බොහෝ
අනුසස් ඇති
ශීලමය පින
පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල ගුණරතන හිමි
සීලය කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ නිසා හෝ
උන්වහන්සේ ගේ ශ්‍රාවකයෝ නිසා හෝ උන්වහන්සේ සතුටු කරන්නට හෝ අප රැකිය
යුත්තක් නොවේ. මෙය අපේම අවශ්‍යතාවයක් බව හඳුනා ගත යුතුයි. සිල්වත් වීමේ
ආනිශංස අත්විඳින්නේ ඔබම යි. සිල්වත් නො වීමේ ආදීනවයත් අත්විඳින්නේ ඔබම
යි.
එනිසා මේ සංසාර ගමනේ
සීලමය විපාකය අපේ ජීවිතය තුළ බොහෝ ලෙස උපකාර වෙනවා
තථාගතයන් වහන්සේ ලොව පහළ වී දුර්ලභව ලැබූ මිනිස් ජීවිතය සාර්ථක කර
ගන්නා අයුරු විවිධ අයුරින් වදාළා. උන්වහන්සේ වදාළේ මූලිකමවම ගිහි
පැවිදි හැම දෙනාම තමා සමාදන් වූ සිල්පද පළුදු නැතිව, කිලුටු නැතිව
ඉතාමත් හොඳින් ආරක්ෂා කර ගතයුතු බවයි.
සීලය යනු හීලෑ බවයි. කය, වචන, සිත යන තිදොරේ සංවර බවයි. එසේ නො මැති
නම් හික්මුණ බව හික්මෙන බව සීලය නමින් හැඳින්විය හැකියි. සීලය පිළිබඳව
බොහෝ ප්‍රභේද විශුද්ධි මාර්ගය තුළ දැක ගන්නට පුළුවන්. අපේ ජීවිත වලට
සමීප කර ගත හැකි ප්‍රායෝගිකව පවත්වන්න ඕන කරන සීලමය පින්කම පිළිබඳවයි
අද ඔබ දැනුවත් කරන්නේ.
සීලය කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ නිසා හෝ උන්වහන්සේ ගේ ශ්‍රාවකයෝ
නිසා හෝ උන්වහන්සේ සතුටු කරන්නට හෝ අප රැකිය යුත්තක් නොවේ. මෙය අපේම
අවශ්‍යතාවයක් බව හඳුනා ගත යුතුයි. සිල්වත් වීමේ ආනිශංස අත්විඳින්නේ ඔබම
යි. සිල්වත් නො වීමේ ආදීනවයත් අත් විඳින්නේ ඔබම යි. එනිසා මේ සංසාර
ගමනේ සීලමය විපාකය අපේ ජීවිතය තුළ බොහෝ ලෙස උපකාර වෙනවා. සංසාර
විමුක්තිය පිණිසත්, ලෝකෝත්තර ප්‍රතිපදාව තුළත් සීල, සමාධි, ප්‍රඥාව
කියන ශික්ෂාපද තුළ හික්මෙන්නට උත්සාහ කළ යුතුවෙනවා.
ලෝකෝත්තර ප්‍රතිපදාවකට හෝ නිවන් මඟට පිවිසිය නො හැකියි අංගවිකල ආබාධිත
වූ කෙනෙකුට. එය බොහෝ බාධක සහිතයි. බලවත් රෝගියකු මේ පරම ලාභය ලබන්නට ඒ
රෝගිබව බාධකයක්. යමෙකුගේ ආයුෂය මද නම් ඒ ලොව්තුරු ප්‍රතිපදාවන් තුළ
සැරිසරන්නට එය බාධකයක්. ඒ වගේම ශාරීරික දුබලතාවය ආදී විවිධ හේතු
කාරණාත් ඒ ගමන් ගමට යම් යම් බාධා පමුණුවනවා. එනිසා ලෝකෝත්තර මගට
සුදුස්සෙක් වෙන්න නිරෝගි දීර්ඝා යුෂ අංගවිකල ආබාධිත නොවුනු මිනිස් කයක්
අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාව ඉබේ ලැබෙනවා නොවේ. එය සීලමය විපාකයක
ප්‍රතිඵලයක්.
