මිසදිටු අඳුර - 2
ශි‍්‍ර ජයවර්ධනපුර
ව්ශ්ව විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
බුදුන් වහන්සේ - සුනක්ඛත්ත මම ඔබ මා වෙත පැවිදි වෙන්න යයි කීවේ ද?
සුනක්ඛත්ත – නැත, ස්වාමිනි,
බුදුන් වහන්සේ - මා වෙත වසන්නැ’යි මම ඔබට කීවේ ද?
සුනක්ඛත්ත – නැත, ස්වාමීනි.
බුදුන්වහන්සේ - ඔබ තමන්ම ඇවිත් තමන්ම යන කෙනෙක්. මම උත්තරීතර මනුෂ්‍ය
ධර්ම පෙන්වනවා යැයි ඔබට පොරොන්දු වී පැවිදි කරගත්තේ ද?
සුනක්ඛත්ත – නැත, ස්වාමිනි,
බුදුන්වහන්සේ - මට ප්‍රාතිහාර්ය පෙන්වන්නේ නම් මහණ වන්නේ යැයි ඔබ කීවේ
ද?
සුනක්ඛත්ත – නැත, ස්වාමිනි.
බුදුන්වහන්සේ - එසේනම්, උත්තරීතර මනුෂ්‍ය ධර්ම පෙන්වීමට මා පොරොන්දු වී
නොමැත. එසේ කරන ලෙස ඔබ ඉල්ලීමක් කර නොමැත. මමත් ඔබත් අතර බැඳීමක්
නොමැත. එසේනම් ඇයි මට චෝදනා නගමින් සිවුරු හැර යන්නේ යැයි ඇසූ සේක. තවද
ඔබ මා වෙත මහණ වන්නේ නම් අග්ගඤ්ඤය හෙවත් ලෝකෝත්පත්තිය පිළිබඳව
කියාදෙන්නේ යැයි මා පොරොන්දු වී ඇත් ද?
සුනක්ඛත්ත – නැත, ස්වාමීනි,
බුදුන්වහන්සේ - ඔබගේ කතාව නිශ්ඵලයි. ඔබ සිවුරු හැරයන්නේ අප’තර වූ
බැඳීමක් කැඩුණු නිසා නොව. මෙම ධර්මය ඔබට ඔරොත්තු නොදෙන නිසා ය. මෙම
ගැඹුරු ධර්මය අවබෝධ කිරීමට ඔබට පුණ්‍ය ශක්තිය ඤාණ ශක්තිය නොමැති හෙයින්
ඔබ සිවුරු හැර යන්නේය යැයි බුදුන් වහන්සේ වදාළ සේක.
අද අබෞද්ධයන් වන පිරිසට මෙම පාටික සූත්‍රය බෙහෙවින් අදාළ වේ. බුදුදහම
අත්හැර යන්නවුන් විවිධ හේතු ඉදිරිපත් කරන මුත්, සත්‍ය වශයෙන්ම ඔවුන්
එසේ කරනුයේ, බුද්ධ ධර්මයේ අඩංගු ධර්මය ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට
නොහැකිව නොව, තම දුර්වලතා හේතුවෙන් සිය ආධ්‍යාත්මික ගුණයන් උසස්
මට්ටමකට පත්කර ගැනීමට අපහසු නිසා බැව් අපි දනිමු.
භාණ්ඩයක් තේරීමේ දී එහි ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට පරීක්‍ෂණ පටිය දිගේ
යවනු ලැබේ. නිසි ප්‍රමිතියක නොපවතින භාණ්ඩ ප්‍රතික්ෂේප වේ. එමෙන්
බුදුරදුන් වෙත පැමිණි පුද්ගලයන් අතර, මෙම ගැඹුරු දහම දැන විමුක්තියට
යාමට අසමත් වූවෝ සිටිති. බුදුන් වහන්සේ සුනකඛත්ත හිමිට මෙසේ ද ප්‍රකාශ
කළ සේක.
ඔබ වජ්ජි ග්‍රාමයේ දී ඉතිපි සො භගවා..... ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ
වැනුවෙහි. ස්වාක්‍ඛාතො භගවතො.... ආදී වශයෙන් දම්ගුණ වැනුවෙහි. එමෙන්ම
සුපටිපන්නො සාවක සංඝො.... ආදී වශයෙන් සඟගුණ වැනුවෙහි. මහජනයා ඉදිරියේ
මේ සියලු ගුණ වැයූ ඔබ අද බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් අතහැර යාමෙන් ඔබ
ගරහාවට ලක්වේ. තෙරුවන් වර්ණනා කළ සුනකඛතත තමා වර්ණනා කළ ධර්මයෙහි
හැසිරීමට පිනක් නැතැයි ඔබම අවලාද විඳින්නේ මේ ඔබගේ අවාසනාවයි, යනුවෙන්
බුදුරදුන් වහන්සේ දේශනා කළ සේක.
