ප්‍රශ්නය – මහානායක හාමුදුරුවනේ මේ ලෝකයේ සිදුවන සියල්ලම කර්මයෙන්
සිදු වෙනවා ද?
පිළිතුර - සියල්ලම කර්මයෙන් සිදු වන්නේ නෑ. අතීත කර්මවල ක්‍රියා ද
බලපානවා.
උට්ඨාන පලුපජීවී කර්ම පලුපජීවී කියල හඳුන්වන්න පුළුවන්. කර්ම පලූපජීවී
කියන්නේ සියලු දෙයින් සම්පූර්ණ වන බලවත් කුසලවලින් උපදින අය. එවැනි අය
ලෝකයේ ලක්‍ෂයකට එක් අයෙක්වත් සොයාගන්න අමාරුයි නේ.
බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලයේ දී එක්තරා සිටුවරයෙක් හිටියා.
පූර්ව කර්ම ශක්තියෙන් ඒ උපත සිදුවුණේ. එවැනි අයකුට ළං වෙන්න කාටවත් බෑ.
ඒ පූර්ව කර්මයේ බලය තදින්ම දෙන නිසා.
ලෝකයේ ලක්‍ෂයකින් එක් අයෙක් විතර තමයි එසේ උපදින්නෙ. උට්ඨාන පලුපජීවි
කියන්නේ තමා උත්සාහ කිරීමේ හැටි හැටියට දියුණුව ඇති කර ගැනීමට යි.
දියුණුව ඇතිවෙන්න නම් නුවණින්ම කල්පනා කළ යුතුම යි.
අද කටයුතු කරන ක්‍රමයේ හැටියට ඔහු කළ අනිත් කර්ම මතුවන්නෙ, කොයිතරම්
පින් තිබුණත් ධාවනය වන කාර් එකක් ඉදිරියට පැන්ණොත් මොකද වෙන්නෙ. ඒ
පැනීම ඔහුගේ අනුවණ ක්‍රියාව නිසා සිදුවෙන දෙයක්.
තම තමන්ගේ වැඩ පිළිවෙළේ හැටියට කල්පනාවෙන්, නුවණින් දක්‍ෂ ලෙස ක්‍රියා
කළොත් අතීත කුසල කර්ම ශක්තීන් මතුවෙනවා. මෙලොවදී උත්සාහය නැතුව බෑ.
උත්සාහය වැරැදි නපුරු ක්‍රියා කිරීමට නම් ඒ වැරැදි උත්සාහයේ ඵල විපාක
ඊළඟට ඇතිවෙනවා. හරිහම්බ කර ගත් දේ ඔහුගේ හෝ දරුවන්ගේ කාලයේ දී විනාශ
වෙනවා. ධාර්මික අයකුගේ උත්සාහයෙන් ප්‍රතිඵල අතීත ආත්ම කුසල මතුවීමෙන්
දියුණුව ඇතිවෙනවා. ඒ නිසා ධාර්මික උත්සාහයම යි කළ යුත්තේ.
පැට්‍රෝල්වල ගිනිගන්න ශක්තිය තිබෙනවා. ගිනි කූරක් ඇල්ලුවොත් පැට්‍රෝල්
ගිනි ගන්නවා. ඉතින් උත්සාහ කළොත් කුසල් මතුවෙනවා. උත්සාහ නොකොළොත්
බේබදුකමට සල්ලාලකමට ධනය වියදම් කිරීම ආදී වැරැදි වැඩ මාර්ගයට බැස්සොත්
අතීත අකුසල කර්ම මතුවී දුප්පත්කමට වැටෙනවා. මේ ජීවිතයේ කර්මවලින් හතෙන්
එකක් මෙහිදීම විපාක දෙනවා. නරක ක්‍රියාවල ප්‍රතිඵල වලින් හතෙන් එකක් මේ
ලෝකයේ දී විපාක දෙන නිසා වැරැදි වැඩ නොකර සිටීමට උත්සාහ කරන්න ඕනෑ.
ප්‍රශ්නය - සිදුහත් කුමාරයා ඉපදී සත් පියුම්හි ගමන් කිරීම ගැන පැහැදිලි
කරනවා නම්?
