UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> පිහිට පතයි

පිහිට පතයි

රාජගිරිය ජනාධිපති විද්‍යාල මාවතේ පදිංචි 18 වියැති ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ 13 වන වසරේ ඉගෙනුම ලබන මිනෝද් තිසරු දිළුසංඛ දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා පවසයි.

ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් 071 2707837, 075 7989307, 071 6561472 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි. මේ සැත්කම සඳහා විශාල මුදලක් වැයවන හෙයින් මුදල් පරිත්‍යාග කිරීමට කැමති පින්වතුන් මහජන බැංකුවේ රාජගිරිය ශාඛාවේ 174200110010077 දරන ගිණුමට මුදල් බැරකරන මෙන් ද ඉල්ලා සිටියි.

 


මොරටුව, කටුබැද්ද, ජෝන් රුද්‍රිගෝ මාවත අංක 125/6 හි පදිංචි සුරේෂ් ගයාන් මැන්දිස් (අවු. 35) දෙදරු පියා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. වෛද්‍යවරු පවසන්නේ ඔහුට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 0112 651709, 075 5799899,0772 015697, 078 6103720 දුරකතනයට දන්වන ලෙස ඉල්ලා සිටියි. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගංගොඩවිල මහජන බැංකුවේ ගිණුම් අංක 097200102332417 හෝ ලංකා බැංකුවේ අංක 73464627 ගිණුමට මුදල් බැරකළ හැකියි.


මීගමුව කොච්චිකඩේ, පෝරුතොට අංක 166/14/1 දරන ලිපිනයේ පදිංචි මේරි ඉන්ග්‍රිඩ් නම් දෙදරු මව දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. ඇයගේ ජීවිතය බේරාගැනීමට නම් ඉක්මණින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා “ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති අයෙක් හෝ හිමිනමක් වෙත් නම් 0315680718, 0710849924 යන දුරකථන අංකයන්ට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. පූර්ව ප්‍රතිකාර සඳහා ද අධික වියදමක් දැරීමට සිදුව ඇති හෙයින් ඇය දැඩි අසීරුතාවකට ලක්ව සිටී. මෙම තත්ත්වය පිළිබඳ සලකා බලා පරිත්‍යාගශීලියෙක් වෙත්නම් මීගමුව ලංකා බැංකු ශාඛාවේ අංක 6306384 දරන ගිණුමට පරිත්‍යාග බැර කළ හැකිය.


පොල්ගස්ඕවිට පාලගම නො. 37 දරන නිවසේ පදිංචි දොන් නුවන් දිනේෂ් අද්දරගේ තිස් හැවිදිරි තරුණයාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති බව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකයේ විශේෂඥ වෛද්‍ය ඩබ්.ඩබ්. වෂිර් මහතා පවසයි.

මෙම රෝගියාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු සිටීනම් පහත සඳහන් දුරකථන අංකවලින් 071 4398120, 077 9868545 විමසන්න.


පිළිමතලාව වට්ටප්පොළ අංක 136 නිවසේ පදිංචි එම්.යූ.ජී. විජේනායක (44) මහතා වකුගඩු රෝගයෙන් පෙලෙන බව කොළඹ මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීඟනගේ මහතා පවසයි.

මෙම රෝගියාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදු වී ඇති නිසා එවැනි වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු සිටී නම් පහත සඳහන් දුරකථන අංකවලින් විමසන්න. 081 2491576, 081 5711466, 071 8224622


ගල්කිස්ස, කාල්ටන් ගාලු පාරේ, අංක 259/5 ලිපිනයේ පදිංචි ශර්මිලා රාජේන්ද්‍රන් නම් 40 හැවිරිදි එක්දරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. ඇයගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශකර ඇත.

එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් ඉතා ඉක්මණින් ඒ සඳහා ඉදිරිපත් වෙන්නැයි පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති. දුරකථන – 075 6214321


සියඹලාපෙ උතුර නො. 441 හි පදිංචි ලියනගේ චන්ද්‍රිකා පෙරේරා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. ඇයට “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව මාලිගාවත්ත රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගිගන මහතා නිර්දේශ කර ඇති බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වා සිටින ලෙස ඉල්ලා සිටියි.

මෙම ශල්‍ය කර්මය සඳහා රු. ලක්‍ෂ 15 ක පමණ මුදලක් වැය වන බව දන්වයි. ඒ සඳහා පින්වතුන්ගේ ආධාර ඉල්ලා සිටියි. මහජන බැංකුව, කිරිබත්ගොඩ ශාඛාවේ ගිණුම් අංක 237 – 2 – 002 – 9 – 7060360 මුදල් බැරකළ හැකිය. වැඩි විස්තර දුරකථන අංක 072 9109563 අංකයෙන් දැන ගත හැකි ය.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]