පූජනීය මව් සෙනෙහස
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
පැරැණි සමාජය තුළ දරුවෙක් සකස්කිරීමේ දී ඉතාමත් අර්ථ
සම්පන්න අයුරින්, ධර්මානුකූලව දමාපියන් ක්‍රියා කළ අතර, ඇතැම් විට
දඬුවම් කිරීම ද යොදාගත්හ. හැඳි නොගා හදන කිරිහොද්ද කැටි ගැසී නරක්වන්නා
සේ, හොඳින් හෝ තදින් නිසි ලෙස සකස් නොවන දරුවා විනාශයට පත්වෙයි.
දරුවන්ට සැප සම්පත් ලබාදීම පමණක් නොව ජීවිතය තේරුම් ගැන්වීම ද කළයුතු
වේ.
“ආදරය කරන කල ඇය මට මවක් මෙනැයි තරුණයෝ ස්ත්‍රීන් පිළිබඳව ප්‍රකාශ කර
සිටින අවස්ථා ඇත. එහෙත් මවක් ලෙස හිතන්නට තවත් මවකට විනා වෙනත්
කිසිවෙක් සමත් නොවේ. එම ගුණය මවටම අයත් ගුණයකි. මෙයට ඉතා හොඳ නිදසුනක්
කලන්දක ජාතකයේ දැක්වේ. එදා ලෙහෙනි පැටියා මහමුහුදට ගසාගෙන ගියකල්හි
ලෙහෙනියට තම පැටියා වෙනුවෙන් කිරීමට කිසිවක් නොවීය. එහෙත් ඇය තම
වල්ගයෙන් පොඟවා මහමුහුද ඉසින්නට උත්සාහ කළා ය. කළ නොහැකි කාර්යයක්
වූවද, ඇය ගත් උත්සාහයේ ප්‍රබල ශක්තිය හේතුවෙන් ලෙහෙනියට පැටියා නැවත
ලැබිණ. මවකගේ ශක්තියේ අදිටනක ගැඹුරුබව, ප්‍රබල බව ඉන් මොනවට පැහැදිලි
වේ.
මවක් යනු තම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අවස්ථානුකූලව කිසිදිනෙක තමා
නොකිරීමට අදහස් කරන, ක්‍රියා වුවද කිරීමට තරම් පෙළඹෙන්නියකි. තම
ආත්මාභිමානය පසෙකලා සෙස්සන් ඉදිරියේ යදිමින්, හඬමින්, හිඟාකමින්, තම
දරුවන් පෝෂණය කරන මව්වරු අපට සමාජය තුළ හමුවේ.
සමහර දෙමාපියන් තරමක් රළු බව අපි දනිමු. ‘අපේ අම්මා සැරයි. ඇයගේ අවවාද
සැර වැඩියි’ ආදී වශයෙන් ප්‍රකාශ කරන දරුවෝ සිටිති. එහෙත් මව්පියෝ
දැඩිවන්නේ සිය දරුවන් සකස් කර ගැනීමට විනා සිය ආධිපත්‍යය පැතිරවීම
උදෙසා නොවන බව දරුවන් දෙමාපියන් වූ දින තේරුම් ගනියි.
අද සමහරු බටහිරින් ලැබෙන අනවශ්‍ය චර්යාවන් කරපින්නා ගනිමින්, ඇතැම්
කාරණා වරදවා අර්ථකථනය කරති. දෙමාපියන්ට දෙවියන් සේ සැලකිය යුතු වේ.
දරුවන් සකස් කරන ක්‍රියාවලියේ දී දෙමාපියන්ගේ මෘදු බව මෙන්ම තද බවද
(සෘජු බවද) අත්‍යවශ්‍ය කාරණා වේ. මෘදු බව මෙන්ම සෘජු බවද රජෙක්ට තිබිය
යුතු බව දසරාජ ධර්මයේ දී පැහැදිලි කෙරේ.
බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී දෙමාපියන් දරුවන් කෙරෙහි කටයුතු
කළයුතු ආකාරය මෙසේ පෙන්වා දී ඇත.
“පාපා නිවාරෙන්ති” – පවින් වැළකිය යුතු ය.
“කල්‍යාණෙ නිවෙසන්ති”
යහපතෙහි යෙදවිය යුතුය.
“සික්‍ඛාපෙන්ති”
සකසා නිවැරදිව ශිල්ප ලබාදිය යුතු ය.
“පතිරූපෙන දාරෙන සංයොජෙනති”
සුදුසු කල ආවාහ විවාහ කරදිය යුතුය.
“සමයෙ දායජ්ජං නිය්‍යාදෙන්ති”
සුදුසු කල දායාද පවරා දිය යුතු ය.
දෙමාපියන් දරුවන් සකස්කළ යුත්තේ ඔවුන් පවින් මුදවා, යහපතෙහි යොදවා,
සුදුසු ශිල්පය ලබාදීමෙනි. පැරැණි සංස්කෘත පඬිවරයෙක් මෙසේ ප්‍රකාශ කර
ඇත.
“මාතා ශාස්තෘඞ - පිතා වෛරී යෙන බාලො න පාටිතං”
යම් මවෙක්, පියෙක් සිය දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා නොදුනහොත් ඒ මව
සැතිරියෙකි. පියා වෛරකාරයෙකි.
යම්කිසි මවෙක් පියෙක් දරුවන්ට අධ්‍යාපනය ලබානොදුන් කල්හි දරුවන්
නොහික්ම වූ කල්හි, දරුවන් කෙරෙහි නිවැරදිව කටයුතු නොකළ කල්හි, එම මව
හැතිරියෙක් ලෙසත් පියා වෛරකාරයෙක් ලෙසත් ලෝකය සලකයි. එවන් තත්ත්වයක්
තුළ තම ජීවිතය අභාග්‍යයට බඳුන් කරගත් දරුවන් අපට සමාජයේ දී හමුවෙති.