පිළිතුර – ඒකේ තේරුමක් තියෙනවා. පුරාතන ඉන්දියාවේ රජ පවුල් වැනි ඉහළ
පන්තියෙ අයගෙ පවුල්වල අය උයන්වල ආදී තැන්වල නැවතී ඉන්න වෙලාවලදී සේවකයො
පැමිණිලා මල් අතුරනවා. ඒ උසස් යැයි සැළකෙන අයට කරන සැළකිල්ලක්. ඒක හොඳ
චාරිත්‍රයක්.
බෝසත් තුමා පියවර හතක් වැඩියෙ නෙළුම් මල් මතයි. හැම තැනම නෙළුම් මල්
අතුරා තිබුණේ මායා බිසව අවට සේවිකාවෝ නෙළුම් මල් අතුරා තිබුණ. ඒකයි
නෙළුම් මල් මතින් වැඩිය කියන්නෙ.
බෝසත්තුමා ඉහත ආත්මයෙන් චුත වුණෙත් හොඳ සිහියෙන්. මව්කුසේ සිටියොත් හොඳ
සිහියෙන්. ඒ නිසා උපතින්ම ඉතා පැහැදිලි ලෙස මතකයි පසුගිය ජීවිතය.
තමන් තුසිත ලොවින් චුත වුණේ මොන අදහසක් උඩ ද කියන එක උන්වහන්සේ දන්නවා.
ඒ දන්නා නිසා උපන් හැටියේ මම ලොවට අග්‍ර වෙමියි ආදී විධියට පාරමී ධර්ම
සම්පූර්ණ කිරීම තුළින් මා තරම් ඉහළට ගිය කෙනෙක් ලොව වෙනත් නෑ. ඒ
තත්ත්වයට ආවේ බුද්ධත්වය ලැබීමට ආ අවසන් ආත්මය නිසා.
මෙහිදී උපන් හැටියෙ ළමයකුට පයින් ඇවිදින්න පුළුවන්ද කියල මතයක් ඇති
වේවි. සමහර අය උපන් හැටියෙ ඇවිද්දා. කතා කළා කියල ප්‍රවෘත්ති මේ
කාලයෙත් සමහර පුවත්පත්වල පවා තියෙනවා. එහෙම ළමයෙක් ප්‍රංශයේ ඉපදිලා කතා
කළ ප්‍රවෘත්තිය ප්‍රංශයේ පළවූ පුවත්පතක පළවී තිබුණා. සමහර සතුන් උපන්
හැටියෙම ඇවිදිනවා. කුස තුළදීම ඒ අත්පාවල ශක්තිය වැඩී තිබුණ නිසා. ඒ
වගේම ඒ ශක්තිය විශේෂ මනුෂ්‍යයකුට ඇතිවන්න පුළුවන්.
මව් කුස තුළදීත් බෝසත් අත්පා වැඩී තිබුණා. ඒ නිසා උපන් හැටියේ ඇවිදින්න
කතා කරන්න පුළුවන්.
ප්‍රශ්නය - සිදුහත් කුමරු අබිනික්මන් කළේ සතර පෙර නිමිති දැකලා?
පිළිතුර - සතර පෙර නිමිති දැකීමෙන් ලොව ගැන කලකිරුණා. මහල්ලෙක්,
ලෙඩෙක්, මරණයක් දුටුවාම ලෝකයේ හැම දෙනාටම එය ඇතිවන මුහුණ දිය යුතු
තත්ත්වයක් ලෙස තේරුම් යනවා. තමන්ටත් එය ඇතිවෙන බව වැටහෙනවා.
මහණ රුව දුටුවාම මේ ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නිදහස් වන මාර්ගය
පැවිදිවීම කියා සිතට ගත්තා.
පැවිදි රුව දැකීමෙන් මහණ වෙන්න හිතුණේ අන්තිමේ දී තමන්ගේ රජ ගෙදර
නින්දෙන් පිබිද ඉන්න වෙලාවේ මහ රෑ උයනේ ගිහින් ඇවිත් බලන විට තැන්
තැන්වල වැටී නින්ද ගිය ස්ත්‍රීන්ගේ විකාර දුටුවා. කෙල පෙරාගෙන සිහිනෙන්
දොඩවන ආකාරය දුටුවා. හරියට අමු සොහොනක් වගෙයි. ඉතින් මහණ වෙන්න තමන්ගේ
අදහස ඉක්මන් වුණා.
