අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013
බෞද්ධ ශිෂ්ටාචාරය - 3
කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති
උප්පලවත්තේ විමලානන්ද හිමි
එක් පිළිතුරකට ලකුණු 2 බැගින්
1 සිට 25 තෙක් එක් එක් ප්‍රශ්නයට 1, 2, 3, 4, 5 යන පිළිතුරු වලින්
නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න.
(1) ටිබෙටයෙහි ‘තන්කා’ නැමැති චිත්‍ර කලාව බෙහෙවින්ම ජනප්‍රියව පැවැති
භාරතයේ බෞද්ධ විශ්ව විද්‍යාලය වූයේ,
1. නාලන්දාව යි
2. වලභිය යි
3. වික්‍රමශීලාව යි
4. සෝමපුරය යි
5. ඕදන්තපූරිය යි
(2) දස හැවිරිදි කුඩා දරුවන් පැවිදි කරවා ගුණ, නුවණින් හෙබි භික්ෂූන්
ලෙස පුරුදු පුහුණු කරවීමේ සුවිශේෂී වැඩපිළිවෙළින් ක්‍රියාත්මක වූ එකම
විද්‍යස්ථානය වූයේ,
1. ජගද්දලාව යි
2. වික්‍රමශීලාව යි
3. වලභිය යි
4. ඕදන්තපූරිය යි
5. නාලන්දාව යි
(3) “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් බුදුරදුන්
අනුදැන වදාළේ,
1. මේ එළැඹ තිබෙන්නේ වර්ෂා කාලය බව යි
2. නිතර දහම් චාරිකාවේ හැසිරිය යුතු බව යි
3. වස් පවාරණය කළයුතු බව යි
4. වස් විසීම කළයුතු බව යි
5. කඨින චීවරයක් ලද හැකි බව යි
(4) රුක් මුල්, පර්වත, ගල් ලෙන්, සොහොන්, වනපෙත් යන තැන්වල කල් ගෙවූ
භික්ෂූන් වහන්සේට “ අනුජානාමි භික්ඛවේ ආරාමා”යනුවෙන් ආරාම පිළිගැනීම
බුදුරදුන් අනුදැන වදාළේ,
1. කුක්කුට සිටුවරයාගේ කුක්කුටාරාම පූජාවෙන් අනතුරුව ය.
2. කොසොල් රජු රාජකාරාමය පූජා කිරීමෙන් අනතුරුව ය.
3. බිම්බිසාර රජුගේ වේළුවනාරාම පූජාවෙන් අනතුරුව ය.
4. සුදත්ත සිටුවරයාගේ ජේතවනාරාම පූජාවෙන් අනතුරුව ය.
5. ඝෝසිත සිටුවරයාගේ ඝෝසිතාරාම පූජාවෙන් අනතුරුව ය.
(5) “හෙරණ සික” යනුවෙන් හඳුන්වනු ලබන්නේ,
1. ඉන්ද්‍රීය සංවර සීලය යි
2. උපසම්පදා සීලය යි
3. සාමණේර සීලය යි
4. ආජීව පාරිශුද්ධ සීලය යි
5. ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය යි
(6) “සුනාතු මේ භන්තේ සන්ඝෝ” යනාදී කර්ම වාක්‍ය දේශනයෙන් උපසම්පදාවෙහි
පිහිටවනු ලැබූ උපසම්පදා භික්ෂුවක් ආරක්ෂා කළයුතු සික පද ගණන වන්නේ,
1. 217 කි
2. 311 කි
3. 327 කි
4. 227 කි
5. 236 කි
(7) උපසම්පදා විනය කර්මයේදී උපසම්පදා පේක්ෂකයා හඳුන්වනු ලබන්නේ,
1. තිස්ස නමින් ය.
2. සාමණේර නමින් ය
3. උපාධ්‍යාය නමින් ය.
4. ආචාර්ය නමින් ය
5. නාග නමින් ය.
(8) ස්වීඩන් ජාතික ඇල්ෆ‍්‍රඩ් නොබෙල් විද්‍යාඥයා ඩයිනමයිට් සොයා ගැනීම
නවීන විද්‍යාවේ අපූර්ව හාස්කමක් විය. එහෙත් එය මානව සංහතියේ විනාශයෙහි
දොරටුව විවර කරලීමක් වැනි වූ අතර බිහිසුණු අවි ආයුධ තරගකාරී මට්ටමින්
බිහිවන්නට විය. මෙය බුදු දහමේදී හැඳින්වන්නේ,
1. කරුණාවෙන් තොර ප්‍රඥාව මෙහෙය වීම බුදු සමය නොඅනුදැන බව යි.
