භික්ඛු සංඝස්ස - කොටස 03
සුගත්ව මහණ කළේ
පන්සලේ දේපළ රැක ගන්නද?
ලියන්නේ මර්වින් සේනාරත්න
මෑණියන්ගේ අතේ එල්ලී
පන්සලට පිවිසෙන සම්මත,
එහිදී වැඩි ආශාවක් දක්වන්නේ බුදු ගෙට පියමං කොට
හුදෙකලාවී බුදු පිළිමය දෙස
බලා සිටීමටය.
ඒ සෝම හාමුදුරුවන්ට ඇති
අනාදරයක් නිසා නොව
සෝම හාමුදුරුවන් දෙස බලා සිට ලබන ආශ්වාදයට වඩා වැඩි ආශ්වාදයක් බුදු
පිළිමය දෙස බලා සිට ලබා ගත හැකි නිසා ය
කවුරු මොනවා කිව්වත් සම්මත පුතා සිය සෝම හාමුදුරුවන් හට දක්වන්නේ පුදුම
කැමැත්තකි. අසීමිත ආදරයකි. උන්වහන්සේ කහ සිවුරට මොන තරම් හැඩ කාරදැයි
සම්මත තනිවම සිතන්නේ ය.
සෝම හාමුදුරුවන් සිය නිවසේ ආලින්දයට වැඩම කළ විට, අම්මා හාන්සි පුටුවකට
සුදු රෙදි කඩක් එළන්නේ සෝම හාමුදුරුවෝ ඒ පුටුවේ දිගාවී කතා කිරීමට
කැමැත්තක් දක්වන නිසා ය. මේ බව සම්මත දන්නේ, සුදු පිරුවටයක් රැගෙන
අම්මා ආලින්දයට පැමිණෙන සෑම අවස්ථාවකදීම සෝම හාමුදුරුවෝ හාන්සි පුටුව
වෙත අත දිගු කරන බැවිනි.
සුදු පිරුවටයෙන් සැරසුන හාන්සි පුටුවේ හාමුදුරුවන් අසුන් ගත් වහා,
අම්මා උන්වහන්සේට දණ බිම ගසා වඳින්නී ය. තාත්තා ඊළඟට වැඳ වහා ඉවත් වී
යන්නේ ය. සම්මත වඳින්නේ ඉන් අනතුරුව ය. වඳින වඳින හැම දෙනාටම උන්වහන්සේ
කියන්නේ “සුවපත් වේවා” කියා පමණය.
එය කියන්නේ අහක බලාගෙනය. කතා කරන්නේ ද බිම බලාගෙන පහත් හඬිනි. සරම
කලිසම කමිසය අඳින කාලේ අපේ හාමුදුරුවෝ කෙතරම් දඟකාර ද? දඩබ්බර ද?
කෙළිලොල් ද? කෙතරම් ලස්සනට කවි පද බැඳුම් විරිඳු සින්දු ගායනා කළා ද?
කොක් හඬලා සිනාසුනා ද? වැඩිහිටියන්ට හොරෙන් බීඩි සිගැරට් ඉරුවා ද? දැන්
ඒ කිසියම දෙයක් නැත.
අට හැවිරිදි සම්මත පුතා සිරිත් පරිදි, හත් හැවිරිදි ලලිතා සමඟ සෙල්ලමට
ගියත්, දැන් වැඩිපුරම කරන්නේ රඟපෑම් ය. දිනක් ඔහු චරිත නිරූපනය කළේ සෝම
හාමුදුරුවෝ සිය ගිහි ජීවිතයේ බීඩි සිගැරට් හොරෙන් හොරෙන් බිව් ආකාරය
දනවන දර්ශනයකි.
තවත් දවසක් අම්මාගේ චීත්තයක් පොරවාගෙන සෝම හිමි බවට පත් වූ සම්මතට,
දානය බෙදා පුද සත්කාර කළේ ලලිතා දැරිවිය ය. හාමුදුරු චරිත රගපෑමට
සම්මත දක්‍ෂ ය. හාමුදුරුවරුන්ට දන් බෙදා පුද සැලකුම් කරන අන්දම ලලිතා
විසින් කොතෙකුත් දැක ඇත්තී ය. ඒ නිසා දන් බෙදන උපාසක අම්මා කෙනෙක් ගේ
චරිතය රඟ පෑමට ඇයද දක්‍ෂකම් සපුරා ඇත. මෑණියන්ගේ අතේ එල්ලී පන්සලට
පිවිසෙන සම්මත, එහිදී වැඩි ආශාවක් දක්වන්නේ බුදු ගෙට පියමං කොට
හුදෙකලාවී බුදු පිළිමය දෙස බලා සිටීමටය. ඒ සෝම හාමුදුරුවන්ට ඇති
අනාදරයක් නිසා නොව සෝම හාමුදුරුවන් දෙස බලා සිට ලබන ආශ්වාදයට වඩා වැඩි
ආශ්වාදයක් බුදු පිළිමය දෙස බලා සිට ලබා ගත හැකි නිසා ය.
“හාමිනේ? දැන් අපේ හාමුදුරුවන් මෙහේ එන්නේ කලාතුරකින් නේද?”