මහද්ධන සිටුතුමාගේ කථාව මෙයට කදිම නිදසුනකි. අසූකෝටියක් ධනය තිබූ
මහද්ධන සිටු දෙපළට එක් දිනයක් වූ අතර, ඇයට අධ්‍යාපනය ලබා නොදී, නැටුම්,
ගැයුම් වැනි වින්දනය ලබන ශිල්ප ඉගැන්වූහ. එම ශිල්ප නොවටින බව ඉන්
ප්‍රකාශ නොවන අතර, නුවණ අරභයා ශාස්ත්‍ර අධ්‍යාපනයද ලැබිය යුත්තක් බව
අවධාරණය කරමි. නිසි වයසේ දී ආවාහයක් කරදීම පිණිස සොයා බැලීමේ දී තවත්
අසූකොටියක් ධනය හිමි තරුණයෙක් හමුවිය. ඔහුද විනෝදය ලැබීමේ ක්‍රම විනා
වෙනත් ශිල්පයක් නොදත්තේ ය.
එම විවාහයෙන් එකසියහැට කෝටියක් ධනය එක්වූවත්, ධනය විනාශ කිරීමට විනා
ධනය රැස්කිරීම නොදැන සිටි තරුණ යුවළ ධන භංගත්වයට පැමිණ අවසානයේ
පොල්කට්ටක් ගෙන නගරයේ වීථිපුරා ඇවිද ඉතා දුකසේ ජීවත් වූ බව සඳහන් වේ. ඒ
හෙයින් දෙමාපියන් තම දරුවන්ට ධනය ලබාදෙන්නා සේම ගුණධර්ම පුහුණු කළ යුතු
අතර, ධන පරිභෝජනය ඉගැන්විය යුතු ය.
අද සමාජය තුළ අප අත්දකින තවත් වැරදි ක්‍රියාවලියක් ඇත. එනම් දෙමාපියන්
අනවශ්‍ය ප්‍රතිරූපවලට රැවටී තමන් විශ්වාස කරන එම වැරදි ප්‍රතිරූප සඳහා
වැරදි වටිනාකම් ලබාදී දරුවන් ඒ සඳහා යොමුකරමින් දරුවන් වනසති. අර්ථ
නාගරික පරිසරය තුළ මේ තත්ත්වය බහුල ලෙස ප්‍රදර්ශනය වේ.
විශේෂයෙන් දෙමාපියන් දරුවන් ඉංගී‍්‍රසි අධ්‍යාපනයට යොමුකිරීම තුළ ඔවුන්
ඉහළ පෙලැන්තියේ යන මිථ්‍යා අදහසකින් කටයුතු කරති. මිනිසෙක් ඉහළ වන්නේත්
පහළ වන්නේත් ඔවුහු කරන කියන දෑ තුළිනි. එම පිරිස ගුරුවරුන්ට විවිධ
බලපෑම් කරමින් දරුවන් සකස්කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවති.
පැරණි සමාජය තුළ දරුවෙක් සකස්කිරීමේ දී ඉතාමත් අර්ථ සම්පන්න අයුරින්,
ධර්මානුකූලව දෙමාපියන් ක්‍රියා කළ අතර, ඇතැම් විට දඬුවම් කිරීමද
යොදාගත්හ. හැඳි නොගා හදන කිරිහොද්ද කැටි ගැසී නරක්වන්නා සේ, හොඳින් හෝ
තදින් නිසි ලෙස සකස් නොවන දරුවා විනාශයට පත්වෙයි. දරුවන්ට සැප සම්පත්
ලබාදීම පමණක් නොව ජීවිතය තේරුම් ගැන්වීමද කළයුතු වේ. එක් පැරණි සංස්කෘත
පඬිවරයෙක් මෙසේ පවසා ඇත.
“පංච වර්ෂානි ලාලයේත්
දශ වර්ෂානි තාඩයේත්
ආගතෙ ෂෝඩශේ වර්ෂෙ
පුත්‍රං මිත්‍ර වදාචරේ”
“පංච වර්ෂානි ලාලයේත්” – දරුවන් වසර පහක් හොඳින් සුරතල් කර ආදරයෙන්
බලාගත යුතුය.
“දශ වර්ෂානි තාඩයේත්” – වසර දහයක් ගතවන තෙක් ආදරය වෙනස් කොට නොගෙන
හොඳින් හෝ දඬුවම් කරමින් හෝ දරුවන් සකස් කළ යුතු ය.
“ආගතෙ ෂෝඩශේ වර්ෂෙ – පුත්‍රං මිත්‍ර වදාචරේ” වසර දහසය වන විට පුතුන්ට
මිතුරන් සේ දෙමාපියන් හැසිරිය යුතු ය.
දරුවන් සැකසීමේ දී හුදෙක් ආහාර ලබාදීමෙන්, දැනුම ලබාදීමෙන් පමණක්
නොසෑහිය යුතු බව දෙමාපියන් සිහිකට යුතුවේ. අප දරුවා සකස් කර ඉදිරිපත්
කරන්නේ ලෝකයට හෙවත් සමාජයටය. දෙමාපියන් දරුවන්ට අවවාද අනුශාසනා සිදු
කරනුයේ දරු සෙනෙහස නිසා බැවින් දෙමාපියන්ගේ රළු ගති ඉවසීමට දරුවන්
පුරුදු විය යුතු ය.
ඉතිරි කොටස
නොවැම්බර් 13 පත්‍රයේ පළවේ |