තථාගතයන් වහන්සේ වදාළේ කුමක් ද?
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි
අප දන්නවා ඇස, කණ, නාසය, දිව, කය, මනස ආශ්‍රය කරගෙන රූප, ශබ්ද, ගන්ධ,
රස, ස්පර්ශ උපදිනවා. මේ දේවල්
තථාගතයන් වහන්සේ වැඩ සිටින
කාලයේදීත් තිබුණා. නමුත් ඒවා පිනවන්නට මිනිසුන්ට එදා එතරම් වුවමනාවක්
තිබුණේ නැහැ. මිනිසුන් ඒවා පිනවන්න යෑම තුළ
සිදුවන ආදීනව ධර්මය තුළින්් විමසා බැලුවා. ඒ ධර්මය තුළින් දැකල තිබුණ
නිසා ඔවුන් ඒවායින් වැලකුණා. ඒ නිසා එදා කාලයේ
අපරාධ අඩු වුණා
තථාගතයන් වහන්සේ ගේ ධර්මය පිළසරණ ලබන්නට නම් ඒ දහම තමා තුළට පමුණුවා
ගන්න ඕන. ධර්මයේ තිබෙන විශේෂ ගුණ තමයි එහිපස්සිකෝ සහ ඕපනයික ගුණ. ඇවිත්
බලන්න කියා උන්වහන්සේ වදාළේ ඇදකුද සොයන එක නොවේ. කොහොමද? මේ දහම් කරුණු
මගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නේ කියා අපගේ් අඩුපාඩු සකසා ගන්නයි අප ධර්මය
ඇසිය යුත්තේ. එසේ ධර්මය අසනවිට අප තුªළ තිබෙන දුරාචාරකම්, නො පනත්කම්
සදාචාර විරෝධි ක්‍රියාවන්ගෙන් වළකින්න පුළුවන්කම තිබෙනවා. එහෙම බණ අහන
අයගේ අඩුවක් අද අප දකිනවා. බණ ඇහෙන සහ ඕනෑවට එපාවට පින්කම් වලට
සහභාගිවන පිරිස අද වැඩියි.
අප රටේ සම්ප්‍රදායක් තිබෙනවා මලගිය ඤාතියා සිහි කරමින් හත් දවසේ ,
තුන්මාසේ, අවුරුද්දේ පින්කම් කරනවා. මේ බණ ගෙවල්වලට එන බොහෝ පිරිස
යන්නේ බණ අහන්නටත් වඩා ජීවත් වන නෑයින්ට තිබෙන සැලකිල්ලට යි.
ඒ වගේම ධර්ම දේශනාවට ස්වාමින්වහන්සේ නමක් වැඩියම නිවස ඇතුලේ විවිධ වැඩ
කරනවා. උස් හඬින් කතාබහ කරනවා. ස්වාමින් වහන්සේටත් ධර්ම දේශනා කරන්න
අමාරු අවස්ථා තිබෙනවා. එසේ බණ අසන තැන්වල මිනිසුන්ගේ අධ්‍යාත්මික
වර්ධනයක් ඇතිවෙනවා කියලා හිතන්න අමාරුයි. එය ධර්මයේ අඩුවක් නොවේ. බණ
අහන අය පුරුදු කරපු ක්‍රමයේ වැරැදක්.
ඒ වගේම අපේ සමහර ධර්ම දේශකයන් වහන්සේලා පුරුදුවුණා වට අත්තෙන් මුහුණ
වහගෙන තමා හිතාගෙන ගිය බණ ටිකම එතනැදී දේශනා කර එනවා. මේ කියන බණ
මෙතැනට ගැලපෙනවා ද? මේ ධර්මය කොතරම් පිරිසක් ග්‍රහණය කර ගන්නවාද කියා
හිතන්නේ නැහැ. මිනිසුන් ඇසුවත්, නැතත් පැය යනතුරු දේශනා කර එනවා. නමුත්
විය යුත්තේ එය නොවේ. කියන දහම් කරුණු මිනිසුන් අවධානයෙන් අහගෙන ඉන්නවද
කියලා බලන්න ඕන. ඒ වගේම අවධානය ගන්න බණ කියන්නත් උන්වහන්සේලා දක්ෂ විය
යුතුයි. එතැන සිටින පුද්ගලයන්ගේ පරිසරය, අවිචාර විධි හැසිරීම් රටාව
වාගේ දේ අධ්‍යයනය කරමින්් බණ කීම තමා සුදුසු වන්නේ. එසේ බණ කියනවානම්
මිනිසුන් මීට වඩා බණ අසනවා.
