වත් පිළිවෙත්වලට මුල් තැන දෙමු
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
විහාරස්ථානයට යාමේදී පවා
අප අනුගමනය කළ යුතු
වත් පිළිවෙත් තිබෙනවා. අප ඇඳ පැලඳ යා යුත්තේ මොනවාද?
සුදුවතින් සැරසීම.
මෙවන් දේ ගැන අප අවධානය යොමු කළ යුතු වනවා.
වන්දනා ගමනක් යාමේදී පවා
අප අනුගමනය කළ යුතු
වත් පිළිවෙත් කොපමණ
තිබෙනවාද? තුනුරුවන් නැමඳ අප වන්දනා ගමන් අරඹන්නේ. කණ්ඩායමේ අත්දැකීම්
ඇති අයෙක් නඩේගුරා ලෙස
නායකයා කරගන්නවා
වත්මන් සමාජය දෙස බැලූ විට අපට පෙනී යන්නේ වත් පිළිවෙත් පිළිබඳව ඇති
දැනුම ඇතැම් දෙනෙකුට අල්ප බවයි.
ධර්ම දේශනාවකදී, දානමය පින්කමකදී මෙන්ම අනෙකුත් කවර හෝ පුණ්‍ය
කටයුත්තකදී වගේම එමෙන්ම ජාතික මට්ටමේ අප සමරනු ලබන උත්සවවලදී කඨින
පින්කම්වලදී පවා වත් පිළිවෙත් ගැන ඇතැම් කෙනෙක් ඒ තරම් සැලකිල්ලක්
දක්වන බවක් පෙනෙන්නට නැහැ. එම නිසා මේ වත් පිළිවෙත් හෙවත් අපේ
වැඩිහිටියන් වෙනුවෙන් කළ යුතු වතාවත්, පූජ්‍ය පක්ෂය වෙනුවෙන් කළ යුතු
වතාවත්, සමස්තයක් වශයෙන් ගත් කළ තුනුරුවන් වෙනුවෙන්ම කළ යුතු වතාවත්
පිළිබඳව වඩාත්ම අපේ සිත යොමු කරන්න ඕන.
අප පංචතූර්ය නාදය ගැන කතා කළහොත් එය බෞද්ධාගමිකව වැඩපිළිවෙළක් ලෙසයි
සමාජ ගතව තිබෙන්නේ.
ඒවාගේ වාදනය කරන නැත්නම් ගායනය, කරන නැත්නම් නළා ලෙසින් භාවිතා කරන හෝ,
ආතත, විතත විතතාතත, ඝන, සුසිර කියන මේ කවර භාණ්ඩයකින් හෝ මුඛයෙන් පවසන
කවර හෝ බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවන ශබ්ද අප වත් පිළිවෙත්හි ප්‍රධාන අංග
ලෙසින් සලකනවා.
එසේ නම් ඔබ නිවසේ සිදු කෙරෙන ධර්ම දේශනා පින්කමකදී, එසේම පිරිත්
පින්කමකදී දානමය පින්කමකදී එසේත් නැත්නම් අවමංගල්‍ය අවස්ථාවකදී හෝ අප
එය වතාවතක් ලෙස භෙරිවාදන සඳහා මුල් තැනක් දිය යුතුයි. ඒ තුළින් යම්
කිසි පිරිසකගේ ජීවනෝපාය රැකෙනවා. අනෙක් අතින් අප කලාවන් ආරක්ෂා කිරීමට
දායකත්වය ලබා දෙනවා. තවත් අයුරකින් අපේ පින්කම අප නිවැරැදිව සිදු කළා
වනවා. දානයකදී තම්මැට්ටම ගහලා ස්වාමින් වහන්සේ වැඩම කිරීම එක් අතකින්
වතාවත් සිදු කළා සේම අප පින්කම පිළිබඳව පණිවුඩයක්ද ලබාදෙනවා.
දළදා මැදුර අසල සිටින අයකුට දළදා මැදුරේ තේවා හඬ ඇසෙන විට කෙතරම්
ප්‍රසාදයක්, පහන් සිතක්, සතුටක් දැනෙනවාද?
මුඛවාඩම් බැඳගෙන සුදු වතින් සැරසී බුද්ධ පූජාව රැගෙන යද්දී,සුවඳ දුම්
මඟින් පූජා පවත්වද්දී අප වැඳ නමස්කාර කරනවා. එයයි නියම වත් පිළිවෙත.
මෙහිදී ඔබගේ තිබෙන වැරැදි මතයක් ගැන අප විග්‍රහ කරන්නට ඕනෑ. ඇතැම්
කෙනෙක් සිතනවා අපේ සිත තුළ සැදැහැවත් බවක් තිබෙනවා නම්, ප්‍රසාදයක්
තිබෙනවා නම් ඒ ඇති. ආයිත් අමුතුවෙන් පින් දහම් කළ යුතු නැහැ කියල. මෙය
ඉතාම බරපතළ වැරැදි මතයක්.
මඳක් සිතා බලන්න. ඔබගේ මව්පියන්ට ඔබ ආදරෙයි. මව්පියන් වෙත ඔබ තුළ
පුදුමාකාර බැඳීමක් තියෙනවා. සෙනෙහස ඉහළයි. හැබැයි ඔබ සිතනවා මම සිතින්
ආදරෙයි කරුණාවයි සෙනෙහස තිබෙනවා හැබැයි ඔබ මවට පියාට කන්න අඳින්න
දෙන්නෙ නැහැ.බේත් හේත් අරගෙන දෙන්නේ නැහැ. ඔවුන් පිරිසුදු කිරීම්,
නැහැවීම, කරන්නේ නැහැ. ඔබ සිතනවා මම අම්මට තාත්තට ආදරෙයි මම ඕව කරන්න
ඕන නැහැ කියල. මේ තීරණය නිවැරැදිද? ආදරයක්, කරුණාවක් තියෙනවනම්
සෙනෙහසක් තියනවනම් එය එළියට එන්නේ මේ .වෙය්‍යාවච්ච වලින්, නැත්නම් වත්
පිළිවෙත් තුළින්.
