බෞද්ධයා මාධ්‍ය ජාලයේ හා සම්බෝධි විහාරයේ වප් පෝය දින සජීවී විකාශය
කොළඹ ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ දී වප් පෝදා පැවැත්වෙන පෝදා
පින්කම් මාලාව මෙසේ ය.
අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම පෙරවරු 6.00 –
7.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම
බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ
විහාරාධිපති, ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්මදේශනාව
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 9.30 – 10.30 ධර්මදේශනාව වැලිමඩ පසන්න
මානස හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව
මෙහෙයවීම, ශ්‍රී සම්බෝධිවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30
– 2.00 ධම්සභා මණ්ඩපය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයා අමරසේකර
මහතා, කථිකාචාර්ය අරුණ කේ ගමගේ මහතා මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා,
2.00 – 3.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30
ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව මීගොඩ සුකීත
හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව, සත් බුදු වන්දනාව සහ සිල් පවාරණය
මෙහෙයවීම, හාපිටිගම විජිත හිමි විකායේ නිමාව.
ඉදිරිපත් කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගුවන් විදුලි
හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණ මහතා. |