ඛේම සූත්‍රය-01
ප්‍රඥාවන්තයෝ වෙමු
නාවලපිටියේ
අරියවංශ හිමි
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී ඛේම කියල
දිව්‍ය පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ
විදියට කියා සිටියා ප්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු
වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම’ යි කරන්නේ. ඒ අය
ජීවත් වෙන්නේ තමන්ට ම සතුරෙක් විදිහට. නපුරු විපාක දෙන යම් කර්මයක්
තියෙනව නම්, ඒ පව් ඒ උදවිය කරනව.
යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්න හොඳ නෑ.
අන්තිමේදී කඳුළු පිරුණු මුහුණින් තමයි ඒවායේ විපාක විඳීන්ට සිද්ධ
වෙන්නෙ. කියල ඒ දිව්‍ය පුත්‍රයා කියා සිටියා. ඊට පස්සෙ කියා සිටියා, “
යම් දෙයක් කළාට පස්සෙ ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම් ඒ වගේ දේවල් තමයි
කරන්ට ඕනෑ. ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුළුවනි” කියල.
එවිට බලන්න පව් කළාම ඒවායේ විපාක විඳින්ට සිද්ධ වෙන්නේ කඳුළු පිරුණු
මුහුණින් තමයි නමුත් යහපත් දෙයක් කළාම ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින්
විඳින්න පුළුවන්. එහෙනම් කල්පනා කරල බලන්න, අප කෙසේ විය යුතුද කියල. අප
ප්‍රඥා රහිත මෝඩ උදවියගේ ගණයට වැටෙනවද, ඒ ගණයෙන් ඈත් වෙනවද ? කියල
කල්පනා කරන්න, ඉතින් ඒකට ප්‍රමාද වෙලා බෑ. ප්‍රමාද වුණොත් අප මේකෙන්
ගැළවෙන්ට බැරිව යනවා. ප්‍රමාද වුණොත් අප ප්‍රඥා රහිත අයගේ ගොන්නට
වැටෙනව. ඒක වළක්වන්න බෑ. අප්‍රමාදී බව තුළ තමා ප්‍රඥාවන්තයන්ගේ ගොන්නට
වැටෙන්නෙ. ප්‍රමාදය තුළ අප හිටියොත් එහෙම ප්‍රඥා රහිත උදවිය කරන යම් දේ
තියෙනව නම්, ඒක තමයි අපත් කරන්නෙ. බලන්න ඒ අය තමන්ට ම සතුරුවලා ජීවත්
වෙනව නේද කියලා.
අප අතීත ජීවිතවල එහෙම ඕනෑ තරම් කරන්න ඇති. තමන් තමන්ට ම සතුරු වෙලා
ජීවත් වුණ ජීවිත අපට තිබිල ඇති. එහෙම නොතිබුණා නම්, අප මේ තරම් දුර මේ
සංසාරෙ එන්නෙ නෑනේ. තමන් සැබැවින්ම තමන්ට මිතුරෙක් වුණා නම්, මේ
සංසාරෙන් අප නිදහස් වෙලා බොහෝ කල්. ඒ නිසා අප දැන් ඒක තේරුම් ගන්ට ඕනෑ.
ඒක තේරුම් අරගෙන තමන්ට සතුරුවෙන ස්වභාවය වළක්වා ගන්ට තම තමා දක්ෂ වෙන්ට
ඕනෑ. ඒක තව කෙනෙක් කරල දෙන්නෙ නෑ. තව කෙනෙක්ට පුළුවන් තමන්ට සතුරු වෙන
විදිහ වළක්වා ගන්ට උපකාර කරන්ට මඟ පෙන්වන්ට පමණයි. “ ඔහොම කරන්න එපා,
මෙහෙම කරන්න” මේ ආදී වශයෙන් මඟ පෙන්වීමක් විතරක් කරන්ට පුළුවන්. අන්න ඒ
සඳහා තමා, අප මේ ධර්මය සිහිකරල දෙන්න කල්පනා කළේ.
එවිට ඒ දිව්‍ය පුත්‍රයා කියා සිටියා “ යම් දෙයක් කළාට පස්සේ, ඒ අනුව
දුක් වෙනවා නම්, ඒ දේ කරන්නට හොඳ නැත. අන්තිමේදී කඳුළු පිරුණු මුහුණින්
තමයි ඒවයේ විපාක විඳින්න සිද්ධ වෙන්නේ” කියල. බලන්න මේ කියන කාරණාව.
යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්ට හොඳ නෑ. අප මේ
ධර්මය සිතේ දරා ගන්ට ඕන. එවිට ඇයි ඒ දේ කරන්න හොඳ නැත්තේ? අන්තිමේදී
කඳුළු පිරුණු මුහුණින් ඒවට විඳින්ට සිද්ධ වෙන නිසා. ඒ විපාක තව කෙනෙක්
නොවෙයි විඳින්නේ.
තමාමයි. තමන්ටම ඒ දුක් විඳින්න සිද්ධ වෙනව. ඒක තේරුම් ගන්න. දැන් බලන්න
තමාට තමා ම සතුරෙක් වෙනවා නම්, මේ ධර්මය පිළිගන්නේ නෑ නේද ? නමුත් අප
යමක් කළාම ඒකෙ විපාක කඳුළු පිරුණු මුහුණින් විඳින්ට සිද්ධ වෙනවා කියල
පිළිගන්නවා නම්, අන්න ඒක කරන්නෙ නෑ තමන්ට මිතුරු කෙනා, එහෙනම් මේක
තේරුම් ගන්න. තේරුම් අරගෙන පිළිගන්න. ඊළඟට එයා කියා සිටියේ කුමක්ද ?
යම් දෙයක් කළාට පස්සෙ, ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම්, ඒවගේ දේවල්
තමයි කරන්ට ඕනෑ කියල. එහෙනම් අන්න ඒ ධර්මයත් තේරුම් ගන්න.
අප යමක් කළාට පස්සේ ඒකෙන් පසුතැවිලි වීමක් නැත්නම්, ඒ දේ කරන්ට ඕනෑ.
යමක් කළාට පස්සේ, ඒ දේ අනුව පසුතැවෙනව නම්, ඒ දේ කරන්න හොඳ නෑ. ඇයි ඒක
කරන්න හොඳ නැත්තේ? ඒකෙ විපාක විඳින්න සිද්ධ වෙන්නෙ කඳුළු ගල ගලා.
නමුත් යමක් කළාට පස්සෙ ඒකෙ පසුතැවිලි වීමක් නැත්නම්, ඒ දේවල් කරන්න
ඕනෑ. මොකද ඒ දේවල් කළ යුත්තේ ඒවායේ විපාක සතුටු සිතින් විඳීන්ට පුළුවන්
නිසා. |