ඔබේ ජීවිතය ගැන සිතන්න. ඔබ කැමැතිද මිනිස් ලොව ඉපදෙන කොට අංගවිකල
ආබාධිතව උපදින්න? එහෙම උපන්නොත් මිනිස් සැපයට බාධාවක් නැද්ද? සුවසේ
මිනිස් සැප වළදින්නට පුළුවන් ද? නැවත මිනිස් ලොව ඉපදෙන වෙලාවේ ජීවිතය
පුරාවට සුවකරගත නො හැකි බොහෝ රෝගවලින් පීඩා විඳින්නේ නම් අප උපන්
ආත්මභාව වල ලෞකික සැප විඳින්නට පුළුවන්ද? ඒ ලෞකික සැපයට බාධාවක්. එබඳු
ආබාධිත බව බණ භාවනා වඩන යෝගාවචර ජීවිත ගෙවන ඒ ලොවුතුරු මඟට පිවිසෙන්නට
බාධාවක්. මන්ද ආයුෂත් ලෞකිත සැපයට සීමා පනවා බාධා ඇති කරනවා.
අපේ මේ ජීවිතය තුළ විමසා බැලුවොත් අප ඉපදිලා ඉන්නේ සුගතියක් වූ මිනිස්
ලෝකයේ. එහි උපත ලැබූ අප අද බොහෝ දෙනෙක් නිදන්ගත රෝගවලින් පීඩා විඳිනවා
ද? තම තමාගේ් ජීවිත දෙස බලන්න. ඒ රෝගිවෙලා උපන් බව නිසා තමන්ට මේ
මිනිස් සැප විඳින්න පුළුවන්ද කියලා.
එසේනම් ඔබ සිතයි අංගවිකල වෙලා ආබාධිත වෙලා උපන්නේ. ඇයි? මිනිස් ලොව
මන්දායුෂව උපන්නේ මිනිස් ලොව රෝගියෙක් වෙලා උපන්නේ ඇයි? දුර්වර්ණව
උපන්නේ ඇයි? සමහර අය බොහෝම නිරෝගීව දිගාසිරි ඇතිව ආබාධිත නොවී
පිරිපුන්ව උපදිනවා. සුරූපි ලස්සන මිනිස් සිරුරක් ලැබෙනවා. සුගතියන් වූ
මිනිස් ආත්මභාව තුළ මෙබඳු නානාත්වයක් ඇයි? මේ ලෝකය තුළ මේ නානාත්වය
දකින්නේ සිරුරේ උස්පහත්කම් ලස්සන, අවලස්සන, රෝගී, නිරෝගිකම්, ස්වර්ණ,
දුර්වර්ණකම් ආදියට හේතුකාරණා බැලුවෙත් අප විසින්ම සිදුකළ කායික මානසික
ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලය බවටයි හඳුනා ගන්න තිබෙන්නේ. මේ දුස්සීල බවේ
විපාක යි. විශේෂයෙන් කය, වචනය දෙක වැරැදිියට භාවිත කරමින් අනුන්ට හිංසා
පීඩා කරමින් පෙර ජීවිත ගෙවූ බවට ලැබෙන වර්තමාන සාක්ෂිය යි. ඒ
ජීවිතවලින් අප අත් දකින්නේ පෙර ජීවිතයේ දී ප්‍රාණඝාත කළේනම් අල්ප
ආයුෂයි අපට ලැබෙන්නේ. ඒ වගේම අද දවසේ රෝගයකින් ආබාධිතව පීඩා විඳිනවානම්
එය ලැබුණේ් හේතුවක් නැතිව නොවේ. අප පෙර ජීවිතයේ කුඩා සතෙකුගේ වෙන්න
පුළුවන් අත් පා කඩා සිඳ දැමුවානම් එහි විපාකය ලෙස අද මගේ අත් පා
බිඳිලා. අත්පාවල පීඩා වේදනා දුන් වද වේදනාවල ප්‍රතිඵලය යි. ඒවාට විපාක
අපායේ පමණක් නොවේ විඳින්නේ. මනුෂ්‍ය ලෝකයට එනවිටත් එහි ශේෂය ඉතිරිය
අරගෙන ඇවිදින් ඉන්නේ.
