ශ්‍රී ලංකාවේ විහාරාශි‍්‍රත සිතුවම් කලාව කෘතිය
බෞද්ධ ප්‍රබෝධයට
අනුබලයක්
ආචාර්ය දයා හේවාපතිරණ
විශිෂ්ට ශ්‍රී ලාංකීය
අනන්‍යතාවයක් වූ විහාරාශි‍්‍රත සිතුවම් කලාව වත්මන් පරපුර
ආනන්දයෙන් ප්‍රඥාව වෙත කැඳවීමට සමත් කදිම
මෙවලමක්, නැතහොත්
සම්බන්ධයක් ලෙස අපි දකිමු. බෞද්ධ විහාරාශි‍්‍රත
සිතුවම් කලාව පිළිබඳ දැනුම
හුවමාරුව පදනම් කරගත් නියාමක සංකථනයක් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක්
ලෙස අපි දකිමු.
අප විචිත්‍රවත් වූ දේශීය සංස්කෘතික උරුමයෙහි අසීමිත වූ වටිනාකම ගෙනහැර
පෑමට ගත් පියවරක් ලෙස එම ග්‍රන්ථය හඳුන්වමි. බෞද්ධ සිතුවම්, අප රට
දෘෂ්‍ය කලා සම්ප්‍රදායන් අතර සුවිශේෂී වූ මනස්කාන්ත අංගයකි.
මෙම සිතුවම් අතර බහුලව ඇත්තේ මෘදු ගුණයෙන් සහ උත්කෘෂ්ඨ බවින් සපිරි කලා
නිර්මාණයන්ය. ඉන් සමහරක් දකුණු ආසියාවේ ඇති බෙහෙවින්ම පැරැණි බෞද්ධ කලා
නිර්මාණයන් වේ.
හෙළදිව වසර 2200 ක් ඉක්මවන අඛණ්ඩ බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ ආරම්භයේ සිට
නූතන කාලය දක්වා බෞද්ධ සිතුවම් කලාවේ සමස්තය නිරූපණය වන පරිදි මෙම
ග්‍රන්ථය සකසා ඇත.
සම්මත වර්ෂ පූර්ව නොහොත් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසින්, නැතහොත්
මහින්දාගමනයෙන් ඇරැඹෙන හෙළ බෞද්ධ සිතුවම් කලාවේ ඓතිහාසික කාල වකවානුව,
අවධි හතරකට බෙදිය හැකිය. ඒ ඒ අවධීන්හි සිතුවම්කරණය, කෙරෙහි බලපෑ විවිධ
හේතුන් මෙන්ම ඒ ඒ කාල පරාසයන්හි දියුණු වූ සුවිශේෂි සිතුවම්
සම්ප්‍රදායන් සහ කලා ලක්ෂණයන් මෙම ග්‍රන්ථයෙහි විග්‍රහයට ලක්වේ.
බෞද්ධ ධර්මයෙන් ඔද වැඩුනු හෙළ කලා ශිල්පීහු තමන්ගේ නිර්මාණයන් සඳහා
තමන්ටම ආවේණික වූ කලාත්මක ලක්ෂණයන් යොදා ගත්හ. තම අභ්‍යන්තර
ආධ්‍යාත්මික ආතතිය, ප්‍රවණතා සහ සංයමයෙන් ලද පෝෂණය අනුව ඔවුහු තමන්ගේ
භාව ප්‍රකාශනයන් මෙන්ම, සිතුවම්කරණ ප්‍රවේශයන් සහ ශෛලියන් දියුණු කරගනු
ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් හෙළදිවට ආවේණික වූ සුවිශේෂී කලාත්මක
සිතුවම් සම්ප්‍රදායක් මෙන්ම, මුළුමනින්ම දේශීය වූ චිත්තාකර්ෂණීය කලා
නිර්මාණ පරාසයක් බිහිවිය.
හෙළ කලාකරුවා තම නිර්මාණ තුළින් විශද කළේ සෞන්දර්යාත්මක ගුණයේ හා
ආධ්‍යාත්මික ගුණයේ මනා සංකලනයකි. විශේෂයෙන් සම්භාව්‍ය බෞද්ධ සිතුවම්
කලා නිර්මාණයන් තුළින් දැක්වෙන්නේ ගැඹුරුවූත්, උසස්වූත්, රසාලිප්ත
සෞන්දර්යාත්මක අගයන්ය. බොදු සිතුවම් සිත සන්සුන් කරන්නා වූ තියුණු
රසවින්දනයක් මෙන්ම ආශ්වාදයක් සපයන මාධ්‍යයක් ලෙස සැලකිය හැක.