ඒ නිසා ඔබ නිවසේ තබන බුදුපහනට පවා, බුද්ධ පූජාව තැබීමේදී පවා වත්
පිළිවෙත් අනිවාර්යයෙන්ම නිසි පරිදි කළයුතුවනවා.
බුද්ධ පූජාව තැබීමේදී ඒ සඳහා වෙන් කළ බුද්ධ පූජා භාණ්ඩ වෙනමම පිරිසුදුව
තැබීමට අප කටයුතු කළ යුතුවනවා. එසේම දැහැත්, ගිලන්පස, ඇතුළු බුද්ධ
පූජාව නිසි වේලාවට ඉවත් කිරීමටත් අප කටයුතු කළ යුතුවනවා.
උදෑසන තැබූ බුද්ධ පූජාව සවස පහන් දල්වන තුරු තබනවානම් අප බුදුරජාණන්
වහන්සේට නිසි ගෞරවයක් දක්වන්නේ ද?
මෙය එක් අතකින් අප විසින් අනාගත පරපුරට කරනු ලබන දායාදයක්. පැන් ටික
පෙරාගෙන, මල්, සුවඳ දුම්, නිසි පරිදි සකස් කරගෙන තමන් පිරිසුදු වී
බුද්ධ පූජාව තැබීමේදී සිදු කරනු ලබන පුණ්‍ය කර්මය නිසි වත් පිළිවෙත්
සිදු කිරීමක්.
විහාරස්ථානයට යාමේදී පවා අප අනුගමනය කළ යුතු වත් පිළිවෙත් තිබෙනවා. අප
ඇඳ පැලඳ යා යුත්තේ මොනවාද? සුදුවතින් සැරසීම. මෙවන් දේ ගැන අප අවධානය
යොමු කළ යුතු වනවා.
වන්දනා ගමනක් යාමේදී පවා අප අනුගමනය කළ යුතු වත් පිළිවෙත් කොපමණ
තිබෙනවාද? තුනුරුවන් නැමඳ අප වන්දනා ගමන් අරඹන්නේ. කණ්ඩායමේ අත්දැකීම්
ඇති අයෙක් නඩේගුරා ලෙස නායකයා කරගන්නවා.
සිරිපාදේ යන කොට අපේ කතා බහ පවා වෙනස් වනවා. ‘කරුණාවයි’, ‘සැහැල්ලුව’
වගේ වචන භාවිතයට ආවේ බුදුරජාණන් වහන්සේට ඇති ගෞරවය නිසයි. වත් පිළිවෙත්
නිසි පරිදි සිදු කරන නිසයි.
කෝඩුකාරයන් විසින් සිදු කරනු ලබන වත් පිළිවෙත්, තමන් වන්දනා කරන ලද වාර
ගණනට අනුව ඝන්ඨාරය නාද කිරීම මේ සියල්ලම අතීතයෙ සිටම අපගේ චාරිත්‍ර හා
බැඳුණ වත් පිළිවෙත්.
ශ්‍රී පාද ස්ථානය මුල්කරගෙන ජය ශ්‍රී මහ බෝධිය මුල් කරගෙන, දළදා වහන්සේ
මුල් කරගෙන මොනතරම් පිළිවෙත් රැසක් අපට ලැබී තිබෙනවාද?
මේ වත් පිළිවෙත් අප පමණක් නොව අනාගත පරපුරට දායාද කිරීමට නම් අප විසින්
එම වත් පිළිවෙත් නිසි අයුරින් රැක ගෙන ඒ සියල්ල නිසි පරිදි ඉටු කළ
යුතුයි. එසේ නොමැතිව අපට සිතෙන අයුරින් පුද පූජා ක්‍රම වෙනස් කිරීම හෝ
අපට සිතෙන අංග එකතු කිරිම මඟින් අප කරන්නේ මහත් හානියක්. එම අකටයුත්තට
අප පමණක් නොව අනාගත පරපුරත් අප යොමු කරනවා.
නිවසේ දානමය පින්කමට වඩමවන ස්වාමීන් වහන්සේගේ දෙපා සේදීම ගෘහමූලිකයා
විසින් කළහොත් පමණයි දරුවන් එම කාර්යය ඉගෙන ගන්නේ. එසේ නොමැතිව ඒ සඳහා
වෙනත්, පුද්ගලයන් යෙදීමෙන් සිදුවන්නේ එය කවුරුන් විසින් සිදු කළත් එහි
අඩුවක් නොවේ’ යැයි වැරැදි හැඟීමක් දරුවන්ගේ කුඩා මනසට යාමයි.
එමෙන්ම තමන්ට හැකියාව ඇති හැම විටම විහාරස්ථානයේ තමන්ගේ පේරුදානය
නැත්නම් මුරදානය තමන් විසින්ම විහාරස්ථානයට රැගෙන යාම වැදගත්. දූ
දරුවන් ඒ දෙස බලමින් ආදර්ශය ගන්නා බව අප සිහි තබා ගත යුතු වනවා.
එසේ නොවුවහොත් බුදු දහමට අප කරන්නේ වත් පිළිවෙත් රැකීමක් නොව වනසා
දැමීමක් බව තේරුම් ගත යුතුවනවා.
සාකච්ඡා කළේ :
තාරක වික්‍රමසේකර |