යළිත් භග්ගවගොත්ත දෙසට හැරුණු බුදුන්වහන්සේ සුනක්ඛත්ත හිමි තමන් වහන්සේ
අතහැර යාම පිළිබඳව පෙර සිදුවූ අලංකාර සිද්ධියක් මෙසේ පැහැදිලි කළ සේක.
බුදුරදුන් කල කුළු නම් වූ කුඩා නගරයක උත්තර නම් නියම්ගම කොරක්ඛත්තිය
නම් නිගණ්ඨ තාපසයෙක් විසුවේ ය. නිඝණ්ඨ යන්නෙන් ගැට නැති, ඇඳුම් නැති යන
අර්ථය ලබාදේ. ඇඳුමක රැඳවීමට ගැටයක් අවශ්‍යය. එහෙත් ඇඳුම් නැතිකල්හි
ගැටයක අවශ්‍යතාවය ඇති නොවේ. නිගණ්ඨ යන්න කෙලෙස් ගැට ලෙහනවා යන්නෙන් ද
යෙදේ. දිනක් බුදුරදුන් වහන්සේ සමඟ සුනක්ඛත්ත ගමන් කරන කල්හි
කොරක්ඛත්තිය නිගණ්ඨ පුත්‍රයා සිටිනු දුටුවේ ය. ‘කුක්කුරවතිකො’ හෙවත්
සුනඛ වත හෙවත් බලුවෘත සමාදන් වූ කොරකඛතතිය දෙඅත්, දෙකකුල් පොළොවේ තබා
බිම දිගාවී බිම දැමූ ආහාර මුවින් බුදින්නෙකි. ඒ තරම් පිළිකුල්
ස්වභාවයකින් ජීවිතය ගත කරන්නෙකි. බුදුරදුන් වහන්සේ කොරක්ඛත්තිය දැක
ඉදිරියට වැඩීම කළ සේක. එහෙත් සුනක්ඛත්ත හිමි ‘අනේ මේ නම් හොඳ රහතන්
වහන්සේ නමකැයි’ මිමිණුවේය. අශුචි බුදින, රළු වෘත සමාදන් වූ පිළිකුල්
සහගත කොරක්ඛත්තිය හොඳ රහතන් වහන්සේ නමක් ලෙස දැකීම සුනක්ඛත්ත ගේ
අභාග්‍යයකි.
බුදුරදුන් වහන්සේ සුනකඛතතගේ වැරැදි කල්පනාව දිවැසින් දැක ‘ඔබ
පැවිද්දෙක්ද? ඔබ ශාක්‍ය පුත්‍රයෙක් ද? පිළිකුල් සහගත නිගණ්ඨයා පිළිබඳව
ඔබ ඔයතරම් දුර්වල කල්පනාවක් ඇතිකර ගත්තේදැයි විමසූ සේක.
එවිට සුනක්ඛත්ත ඉතා රළු ලෙස මෙසේ පවසා ඇත. ‘අරහංතස්ස මච්චෙය්‍යති’ ඔබ
වහන්සේ රහතුන්ට මසුරු වෙනවාද? ඊර්ෂ්‍යා කරනවා ද? එවිට බුදුරදුන් වහන්සේ
මෙවන් දේශනාවක් කරන ලද සේක.
මහ රහතුන්ට ඊර්ෂ්‍යා නොකරමි. තව දින හතකින් මොහු මියගොස් කාලකංජ නම්
‘සබ්බ නිහීනො’ සියලු අපායයන්ගෙන් වඩාත් හීන අපායේ උපදින බවත්, මොහු මිය
යාමෙන් පසු කීරක්‍ඛතතමබ සුසාන භූමියට ගෙන ගොස් දමන බවත් මොහු බොහෝ දුක්
විඳින බවත් වදාළ සේක.
එසේම ඔහුගේ ශරීරයට තට්ටු කළ කල්හි ඔහුම සිය කතාව කියනු ඇතැයි ද බුදුන්
වහන්සේ සුනක්ඛත්ත හිමිට කී සේක.
මේ අවස්ථාවේ සුනක්ඛත්ත හිමි කොරක්ඛත්තිය වෙත ගොස් බුදුහාමුදුරුවෝ ඔහු
පිළිබඳව ප්‍රකාශ කළ කතාව කියා, හොඳට වතුර බී හොඳට ආහාර ගෙන බුදුරදුන්ගේ
වචනය බොරු කරන්න යැයි ඉල්ලීමක් කළේ ය.