රට පුරා ව්‍යාප්තව ඇති රජමහා විහාරයන් සහ ඓතිහාසික ස්ථානයන් 100 ක්
ආශි‍්‍රත සිතුවම් පරාසය අගැයීමට ලක්වන අප රට මුල්ම පර්යේෂණාත්මක
නිබන්ධනය ලෙස මෙම ග්‍රන්ථය හැඳීන්විය හැකිය. ගිරිලෙන්, තලයන්, විහාර
බිත්ති සහ වියන්, දාගැබ් තුළ ධාතුගර්භ තලයන්, විහාරාශි‍්‍රත පිළිමයන්
සහ වෙනත් ත්‍රිමාන තලයන්, දාරුමය පෘෂ්ඨයන්, පුස්කොළ පොත් පැතිකඩ , මැටි
බඳුන් මෙන්ම කැන්වස් වැනි විවිධ සිතුවම් පෘෂ්ඨයන් මත නිමවා ඇති බොදු
සිතුවම් හි දැක්වෙන පොදු මෙන්ම සුවිශේෂී ලක්ෂණයන් පිළිබඳ තොරතුරු මෙහි
අන්තර්ගත වේ.
විශිෂ්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් වූ විහාරාශි‍්‍රත සිතුවම් කලාව
වත්මන් පරපුර ආනන්දයෙන් ප්‍රඥාව වෙත කැඳවීමට සමත් කදිම මෙවලමක්,
නැතහොත් සම්බන්ධයක් ලෙස අපි දකිමු. බෞද්ධ විහාරාශි‍්‍රත සිතුවම් කලාව
පිළිබඳ දැනුම හුවමාරුව පදනම් කරගත් නියාමක සංකථනයක් බිහි කිරීම කාලීන
අවශ්‍යතාවක් ලෙස අපි දකිමු.
බොදු සිතුවම් පදනම් කර ගනිමින් හෙළ බොදු ඉතිහාසය දැක්වීම මෙම
නිබන්ධනයෙහි සිදුවන බැවින්, ලක් ඉතිහාසය අනිවාර්ය විෂයක් වූ මෙකල පාසල්
විෂය නිර්දේශය සඳහාද මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් විය හැක.
මෙම නිබන්ධනය සඳහා අවශ්‍ය තොරතුරු ක්ෂේත්‍ර පර්යේෂණයන්ගෙන් මෙන්ම හෙළ
සිතුවම් කලාව පිළිබඳ ලිඛිත මූලාශ්‍රයන් රාශියකගේ පරිශීලනයෙන් ලබාගත
හැකි විය. මෙම සිංහල සහ ඉංගී‍්‍රසි මූලාශ්‍රයන් ග්‍රන්ථය අවසානයේ දක්වා
ඇත. මෙහි ඇතුළත් සිතුවම්, කර්තෘ සහ ඔහුගේ පුත් ආචාර්ය සේසත් හේවාපතිරණ
විසින් අදාළ ස්ථානයන්හි ඡායාරූප ගත කරන ලද ඒවාය.
අප පැරැණි කලා උරුමයේ ගැඹුරු ඔවදන් බව විදහා දක්වන මෙම බෞද්ධ සිතුවම්
වස්තු සම්භාරය අගැයීමට සහ ආශ්වාදනය කිරීමට අනුබලයක් ලෙස මෙම ග්‍රන්ථය
පිහිටවිය හැකි යැයි අපට විශ්වාසයය.
මෙකල අප රට තුළ පවතින බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධය ප්‍රගුණ කිරීමට මෙම
නිබන්ධනයට ඇතුළත් තොරතුරු අනුබලයක් වේයැයි අපි සිතමු. ‘මහින්ද චින්තන’
ප්‍රතිපත්ති සංග්‍රහයේ ප්‍රමුඛ අරමුණු වූ ‘ නිවහල් දේශය හා දැහැමි
මිනිසා ‘ නිර්මාණය කිරීමට මෙම උත්සාහය තීරණාත්මකව බලපානු ඇතැයි අපි
විශ්වාස කරමු. ‘අපගේ ඉපැරැණි කලා හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගැනීම,
විශ්ව කලා සංස්කෘතික උරුමයන්හි ප්‍රබුද්ධ අංගයන් දේශීය ජනතාවට
හඳුන්වාදීම, පුරවැසියාගේ ජීවිතය උසස් මානසික හා ආධ්‍යාත්මික ගුණ වගාවෙන්
පෝෂණය කිරීම,ප්‍රඥාසම්පන්න, විචාරශීලි ප්‍රබුද්ධ හා ඉදිරිගාමි ජන
සමාජයක් බිහි කිරීම...” යනුවෙන් මහින්ද චින්තනයෙහි දක්වා ඇති අරමුණු
ඉටුකර ගැනීමට මෙම කාර්යය ඉවහල් වේයැයි සිතමි. |