එදා ඒ ප්‍රාණ ඝාතයෙන් රැස්කරගත් අකුසල්වල විපාක නිරයේ බොහෝ කලක්
වින්ඳා. ඒ ඉතුරු ටිකේ ප්‍රතිඵලය තමයි මන්දායුෂය බව, රෝගි බව. අනුන්ගේ
දේ පැහැර ගත්තා නම් අප දිළිඳුන් වීමට ඒකත් හේතුවක්. සොර සතුරන් අප සතු
දේ පැහැර ගන්නවා. පි‍්‍රය අපි‍්‍රය වුණත් අප සන්තක දේ උතුරාගෙන යන්නේ
අප අනුන්ගේ දේ උදුරාගත් බවට සාක්ෂි සපයමින්. අප අනුන්ගේ විවාහ ජීවිත
සදාචාරාත්මක පැවැත්ම සිඳබිඳ දැමූ බවට සාධක අපේ ශාරීරික ආබාධ ශාරීරික
ලිංගික දුබලතා, වැරැදි කාම සේවනයේ ඉදිරි වූ විපාක ලැබෙනවා. අදත් අපේ
ජීවිතයේ දී අපේ සුහදයන් අපෙන් වෙන්ව යනවා. තමාගේ බිරිඳ සැමියා තමාව
අත්හැර දමා යනවා. ඒ බොහෝ කොට පෙර කරන ලද පරදාර සේවනයේ අවශේෂ විපාකය යි.
අප බොරුවෙන් කෙනෙක් මුලාකළ කර්මයේ ශේෂයක් විපාක වශයෙන් අදත් අප
ගැටෙනවා. අප රවටනවා. මුලාවට පත් කරනවා. අප කළදේම අපටත් තව කෙනෙක්
කරන්නට ඉදිරිපත් වෙලා කාය චිත්ත පීඩා විඳිනවා එවන් හේතු නිසා.
පෙර දී මතින්මත් වෙලා බොහෝ අයට හිංසා පීඩා කළා. රැකවරණය දියයුතු සෙනෙහස
ලැබිය යුතු අයට ඒ රැකවරණය එදා ලබා නො දීපු කර්මයේ ශේෂය තමා අද මට
රැකවරණය, පිහිටක් නැහැ. සෙනෙහසක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණේ් එදා මගෙන්
රැකවරණය සෙනෙහස ලැබෙන්නට ඕන අයට එය ලබා නො දීමයි. මතින් මත්වෙලා ඒ බව
අමතක කළ බවට ඒ තුළ සිදුකළ ගත් කර්මයේ ශේෂයන් අද අප අනාථ අසරණ බවට
සෙනෙහසක් නොලබා පීඩිත ජීවිත ගෙවනවා. ඔබ කර්ම හා එහි විපාක හඳුනනවානම්
පෙර තමාගෙන් වූ වැරැද්ද අමතක කරන්න. අතීතය මැරිලා. කය වචනය දෙකේ අසංවර
බව මේ සෑම දේකම පීඩා ගෙන දෙනවා. ඊළඟ ජීවිතයේදී උපදින කොට අංගවිකල
භාවයෙන් ලෙඩ රෝගයෙන් උපදිනවා. එසේ අහිමිරි අත්දැකීම් නො ලැබෙනව සුරූපි
නිරෝගි දීර්ඝායුෂ හොඳ මිනිස් ආත්මභාවයට යනව ද? කියලා තම තමා තීරණය කළ
යුතුයි. මේක පෞද්ගලික තීරණයක්. නපුරු වූ දුකකට යනවද? මේ දුකින් නිදහස්
වූ තැනකට යනවද කියා ස්වාධීන තීරණය ඔබ සතුයි. සීලය කියන්නේ ඔබේ
අවශ්‍යතාවයක්. මේ ජීවිතයට වඩා දුක් කටුක ආත්ම භාවයකට යන්නට අවශ්‍ය නම්
සීලය ඔබට අවශ්‍ය නැහැ. ඉන් එතෙර වීමට නම් මරණ මොහොත දක්වාම සීලය අවශ්‍ය
යි.
එනිසා සීලමය පින අප බොහෝ දෙනෙකුට බොහෝ උපකාර ගෙන දෙනවා. සීලයෙන් තොරව
පැවැත්මක් අපට නැහැ. හැම මොහොතකම අපට සිල්වත්ව ඉන්න වෙනවා. සිල්වත්
නොවී දුසිල්වත් වන හැම මොහොකම සිදුකරන ක්‍රියාවට ලැබෙන දඬුවම බරපතලයි.
එනිසා කාය වාචික සංවරභාවය තුළ සුරක්ෂිත වෙන්නට ඔබ අධිෂ්ඨානයක් ඇතිකර
ගන්න.
සටහන: නයනා නිල්මිණි |