2. භක්තියෙන් තොර ශ්‍රද්ධාව මෙහෙය වීම බුදු සමය නොඅනුදැන බව යි.
3. කරුණාවෙන් තොර ආර්ථිකය මෙහෙයවීම බුදු සමය නොඅනුදැන බව යි.
4. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව මෙහෙය වීම බුදු සමය නොඅනුදැන බව යි
5. ප්‍රඥාව නව සොයා ගැනීම් වලට මූලික නොවන බව යි.
(9) නිගන්ඨනාථපුත්ත ශාස්තෘවරයාගේ අග්‍රදායක උපාලි ගෘහපති පුත්‍රයා බණ
අසා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස සළකන්නැ’ යි කළ ආයාචනය තථාගතයන්
වහන්සේ තෙවන වර දක්වාම පිළිකෙව් කරලීමෙන් සනාථ වන්නේ බුදුරදුන් තුළ
පැවැති,
1. පුරිසදම්ම සාරථි ගුණය යි
2. මහාකරුණා ගුණය යි
3. සහනශීලි පිළිවෙත යි
4. තාදී ගුණය යි
5. ප්‍රඤ්ඤා මහිමය යි
(10) “භන්දානි භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන
සම්පාදේථ” යනුවෙන් බුදුරදුන් ආදර්ශවත් ගුරු පියෙක් සිය දරුවන්
අමතන්නාක් මෙන් වදාළේ,
1. බුද්ධත්වයට පත්වූ දිනයේ ය.
2. ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ දිනයේ ය.
3. ධර්ම චාරිකාවේ භික්ෂූන් පිටත් කරලීමේදී ය
4. පිරිනිවන් මංචකයේදී ය
5. රාධ බමුණාගේ උපසම්පදාවේදී ය
(11) ධර්මයෙන් බැහැරව විමුක්තියක් නොමැති බවත් ධර්මධාරී පුද්ගලයා ධර්මය
විසින්ම ආරක්ෂා කරනු ලබන බවත් දහමෙහි දැක්වෙන්නේ,
1. බහුජන හිතාය ලෝකානුකම්පාය යනුවෙනි.
2. අනේක ජාති සංසාරං යනුවෙනි
3. මහා කාරුණිකෝ නාථෝ යනුවෙනි
4. ධම්මං චරේ සුචරිතං යනුවෙනි
5. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී යනුවෙනි
(12) සමාජ විරෝධී ක්‍රියා වළක්වා ගැනීමට උපයෝගී වන බෞද්ධ ඉගැන්වීම
වන්නේ,
1. දානය යි
2. ශීලය යි
3. පංච ශීලය යි
4. පරිත්‍යාගය යි
5. විරාගය යි
(13) බෞද්ධ සමාජ සැලැස්ම ඉදිරිපත් කර තිබෙන්නේ යුතුකම් හා වගකීම් පදනම්
කරගෙන විනා අයිතිවාසිකම් පදනම් කරගෙන නොවන බව අවධාරණය කරන්නේ,
1. බාල පණ්ඩිත සූත්‍රයේ ය.
2. දේවදූත සූත්‍රයේ ය.
3. සිඟාලෝවාද සූත්‍රයේ ය.
4. මහා මංගල සූත්‍රයේ ය
5. පරාභව සූත්‍රයේ ය
(14) බුදු සමයට අනුව නීති ගරුත්වය යනු,
1. ශික්ෂා පදයකි
2. චර්යා ධර්මයකි
3. බෞද්ධ ඉගැන්වීමකි
4. විමුක්ති මාර්ගයකි
5. අපරිහානි ධර්මයකි
(15) බුදුරදුන් දේශනා කළ වසල සූත්‍රයට අනුව පුද්ගලයෙකු වසලයෙකු වන්නේ,
1. උපත පදනම් කර ගෙන ය .
2. ක්‍රියා කලාපය තුළින් ය.
3. පරිපූර්ණත්වයෙන් ය.
4. උපන් ස්ථානය තුළින් ය.
5. කුලය පදනම් කර ගෙන ය.