මේ අවස්ථාව අපි වත්මන් සමාජයට ගළපා බලමු. සුනක්ඛත්ත හිමි මෙන් පුද්ගලයෝ
අපේ සමාජයේ ද සිටිති. බුදුරදුන් වෙත වසමින් බුදුරදුන්ට ඊර්ෂ්‍යා කරන,
කුමන්ත්‍රණය කරන, සුනකඛතත හිමි වැනි පුද්ගලයන් අපට විවිධ තන්හිදී
හමුවෙති. සමහරු කාර්යාලවල ප්‍රධානියාට විරුද්ධව කුමන්ත්‍රණ කරන සේවකයන්
පිළිබඳව අපට බොහෝ අවස්ථාවල තොරතුරු ලැබී ඇත. බුදුදහමේ කථාකළ කාරණා
අකාලික වන්නේ මෙසේ ය. නිගණ්ඨ තෙමේ මෙම කතාව පිළිනොගත් නමුත් දින හතකින්
කොරක්ඛත්තිය මියගිය අතර ඔහුගේ මළමනිය තීරකඛතතමබ සුසාන භූමියට ගෙනගොස්
දැමීය.
සුනක්ඛත්ත හිමි සුසාන භූමියට ගොස් මළමිනියට තට්ටු කළ කල්හි වැලි
පිසදමමින් නැගී සිටි කොරක්ඛත්තිය තමා කාලකංජ අපායේ ඉපදෙන බව කීවේ ය.
පසුව සුනක්ඛත්ත බුදුරදුන් වෙත පැමිණ සිදුවී ඇති පුවත කීවේ ය. එවිට
බුදුරදුන් වහන්සේ මෙසේ පවසන සේක. ‘සුනකඛතත ඔබ මට චෝදනා කළා මා උත්තරීතර
මනුෂ්‍ය ධර්ම පෙන්වා නැතැයි කියා. එහෙත් මා ප්‍රාතිහාර්ය පෙන්වා
නැත්දැයි බුදුන්වහන්සේ විචාළ සේක. එවිට සුනක්ඛත්ත ‘ඔබ වහන්සේ මට
උත්තරීතර මනුෂ්‍ය ධර්ම පෙන්වා ඇත. නමුත් ඒ පිළිබඳ තවත් බොහෝ දේවල් පවසා
නැතැයි’ කීවේ ය. එවිට බුදුරදුන් වහන්සේ පහත සඳහන් ගාථාව ප්‍රකාශ කළ
සේක.
අකතඤඤුස්ස පොසස්ස
නිච්චං විවරදස්සිනො
සබ්බං චෙ පඨවිං දජ්ජා
නෙව නං අභිරාධයෙ
අකෘතඥ මනුෂ්‍යයෙක්ට, නිතර සිදුරු සොයන්නන්ට, මේ මහ පොළොව දුන්නත් ඔහු
සතුටු කළ හැකි නොවේ.
දෙමව්පියන් සමහර දරුවන්ට කෙතරම් දුන්නත් කිසිවක් නුදුන්නේයයි දරුවෝ
දොස් නගති. එසේම දරුවන් කෙතරම් හොඳින් සැලකුවත් දරුවෝ නොසලකති’යි
යනුවෙන් පවසන සමහර දෙමව්පියන් ද සිටියි. ඒ අකෘතඥ බවේ ස්වභාවයයි.
බුදුරදුන් වහන්සේට ද්වේශ කිරීමට සකස්ව තිබූ සුනක්ඛත්ත ගේ මානසික
තත්ත්වයට අනුව ඔහු බුදුරදුන්ට චෝදනා කළේ ය.
වත්මන් බෞද්ධ සමාජය තුළ මතුවී තිබෙන තත්ත්වය බොහෝ සේ සාකච්ඡා කළ යුතු
කාරණයකි. ධර්මයෙන් ලබාගත හැකි නිසි ඵල ලබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ
නොවෙති.
පාඨික සූත්‍රයේ දී බුදුන් වහන්සේ තමන් වහන්සේ විජ්ජාකරුවෙක් නොවන බවත්,
අහසින් යාම, පොළොවෙහි ගිලීම, දියමතුපිට ඇවිදීම වැනි සෘද්ධි
ප්‍රාතිහාර්ය නිතර නොදක්වන බවත්, තමන් වහන්සේට මිනිසුන් පහදවා ගැනීමට
අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ පිරිසක් වටකරගෙන සිටීමට
අපේක්‍ෂා නොකළහ. උන්වහන්සේ කෙලස් ප්‍රහීන කළ උත්තමයෙක් වන අතර, ලොව
යථාර්ථය පෙන්වා දීම උන්වහන්සේගේ අරමුණ විය. සුනක්ඛත්ත ඉල්ලා සිටියේ
උන්වහන්සේ දීමට අකැමැති දෙයකි.
ඉතිරි කොටස
පෙබරවාරි 09 වන දින
පත්‍රයේ පළවේ |