රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 10
සම්මෝහය දුරු කළ
පොත් පෙළ
ජනක වෙත්තසිංහ
වැඩිපුරම මා කාලය මිඩංගු කළේ
මේ ගැඹුරු ධර්මය තේරුම්කර ගන්නට යි. සමහර ධර්ම කරුණු ලිහා ගන්න, සති,
මාස, ගණන් ගත වුණා. මාස ගණන් කල්පනා කළා. ඒ නිසා මා තේරුම් නො ගත්
කිසිම
ධර්ම කරුණක් මගේ පොත්වලට ඇතුලත් කළේ නැහැ. මා දවසට ලියන්නේ ස්වල්පයයි.
ඒවා ලීවේ බොහොම නිරවුල් මානසික
තත්ත්වයක් මතයි. මහන්සියෙන් වෙහෙසින් නිදිවර්ජිතව ලියන්නට මා පෙළඹුණේ
නැහැ.”
ඉතා වටිනා ධර්ම කරුණු අඩංගු සුවිශේෂී පොත් පෙළක් ලිවීම මහත් අපහසු
කාර්යයකි. මෙහි ඇති විස්මය නම් යුග යුග පසු කල ද මෙම පොත් පෙළෙහි අගය,
වටිනාකම තව තවත් ඔප මට්ටම් වෙමින් නො නැවතී අදටත් පැවැතගෙන ඒම ය.
චන්දවිමල හිමියන් මෙම ග්‍රන්ථ පෙළ ලිවීමට මානසික ඒකාග්‍රතාවය,පසුබිම
විවේකය සලසා ගත්තේ කෙසේ දැයි විමසා බැලීම පොත්පත් ලියන ඇත්තන්ට
ප්‍රයෝජන වන්නේ යැයි සිතෙයි. මෙහි ඇති විශේෂිත තත්වය වන්නේ ලේඛන
ක්‍ෂේත්‍රය පිළිබඳව උන්වහන්සේ සතු දැනුමසම්භාරයයි. මෙම පරිණතභාවය
භික්‍ෂු අධ්‍යාපනයෙන්, කියැවීමෙන්, පරිශීලනය කිරීමෙන් අමතරව ධර්මය
ප්‍රායෝගිකව ජීවිතයට උකහා ගැනීම සහ එම ධර්ම කරුණු තම ජීවිතය හා සමීප කර
ගැනීමෙන් පසු ඇතිවූ අධ්‍යාත්මික පෝෂණයෙන් ඇති වූවකි. එම පොහොසත් බව
නිසාම චන්දවිමල මහා නා හිමි ලියූ එකම පොතකවත් ‘වැදිබණ’ නොමැත.
සම්බුදු දහම ප්‍රායෝගික ජීවිතය තුළට උකසා ගැනීමෙන් පසු ප්‍රභාශ්වර වූ
මනස තුළින් විහිදුණු ආලෝකයෙන් ගැඹුරු ධර්මය පෙරලා පොත් පිටු මත අක්‍ෂර
බවට පත්විය. ඒ නිසා ඒ අකුරක් අකුරක ගණනේ ප්‍රායෝගික සත්‍යය සටහන්ව
තිබේ. මේ විශිෂ්ටත්වයේ පදනමක් සහිත පසුබිම නිසාම අදත් හෙටත් මතුවටත්
මෙම පොත් සංචිතය සැදැහැති බෞද්ධ ජන මනස පෝෂණය කරමින් දුක් නිවමින්
සහනයක් වෙමින් සැරිසරනු නියත ය.
2500 බුද්ධ ජයන්තිය නිමිති කරගනිමින් උන්වහන්සේ පොත් කීපයක්ම සම්පාදනය
කළ බව පැවැසෙයි. චන්දවිමල මා හිමියන් ඒ පිළිබඳව පවසන්නේ බුද්ධ ජයන්තිය
අරමුණු කර ගනිමින් පොත් ලිවීම ආරම්භ කළා යැයි පැවසීම අපහසු බවයි. “මා
ධර්මය ඉගෙන ගත්තේ මහත් දුෂ්කරතා මධ්‍යයේයි. ඒ නිසාම මට හිතුණා මහත්
අපහසුවෙන් තේරුම් බේරුම් කරගත් ධර්ම කරුණු අනෙක් අයටත් කියා දෙන්න
ඕනැයි කියල. නමුත් මුලදී එවැනි අදහසක් පැවැතියේ නැහැ. බුද්ධ ධර්මය
ගැඹුරු දහමක්. ඒ නිසා ඒ ගැඹුරු දහම පැහැදිලිව අවබෝධ කරගැනීමෙන් තොරව
ලියන්නට හෝ කියන්නට උත්සාහ කිරීම ප්‍රතිඵලදායක නො වන දෙයක්. ඒ වාගේම එය
නු සුදුසුයි.
