මානමදය
කොල්ලුපිටිය
වාලුකාරාමවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
සත්වයනට මානය නිසා ඇති වනුයේ මෙලොව පිරිහීම, පරලොව පිරිහීම හා
මරණින් පසු
අපාගතවීම
පමණි
මොනයම් හෝ කාරණයක් නිසා මත්වීම ,උඩඟුවීම බුදු දහමට අනුව මානමදය ලෙස
විස්තර වේ. එක් අතකින් එය චිත්තෝපක්ලේෂ ධර්මතාවයකි.
තවත් පැත්තකින් වඤ්චක ධර්මයකි. එක්දහස් පන්සියයක් වූ ක්ලේෂ ධර්ම අතර
“මානය” එකකි. යමෙකු මානය නිසා මත් වුවහොත් ඔහුට වැරැද්ද නිවැරැද්ද
අවබෝධ නොවේ. වනයෙහි යන අන්ධ ඇතෙකු සේ බොහෝ පිරිස් සමඟ අහේතුකව ගැටේ.
ජාති, කුල වශයෙන් තමා අන්‍යයන්ට වඩා උසස් යැයි සිතීමත් ජාති, කුල
වශයෙන් පහත් යැයි සිතා ලජ්ජා සහගත වීමත් යන මේ අවස්ථා දෙකම මානයට
අයත්ය. බොහෝවිට මෙවන් පිරිස් තම මානය හේතු කර ගනිමින් පෙළපත්නාමය,
රැකියාව, මවුපියන්ගේ තොරතුරු පවා සැඟවීමට කටයුතු කරන අතර නැති පෙළපත්
නාමයන් ආරූඪ කරගනිමින් ද ජාතීත්වයන් ඈඳා ගැනීමට කටයුතු කිරීමට මහත්
රුචියක් දක්වනු ලබයි. මෙය යහපත් දෙයක් ලෙස සිතමින් කටයුතු කළ ද මෙයින්
සිදුවන්නේ අයහපතක්මය. ඒ සඳහා නිදසුන් උපදේශ කථා එකක් දෙකක් නොව සියයක්
දෙසීයක් වුවද දැක්වීම අසීරු නොවේ.
දිනක් කුරුමිණියෙකුට ගොම ගොඩක් හමුවුණා, ඌ එය ඇතුළට රිංගා එහි දුටු දේ
ගැන සතුටට පත්වුණා. එහි නගරයක් තනන්නට කුරුමිණි යාළුවන්ට කථා කළා.
යහළුවන් සමඟ එකතු වී දින කිහිපයක් වෙහෙස මහන්සි වී ඒ ගොම ගොඩෙහි නගරයක්
ඉදිකළ කුරුමිණියා මහත් ආඩම්බරයට පත් වුණා. ගොමගොඩට පැමිණි මුල්
කුරුමිණියා රජකමට පත්කිරීමට සියල්ලෝම තීරණය කළා.රජුට ගෞරව දැක්වීමට
නගරයෙහි විශාල පෙළපාලියක් සංවිධානය කළා.
මේ අතර මේ අසලින් අලියෙක් ගියා ගොම ගොඩ දුටු අලියා ගොම පෑගෙයි සිතා
කකුල ඉස්සුවා. රජ කුරුමිණියා මේ අලියාව දැක තරහෙන් මෙසේ බෙරිහන් දුන්නා
“එම්බල හස්තිය, තා රජුට ගෞරව කළ යුතු බව නොදන්නෙහිද? රජුගේ හිසට ඉහළින්
පාදය එසවීම වරදක් බව නොදන්නෙහිද? වහාම සමාව අයදිනු නැතහොත් තට
දැඩිදඩුවම් පමුණුවමි. අලියා පහත බලා මහ රජ්ජුරුවන් වහන්ස නොදැන කළ වරදට
මේ තැනැත්තාට සමාවන්න. යැයි පවසමින් අලියා ගොම ගොඩ උඩ දණින් වැටුණා.
