පිරිනිවුනි ඒ නිකෙලෙස්
රහත් හිමිවරු
03 - 04
වල්ලිය
රහතන් වහන්සේ
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
තරුණ වියට එළඹීමත් සමග යොවුන් මදයෙන් මත්ව ඉඳුරන් පිනවමින් විනෝදකාමී
දිවියක් ගත කළා. එනමුත් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සදහම් ඇසීමට
වාසනාවන්ත වුණා. තෙරුවන් කෙරෙහි සැදැහැ සිතින් යුතුව
බුදු සසුනේ උතුම් පැවිදිි බව ලබා ගත්තා. මනා සිහි නුවණින් කෙලෙස් තවන
වීර්යෙන්
දහමේ හැසිරී විදසුන් වඩා නොබෝ කලකින්ම නිකෙලෙස් මහරහතන් වහන්සේ නමක්
බවට පත්වුණා
අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ළය මඬලේ උපන් තවත් අරහත්
ශ්‍රාවකයන් වහන්සේ නමක් ගැනයි අද අප සිත පහදවා ගැනීමට සූදානම් වන්නේ.
ථේර ගාථා වලට ඇතුළත් වල්ලිය නම් රහත් මුනිඳුන් ගැනයි අද අපි ඉගෙන
ගන්නේ.
වල්ලිය රහතන් වහන්සේ මෙයින් කල්ප 31 කට පෙර සිටු කුමාරයෙක්ව ඉපිද
සිටියා. දිනක් යම් කටයුත්තක් පිණිස කැළේට ගිය විටදී ගසක් මුල වැඩ හුන්
නාරද නම් පසේ බුදුරජාණන් වහන්සේ නමන්සේ දුටුවා. දුටු පමණින්ම සිත
පැහැදි නාරද පසේ බුදුන් උදෙසා බට වලින් කුටියක් තනා තණපත් වලින් සෙවිලි
කර සැදැහැ සිතින් පූජා කරන්නට යෙදුණා. ඒ පුණ්‍ය මහිමයෙන් දෙව් මිනිස්
සුගතියේ උපත ලබා ගෞතම බුදුරාණන් වහන්සේ පහළ වූ යුගයේ දී සැවැත්නුවර
බ්‍රාහ්මණ පවුලක ඉපදී වල්ලිය කුමරු යැයි නම් ලැබුවා.
අපදාන පාලියේ මෙසේ සඳහන් වෙනවා. මම දෙව්ලොව කල්ප දාහතරක් සිත් අලවා
ඉපදුන අතර සත්තෑඑක්වරක් දෙව් රජුව ඉපදුනා. සක්විති රජව තිස් හතර වාරයක්
ඉපදුනා. මහත් වූ ප්‍රදේශ රාජ සම්පත් අසීමිතව වින්ඳා. මීට කල්ප තිස්එකකට
පෙර යම් කුසල කර්මයක් කළේද එදා සිට මේ දක්කා දුගතියක ඉපදුනේ නැහැ
යනුවෙන්.
තරුණ වියට එළඹීමත් සමග යොවුන් මදයෙන් මත්ව ඉඳුරන් පිනවමින් විනෝදකාමී
දිවියක් ගත කළා. එනමුත් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ වෙත ගොස් සදහම් ඇසීමට වාසනාවන්ත වුණා. තෙරුවන් කෙරෙහි සැදැහැ
සිතින් යුතුව බුදු සසුනේ උතුම් පැවිදි බව ලබා ගත්තා. මනා සිහි නුවණින්
කෙලෙස් තවන වීර්යෙන් දහමේ හැසිරී විදසුන් වඩා නොබෝ කලකින්ම නිකෙලෙස්
මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත්
පුරිසදම්මසාරථී ගුණ මහිමයෙන් අනුහස් උත්තම අරහත්වය සාක්ෂාත් කළ වල්ලිය
රහත් මුනිඳුන් ගිහිකළ සිතේ පැවැති ස්වභාවයත් නිකෙලෙසේ සිතේ සංසිඳීමත්
ඉස්මතු කරමින් මෙම ගාථාවන් වදාළා.
මක්කටෝ පඤ්චද්වාරායං
කුටිකායං පසක්කිය
ද්වාරේන අනුපරියේති
ඝට්ටයන්තෝ මුහුං මුහුං
දොර කවුළු පහක් ඇති කුටියක් තිබෙනවා. ඒක ඇතුලේ වඳුරෙකුත් ඉන්නවා. ඉතින්
මේ වඳුරා වරින් වර ඒ ඒ දොරින් එහාට මෙහාට එබිකම් කර කර බාහිර ලෝකයත්
එක්ක එකතු වෙනවා.
තට්ඨ මක්කට මාධාවි
නහිතේ තං යථා පුරේ
නිග්ගහීතෝසි පඤ්ඤාය
නේව දූරං ගමිස්සසි
ඒයි වඳුරා, ඔහොම නැවතියන්. දුවන්න ලෑස්ති වෙන්න එපා. දැන් නුඹේ කුටිය
ඉස්සර වගේ නොවෙයි. ඉඳුරන් දමනය කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් නුඹට
නිග්‍රහ කරලා තියෙන්නේ. අයෙත් නම් මේ සංසාරේ නුඹට යන්න බැහැ.