වැඩිපුරම මා කාලය මිඩංගු කළේ මේ ගැඹුරු ධර්මය තේරුම්කර ගන්නට යි. සමහර
ධර්ම කරුණු ලිහා ගන්න, සති, මාස, ගණන් ගත වුණා. මාස ගණන් කල්පනා කළා. ඒ
නිසා මා තේරුම් නො ගත් කිසිම ධර්ම කරුණක් මගේ පොත්වලට ඇතුලත් කළේ නැහැ.
මා දවසට ලියන්නේ ස්වල්පයයි. ඒවා ලීවේ බොහොම නිරවුල් මානසික තත්ත්වයක්
මතයි. මහන්සියෙන් වෙහෙසින් නිදිවර්ජිතව ලියන්නට මා පෙළඹුණේ නැහැ.”
පොත් ලියනවිට ඉඳගෙන සිටි පුටුව |
“මා පොත් ලීවේ හිරුඑළියෙන් විතරයි. රෑ රාත්‍රියේ ලාම්පු පත්තුකරගෙන හෝ
ලයිට් එළියෙන් මා පොත් ලීවේ නැහැ. ඒ වාගේම මේසයක් උඩ තියාගෙන ලිව්වෙත්
නැහැ.”
“ඒ වෙනුවෙන් මා විසින්ම හදාගත්තු ලෑලි කෑල්ලක් තමයි මා මේසය වෙනුවට
පාවිච්චි කළේ. මා වෙනුවෙන්ම හදා ගත්තු පළල් පුටුවක වාඩි වෙලා අර
ලැලිකෑල්ල උඩ තියාගෙන තමයි, මේ සියලු පොත් ලිව්වේ. නමුත් මා දවසට ටිකක්
ලිව්වත් ලියන කොටස ආයෙත් දෙපාරක් ලියන්නේ නැහැ.”
“පළමු වරට ලියන එකම තමයි. මුද්‍රණයට යවන්නෙත්. සමහර පොත් මුද්‍රණය
වෙමින් පවතින මොහොතේත් එක එක කොටස් ලියා යවනවා. මගේ අත් අකුරු ලස්සනයි
කියල බොහෝ අය කියනවා.”
“ඇත්තෙන්ම හිරුඑළියට දවල් කාලයේ ලියන එක තමයි හොඳ බව මගේ හැඟීම. ඒක
ඇස්වලටත් සහනයක්, වෙහෙසක් අපහසුවක් නැහැ. මට ලියන්න ඕනෑ කළේ පෑනක් ,
කඩදාසියක්, ලෑලිකෑල්ලක් විතරයි.”
“මොනතරම් කල් ගියත්, ඉගෙන ගන්න දේ නිවැරදිව හරියට ඉගෙන ගත යුතුයි. මේ
නිසා මා බොහෝ ප්‍රශ්න විසඳ ගත්තා. ඕනෑම දෙයක් කරනවා නම් එය හරියටම කළ
යුතුයි. නමුත් මට පෙනෙන විදියට මේ රටේ ගිහි පැවිදි වැඩි දෙනෙකු දන්නේ්
ටිකයි. ඒ නිසා එකක්වත් හරියට දන්නවා දැයි සැකයි. යමක් යන්තමින් දැන
ගන්නවාට වඩා හොඳයි නො දැන සිටින එක.”
“මේ පෙළඹවීම සිදුවුණේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දීමටත් වඩා මගේ
සම්මෝහය දුරු කර ගැනීමටයි. ධර්මය ඉගෙන ගැනීමෙනුත් පොත් ලිවීම සඳහා
කරුණු රැස් කිරීමෙනුත් ඒ සම්මෝහය දුරු වෙනවා කියල කියන්න පුළුවන්.”
පරිහරණය කළ භාණ්ඩ කීපයක් |
ඇත්තෙන්ම මා හිමිපාණන් වහන්සේගේ ඉහත ප්‍රකාශයන් හොඳින් විමසා බැලීමේදී
හැඟී යන්නේ එහි අඩංගු කාරණා ඉතා සරල වුවද ඒ මතින් ගැඹුරු අරුතක්
උත්පාදනය වන බවකි. බොහෝ ලේඛකයන් ඉතා පටු දැනුමක සිට ප්‍රදර්ශනය කරන්නට
වෙහෙසෙන්නේ පුළුල් පරාසයක් පුරා විහිදෙන දැනුමැති වියතකු බවය.
