UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> මහජන බැංකුවේ පරිණත ඉතුරුම් ගිණුම් හිමියන්ට ඉන්දියාවේ වන්දනා චාරිකා

මහජන බැංකුවේ පරිණත ඉතුරුම් ගිණුම් හිමියන්ට ඉන්දියාවේ වන්දනා චාරිකා

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවට පත්වන්නේ අවුරුදු ගණනාවක් රටේ ආර්ථිකය වෙනුවෙන් උතුම් මෙහෙවරක් කළ පිරිසය. ඇතැම්විට ඔවුන් රජයේ සේවකයන් විය හැකිය. නොමැතිනම් පෞද්ගලික අංශයේ සේවකයන් හෝ තමන්ගේම කියා ස්වයං රැකියාවක් කළ අයකු විය හැකි ය. වෙහෙස වී වැඩ කළ හැකිව තිබූ කාලයේ රට වෙනුවෙන් දහදිය හෙළූ ජීවිතයේ සැඳෑ සමය ගෙවන මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපහාර වශයෙන්ද මහජන බැංකුව ගිනුමක් හඳුන්වා දී තිබේ. ඒ පරිණත ගිණුමය. පරිණත ගිණුම වයස අවුරුදු පනස් පහ සම්පූර්ණ කළ අයට තවදුරටත් රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබාදීමට ලැබෙන මහ¼ගු අවස්ථාවකි. තමන් කලක් තිස්සේ දුක්විඳ වෙහෙස මහන්සි වී උපයාගෙන ඉතිරි කරගත් මුදල් පරිණත ගිණුමක තැන්පත් කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මහජන බැංකු ප්‍රතිලාභ රැසක් ලබා දේ. වැඩි ප්‍රතිලාභ පරිණත ගිණුමට ලබාදෙන්නේ ඒ ගිණුම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිදු කළ කාර්යභාරය ඇගැයීම සඳහා ය. අපේ රටේ වැඩිහිටි පරපුරට තිබෙන එක් ප්‍රධානතම සිහිනයක් වන්නේ දඹදිව වැනි විදෙස් ආගමික සිද්ධස්ථානයක් වන්දනාමාන කිරීමය. මේ සිහිනය ‘පරිණත ගිණුම්’ හිමියන්ට සැබෑ කර ගැනීමේ අවස්ථාව මහජන බැංකුව විසින් ලබා දී ඇත්තේ ‘ලෝක වැඩිහිටි දිනය” සැමරීම නිමිති කර ගනිමිනි.

2012 ඔක්තෝබර් 1 වැනි දින සිට දෙසැම්බර් 31 දින දක්වා මහජන බැංකුවේ පරිණත ඉතුරුම් ගිණුමක රු. 75,000ක් තැන්පත් කර 2013 ජූනි මස 30 දක්වා පවත්වාගෙන යෑමෙන් මෙම වාසනාවන්තයන් තේරීම සඳහා ඇතුළත් විය හැකි ය. ජයග්‍රාහකයන් 25 දෙනකු තෝරා ගැනෙන අතර, ඒ අය අතරින් බෞද්ධ බැතිමතුනට බුද්ධගයාවද, කතෝලික බැතිමතුනට වේලන්කන්නි වෙතද, හින්දු බැතිමතුන්ට තිරුපතිද, මුස්ලිම් බැතිමතුන්ට ඉන්දියාවේ තමන් කැමැති සිද්ධස්ථානයක් ද වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව උදාවේ.

මෙය දින හතක වන්දනා චාරිකාවක් වන අතර මහජන බැංකුවට අනුබද්ධ පීපල්ස් ට්‍රැවල්ස් ආයතනය විසින් ඉතා ආරක්‍ෂාකාරී ලෙස මෙම සංචාරය සංවිධානය කරයි. ‘පරිණත ගිණුම සඳහා ලබාදෙන්නේ මහජන බැංකුවේ අනෙකුත් ගිණුම්වලට වඩා වැඩි පොලියකි. රජයේ සහ පළාත් පාලන සේවකයන්ට විශ්‍රාම ණය යෝජනා ක්‍රමයක්ද ‘පරිණත’ ගිණුම යටතේ ක්‍රියාත්මක වේ. සැමියාට සහ බිරියට ‘පරිණත’ බද්ධ ගිණුමක් ලෙසද පවත්වාගෙන යා හැකිය. නමුත් බද්ධ ගිණුමකට ඉහත වන්දනා සංචාරය සඳහා අවස්ථාව ලදහොත් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ සඳහා ඔවුන් විසින්ම නම් කළ යුතු ය.

 

වප් පුර පසළොස්වක පුන් පෝය

වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28 වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]