අප දන්නවා ඇස, කණ, නාසය, දිව, කය, මනස ආශ්‍රය කරගෙන රූප, ශබ්ද, ගන්ධ,
රස, ස්පර්ෂ උපදිනවා. මේ දේවල් තථාගතයන් වහන්සේ වැඩ සිටින කාලයේදීත්
තිබුණා. නමුත් ඒවා පිනවන්නට මිනිසුන්ට එදා එතරම් වුවමනාවක් තිබුණේ
නැහැ. මිනිසුන් ඒවා පිනවන්න යෑම තුළ සිදුවන ආදීනව ධර්මය තුළින්් විමසා
බැලුවා. ඒ ධර්මය තුළින් දැකල තිබුණ නිසා ඔවුන් ඒවායින් වැළකුණා. ඒ නිසා
එදා කාලයේ අපරාධ අඩු වුණා.
අද මේ තිබෙන තොරතුරු තාක්ෂණය දියුණුවක් සමඟ සිදු වූ දෙයක් තමයි හොඳ හා
නරක දෙකම ප්‍රචාරය වීම. එදා රජකාලයට වඩා අද ලොව පුරා බුදු දහම ප්‍රචාරය
වෙලා තිබෙනවා.විශ්ව ගම්මානයක් බවට පත්වීමත් සමග ධර්මය විකාශනය වෙලා එය
හදාරණ පිරිස වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණයේ මහිමය නිසා
අපරාධ ව්‍යාප්ත වී තිබෙනවා. දැන් සිදුවන අපරාධවලට දෙන ප්‍රසිද්ධියත්
වැඩිවලා. ඒ ප්‍රසිද්ධිය වැඩිවීම තුළ මිනිසුන් හොඳ දේවල්වලට දෙන
ප්‍රසිද්ධිය ටික ටික අඩුවෙලා තිබෙනවා.
අද බොහෝ විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය කරන දෙයක් තමයි ඒ අයගේ
පේ‍්‍රක්ෂකයන් වැඩිකර ගැනීම සඳහා වෙළෙඳ දැන්වීම් වැඩිකර ගන්න හොඳ
ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබෙන දේ හැටියට අද ඇතැම් මාධ්‍ය ආයතන වැඩිපුර
භාවිතා කරන්නේ අපරාධ, මිනී මරණ හැටි ඒවා නැවත රඟ දක්වලා පෙන්වනවා. ඒ
තුළින් ඒ අපරාධ අදවනවිට සාමාන්‍යකරණීය වෙලා තිබෙනවා. ඉස්සර මනුස්සයෙක්
මැරුණාම අපේ අපොයි කියනවා. ඒත් අද අහන්නේ කී දෙනෙක් මැරුණාද කියලා. එයට
මාධ්‍යයත් වගකිව යුතු වෙනවා. අපරාධවලට දෙන ප්‍රසිද්ධිය වැඩිවලා
තිබෙනවා. මේ හැම අංශයකම තිබෙන පුංචි දුර්වලතා නිසා තමයි මේ සමස්ත
පරිහානිය උදාවෙලා තිබෙන්නේ. සර්ව රාත්‍රික පිරිතක් ධර්ම දේශනාවක්
චෛත්‍ය වන්දනාවක් ආදි දේ සජීවී ව හරි පටිගත කරල හරි විකාශනය කරන අවස්ථා
බොහෝ අඩුයි. නමුත් රැය පුරා තිබෙන සංගීත සංදර්ශනයක් ඇතැම් මාධ්‍යවල
ප්‍රචාරය කරනවා. එයට අනුග්‍රහයක් තියෙනවා. එයින් වෙන්නේ මිනිසුන්ගේ
කෙලෙස් ඇවිස්සීම නම් කෙලෙස් ඇවිස්සීම තුළ මාරාවේශය සිදුවෙනවානම් ක්ලේශ
මාරයා ඔවුන්ට ආරූඪ වෙලා විවිධ අපරාධ කරනවා නම් ඒවාට අප හැමෝම වගකියන්න
ඕන. එනිසා එක අංශයයකට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව පොදු දුර්වලතා ලෙස ඒවා
හඳුනාගෙන කටයුතු කරන්න අප උනන්දු වෙන්න ඕන.
