ගණේගම ගුණානන්ද නා හිමි ජන්ම සමරුවට පින්කම්
ගිනිමැල්ලගහ, දොඩන්ගොඩ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය, වක්වැල්ල ශ්‍රී
ගෝතමාරාමය, කෙරදේවල ශ්‍රී සද්ධර්මයරාමය යන විහාරත්‍රයාධිපති, විනය
කීර්ති ශ්‍රී ඉන්දසර ගුණරතනාභිධාන, ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක,
සාමවිනිසුරු
ගණේගම ගුණානන්ද නා හිමිපාණන් වහන්සේගේ ජන්ම ලාභයට හැට වසරක් හා පැවිදි
දිවියට හතලිස් පස් වසරක් පිරීම නිමිත්තෙන්, උන්වහන්සේට ආශිර්වාද පැතීමේ
සහ
විහාර පරපුරේ වැඩ සිට අපවත් වී වදාළ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ
ගුණානුස්මරණය කිරීමේ පින්කම් මාලාවක් ඔක්තෝබර් 01 දින සිට 07 වන දින
දක්වා දොඩන්ගොඩ පන්සලේ දී පැවැත්වේ.
ඔක්තෝබර් 07 දින ගාලු ප්‍රදේශයේ අතිගරු මහා සංඝරත්නය 150 නමක් උදෙසා
සපිරිකර සහිත දහවල් සාංඝික දානමය පින්කම සිදුකොට අපවත් වී වදාළ ආදි
කර්‍තෘ මාහිමිපාණන් වහන්සේලාට හා මිය පරලොව ගිය සියලු ගම්වාසී දායක
කාරකාදීන්ට පින් අනුමෝදන් කරවා නාහිමිපාණන් වහන්සේට ආශිර්වාද පැතීම
සිදු කෙරිණි
සංවිධානය – ගාල්ල, විද්‍යාලෝක ජාතික පාසලේ ආචාය¸, ශාස්ත්‍රපති බැරගම
සුමන හිමි බද්දේගම, ගණේගම ශ්‍රී ඉන්දසර ධර්මායතන පිරිවෙනේ ආචාය¸,
ශාස්ත්‍රවේදී රුවල්වෙල මහින්ද හිමි සහ විහාරස්ථානවලට සම්බන්ධ දායක
පිරිස විසිනි. |