හාමිනේ හිටියේ නෑසුනාක් මෙනි. අප්පුහාමි, පල්ලේබැද්දේ සෝම හිමි පිළිබඳව
ප්‍රශ්න අහන්නේ සමච්චලයට බව දන්නා නිසා ය.
“ලොකු හාමුදුරුවෝ වැඩි කැමැත්තක් නෑ හාමිනේ සෝම හාමුදුරුවන්ගේ
වැඩපිළිවෙළට”
“මොන වැඩපිළිවෙළට ද?”
“ඇයි යොදාගෙන යනවයි කියන්නේ වැඩ පිළිවෙළක්”
“කව්ද”?
“කව්ද ඉතින් අපේ හාමුදුරුවෝ මිස?”
“කව්රු කොහොම කිව්වත් ලොකු හාමුදුරුවෝ හරි ආදරෙයි අපේ හාමුදුරුවන්ට, මම
ඒක හොඳ හැටි දන්නවා. හාමුදුරුවන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා සෝම
හාමුදුරුවෝ තමන් වහන්සේට අවශ්‍ය ආකාරයට හැඩ ගැසේවි කියලා”
“එහෙම විශ්වාසයක් තියෙනවා නම් ඇයි අගුණ කියා පෑවේ මා සමඟ එක් වී?”
“අහවල් අගුණද?”
“අලුත් දායක සභාවත් පිහිටුවන් හදනවලු පැරණි දායක සභාවෙන් වැඩක් නෑ
කියලා පන්සලේ දහම් පාසලක් පිහිටුවන්න හදනවලු”
“ඉතින් අප්පුහාමි හොඳයි නේ? පන්සල දියුණු කරන්න නේද අපේ හාමුදුරුවෝ
උත්සාහ කරන්නේ?”
“අනේ හාමිනේ මුල අමතක කරන්න එපා. ඔහේ මලයා මහණ කෙරෙවිවේ පන්සල් දියුණු
කරන්න ද? එහෙමත් නැත්නම් පන්සල සතු දේපොළ රැක බලාගෙන ඉන්න ගමන් තම
දියුණුවත්, තමන්ගේ පවුලේ දියුණුවත්.....”
“මේ අප්පුහාමි සාංඝික දේපොළ යොදාගෙන පවුල් දියුණුව සැලසීම නින්දාවක්,
තේරුණාද? මම අදහස් නොකළ දේවල් ගැන දොඩල පව් සිද්ධ කර ගන්න එපා! ලොකු
හාමුදුරුවෝ කීප අවස්ථාවකදීම මේ ගෙදරට වැඩම කරලා පන්සල බලා ගන්න කෙනෙක්
නෑ සුගත් දරුවා මහණ කරමුදැයි ඇසුවාමයි මං එකඟ වුනේ!”
එදා දෙමහල්ලන්ගෙ කතාව එතැනින් නිමාවට පත්වුණේ කුරුන්දේ ලොක්කා
පල්ලේබැද්දේ ගෙදරට ගොඩ වූ හෙයිනි. ඔහු ඕපා දූප ගබඩාවකි. තැන් තැන්වල
ඇවිද එක්රැස් කර ගන්නා ඕපා දූප සියල්ල කුරුන්දේ ලොක්කා කොහේ හෝ තැනකදී
එළියට ගන්නේ “යුතුකමක් ඉෂ්ට කරන කෙනෙකු” පරිද්දෙනි. කුරුන්දේ ලොක්කා
හිතන්නේ තමා පල්ලේබැද්දේ ගමට කරන්නේ මහා සෙතක් බවය. හැබැයි ඕපා දූප
සන්නිවේදනය නම් වෙබ් අඩවි මඟින් අදත් සිදුවේ.
“කුරුන්දේ ලොක්කා කොහේ යන ගමන්ද ?” ඇසුවේ අප්පුහාමිය.
“මම ඉතින් පල්ලේබැද්දේ ගම ඇතුළෙම කැරකෙනවා මිස ගමෙන් පිට යන එකක්යැ”
“ඔව් ඉතින් කුරුන්දේ ලොක්කා වගේ වැඩිහිටියෝ ගමකට මොන තරම් වටිනවද?”
හාමිනේ කියා පෑවේ සමච්චලයට මෙනි.
“පන්සලත් දෙකට බෙදිලාය කියන්නේ?”
“කවුද කියන්නේ?”
“කවුරුත් කියන්නේ!”
“ඇයි දෙයියනේ තියෙන දායක සභාවට පිටින් අලුත් දායක සභාවක් පිහිටුවන්න
ගියාම පන්සල දෙකට නොබෙදෙයි ද? “ඒ විස්තරය අප්පුහාමිගෙනි.”
ආලින්දයේ ටීපෝව මත ලැගුම් ගත් අප්පුහාමිගේ හෙප්පු කබල අතට ගත් කුරුන්දේ
ලොක්කා හරිබරි ගැහී වැඩි ගත්තේ කටපුරා බුලත් විටක් කෑමට ය.
ඊළග කොටස ලබන සතියට
අඳින්නේ සරත් නන්ද කුමාර
භික්ඛු සංඝස්ස - කොටස 02 සංජීවනී හඬා වැටෙමින් කී කතාව |