තථාගතයන් වහන්සේ වදාළේ ධම්මකාමෝ භවංහෝති - ධම්මදෙස්සී පරාභවෝ කෙනෙක්
ධර්මකාමීව ජීවත් වෙනවානම් ඔහුට දියුණුවක්මයි වන්නේ. කෙනෙක් ධර්මයට
ද්වේෂ කරමින් ධර්මයට පිටුපා යනවානම් ඔහුට අයත් වන්නේ පරිහානියම තමයි.
අප හොයා බලන්න ඕන ධර්මයට පිටුපා යන්න හේතු මොනවාද, ධර්මය තමාට පිටුපා
යන්න හේතු මොනවාද කියා. එහිදී බොහෝ විට ධර්මය තුළින් තමන්ට වාසි ලෙස
යොදා ගන්නට නොහැකිවූ විට ධර්මයට පිටුපා යනවා. ඒ වගේම ධර්මය තමාගේ
ජීවිතයට ගලපා ගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති නිසාත් අකටයුතුකම්
කරනවා. එනිසා අප ධර්මය අසන්න ඕන ධර්මානුකූ®ලව අප තුළ තිබෙන අඩුපාඩු
සකසා ගැනීමටයි. එහෙම නැතුව ධර්මයේ තිබෙන අඩුපාඩු සොයන්න නොවේ.
අප අවංකවම තථාගතයන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගෙන මගේ අඩුපාඩු හදා
ගන්න ඕන කියා සිතුවානම් ඔහුට දියුණුවක්මයි වන්නේ. තමාගේ දුර්වලතා
හඳුනාගෙන ඒ දුර්වලතාවලට පිළියම් ලෙස ධර්මයේ යෙදෙන්න පුළුවන්නම් එයාට
අයිති වන්නේ දියුණුවක්ම යි.
අප කාටත් පංචකාම සම්පත් නැති තැන ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ කාම සම්පත්
හමුවේ ඇලෙන්න ගැටෙන්න මුලාවට යන්නේ නැතුව ඒවා පරිහරණය කරන්න අප පුරුදු
වෙන්න ඕන. ඒවා තුළ අනවශ්‍ය ආකාරයට සන්තර්පනය වෙලා කයින් වචනයෙන් සිතින්
දුරාචාරයේ නොයමින් අවංකවම සම්පත් පරිහරණය දන්න ඔබ දක්ෂ වෙන්න.
තථාගතයන් වහන්සේ අපට වදාළේ නැහැ රූප බලන්න එපා ඇස් දෙක වහගෙන ඉන්න
කියලා. උන්වහන්සේ් වදාළේ රූප බලන්න. නමුත් ඒවා පරිහරණය කරන විට තමාගේ්
හැඟීම් කෙලෙස් අවුස්සා ගන්නේ නැතුව ඒවා පරිහරණය කරන්න උත්සහ කරන්න
කියලයි. කෙලෙස් ඇවිස්සෙන්නේ නැති විදිහට සමාජයේ කටයුතු කළොත් එයාට
ශාන්තියක් යහපතක්මයි සිදුවන්නේ.
සටහන: නයනා නිල්මිණි |