UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> මහනුවර සුදුහුම්පොළ රජ මහා විහාරය

ගමයි පන්සලයි

මහනුවර සුදුහුම්පොළ රජ මහා විහාරය

සටහන : බණ්ඩාර පිලවල


බුද්ධ ප්‍රතිමා වහන්සේ

සොබාදහම දායාද කළ කඳු හෙල් රුක් ගොමු අතරින් ගලන දිය පහර සිංහල රජ දවස මනාසේ නිර්මාණය කළ ජල පෙරණය ඔස්සේ ගලා යන්නේ මනහර දසුනක් මවමිනි. මහනුවර සුදුහුම්පොළ රජමහා විහාරය වැඳ පුදා ගැනීමට සතර දෙසින් පැමිණෙන සැදැහැවතුනට මේ දර්ශනය දැක බලා ගැනීමට හැකිය.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු ගේ අනුග්‍රහය ඇතිව මුංවත්තේ රාජකරුණා විජේවර්ධන නවරත්න වාසල මුදියන්සේ රාළහාමි විසින් ඉදිකරන ලද මේ විහාරස්ථානයේ පළමුවැනි විහාරාධිපති ධුරය කඩුවෙල නාගසේන නාහිමියෝ දැරූහ. උන්වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය භික්ෂු පරපුරට සඟසතු කොට ක්‍රි.ව. 1771 දී පූජා කළ බව ලේඛනගත වේ.

සෙංකඩගල පුරවරයට බටහිර දිසාවෙන් උපසම්පදා විනය කර්මය කිරීම සඳහා වැඩම කරන මහා සඟරුවනට නේවාසිකව වැඩ සිටීමටත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පහසුකම් සැලැසීමටත් මේ විහාරස්ථානය ඉදිකළ බව සඳහන් වේ.

එසේම සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධුරය ඉසුලූ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන් දන්තධාතුන් වහන්සේ පරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දඹුලු කැලයට වැඩම කළේ ද මේ විහාරස්ථානයේ සිට බව පැවැසේ.

සතර දෙසින් වැඩම කරන මහා සඟරුවනගේ මෙන්ම විහාරස්ථ නේවාසික භික්ෂූන් වහන්සේගේද දාන මාන ප්‍රත්‍ය පහසුකම් සලසා ගැනීම වස් ගොඩින් මඩින් හැටපස් අමුණක පමණ භූ®මි ප්‍රමාණයක් සිංහල රජ දරුවෝ පූජා කළහ.
 


මහනුවර යුගයට අයත් බිතුසිතුවම්

මේ විහාරස්ථානයේ දැවමය ආධාර කුලුනු සහ දොර ජනේල ආදිය මහනුවර යුගයේ දර්ශනීය ලී කැටයම් කලාවෙන් අලංකාරවත් වේ.

මෙහි විහාර මන්දිරයේ නිර්මාණය කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ වෙසෙති. එහි ඇතුළත් චිත්‍ර නිර්මාණවලින් බුද්ධ චරිතයේ සහ බෝධිසත්ව චරිතයේ සුවිශේෂ සිදුවීම් කලාත්මකව නිරූපිතය.
 


විහාර මන්දිරය

විහාර භූ®මියේ උස් මුදුනක ඇති පර්වතයක දර්ශනීය ශ්‍රී පාද පද්මයක් නෙළා තිබේ. සමන්තකූ®ට පර්වතයේ ස්වභාව සිහිගැන්වෙන ආකාරයට පියගැට පෙළක්ද ඇත. මෙහි නිර්මාණ කටයුතු සඳහා දායකත්වය දකුණු ඉන්දියානු නිර්මාණ ශිල්පින්ගෙන් ලැබූ බව පැවැසේ.

දුර්ලභ ගනයේ ඖෂධ වර්ග රෝපණය කළ බිම් කඩක් දක්නට ඇත. සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත මේ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති හා භාරකාර ධුරය මකුරුප්පේ ශ්‍රී නාගසේන රතනජෝති නාහිමියෝ හොබවති. උන්වහන්සේගේ අනුශාසකත්වය ඇතිව විහාරස්ථ දායක කාරකාදීන්ගේ කුදු මහත් ආගමික කටයුතු විහාරාධිවාසී ගොඩමුන්නේ ධම්මසිද්ධි හිමියෝ සිදු කරති.


පැරැණි බෝධින් වහන්සේ

මහනුවර පේරාදෙණිය මාර්ගයේ මඳ දුරක් ගමන් කර සුදුහුම්පොළ හන්දියෙන් වමට හැරී ගමන් කිරීමෙන් මේ විහාරස්ථානයට ළඟාවීමට හැකිය.

 


ආධාරක කණු සහිත පැරැණි සංඝාරාමය


ජල පෙරණය සහිත දිය කඳුර

 


විහාරාධිපති
මකුරුප්පේ ශ්‍රී නාගසේන රතනජෝති නා හිමි

 

 

 

 

 

 

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]