කුරු මිණි රජුයි, නගරයයි, වැසියොයි, ඔවුන්ගේ පුහුමානයයි සියල්ල අලියාගේ
ගරුසරු දැක්වීමෙන්ම විනාශවිය.”
(දුක්බිය නැති ජීවිතය, 56 පිටුව)
තමාගේ තරම නොදැන ක්‍රියා කරන්නා කෙතරම් උත්සාහවත් පුද්ගලයෙක් වුවද
විනාශයට පත්වීම වැළැක්විය නොහැක. මානය උමතුවක් හෙවත් පිස්සුවක් ලෙස
අටුවාචාරින් වහන්සේ හඳුන්වා ඇත්තේ ද එහෙයිනි. මානයේ ප්‍රභේද බොහෝ ඇත.
ප්‍රධාන වශයෙන් මෙය ආකාර 03 කට බෙදිය හැක.
සෙය්‍ය මාන
සදිස මාන
හීන මාන වශයෙනි. ජාතිය කුලය බලය ධනය ආදි කරුණු කාරණා හේතු කරගෙන තමා
අන්‍යයන්ට වඩා උසස් යැයි සිතා කටයුතු කිරීම සෙය්‍යමාන නම් වේ.
සදිස මාන යනු ඉහත දැක්වූ කරුණු කාරණා වලින් තමා අන්‍යයන් හා සමවනවා
යැයි ඇතිවන සිතිවිල්ලයි. ජාතිය ආදි කරුණුවලින් තමා අන්‍යයන්ට වඩා පහත්
යැයි ඇතිවන හැ¼ඟීම හෙවත් ලජ්ජාව හීනමානය නම් වේ. මෙසේ ඇතිවන මානාධිකකම
නිසා මිනිසුන්ගේ බොහෝ ගුණදහම් ඔවුන්ට නොදැනීම විනාශ මුඛයට පත්වේ.
ලෝකයේ පුද්ගලයන් මත්වන ආකාර දෙකකි. එනම් සුරාව හා මානය වශයෙනි. මෙයින්
සුරාව නිසා ඇතිවන මත් බව හෙවත් මදය කෙටිකාලීන වේ. එහෙත් යමෙකු මානය
නිසා මත්වුවහොත් ජීවිත කාලය පුරාවට පැවතිය හැක. සත්වයනට මානය නිසා ඇති
වනුයේ මෙලොව පිරිහීම, පරලොව පිරිහීම හා මරණින් පසු අපාගතවීම පමණි.
අභිධර්ම පිඨකයේ විභංග ප්‍රකරණයෙහි මද 27 ක් දක්වා ඇත. එය මෙසේය.
ජාති මදෝ:– මගේ ජාතිය ශ්‍රේෂ්ඨ අතර අන්‍ය ජාති පහත්ය මම උතුම්
ජාතිකයෙකි. ආදි වශයෙන් ඇතිවන මත් බව මෙයින් අදහස් වේ.