විශේෂයෙන් පොත් ලිවීම මෝස්තරයක් බවට පත් වූ කාලයකි මෙය. ආර්ථික වාසි
වෙනුවෙන් ද බොහෝ අය පොත් පළ කරති. එවන් වාතාවරණයක චන්දවිමල මා හිමියන්
අපේක්‍ෂා කළේ තමා ලබාගත් සංකීර්ණ විෂය දැනුම තව කෙනෙකුගේ යහපත වෙනුවෙන්
ඉතා නිවැරදිව, නිරවුල්ව, සරලව පහදා දීමට ය. විශේෂයෙන් තමාගේ සම්මෝහය
දුරු කර ගැනීමේ අපේක්‍ෂාවෙන්.
ඉතා චාම් භික්‍ෂු ජීවිතයක සැහැල්ලුව අල්පේච්ඡතා ගුණයේ පදනම මත හිඳ
ගනිමින් ලෑලි කෑල්ලක් ආධාරයෙන් ලියූ ඒ පොත් පෙළ ප්‍රාතිහාර්යයක් මෙනි.
තමාම වෙහෙසින් පසක් කරගත් බුදුදහම ‘බෞද්ධයාගේ අත්පොත’ වැනි සරල තැනක
සිට ‘පටිච්ච සමුප්පාද විවරණය’ ‘පට්ඨාන මහා ප්‍රකරණ සන්නය’. ‘චතුරාර්ය
සත්‍ය වැනි ගැඹුරු තැනක් දක්වා උන්වහන්සේ පැමිණියේ පත පොතින්,
ත්‍රිපිටක, අටුවා ටීකාදියේ ධර්ම කරුණු පොත් පෙරලා ගෙන අවශ්‍ය තැනට
ඇතුත් කිරීමෙන් නොවන බව ඉහත ප්‍රකාශ අනුව පසක්වෙයි. ඒ සියල්ල ලීවේ දත
යුතු සියල්ල මනාව අවබෝධ කර ගැනීමෙන් පසුවය. මෙසේ ධර්මයේ මූලික අවස්ථාවේ
සිට ඉතා ගැඹුරු කරුණු සියල්ල උන් වහන්සේ මනා සෛ් අවබෝධ කරගත්තා පමණක්
නොව ඒවා ඒ ආකාරයෙන්ම පිළිපැදීම ප්‍රගුණ කිරීම, විශේෂයෙන් භාවනා
අභ්‍යාසයේ යෙදීම ආදි වු උන්වහන්සේගේ භික්‍ෂු ජීවිතය ගොඩ නැගී ඇති ආකාරය
දෙස විමර්ශණය කරන්නේ නම්, ඒ ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳව හිතන්නට බොහෝ
දේ තිබේ.
උන්වහන්සේ ‘චතුරාර්ය සත්‍ය’ විශිෂ්ට පොත ලිව්වේ ද නිසි අවබෝධයෙනි.
චතුරාර්ය සත්‍ය අවබෝධ වූ කෙනෙකු නිසිමඟ දැන ගමන් කරන්නෙකුය. එවන්
කෙනකුට දිය විරළ වාලුකා කතර මැද ඇති කෙම්බිම පෙනෙනු නියත ය. එසේ නම්
බොහෝ දෙනා තුළ උන්වහන්සේ පිළිබඳ පවතින විශ්වාසය සත්‍යයක් වීමට ඉඩ ඇත.
‘නිවන’ නමැති ඒ කෙම්බිම වෙතට පිවිසෙන්නට රේරුකානේ චන්දවිමල මහා නා
හිමියන්ට හැකියාව ලැබුණේ ද?
මේ උදාර පරමාදර්ශි භික්‍ෂු පීතෘ වරයාණන්ගේ චරිතාපදානයේ පරිච්ඡේදයන්
කියවන විට ඔබට තවත් විශේෂතා හඳුනා ගැනීමට හැකි වෙතැයි සිතේ.
මේ අසහාය සංඝ පීතෘවරයාණන්ගේ චරිතාපදානයෙන් අපට ගත හැකි ආදර්ශයන් බොහෝය.
එය අපේ ජීවිතයන්ටද ආලෝකයයි. ඒ ආලෝකය ඔස්සේ ගමන් කළ හැකි දුර බොහෝ ය. ඒ
යන බොහෝ දුර දුරවබෝධය දුරු කරවනසුළු දී්ර්ඝ ගමනක් වනු ඇත. එහෙත් සංසාර
දීර්ඝ දුෂ්කර මඟට වඩා කෙටි දුරක් වන්නේ ඒ මඟ අප යන්නේ අවබෝධයෙන්ම නිසා
ය.
තවත් කොටසක් දෙසැම්බර් 02 වන දා පත්‍රයේ පළවේ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 9 මා පොත් ලීවේ කිසිම
ලාභාපේක්‍ෂාවකින් නොවෙයි |