රූපයෙන් විඤ්ඤාණය
බැහැර වීම
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
තලල්ලේ චන්දකිත්ති හිමි
මරණය අප වෙත එන්නේ ඉතා ම
වේගයෙන්. මේ ලෝකයේ ඉපදුන
කිසිම කෙනෙකුට මරණයෙන් ගැලවීමට
නො හැකියි. අප ජීවත්ව සිටියදීම
මරණය නිතර නිතර සිහි කළයුතු
බවයි තථාගතයන් වහන්සේ වදාළේ.
අවබෝධ කර ගත යුතු මරණය
සම්බන්ධයෙන් අද අප සාකච්ඡා කළා.
ස්වාමීන් වහන්ස, මේ ලොව උපත ලැබූ අප ශීඝ්‍රයෙන් ළං වන්නේ මරණය ට යි.
මිය යනවා යැයි කියන්නේ කුමක් ද?
මිය යනවා, මරණයට පත්වෙනවා යැයි එක්තරා විදිහකට කියනවා නම් එක ගමනක
කෙළවර සහ තව ගමනක ආරම්භය යි. තව ආකාරයට කියනවා නම් මේ භවයේ තාවකාලික
නැවතුම යි. සාමාන්‍ය පුද්ගලයන් වන අප හිතනවා මරණය කියන්නේ සදාතනික
දෙයක් කියලා. මැරුණට පස්සේ ඒ පුද්ගලයා නැති වීමක්වන්නේ කියා. නමුත්
මරණය කියන්නේ තව උපතකට මුලයි. අපත් සමග මේ ජීවිතයේ දී ජීවත් වූ අපගේ
බොහෝ අය මැරුණා. ඒ පිරිස අරහත්වයට පත්වෙලා නැත්නම් ඒ සෑම කෙනෙක් ම තව
තැනක ජීවතයක් ආරම්භ කරනවා.
මරණය කියන දේ තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල විවිධ ආකාරයට විස්තර කර
තිබෙනවා. සච්චවිභංග සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් තිබෙනවා.
පොදුවේ මේ ලෝකයේ ජීවත්වන අයට සත්ත්වයා කියා කියනවා. සත්ත්වයා කියන්නේ
“භවයේ ඇලුණ” කියන එකයි. නැවත ඇලීමක් නැතුව මිදුන අයටයි විමුක්ත කියන්නේ
නැවත ඇලීමක් නැතුව මිදුන අය විඳීන සුවයට “විමුක්ති සුවය” කියා කියන්නේ.
මරණයේ දී වෙන ප්‍රධාන ම දේ තමයි රූපයෙන් විඤ්ඤාණය ඉවත්වෙලා යාම.
විඤ්ඤාණයෙන් රූපය ඉවත්වෙනවාත් සමඟ ශරීරයේ ක්‍රියාකාරීත්වයට උපකාරි වන
වායෝ ධාතුව ක්‍රියාකාරීත්වය නවතිනවා. මෙහිදී මරණය දුකක් බවට පත්වන්නේ
මේ ශරීරයේ තිබෙනවා අංගමංගානු කියා වාතයක්. එය ශරීරය පුරාම විහිදී
තිබෙනවා. මැරෙන අවස්ථාවේ මේ ශරීරය පුරාම විහිදී විසිරි තිබෙන වාතය එකට
ඇදල කැටිකරලා අන්තිම හුස්ම ලෙස පිට කරනවා. ශරීරයේ උණුසුම අඩුවී ගෙන
යනකොට ශරීරය ශීතල වෙන්න ගන්නවා. තේජෝ ධාතුව නැතිව යනවා. එවිට පෙනහැලි
සෙම්වලින් ආවරණය වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කරන්න තිබෙන අවස්ථාව
අඩුවෙනකොට අප කියනවා පණ අදිනවා කියලා. මෙය ඉතාමත් අමාරු ක්‍රියාවලියක්.
