UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

22 වසරටත් පැවැත්වෙන දෙණිපිටියේ නවම් මහා පූජෝත්සවය

22 වසරටත් පැවැත්වෙන දෙණිපිටියේ නවම් මහා පූජෝත්සවය

වැලිගම, දෙණිපිටිය, බණ්ඩරවත්ත, ගංගාතිලක මහා විහාරය, කොහුණුගමුව ලංකාතිලක විහාරය යන උභය විහාරාධිපති වැලිපිටිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක මැද්දවත්තේ සෝරත නාහිමිගේ අනුශාසනා පරිදි 1991 වසරේ සිට පවත්වාගෙන එනු ලබන නවම් මහා පූජෝත්සවය මෙවර ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. අපවත්වී වදාළ කර්මවාගාචාර්ය මිරිස්සේ ශ්‍රී විජිත මාහිමි දෙණිපිටියේ ශ්‍රී සුදස්සි මාහිමි, කහඳ සෝණුත්තර මාහිමි, හික්ගොඩ සුමන සිරි මාහිමි, ඇතුළු මහා ස්වාමීන් වහන්සේලාගේ හා මිය ගිය දායක දායිකාවන්ගේ ගුණ සැමරීමත් පොදුවේ රටවාසීන්ට සෙත් පැතීමත් අරමුණු කරගෙන මේ මස 01 වන දින ආරම්භ වූ මෙම පින්කම් මාලාව 11 වන දින දක්වා පැවැත්වෙයි.බුද්ධ පූජා, බෝධි පූජා, සුමධුර ධර්ම දේශනා හා සංස්කෘතික සංදර්ශන ද පැවැත්වෙන අතර 1 වන දින දවල් ශතාධික මහා සඟරුවන උදෙසා මහා දානයක් පූජා කිරීමෙන් පින්කම් මාලාව නිමාවට පත්වෙන බව කනංකේ රාජමහා විහාර පරිවේණාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියෝ පවසති.

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]