ගොත්ත මදෝ :- තමා අයත් පෙළපත, එම නාමය නිසා ඇතිවන මත් බව,
ආරෝග්‍ය මදෝ :- නිරෝගි බව නිසා ඇතිවන මානය,
යොබ්බන මදෝ :– යෞවන බව නිසා ඇතිවන මානය
ජීවිත මදෝ :- දීර්ඝායුෂ ලැබීම හේතු කරගෙන ඇතිවන මානය
ලාභ මදෝ :– බොහෝ ආදායම් ඇතිබවන් අන්‍යයන් දිළිඳු බවත් යන හැඟීම නිසා
ඇති වන උඩඟුබව
සක්කාරමදෝ :- බොහෝ පිරිසකගෙන් සත්කාර සම්මාන ලැබීම නිසා ඇතිවන මත්වීම
ගරුකාර මදෝ :– අනුන් තමාට ගරුකිරීම නිසා අති වන මත්බව
පුරෙක්ඛාර මදෝ :– දුෂ්කර අවස්ථාවක අන්‍යයන් උපදෙස් ලබා ගැනීමට තමා තෝරා
ගන්නවා යැයි ඇතිවන මදය
පරිවාර මදෝ :- බොහෝ පිරිසක් තමා වටා ඇතැයි පිරිස් බලයෙන් මත්වීම
භෝග මදෝ :– තම ජීවිතය ගෙන යාමටත් වඩා බොහෝ ධන සම්පත් ඇති බව හේතුකර ගෙන
ඇතිවන මත්බව
වත්තා මදෝ :– ලස්සන රූපයක් ලැබීම නිසා ඇති වන මත් බව
සුත මදෝ :- තමාට වැනි උගතෙක් නැතැයි ඇතිවන මත් බව
පටිභාන මදෝ :– අන්‍යයන්ට වඩා බොහෝ උගත්ය යන හැඟීම
රත්තඤ්ඤු මදෝ :- අන්‍යයන්ට වඩා පැරැණි තොරතුරු දන්නා බව
ආරෝහ මදෝ :- අන්‍යයන්ට වඩා තමා උස්ය යන හැඟීම
පරිනාහ මදෝ :– උස සහ මහත නිසි ආකාරව ඇතැයි යන හැඟීම
මෙම කාරණාවන්ට අමතරව පිණ්ඩපාත, අනවඤ්ඤත ,ඉරියාපථ, ඉද්ධි, යස, සීල,
ක්‍ඛාන, සිප්ප, සන්ඨාන, පාරිපුරි වශයෙන් මද 27 සංඛ්‍යාත්මක දැක්වේ.
ඉහත කාරණා සියල්ල පුද්ගලයෙකු තුළ පවතී නම් එය යහපත්ය. මෙහි අයහපත
වෙන්නේ ඒ හැම කාරණා නිසා මත්වීමය. උදාර අදහස් ඇත්තවුන් කිනම් සම්පත
ලැබුවත් උඩගු නොවේ.
වැලිවිට සරණංකර සංඝරාජයාණනන් වහන්සේ තම උළුවස්සෙහි, “උඩ¼ගුනොව මහණ” ලෙස
සටහන් කළේද එහෙයිනි. ලාමක අදහස් ඇත්තෝ මානය නමැති මානසික ලෙඩෙන් පීඩාවට
පත්වෙති. සුජාතාව ඊට කදිම නිදසුනකි.
“බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු උදෑසන සී මැඳුරු කවුළුවෙන් පිටත බලන
කල්හි ඩෙබර වෙළෙන්දෙකුගේ දුවක් ඩෙබරඵල විකුණමින් රජ මිදුල සමීපයෙන්
ගමන් කළාය.ඇය ගැන පැහැදුණ රජතුමා ඇයගේ අස්වාමික බව දැන අග මෙහෙසි
තනතුරේ තැබූ හ. කල්යත්ම එක්දිනක රජතුමා රත්නලීය ඩෙබර අනුභව කරමින්
උන්හ.
මෙතැනට පැමිණි සුජාතාව මේ කුමන ඵල දැයි විමසූ විට රජුට වහා කේන්ති
ගියේය. පුරෝහිත බමුණාගේ මැදිහත්වීමෙන් එය සන්සිදුණි. මෙයින් පෙනෙන්නේ
මාන යෙන් මත්වීම නිසා තම ජීවනෝපාය වූ ඩෙබර ගෙඩි පවා අමතක වීමයි. යමක්
පවතිනවා යනු එය නිරන්තරව වෙනස් වීමයි.මෙය තේරුම් නොගෙන ජාතිය, යෞවන බව,
ධනය බලය නිසා මත්වන්නෝ මහත් විපත් ඇතිකර ගනිති. බොහෝ දේ ලැබීම මත්වීමට
කාරණයක් කර නොගෙන නිහතමානී විය හැකි නම් වළාවෙන් මිදුන සඳ මෙන් ඔහු
බැබළීමට පත් වේවි. |