ප්‍රශ්නය – බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම සිදු වූයේ මාරයාගේ
ආරාධනාවෙන් ද?
පිළිතුර – දැන් ශාසනය පිහිටියාදැයි බුදුහාමුදුරුවෝ බුදු නුවණින් සළකා
බැලුවා. උන්වහන්සේට පෙනුණා ගිහි, පැවිදි, ශ්‍රාවකයන් ධර්මය ඉගෙන ගත් අය
ඉන්නවා. ඒ නිසාම මා ලොව ඉන්න වැඩක් නෑ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්
පානවා. නිර්වාණ ස්වභාවයට පත් වෙනවා.
ධර්මය ලොවට අවබෝධ කර දෙන ශ්‍රාවකයන් ඉන්නවා. ලොව ඉපදීමේ තේරුමක් තිබිය
යුතුයි. ඒ නිසා ලොව අතහැර පිරිනිවන් පෑවාට පාඩුවක් නෑ. නිවන් අවබෝධයට
ශ්‍රාවකයන් විසින් මඟ කියා දිය හැකියි. උදව් කළ හැකි යි. ප්‍රතිපත්ති
මඟෙහි යෙදවිය හැකියි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒ නිසා
පිරිනිවන් පාන්න කාලය හොඳයැයි කියල එය දුටුවා. පිරිනිවන් පෑමට අදහස්
කළේ ඒ නිසයි.
වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා කාම පැත්තට බර, කම් සැප විඳීම අතහැරීම
මෝඩකමක්ය කියා හිතන වැරැදි මත දැරූ කෙනෙක්. එයා කාම පැත්තටයි බර.
සසරින් එතෙර වන අය හෙළා දකින අයෙක්. නිවන් අවබෝධ කර ගන්නා උත්තමයෙක්
ඉක්මනින් ඉවත් කර ගන්න ආස අයෙක්.
බෝධි සත්ත්වයන් වහන්සේ බුදු වූ අලුතම පිරිනිවන් පෑවොත් හොඳැයි නේදැ’ යි
පැවසුවාම බුදුහාමුදුරුවෝ දේශනා කළේ මා අවබෝධ කර ගත් ධර්මය අවබෝධ කරගන්න
පුළුවන් පිරිස ඇතිවනතුරු මම පිරිනිවන් නොපාමි. උන්වහන්සේගේ අසූවැනි
වියේ දී පිරිනිවන් පාන්න හරි බව පෙනුණා.
අර දිව්‍ය පුත්‍රයා නැවත ආවා. ඔබ වහන්සේ කලින් වදාළ වචනයක් තියෙනවා
ධර්මය දන්නා අය ඇතිවනතුරු පිරිනිවන් පාන්නෙ නෑ කියල දැන් ඉතින් ඇයි
තවදුරටත් ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔව්, මම පිරිනිවන් පාන්න ඉන්නේ.
මගේ අර්ථය සම්පූර්ණයි. මගේ පරිනිර්වාණය වෙයි කියල වදාළා. වසවර්ති
දිව්‍ය පුත්‍රයා ඒ වගේ සිදුරු සොය සොයා හිටිය කෙනෙක්. ඒ හැඟීම ආනන්ද
හිමිට අවේ නෑ ඒ වෙලාවෙම වසවර්ති මාරයා ආරාධනා කළේ . මේ අවස්ථාවේ දී
භූමිකම්පාවක් ඇති වුණා. ඒ වෙලාවෙ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන්
ඒ ගැන ඇහුවා ළ¼ගදීම මගේ පරිනිර්වාණය සිදුවෙනවා ඒ නිසයි ඒ ඇති වුණේ කියල
බුදුහාමුදුරුවෝ වදාළා. තව ටික කලක් වැඩ ඉන්න කියල ආනන්ද හාමුදුරුවෝ
බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියා. කලින් කී වෙලාවේ ඒ ගැන සවන් යොමු
කළේ නෑ කියල පිළිතුරු වශයෙන් බුදුහාමුදුරුවෝ වදාළා.
