|
ධර්ම දේශනාව: අවිදු අදුර දුරලන නැණ
පහන
බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුබණ
ඉතාම පිරිසුදුයි, පිවිතුරුයි. මුලින් ගත්තත් මැදින් ගත්තත්
අගින් ගත්තත් පිරිසුදුයි, සත්‍යයි. ඒ වගේ පරම පිවිතුරු
සත්‍ය ධර්මයක් අහන්න ලැබීමත් වාසනාවක්. ඒ ධර්මය ඔබේ මතකයේ
තබා ගෙන ඒ අනුව ජීවත්වෙන්න ලැබීමත් වාසනාවක්. ඒ නිසා
ධර්මයට හොඳට සවන් දෙන්න. සවන් දුන් ධර්මයට අනුව සිතන්න.
කතා කරන්න. කටයුතු කරන්න. තථාගතයන් වහන්සේ නමක් බුදු බවට
පත් වී දේශනා කරන ධර්මය සසර දුකට ඖෂධයක්. ඒ ඖෂධයෙන් සදා
නිවී සැනසුන උතුමන් වහන්සේට මහ රහතන් වහන්සේ යැයි කියනවා.
ඒ ධර්මය අනුගමනය කරන හැමෝම බෞද්ධයෝ. හැමෝම සැනසිල්ලට
පත්වෙනවා.
ඉතිරිය»
|
|
ඉල් පුර අටවක පෝය
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 20 වැනි දා
අඟහරුවාදා පූර්ව භාග 08.24 ට ලබයි.
21 වැනිදා බදාදා පූර්වභාග 07.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 20 වැනි දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
නොවැම්බර් 27 වැනි දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|