඟරුවන කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් කටයුතු කරනු ලැබේ.

ගිහි සමාජයේ සාමාජිකයකු ලෙස බිහිව එහෙත් ඒ ගිහි ගෙදරින් නික් මී ගිහි බැඳුමෙන් වෙන් වී පැවිදි දිවිය කෙරෙහි පිවිසෙන කුල දරුවෝ සසුනඹරේ කවර තත්ත්වයකට, තනතුරකට පත්වේදෝයි පැවිදි වන ඒ කුඩා කල නොසිතනු ඇතැයි බොහෝ දුරට කල්පනා කළ හැකි වේ.

එහෙත් බණදහමෙන් පෝෂණය වී මුහුකුරා යන වයසින් පැවිදි දිවියෙහි නිසි ඵල ළඟා කර ගැනීමට පූජනීය මහ සඟරුවන හැම විටම ඇප කැප වී කටයුතු කරනු ලැබේ.

අපේ රටේ සංඝ සමාජය දෙස විමසා බලන කළ ලාංකේය ශාසන ඉතිහාසයේ දිගු කලක් පුරා අනුස්මරණය කැරෙන මහා යතීන්ද්‍රයන් වහන්සේලා අපමණ වේ.

උන්වහන්සේලාගෙන් සම්බුදු සසුනට සමාජයට සිදු වූ හා සිදු කෙරෙන මහ මෙහෙවර මෙරට බෞද්ධ ජනතාව සිහිපත් කරනුයේ කළ ගුණ සැලකීමේ උදාර චාරිත්‍රය ද ඉටු කරමිනි.

ගමක්, ප්‍රදේශයක්, පළාතක් අධ්‍යාත්මික ගුණවගාවෙන් පෝෂණය කෙරෙනුයේ හැම විට එම ප්‍රදේශයේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, විහාරස්ථානයේ වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේගේ මූලිකත්වයෙනි. ගිහි සමාජය හැඳින්වීමට භාවිතා කරනුයේ පරම්පරානුගත පෙළපත් නාමයයි. එහෙත් පැවිදි සමාජය ගිහි ගෙදරින් නික්ම වූ දා සිට භාවිතා කරනු ලබන්නේ උපන් ග්‍රාමයේ නාමයයි. භික්‍ෂූත්වයේ පවත්නා පොදු බවෙහි ආරම්භය ද එය යැයි සිතිය හැකි වේ.

අපේ බෞද්ධ සමාජය තුළ බොහෝ විට යම් ගමක්, පළාතක්, ප්‍රකට වූයේ නම් ඒ ගමෙන් බිහි වූ භික්‍ෂූන් වහන්සේ හෝ ගමේ විහාරස්ථානය නිසා ය. භික්‍ෂූන් වහන්සේ සිය පැවිදි ජීවිතය පුරා ආදර්ශවත්, ගුණවත්, සිල්වත් පැවිදි දිවියක් ගත කරන විට සැදැහැති දායක පිනැතියන් විසින් සිව්පසයෙන් උන්වහන්සේට උපස්ථාන කිරීම බෞද්ධ චාරිත්‍රයයි. එසේ සිව් පසයෙන් භික්‍ෂූන් වහන්සේ වෙත උපකාර කරන විට උන්වහන්සේද ප්‍රත්‍යුපකාරයක් ලෙස ගිහි සමාජය වෙත දයානුකම්පාවෙන් අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා කරනු ලැබේ.

ලාංකේය සම්බුදු සසුන ආරක්‍ෂා කරමින් පෝෂණය කළ පූජනීය සම්භාවනීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරට සැබැවින්ම ආලෝකයකි. එවන් උදාර යතීන්ද්‍රයන් වහන්සේලාගෙන් සසුන් කෙත කවදත් හිස් නොවේ. ආදර්ශවත් එවන් යතිවරයන් වහන්සේ අනාගත සඟ පරපුර උදෙසා ද මහත් ආදර්ශයක් සපයනු ලැබේ. එවන් වටිනා ආදර්ශවත් සිල්වත්, ගුණවත්, ධර්ම, විනයධර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැමවිට සමාජය සුමඟට යොමු කිරීමටද ගත සිත මෙහෙයවනු ලැබේ.

පසුගිය දා අපවත් වී වදාළ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද මෙරට සසුන්කෙත ආලෝකවත් කළ ආදර්ශවත් සංඝපීතෘන්වහන්සේ නමකි.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]