UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය

කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජ මහා විහාරය

කන්ද උඩරට සෙංකඩගලපුර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අග මෙහෙසියගේ ඉල්ලීමක් මත ඓතිහාසික කුණ්ඩසාලේ ගල්මඩුව ගෙඩිගේ රාජමහා විහාරය ඉදිකළ බව පැවැසේ. මේ විහාරස්ථානය සුවිශේෂ විහාරාංගයන්ගෙන් සමන්විත වේ.

දකුණු ඉන්දියානු ශිල්පීන්ගේ මඟ පෙන්වීම ඔස්සේ පල්ලව සම්ප්‍රදායට අනුගතව ගෙඩිගේ විහාරය නිර්මාණය කර ඇතැයි සැලකේ. දැවැන්ත කළුගල් ආශ්‍රයෙන් ඉදිකළ විස්මිත නිර්මාණයකි.


විහාරාධිපති  ගම්මුල්ලේ
සුමංගල හිමි

මේ ප්‍රදේශයේ ඇති විහාරස්ථාන සියල්ලටම වඩා වෙනස් ස්වරූපයක් මෙහි දක්නට ඇත.

මෙය ඈතට දිස්වන්නේ ගල්කුහරයක ස්වරූපයකිනි. එම කුහරය සම්බන්ධයෙන් ඇතැම්හු විවිධ මතිමතාන්තර ගෙනහැර දක්වති. මෙය රජු ඝාතනය කිරීම සඳහා ඉදිකළ උගුලක් යනු සමහරුන්ගේ මතයකි.

විහාරස්ථානය ගොඩනැංවීමේදි එහි වැඩ කටයුතු අතර මඟ ඇණහිට ඇත. එකල මහ අදිකාරම් පදවියේ සිටි මීගස්තැන්නේ නිලමේතුමා විහාරස්ථානයේ වැඩකටයුතු සම්පූර්ණයෙන් නිම කළබව සඳහන් වේ.

කන්ද උඩරටට ආවේණික පෞරාණික ලක්‍ෂණවලින් සැදුම් ලත් බිතු සිතුවම් විහාර අභ්‍යන්තරයේ දිස්වේ. මේ විහාරස්ථානය විහාර දෙකකින් යුක්තය. විහාරංග මැනැවින් නිර්මාණය කර තිබේ.

බෝධි ප්‍රකාරය, චෛත්‍ය ඇතුළු සියලු විහාරාංග පරිපූර්ණ තත්වයට ගෙන ඒම සඳහා අස්ගිරි මහා විහාරවාසී ගම්මුල්ලේ සුමනසාර නාහිමියෝ උත්සුක වූහ. උන්වහන්සේගේ අපවත්වීමෙන් විහාරාධිපති ධුරයට පත්වූ ගම්මුල්ලේ සුමංගල හිමියෝ විහාරය ගොඩනැංවීමෙහිලා සුවිශේෂ වැඩ කොටසක් ඉටු කළහ. ඒ අතුරින් නව සංඝාවාසය සහ ආරක්ෂක බැමි ඉදිකිරීම විශේෂය.


ගල්මඩුව විහාරයේ පැරැණි ගොඩනැඟිල්ල

දුර්ලභ ඝනයේ කලා නිර්මාණ රාශියකින් සැදුම් ලත් මේ විහාරස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වී ඇත. ගල්මඩුව රාජ මහා විහාරය වැඳ පුද ගැනීමට ඔබ පැමිණිය යුත්තේ මහවැලි ගඟ හරහා වැටී ඇති තැන්නෙ කුඹූර පාලමෙන් එගොඩ වී නත්තරම් පොත හන්දියෙන් වමට හැරී අරංගල හන්දියෙන් කිලෝමීටර භාගයක් පමණ ගමන් කිරීමෙනි.

 

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]