ධර්ම දේශනා පුහුණු පාඨමාලාවක්
නූතන ශ්‍රී ලංකාවේ ගුණාත්මක ධර්ම දේශනා
සම්ප්‍රදායක් ඇති කිරීම හා භික්‍ෂු උපදේශන සේවාවක් ඇති
කිරීම අරමුණු කර ගනිමින් තෛ‍්‍රමාසික ධර්ම දේශනා පුහුණු
පාඨමාලාවක් පැවැත්වීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ධර්ම
දේශනා කිරීමට කැමති භික්‍ෂූන් වහන්සේලාට ධර්මඥානය ලබා
දෙමින් උන්වහන්සේලාගේ සන්නිවේදන ශාක්‍යතාව ඇති කිරීම සඳහා
ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සමඟ න්‍යායික හා ප්‍රායෝගික
පුහුණුව මෙහිදී ලබා දෙනු ඇත.
ඉතිරිය»
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියෙන් පිදුම් ලබන
දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති පදවියට පත්, මුල්ලේරියාව
නවනගරය, කලපළුවාවේ ගෝතම තපෝවනයේ
අනුශාසක, අමරපුර කල්‍යාණිවංශ පාර්ශවයේ මහා නායක,
කම්මට්ඨානාචරිය, දොඩම්පහල චන්දසිරි මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේට එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර
මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත,
භාෂාන්තර විශාරද, අතිපූජ්‍ය දවුල්දෙණ ඥානේශ්වරාභිධාන
මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ තෛ‍්‍රනිකායික මහා
සංඝරත්නයේ ද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමන් සහ විපක්‍ෂනායක
රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු මැති ඇමැති, තානාපති ප්‍රභූ ජනතාවගේ
ද සහභාගිත්වයෙන් 2013 නොවැම්බර් මස 29 වෙනි දින පස්වරු 4.00 ට කොළඹ
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන උත්සව
සභාවේ දී
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
ශ්‍රී ලංකා රාජවංශ විභූෂණ ධර්මද්වීප චක්‍රවර්තී
මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් අතින් පිරිනැමේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
හේතු ඵල දහම
හඳුනා ගනිමු
ඉහත සඳහන් කළේ පටිච්ච සමුප්පාදය නම් වූ හේතු ඵල දහමයි. අවිද්‍යාව
ඇතිකල්හි සංඛාර ඇත. සංඛාර ඇති කල්හි විඤ්ඤාණය ඇත. විඤ්ඤාණය ඇති කල්හි
නාම රූප ඇත. නාම රූප ඇති කල්හි ආයතන හය ඇත. ආයතන හය ඇති කල්හි ස්පර්ශය
ඇත. ස්පර්ශය ඇති කල්හි විඳීම ඇත. විඳීම ඇති කල්හි තණ්හාව ඇත. තණ්හාව
ඇති කල්හි උපාදානය ඇත. උපාදානය ඇති කල්හි භවය ඇත. භවය ඇති කල්හි ඉපදීම
ඇත. ඉපදීම ඇති කල්හි ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, සුසුම්
හෙළීම් ආදී වූ සියලුම දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ.
ඉතිරිය»
කඩුවෙල ඉහළ බෝමිරියේ
කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
කාම්බෝජ
ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මේ මස 25 දා පස්වරු 3.00
ට කඩුවෙල ඉහළ බෝමිරියේ පිහිටි කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අතින් විවෘත වෙයි.
ඉතිරිය»
|