නිතරම එළඹ සිටි සිහියෙන් සිටියා නම් මාරයාගේ දර්ශනයට සිත නොයවා සිටියා
නම් හරි. ඒ නිසා ඒ වරද සිදු වුණා. කල් ඇතිව ඔය ආරාධනාව කළා නම් තව කලක්
ඉන්න තිබුණා. මා කලින් කියූ වචනය මාරයා මතක් කළා. මාරයාගේ වචනය නොව
බුදුහාමුදුරුවොත් හිතාගෙන හිටපු කාලයයි ඒ.
බුදුහාමුදුරුවන්ට අවශ්‍ය නම් ආයුෂ කල්පයක් වැඩ ඉන්න තිබුණා. අවුරුදු
එකසිය විස්සක් නමුත් ජීවත්ව ඉඳිල්ලෙන් වෙන විශේෂ ප්‍රයෝජනයක් වෙන්නෙත්
නෑ.
ඒ අනුව පේනවා මාරයාගේ ඉල්ලීමකින් නොවෙයි බුදුහාමුදුරුවො පිරිනිවන්
පෑවෙ. තමන් වැඩ සිටියාය කියල වෙන විශේෂ ප්‍රයෝජනයක් ඇත්තෙ නැත්නම්
පිරිනිවන් පානව. ශාසනය පවත්වාගෙන යන්න පිරිස ඉන්නවා. එය දැන පිරිනිවන්
පාන්න හිතාගත් බවයි පෙනෙන්නෙ.
ප්‍රශ්නය- බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව සිදු වූයේ දෙවියන්ට
පමණක් ද?
පිළිතුර – අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වය හෙළි කරන දේශනාව අභිධර්ම
දේශනාවයි.
අභිධර්ම දේශනාව බුදුහාමුදුරුවො දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් කොතෙකුත්
අවස්ථාවල දේශනා කර තිබෙනවා. කුසල ධම්ම අකුසල ධම්ම පිළිබඳ අභිධර්ම
පිටකයේ විස්තර කරනවා. එතැන අභිධර්ම දේශනාව දෙව්ලොවදීත් නුවණ ඇති
දෙවියන්ටත් මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දෙවියන්ටත් මිනිස් ලොවේදීත්
නොයෙක් අවස්ථාවල අභිධර්ම දේශනාව වදාළ බව සඳහන් වෙනවා. අභිධර්ම පිටකයේ
දැන් සඳහන් බුදුරජාණන් වහන්සේ වදාළ වදන විස්තර කිරීම කුසල ධම්ම වශයෙන්
අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර දේශනා කළහ. ධම්ම සංගණී
විභංහ ආදී වශයෙන් ප්‍රකරණයක විස්තර තියෙනවා.
අග්‍රශ්‍රාවක ප්‍රඥාවන්තයන් අතුරෙන් අග තැන් ලැබූ සාරිපුත්ත මහ රහතන්
වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය පරිදි උන්වහන්සේ බුදුරජාණන්
වහන්සේගේ වචනයට අනුව විස්තර කළා. එය ඇයි අප ප්‍රතික්ෂේප කරන්නේ.
බුදුරජාණන් වහන්සේගේ චිත්ත ඤාණ දන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුද්ධ
වචනයයි එසේ විස්තර කළේ. අභිධර්ම ප්‍රකරණය හයකට අප කොහොමද ඒක
ප්‍රතික්ෂේප කරන්නෙ. පළමුවැනි ධර්ම සංගායනාවට මාතිකා නමින් ආවේ
බුදුරජාණන් වහන්සේ වදාළ අභිධම්ම මාතිකාව. එය කුසලා ධම්ම කුසලා ධම්මා
ආදී වශයෙනි. සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකරණ හයකින් විස්තර කළේ ඒවා
යි.
තුන්වන සංගායනාවේ දී මුඛ පාඩමින් ඒ ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන්
රැකගෙන ඒමෙන් අටුවාවක් වශයෙන් වෙනම ප්‍රකරණයක් මොග්ගලීපුත්ත තිස්ස මහ
රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භේද දුරු කිරීමට ප්‍රකරණයම වශයෙන් එකතු
කළා.
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමඟ සාකච්ඡා කර 1997 වසරේ
බුදුසරණ පුවත්පතෙහි පළවූ ලිපි පෙල ඇසුරෙනි. |