ගංගාතීරිය
මහ රහතන් වහන්සේ
ගංගාතීරයේ තල්පත් තුනක් සෙවිලි කළ කුටියක වාසය කළා. ගංගාතීරිය තෙරුන්
නමින් ප්‍රකට වූ උන්වහන්සේ රහත් වන තෙක්ම මම කිසිවෙකු හා කථා නො කරමි
යන අධිෂ්ඨානයෙන් වසරක්ම නිශ්ශබ්දව වාසය කළා
මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය තවත් උතුම් රහතන් වහන්සේ නමකි ගංගාතීරිය මහ
රහතන් වහන්සේ. ඉතාමත්ම විස්මිත වාග් සංවරයකින් යුක්තව වැඩ සිටි
උන්වහන්සේ අවුරුදු තුනකටම කතා කර ඇත්තේ එක් වචනයක් පමණයි.
ගංගාතීරිය රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දී
තෙරුවන් කෙරෙහි බලවත් පහන් සිතින් යුක්ත වුණා. සංඝරත්නය කෙරෙහි පහන්
සිතින් පැන් පූජා කළා. මරණින් මතු දෙව්ලොව ඉපිද තව තවත් පින්දහම්
දියුණු කර ගත්තා. දෙව් මිනිස් ලොව බොහෝ කලක් සැරිසරා මේ බුද්ධෝත්පාද
කාලපයේ දී ‘දන්ත’ කුමරු නමින් සැවැත්වනුවර සිටු ගෙයක ඉපදුණා.
තරුණ විය පත් දන්ත කුමරු කුසල් අකුසල් ගැන තැකීමක් නො මැතිව සදාචාරය
ඉක්මවා හැසිරුණා. එනමුත් සදහම් අසා සසරේ බිය දැනී උපන් සංවේගයෙන් යුතුව
බුදු සසුනේ පැවිදි වුණා. ගිහිකළ ගතකළ නො මනා දිවිය පිළිකුල් කරමින් ඉතා
දැඩි රූක්ෂ ප්‍රතිපදාවල පිහිටියා. පාංශකූල සිවුරු පමණක් පරිහරණය කළ
උන්වහන්සේ මිනීවලට දිය ඉසින බඳුනක් වැනි පාත්‍රයක් භාවිතා කළා.
ගංගාතීරයේ තල්පත් තුනක් සෙවිලි කළ කුටියක වාසය කළා. ගංගාතීරිය තෙරුන්
නමින් ප්‍රකට වූ උන්වහන්සේ රහත් වන තෙක්ම මම කිසිවෙකු හා කථා නො කරමි
යන අධිෂ්ඨානයෙන් වසරක්ම නිශ්ශබ්දව වාසය කළා. දෙවැනි වසරේදී පිඬු සිඟා
වඩිද්දී එක්තරා කාන්තාවක් “මේ හිමියන් ගොළුවෙක්”දැයි සිතා විමසීමට
පාත්‍රය පිරෙන්නටම කිරි පූජා කළා. අතින් වැළක්වුවත් උතුරා යන තෙක් කිරි
වත්කරන විට ‘නැගණියනි! දැන් ඇතියි’ කියා පැවසුවා. මෙලෙසින් හික්මුණු
උන්වහන්සේ තෙවැනි වසරේදී සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වය සාක්ෂාත්
කළා. නිකෙලෙස් චිත්ත සන්තානයක් දරාගත් ගංගාතීරය රහත් හිමියන් තමන්ගේ
පූර්ව ප්‍රතිපත්තීන් ප්‍රකට කරමින් මෙම ගාථාවන් වදාළා.
තිණ්ණං මේ තාලපත්තානං
ගංගාතීරේ කුටී කතා
ජවසිත්තෝව මේ පත්තෝ
පංසුකූ®ලං ච චීවරෝ
මම ඉන්නේ ගඟ ඉවුරක. එහි මගේ කුටිය හදලා තියෙන්නේ තල් කොළ තුනකින්. මගේ්
පාත්‍රයත් මළමිනී වලට පැන් ඉහින භාජනයක් වගේ. මං පොරවන්නේ පාංශකූල
සිවුරක්.
ද්වින්නං අන්තරවස්සානං
ඒකා වාදා මේ භාසිතා
තතියේ අන්තරවස්සම්භි
තමෝක්ඛන්ධෝ පදාළිතෝ
අවුරුදු දෙකටම මම කථාකළේ එක වචනය යි. මහණ වෙලා තුන්වන අවුරුද්දේ දී
අවිද්‍යා අන්ධකාරය සුණු විසුණු කළා.
සංඝ සරණං ගච්ඡාමි කියා අප සරණ යන ඒ ඒ බුද්ධ ශ්‍රාවකයින්ගේ ජීවිත
මොනරම් අසිරිමත් ද? අල්පේච්ඡ බවින් යුතු ලද දෙයකින් තුටු වන අපමණ
ගුණයෙන් යුක්ත ඒ උත්තම රහතුන් ගැන අප වඩ වඩාත් සිත පහදවා ගනිමු.
සටහන : නයනා නිල්මිණි
පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 02 පිණ්ඩෝල භාරද්වාජ රහතන්
වහන්සේ |