මරණය සිදුවන අවස්ථාවේ දී බොහෝ අය සලිත වෙනවා. දුකට පත්වෙනවා. දරුණු
කායික වේදනා හමුවේ මිනිසුන් බිඳ වැටෙනවා. ධර්මයේ පිහිටා කටයුතු කළ
පුද්ගලයා පමණක් පණ අදිනවා කියා තෝරාබේරා ගන්නවා. ධර්මයෙන් බැහැර වූ
පිරිස ට එය වටහා ගන්නට බැහැ. ධර්මයේ පිහිටනවා කියන්නේ ධර්මානුකූ®ලව
ධර්ම මනසිකාරය තුළින් තමන්ගේ ජීවිත අත්දැකීම් තමාගේ් ජීවිතයත් සමඟ ගලපා
බලන්න තිබෙන හැකියාව යි. ඒ පුද්ගලයාට පමණයි මරණ මොහොතේ සාර්ථකව මුහුණ
දෙන්න පුළුවන්. එසේ හැකියාවක් නැති පුද්ගලයාට ඒ අවස්ථාව ඉතාමත් දුක්බර
වේදනාකාරි අත්දැකීමක් වෙනවා. අපගේ් ශරීරයේ වායෝ ධාතුවයි, උණුසුමයි,
විඤ්ඤාණය යි ශරීරයෙන් පිට වූ විට එය නිරුද්ධ වී යනවා. නිරුද්ධ වූ ගමන්
එම ශරීරය දරකඩක් බවට පත්වෙනවා. මෙයයි මිය යනවා කියන්නේ.
මරණාසන්න මොහොතේ දී බොහෝ අය සිහිමුලා වෙනවා. නො මුලා වී මරණයට පත්වීමට
කුමක් කළ යුතු ද?
මරණයට පත්වනවිට හෝ අවසාන කාලය තුළ දී සිහිමුලා වෙන්නේ ජීිවත්වන කාලයේ
දී ධර්මයේ පිහිටියේ නැති නිසා. සමහර අයට කර්ම දෝෂ නිසාත් සිහි මුලා
වෙලා මැරෙනවා. අපේ සමාජයේ බොහෝ අය මරණාසන්න මොහොතේ බියට, මුලාවට
පත්වෙනවා. සතුටින් තම කළ කුසල් සිහි කරමින් මිය යන අය බොහෝ අල්ප යි.
බුද්ධ කාලයේ සිටි ධම්මික උපාසකයා වගේ අය අද අපට කලාතුරකින්වත් මුණ
ගැහෙන්නේ නැහැ. සිහිමුලා වන්නට ප්‍රධාන හේතු තමා තමාගේ් පැවැත්ම හා
අතීත කර්ම ශක්තිය.
අප ජීවත් ව සිටින කාලයේ දී සිතන්න ඕන කවදාහරි දවසක අප මැරෙන බව. ඒ
වෙලාවට මගේ හිත හදා ගන්න පුළුවන් කියන දේ සිතට කා වැදී තිබෙන්නත් ඕන.
අප දිගින් දිගටම හුරුපුරුදු කරන කර්මයක් තිබෙනවා. ඒ ආචින්න කර්ම ය. ඒ
කර්මය තමා බොහෝවිට මරණාසන්න කාලයේ දී ඉස්මතු වී එන්නේ. අප හොඳ දේවල්
නිතරම කරන විට හොඳ කර්ම ඉස්මතුවෙලා එන්න පුළුවන්.
දිනක්, මහනාම ශාක්‍ය රජතුමා තථාගතයන් වහන්සේගෙන් අසනවා, අප බොහෝ ම
ශ්‍රද්ධාවන්ත යි. බණදහම් වගේ ම ගුණදහම් ද පුරුදු කරනවා. නමුත්
ස්වාමිනි, ඉතාමත් ජනාකීර්ණ කිඹුල්වත් නුවර දී හදිසියේ අප මැරුණොත් ඒ
වේදනාව නිසා අප දුගතියේ යයි ද? එවිට තථාගතයන් වහන්සේ උපමාවක් කියනවා.
ගිතෙල් කලයක් අරගෙන වතුර යටකට ගිහිං කුඩු කරනවා. එතකොට උඩට මතුවී එන්නේ
ගිතෙල්. මැටිකෑලි වතුර යටම තිබෙනවා. ඒ ආකාරයට ශ්‍රද්ධා ශීල ආදී ගුණ
ධර්ම දියුණු කළ අය හදිසි අනතුරකින් හෝ කායික පීඩාවෙන් හෝ මැරෙන්න සිදු
වුවොත් ඉස්මතු වන්නේ් තමා කළ හොඳ සිතිවිලියි. එහෙම හොඳ සිතිවිලි
මතුවෙලා එන්නේ දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කළ නිසයි. එනිසා සිහිය
පිහිටුවා ගන්නට ඕන ආකාරයට තමාගේ් පැවැත්ම හදාගත යුතු වෙනවා.