(16) බුදුරදුන් වදාළ බෞද්ධ දේශපාලන ප්‍රතිපත්තියට ඇතුළු නොවන්නේ,
1. දසරාජ ධර්මය යි
2. සප්ත අපරිහානි ධර්මය යි
3. බෞද්ධ පංචශීලී ප්‍රතිපදාව යි
4. දස සක්විතිවත් ය.
(17) බුදු දහමට අනුව සිව්වනක් පිරිසට අයත් නොවන්නේ,
1. උපාසක
2. තාපස
3. භික්ෂුණී
4. භික්ෂු
5. උපාසිකා
(18) බුදු සමයේ සඳහන් චතුර්විධ සුඛයට අයත් නොවන්නේ,
1. අත්ථි සුඛය යි
2. භෝග සුඛය යි
3. අනන සුඛය යි
4. අනවජ්ජ සුඛය යි
5. ප්‍රීති සුඛය යි
(19) සැකෙන් හා බියෙන් තොර මූලික මිනිස් අයිතිවාසිකම් සුරකින සමාජයක්
වෙනුවෙන් උපකාරී වන්නේ,
1. දානය යි
2. ශ්‍රද්ධාව යි
3. මෛත්‍රී සංකල්පය යි
4. ශීලය යි
5. ප්‍රඥාවයි
(20) බමුණන්ගේ භක්තිවාදය ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදු සමය හඳුන්වා
දෙන්නේ,
1. දානය යි
2. ශීලය යි
3. භාවනාව යි
4. ශ්‍රද්ධාව යි
5. ප්‍රඥාවයි
(21) දීඝ නිකායානුගත අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මුලින් පොදු වූ මහ පොළොව
පසුව වැට කඩුළු දමා පෞද්ගලීකරණය වීම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකයක්
වන්නේ,
1. දුප්පත් බව වැඩිවීමයි
2. ජනගහනය අධික වීම යි
3. සම්පත් හීන වීම යි.
4. වස්තු තෘෂ්ණාව යි
5. බමුණාට ඇති භය යි
(22) බුදු සමයට අනුව අපරාධ මර්දනය කිරීම සඳහා මහජන සම්මතයෙන් පත්කර ගත්
තැනැත්තා හැඳින්වූයේ,
1. වෙස්ස නමිනි
2. පුරෝහිත නමිනි
3. සක්විති නමිනි
4. දස්සු නමිනි
5. මහා සම්මත නමිනි
(23) විශ්වයේ හා සමාජයේ ප්‍රභවය සම්බන්ධයෙන් බුදුරදුන් තුළ වූයේ අසීමිත
අවබෝධයකි. එනමුත් විශ්වයේ අන්තය සෙවීම අනර්ථ ක්‍රියාවක් බව අවධාරණය කරන
බුදුරදුන් එහි අග මුල සෙවීමෙන් උම්මත්තකයෙකු විය හැකි බව පැහැදිලි කරන
ලද්දේ,
1. ආනන්ද හිමියන්ට ය.
2. මහා කාශ්‍යප හිමියන්ට ය.
3. මුගලන් හිමියන්ට ය
4. සැරියුත් හිමියන්ට ය.
5. රාහුල හිමියන්ට ය.
(24) භාරත කාන්තාව යුග 3ක් යටතේ විග්‍රහ වන අතර පශ්චාත් වෛදික යුගයේ
කාන්තාව සතු කාර්යයක් නොවන්නේ,
1. යාග හෝම පැවැත්වීම යි
2. පරපුර රැක ගැනීම සඳහා පුතකු බිහි කිරීම යි
3. පතිදම් රැකීම යි
4. සතිපූජාව පැවැත්වීම යි
(25) “චේතියඝරය” හැඳින්වීම සඳහා යොදන පර්යාය පදයක් නොවන්නේ,
1. ඡන්නාඝරයි
2. ථූපඝරය යි
3. චෛත්‍ය ගෘහය යි
4. වට්ටධාතුඝරයි
5. වටදාගෙයි
ප්‍රශ්න අංකය පිළිතුර
01. 5
02. 3
03. 4
04. 3
05. 3
06. 4
07. 5
08. 1
09. 3
10. 4
11. 5
12. 3
13. 3
14. 2
15. 2
16. 1
17. 2
18. 5
19. 5
20. 5
21. 4
22. 5
23. 4
24. 1
25. 1
අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2013 බෞද්ධ
ශිෂ්ටාචාරය - 2 |