ඒ වගේම අප දන්නවා තථාගතයන් වහන්සේ බොහෝ අයට මරණාසන්න අවස්ථාවේ සුගතියේ
සිත පිහිටුවා තිබෙනවා. වේදනාවක් ඇතිවුනා ම වේදනාව ඇතිවෙලා පැවතිලා
නැතිවෙලා යන ආකාරයට සිහි කිරීම. එහි අනිත්‍ය බව දැනීම එය නිත්‍ය කරගෙන
පීඩාවට පත්වෙන්න එපා කියලා කියා දීපු අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ
කරුණු ඉගෙනගෙන ඒවා නිතර පුරුදු කළොත් කායික පීඩා මානසික පීඩා තිබෙන
අවස්ථාවක එය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක සිහි නො මුලාම මරණයට
පත්වෙන්න පුළුවන්.
ජීචත්ව සිටියදීම “මරණානුස්සති” භාවනාව නිතර පුරුදුකරන ලෙස තථාගතයන්
වහන්සේ අනුදැන වදාළේ කුමක් නිසා ද?
යම් කෙනෙක් නිතර නිතර මරණානුස්සති භාවනාව පුරුදු කරනවානම් ඔහු
නිරන්තරයෙන්ම අප්‍රමාදි වෙන කෙනෙක්. අප්‍රමාදි වෙන කෙනා සිත කුසලයෙහි
පිහිටුවන තැනැත්තා. මරණයට පත්වෙනවා යැයි කියන්නේ අතීතයේ හෝ අනාගතයේ
නොවෙ යි. පණ යනවා කියන්නේ වර්තමානයේ සිදුවන දෙයක්. එහෙනම් අප්‍රමාදි
පුද්ගලයා ජීවත්වන්නේ මේ යුගයේ. ප්‍රමාදිතැනැත්තා ජීවත් වන්නේ අතීතයේ හෝ
අනාගතයේ. අතීතය කියන්නේ අපේ පාලනයෙන් තොර එකක්. නික්මිලා ගිය එකක්.
අනාගතය කියන්නේ අපේ පාලනයෙන් තොර එකක්. තවම ආපු නැති එකක්. වර්තමානය මේ
මොහොත කියන්නේ අපට පාලනය කළහැකි එකක්. මේ මොහොතේ සිත හොදට කුසලයෙහි
පිහිටා ගත්තොත් අකුසලයෙන් මුදවා ගත්තොත් හොඳ සිතිවිලි වලින් හිත හදාගෙන
සිටින අවස්ථාවක මැරුණොත් ඊළඟ ජීවිතය වුවත් සුගතිගාමි කරගන්න පුළුවන්. ඒ
නිසයි තථාගතයන් වහන්සේ මරණය ගැන නිරතුරුවම සිහි කරන්න කියා වදාළේ.
මරණයට පත්වන විට කම්පාවෙලා අඬ අඬා පසුගාමිව දුක්වෙලා වැඩක් නැහැ. මරණය
කියන්නේ කල් ඇතිව හිතල එයට මුහුණ දෙන්න සිත ශක්තිමත් කර ගැනීම යි. ඕනෑම
දුකක් කලින් හිතල සිටිය ම දුක අඩුවෙනවා. අනපේක්ෂිතව මරණයක් වුනාම දුක
හිතෙනවා. අප හිතන්නේ් මිනිසුන් මැරෙන්නේ වයසට ගියා ම කියලා. එහෙම එකක්
නැහැ. මරණය කියන්නේ ඕනෑම කාලයක මුහුණ දෙන්න වෙන එකක්. ජීවිතයට මරණය
කියන දේ විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම තේරුම් අරගෙන
ජීවත්වීම තුළින් මරණයේ දී ඇතිවෙන වේදනාව දරාගන්න පුළුවන්කම තියෙනවා.
ඒ නිසා තමයි ජීවත්වෙලා ඉන්න කාලයේ දී ම මරණය පිළිබඳව මෙනෙහි කරලා
භාවනාවක් ලෙස දියුණු කරන්න ඕන. එවිට ඔහු අප්‍රමාදි වෙනවා. බාල, ළමා,
තරුණ, මධ්‍යම වයස්වල දී මිනිසුන් මැරෙන හැටි දකිනවා. මහ බලවතුන්
‘ධනවතුන්’ කුලවතුන් විවිධ ශක්තිසම්පන්න උදවිය මරණයට පත්වෙන හැටි
දකිනවා. ඒ අය මරණයේ දී සියලු දේ අතහැර ගිය හැටි දකිනවා. එවිට ඔහු මටත්
මේ ධර්මතාවය කවදාහරි උරුමවෙනවා කියා දැනෙගන කල් ඇතිව එයට සූදානම්
වෙනවා.
සාකච්ඡා කළේ
නයනා නිල්මිණි |